ninda nathi raye - meaning

RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    mata hithenne machan umba hari. Thanks yaluwa...

    මම හිතන්නේ මේ කියන්නේ සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් ගැන කියන්නේ.

    'තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උනුසුමේ' කියන්නේ නිදාගෙන පෙම්වතිය ගැන සිහින මවන එකනේ.

    හැබැයි 'ජීවිතය ඉතිං අපේ, සිහිනයක් නොවේ', ඒ සිහින දකින ඒවා සැබෑ ජීවිතයේදි අත් විඳින්න බැහැ

    'හෙට උදෙන්ම අවදි වී, යා යුතුව තිබේ', කියන්නේ සිහිනයෙන් හමු වුනු පෙම්වතියව අත හැරලා යන්න වෙනවා උදේට සාමාන්‍ය ජීවිතයේ වැඩ වලට.

    'රැය ගෙවේ සඳත් නිවේ..., ඉතින් අවසරයි', කියන්නෙත් මේ ටිකමයි. රෑ ගෙවුනාට පස්සේ පෙම්වතිය ව දාල යන්න වෙනවා.

    අනිත් ඒවා නම් හරියට පැහැදිලි නැහැ. මේක ද මන්දා තේරුම...,

    සැබෑ ජීවිතයේ කරදර (වැහි බිංදූ) නිසා ඒගොල්ලන්ගේ ප්‍රේමයෙ ලස්සන නැති වෙලා තියන්නෙ ('රෝස පෙති කඩා හැලේ'). හැබැයි කොච්චර ප්‍රශ්න තිබුනත් පෙම්වතා දිගටම ප්‍රේම කරනවා (කටු වලට දෙතොල් තියල සිප ගන්නවා)

    අනේ මන්ද. මම ඕවා ගැන එච්චර දන්නේ නැහැ. ඔය මට හිතෙන හැටි
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    ප්‍රථම ප්‍රේමයේ සිහිනය
    ගායනය: ගුණදාස කපුගේ
    රචනය: රත්න ශ්‍රී

    ප්‍රථම ප්‍රේමයේ සිහිනයට අපි සැවොම කඳුළු සලා ඇති. ජීවිතයේ අත්දකින්න පුළුවන් අති විශේෂ අත්දැකීම් වලින් එකක් ලෙස ප්‍රථම ප්‍රේමය හදුන් වන්නට පුළුවන්. අන්තිම හුස්ම පොද දක්වාම අපේ සිත් තුල මේ ප්‍රථම ප්‍රේමයේ මිහිර රැඳී තිබේ.

    මේ ගීතයේ කියවෙන්නෙත් ප්‍රථම ප්‍රේමයේ විරහව හිතින් දරා ගෙන දුක් වන ප්‍රේමවන්තයින් දෙදෙනෙක් ගැන බවය් මගේ හැගීම. මේ ගීතයට විවිද අර්ථකතන විවිද පුද්ගලයන් විසින් ලබාදී ඇති නමුත්, මේ ගීය රසාස්වාදනය කරන විට මට දැනුනු තේරුම මෙහි ලියන්නට මා උත්සහ කරමි.

    සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් රාත්‍රී යහනේ සිහිනෙන් හෝ එකතු වෙන්නර වෙර දරන ආකාරය කියවේ.
    මේ දෙදෙනා එකතු වීමට තිබුණු සියලු බලාපොරොත්තු අද සුන් වෙලා ගිහින්. රාත්‍රී අහසේ සඳත් නැහැ, අඩුම තරමින් තාරුකා වත් අහසේ දකින්නට නැහැ.
    තරුකාවන් කඳුළු ගංගාවේ ගිලි ඒවගේ එළියත් නිවී ගිහින්. වැහි බින්දු වැටි රෝස පෙති කඩා හැලී, ඔවුන්ගේ ආදරය රෝස මලක් නම්, වැහි බින්දු වැටුනම රෝස මලේ පෙති ගැලවිලා බිමට වැටෙනවා වගේ, සමාජයෙන් මේ ආදරයට උණු බදාවන් නිසා ඒ ආදරයේ පැවැත්ම නැති වෙලා ගිහින්.

