Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔය යන්නේ වැඩේ නැගලා

    :lol::lol::lol:

    Wal unata kamak na. Marun noka dapiya ikmanata :growl:

    daannam daannam

    Ade me ekada....balamu issarahata mokada wenne kiyala....:yes:

    balamuko balamuko sahenna dewal wendalu yanne

    ආගන් මාම වගේම දුශ්ට ක්‍රියාවක් කරන්න නේද යන්නෙ :frown:

    :shocked::shocked::shocked: dushta unath kattiyata jaya pen bonda wade karala dennamko
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කඳුළු පෙර පෙර දිලිනි කන විදිය බලන් හිටියම ඇත්තටම දුක හිතෙනවා, වගේ හොටු උඩට ඇද ඇද කන විදිය මම බලාගෙන හිටියේ කෙනෙක් පොඩි දුවක් දිහා බලන් ඉන්න විදියට.

    මොනවද පෙරේතයෝ මගේ දිහා බලාගෙන ඉන්නේ? මේ තියෙන්නේ කන්නකෝ ඔයත් අරගෙන, හරිම රසයි පැටියෝ, ඔයාට ගොඩක් පින් මාව මෙහෙම තැන්වලට එක්කන් එනවට, මොකද ඉතින් අපේ කට්ටියගේ බොරු පොශ්නේ තියෙන්නේ. ඒත් මේ වගේ තැනක තියන රස ලොකු ලොකු තැන වල කෑම වල නෑ බබා.

    අපොඉ ඔව් එකනම් පේනවා තමා කන විදිය දැක්කම පිස්සු කෙල්ල. අපි ඉක්මනට යමු බබා ලොකු වැස්සකුත් එන්න වගේ යන්නේ හවස් වෙලා. එක නිසා ඉක්මනට යමු මල් ටික සිලෙක්ට් කරලා අපිට ඉක්මනට යන්න වෙයි.

    ඉතින් රෑ උනොත් අපි මෙහෙ නැවතිලා හෙට යමුකෝ බබා, මොකද අපි හොර ගමනක් ආව නෙවේනේ.

    අනේ මේ හොඳට හිටියි, අන්තිමට ඔයාට හොයන්න වෙයි ප්‍රශ්නෙකට උත්තර.

    ඒ මොකද්ද ඒ ප්‍රශ්නේ?

    අහ් ...එක මේ සාමාන්‍ය ප්‍රශ්නයක්.......පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ? කියන ප්‍රශ්නේ ගැන මන් කීවේ.

    අනේ ආස ඇති නේද මාත් එක්ක ඉන්න, හිතන් ඇති,හිතුවද මාත් අනිත් අය වගේ ලාබයි කියල?

    අහ් ..ඔයා ලාබ නැද්ද? එහෙම වෙන්න විදියක් නෑනේ, එහෙම උනොත් ඔයාගේ ජෙන්ඩර් එක ගැන මට සැකයක් එනවා.

    අනේ අනේ මේ, අපොයි මටත් වැරදුන, නරක මිනිහත් එක්කනේ මාත් කතා කලේ. ඔයාගේ කට ඉතින් අවුස්ස ගත්තොත් කොහෙන් නවතීද දන්නේ දෙවියොම තමයි.

    අන්න ඒ බය තිබ්බනම් ඇති හරිද.....

    අනේ මේ මන් බය නෑ....එත් ඉතින් අපි හැදිච්ච ළමයිනේ.

    අනේ ඔව් මොනවට කියනවද ඉතින් ඒ හැදිච්ච කම ගැනනම්.
    බබා අපි එහෙනම් යමුද? නර්සරි එකට කලින් ගියානම් හොඳ මල් ටිකක් ගන්න පුළුවන්, නැත්නම් තේරිච්ච සෙට් එකක් තමයි අපිට ඉතුරු වෙන්නේ.

