LCD තිරයක් සහිත මාස්ටර් ක්‍රෙඩිට් කාඩ්පත් ඉ&#3

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    LCD තිරයක් සහිත මාස්ටර් ක්‍රෙඩිට් කාඩ්පත් ඉ&#3

    Master%2BCard.jpg


    මාස්ටර් ක්‍රෙඩිඩ් කාඩ් සමාගම විසින් LCD තිරයක් සහිත නව කාඩ් පතක් පසුගියදා හඳුන්වා දී තිබෙනවා.

    මෙම නව කාඩ්පතේ ස්මාට් ෆෝන් එකක මෙන් ඔන්/ඕෆ් කිරීමේ බොත්තමක් හා ස්පර්ශක යතුරු පුවරුවක්ද තිබෙන අතර එමඟින් මීට පෙර කර ගනුදෙණු වල විස්තර, නවතම ශේෂය, පාරිභෝගික ලකුණු ආදියද බලාගැනීමට හැකිය.

    අන්තර්ජාල ගනුදෙණු සඳහා යොදාගන්නා සිකියුරිටි ටෝකන් එකේ රහසිගත අංකයද කාඩ්පත මඟින්ම බලාගත හැකිය. මෙම නව කාඩ්පත දැනටමත් සිංගප්පුරුව ට හඳුන්වා දී තිබේ.

    ලොව ප්‍රමුඛතම ක්‍රෙඩිට් කාඩ් සපයන ආයතන තුන වන වීසා, මාස්ටර් හා ඇමරිකන් එක්ස්ප්‍රස් යන ආයතන වලින් මෙවන් ස්පර්ශක සංවේදී කාඩ්පතක් මුලින්ම හඳුන්වා දී ඇත්තේ මාස්ටර් සමාගමයි.

    වීසා ආයතනයද මේ ආකාරයේම කාඩ්පතක් නිකුත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන අතර ගූගල් සමාගමද Google Wallet Card නමින් ක්‍රෙඩිඩ් කාඩ්පතක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා හෙළිවුණා.

    ලංකාවේ වීසා හා මාස්ටර් ක්‍රෙඩිට් කාඩ් සැපයූ HSBC ආයතනය මාස්ටර් කාඩ්පත් අලුතෙන් නිකුත් කිරීම නවතා දමා ඇති අතර පසුගියදා ඔවුන්ගේ මාස්ටර් කාඩ් පාරිභෝගිකයන් සියල්ලටම වීසා කාඩ් පත් නිකුත් කළා.

    විසා හා මාස්ටර් කාඩ්පත් දෙකම තිබූ පුද්ගලයින්ට ඒ නිසා දැන් වීසා කාඩ්පත් දෙකක් තිබෙන අතර අවශ්‍ය නම් ණය සීමාවන් දෙකම එකතු කර එක කාඩ්පතක් ලෙසද පවත්වාගන යා හැකි බවයි ඔවුන් පවසනේ.

    නව මාස්ටර් කාඩ්පත පහත පරිදිය.