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඩන්නේ අයද ප්‍රථම ප්‍රේමයේ
    තරුක දියේ ගිලේ නිල එලිය නිවෙ
    වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලී

    රාත්‍රී යහනේ, පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින් සිහින මවන විට, ඒ සීතල දැනෙන්නේ නැහැ. පියවි සිහියට අපු සැනින් රාත්‍රියේ ඒ මුසල සීතල දැනෙන්නේ ගන්නවා. එවිට තදින් ඇස වසාගෙන පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින්, ඔහුට තුරුළු වෙනවා සිහිනෙන්. නමුත් මේ සියල්ල සිහිනයක් පමනය්. සිහිනයෙන් හෝ මේ ප්‍රේමවන්තයන් දෙදෙනා එකතු වෙනවා. නමුත් දෙදෙනාම දන්නවා මේ දකින්නේ කවමදක වත් සබැ නොවන සිහිනයක් බව.
    මේ සුන්දර සිහිනයට හෙට උදේම සමු දෙන්නට වන්නේ ඒ නිසය්.

    කිලි පොලා සාලි යමින් නොහිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

    මේ විදිහට දෙදෙනා නිදි නැතිව රය පහන් කරනවා. හිරු පායන්නට තව තියෙන්නේ සුවල්ප වෙලාවක්.රය ගෙවී ගිහින්. සදත් බස ගිහින්. ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ. දැන් ඒ සුන්දර සිහිනයට සමු දෙන්නට වෙලාව ඇවිත්.

    ඒ සිහිනය කිසිදා සබැ නොවේ, ඒ සිහිනය සිතේ දරාගෙන ජීවත් වීමත් අපහසුය්. මලක් නැති ගසේ, කියල කියන්නේ සිහිනය සබැ නොවන බව දක්වීමටය්.
    නමුත් යථාර්තය පසෙකින් තබා ඒ සිහිනයට ඔවුන් ආදරේ කරනවා. යථාර්තය පිළිගනිම කටු වගේ. නමුත් සිහිනයක් පමනය් කියා දන දැනම ඒ කටුවලට දෙතොල් තිය හාදුවක් දෙනවා. මේ ප්‍රථම ප්‍රේමය ඔවුන්ට කවදාවත් අමතක කරන්න බ. කටු කියා එවත දමන්න බ.

    රය ගෙවෙ සදත් නිවෙ දුරය් ජීවිතේ
    ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිබිමි එකම හාදුවය් සොඳුර ඒ මගේ.

    මගේ හිතට දැනුනු දේ, වචන වලට පෙරලීමට මම උත්සහ කලේ. මෙම ගීතයයේ තේරුම මීට වඩා වෙනස් වෙන්නටත් පුළුවන්.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83

    :) මේ කියල තියෙන එක තමා තේරුම......
    මට හිතෙන විදියට කෙල්ල වෙන කොල්ලෙකට ආදරේ කලට බදින්නේ වෙන කෙනෙක්ව. ඒ තනි උන කොල්ල තමයි මේක කියන්නේ...
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    අහල තියෙන විදියටනම් ගණිකාවකට පෙම් බැඳපු තරුනයෙක් ගැන කියන්නේ ,,,, හරියටම් දන්නේ නැත,,හොයගත්තොත් මටත් කියන්න,,,
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි.
    තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි.
    වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි.

    වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි.......

    මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදු‍ටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි.
    සොඳුරිය...... ජීවිතය යනු සිහිනයක් නොවෙයි. එහි යතාර්ථය ක‍ටුක වුවද අප එයට මුහුණ දිය යුතුය.
    එනිසාම ඔබගේ ප්‍රථම ප්‍රේමයේ සිහිනයෙන් ඔබ අවදි වී හෙටින් ඇරඹෙන අපගේ නව දිවියට එක්ව මුහුණ දෙමු.

    මේ රාත්‍රිය තව ටික මොහොතකින් ගෙවේවි. මේ සඳත් නිවේවි. එලෙසම මේ ක‍ටුකත්වය පවතින්නේද ටික කලකටය.
    එහෙත්, හෙටින් ඇරඹෙන අප ජීවිතය බොහෝ දුරය.
    වෙනකෙකු නුඹේ සිත් කුසුම නෙලාගෙන ඇත. ප්‍රේමයේ සිත් කුසුම නෙලූ බැවින් ක‍ටු අත්තක් වන්වූ පුංචි කුමරියේ, මට ඉඩ දෙන්න, ඔහු මෙන්ම මමද නුඹට ආදරෙයි. එනිසාම ඔහුගේ හාදුව මෙන්ම මගේ මේ හාදුවද නුඹට උණුසුමක් ගෙන දේවි. ඒ හාදු දෙක අතර වෙනසක් නොහැ‍ඟේවි. එහෙත් ඒ හාදුව ඔහුගේ නොවේ මාගේය.