    හා එහෙනම් යමුකෝ, ඔයාටත් පුදුම හදිස්සියක්නේ තියෙන්නේ ගෙදර යන්න, හරියට ගෙදර ගෑණියි දරුවෝටි බලන් ඉන්නවා වගේ.

    ඉන්නවා නේන්නම් බලාගෙන, හොර ගෑනිත් එක්ක ගමන් ආවම මෙහම තමයි ඉතින්.

    අනේ යනවා යන්න නරි පැටිය.


    Go To Next Page
     
    Last edited:

    waima

    Well-known member
  • 11.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපෝ ... යන්නම්කො, මොකද කරන්නේ ඔයාව බස් එකකට නග්ගලම යනන්ද? නැත්නම් බස් එකක් එනකන් ඉඳල ඔයා නැගල යනවද?

    අනේ ඇත්තට ආස ඇති නේද පැනල යන්න. ආයේ ඉතින් මහත්තයට මගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ, මන් මැරුනොත් මිසක්.

    අපොයි ඔව් මටත් දැන් තමයි තේරෙන්නේ කර ගත්තු ගොන් කම.
    බබා ඒක නෙවේ, ඔන්න ඔය කබි එක ඇරලා ගන්න මගේ විසිටින් කාර්ඩ් හෝල්ඩර් එක, එකේ තියනවා ඩ්‍රීම්රොන් ෆ්ලොවරා කියල කාර්ඩ් එකක්, අන්න එකෙන් නම්බර් එක බලල කෝල් එකක් ගන්නකො, මට මතක නෑ හරියටම පාර, පොඩ්ඩක් කතා කරලා අහන්න.

    හරි ඉන්න බලන්නම්,........
    හෙලෝ ඩ්‍රීම්රොන් ෆ්ලොරා........
    ඔව්, මම දිලිනි කතා කරන්නේ. මේ මිස්ට නුවන්ද කතා කරන්නේ?
    ආ....මිස්ට නුවන් මම සමීරගේ වයිෆ් කතා කරන්නේ, අපි මේ නුවර එළියේ ටවුන් එකේ ඉන්නේ, මට පොඩ්ඩක් නර්සරි එකට එන පාර කියනවද?
    ඔව් ඔව්, ඇයි ඔයාලට කීවෙ නැද්ද?
    එක තමයි එහෙනම් දැන් ආවම අල්ලගන්න.
    හරි, ඔව් දැන් අපි ඉන්නේ ඒ පාලම හරියේ තමයි. ඔව් හරි එතනින් වමට නේද? හරි කෙලින්ම ඇවිත් දකුණට? 4වෙනි පාරේ කෙළවරම නේද? හරි මිස්ට නුවන් මම තියන්නම්. තැන්ක්ස්

    මොනවද බබා කියෙව්වේ? මොකද්ද මම කීවේ නැද්ද කියල ඇහුවේ?

    හී...හී.... මා ඔයාගේ වයිෆ් කීවම අහනවා සමීර කවද්ද බැන්දේ? කීවෙවත් නෑනේ කියල.

    අයියෝ ඔයත් කරන වැඩ සුදු, දැන් ඉතින් කනක් ඇහෙන්න හම්බවෙන්නේ නෑ ගියාම.

    ඔන්න ඔතැනින් වමට හරවන්න බබා, කිලෝමීටරයක් විතර යද්දී දකුණට පාරක් තියනවා කීව එකේ 4වෙනි හරස් පාරට දාල කෙලින්ම එන්න කීවේ, ඒ පාර දිගටම එන්නේ එයාලගේ නර්සරි එකටලු.

    අනේ ඔව් දුර අඩුවෙන තරමට හොඳයි, එතකොට ඉක්මනටම අරුගෙන් බයිට් වෙන්න පුළුවන්නේ මට. මොකට කියනවද ඉතින් .

    අයියෝ ඕක ගැන හිතන්න එපා සුදු බබා, මම ඉන්නවනේ. මන් ගානට තිතට වැඩේ ශේප් කරලා දෙන්නම්කො.