    ඒ, ගීතයෙන් මතුවන එක් අර්ථයක්ය.

    එලෙසම, තම ප්‍රථම ප්‍රේමය මල් ඵල ගැන්වීමට අපොහොසත් වූ අවාසනාවන්ත පෙම්වත් යුවලක අනියම් හමුවක් ගැන මේ ගීතයෙන් අරුත් ගැන්වෙන අපූරුව මෙසේ සටහන් කල හැක.

    එහිදී ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා තම පෙම්වතිය අමතමින් මෙලෙස පවසයි.

    මගේ සොඳුරිය........ , මේ නිදි නැති රාත්‍රියේ, අප ප්‍රථම ප්‍රේමයේ මතකයන් අතර සැඟවී නුඹ අඬන්නේ කිමද?
    සඳක් වන්වූ නුඹේ මුහුණ කඳුලින් වැසී ඇත. තාරකා වන් වූ නුඹේ නෙතු යුගෙහි දීප්තිය කඳුලින් බොඳවී නිවී ගොස් ඇත.
    වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙතිවන්වූ නුඹේ දෙතොල් සලිත වෙයි.

    නුඹ නොමැති මා මිය ගොසින්ය. තනිකඩව මා ගෙවනා මේ ජීවිතය උණුසුමින් තොරය. ලෝකයා කුමක් කීවත් කලත් ඒ සියල්ලට දෑස් පියා, නොනිම් වූ සීතලෙන් කිළිපොලා යන මගේ ගතත් සිතත් නුඹේ උණුසුම සොයා නුඹට තුරුල් වෙයි.
    එහෙත් සොඳුරිය, මේ මොහොත කොතරම් සුන්දර වුවත් අප ගෙවන මේ ජීවිතය සිහිනයක් නොවෙයි. එනිසාම මේ සිහිනෙන් අවදිවී ක‍ටුක වූ යථාර්තයට අප නැවතත් හෙට සිට මුහුණ දිය යුතුව ඇත.

    මේ ‍රැය ගෙවේවි. මේ සඳත් නිවේවි. තව ටික මොහොතකින් අප මේ සුන්දර හමුව නිමා කල යුතුව ඇත. එහෙත් කළනොකිරෙන්න. මන්ද අප ජීවිතයේ තව බොහෝ දුරක් ඇත.
    මගේ පුංචි කුමරියේ සියල්ල අමතක කර දමා ඉතින් මට අවසර දෙන්න. තාවකාලික වුවත් අප මේ මොහොත සතුටින් ගත කරමු. මා නෙලන්නට සිටි මේ ප්‍රේමයේ කුසුම වෙනකෙකු නෙලා ඇත.මලක් නොමැති ක‍ටු අත්තක ඵලක් නූපදී. එලෙසම අප මේ හමුව අපට ඵලක් ගෙන නොදේවි. තහනම් පෙමක් ක‍ටු අත්තකට දෙන හාදුවක් වැනිය. එතරම්ම භයංකරය. එහෙත් මා සොඳුරිය, ඒ ක‍ටු අත්තේ ක‍ටු වලට මා දෙතොල් තියා සිඹින්නේ නුඹට ඇති මාගේ අත්‍යන්ත ප්‍රේමය නිසාවෙනි. ඒ හාදුව කවදත් මා ඔබට දෙන ප්‍රේමයේ එකම හාදුවය.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ඔනිම සින්දුවක හරිම තෙරුම දන්නෙ රචකයා විතරඉ මචන්,,කවදා හරි රචකයා මෙකට පසුබිම් උන කතාව හො තෙරුම කියනකම් අපි එක ර්ස විදින්න ඔනි,,නමුත් තම තමන් දෙයක් දිහා බලන්න කොනය අනුව අපිට ස්වය0 විනිශ්යක් දෙන්න පුලුවන් සින්දුවට,,එත් සින්දුවෙ තියෙන සුන්දරත්වය තියෙන්නෙ අපි තෙරුම හොයන එකම තමයි,,
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ඔනිම සින්දුවක හරිම තෙරුම දන්නෙ රචකයා විතරඉ මචන්,,කවදා හරි රචකයා මෙකට පසුබිම් උන කතාව හො තෙරුම කියනකම් අපි එක ර්ස විදින්න ඔනි,,නමුත් තම තමන් දෙයක් දිහා බලන්න කොනය අනුව අපිට ස්වය0 විනිශ්යක් දෙන්න පුලුවන් සින්දුවට,,එත් සින්දුවෙ තියෙන සුන්දරත්වය තියෙන්නෙ අපි තෙරුම හොයන එකම තමයි,,

    :yes::yes::yes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    අපි පන දාගෙන පරන සිංදුවල තෙරුම හොයනව,ඒකට දැන් තියෙන සිංදු ,, :lol::lol:

    ගේමක් දීලා ගිය අව්රුද්දේ වැලිකඩ ඉදල එලියට අවේ... :lol::lol::eek::eek:
    බලපන් තේරුම.....:frown::frown:
     
    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    පැටියා;8029496 said:
    Menna meaning eka. Mata baninda epa hode. Mahema tamai kiyanna wanne.

    Alutha bandapu joduwak. Kella tama first love eka gana hitanawa. Proposal ekakin tama ma denna set wela tiyanne. Palaweni rathriya gathakaranne. Kolla shot eka deela iwarai. But kella kalin pettiya kadagena. Kollata kara kiyaganda deyak na. Kella andanawa. Rathriya gewenawa.

    Ma prashna nisa alutin patangatta jiwite winasa karaganda ba. Heta home coming eka. Kolla kellata samawa dila ayet thurulu wenawa.

    Malak nati gase: no box

    heta udema awadi we yautuwa tibe: jiwita gamana/home coming.

    Mama danna widihatath theruma meka thama....
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ගේමක් දීලා ගිය අව්රුද්දේ වැලිකඩ ඉදල එලියට අවේ... :lol::lol::eek::eek:
    බලපන් තේරුම.....:frown::frown:

    :eek::oo::baffled::no:

    ඇඬෙනවා... ඔය වගේ සම්භාව‍යය ගනයේ සිංදු වල තෙරුම හොයන්න පරනවිතාන් ශූරීන්ට එන්න කියන්න වෙන්ව මචෝ මම නම් දන්නේ නෑ :no:
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    ප්‍රථම ප්‍රේමයේ විරහව කෙරෙහි වූ යථාර්ථවාදී විදවීම..............

    ප්‍රථම ප්‍රේමය ජීවිතයේ අතිෂය සුන්දර වන්නාක් මෙන්ම එයින් ඇතිවන වේදනාවද එ මෙන්ම දරුණුය.. නැතිවීම තනිවීම පරාජය හැම හැගීමක්ම කැටි කරගත් මහා අමුතුම හැගීමකි. රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනු මෙම ගීතය එවන් හැගීමක් නිසා මතුවෙන්නාක්දෝ කියා සිතේ.

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    විරහ වේදනාව නිසා නින්ද නො එන රැයක ඇති හුදකලාව සමග අහස සද තරු කරන්නාවූ ගනුදෙනුව අත්වින්දවුන් දනී. නමුත් විරහව නිසා නැගෙන කදුලු වලින් ඒ සද හැංගිලා තාරකා වල එලිය බොදවෙලා. හරියට වැහි බින්දු වගේ වැටෙන කදුලු බින්දු වල බරට ප්‍රේමයේ සලකුන වූ රෝස මලේ පෙති කඩා වැටෙනවා. එනම් ප්‍රථම ප්‍රේමය ඇස් ඉදිරියේදීම බිදී යනවා...

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

    තනිකම කියන ඉමක් නිමක් නැති සීතල දැනුනාම සිත ඉබේටම ගිහින් ඒ ප්‍රේමයේ උනුසුමට ගුලිවෙනවා. නමුත් ඒ හීනෙන් අවදි වෙන්නට ඔන. ඒ හීනෙන් පස්සේ සැබැවට මුහුන දෙන්න ඔන.

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

    මේ හුදකලා රැය ගෙවී යනවා. ඒක නතර කරන්න බැ වගේමයි ජීවිතෙත්. ගොඩක් දුර ගමනක් යන්න තියනවා. ආදරයේ අරමුන වුනු ඒ මල කවුරුන්හෝ නෙලාගෙන ඉතිරිය වේදනාකාරි හැගීම් පමනයි. හරියට විෂ කටු වලට දුන් හාදුවක් වගේ. ඒ වේදනාව තනිවම විදගෙන මට යන්න අවසරයි. එනම් ප්‍රථම ප්‍රේමයෙන් සමුගන්නට අවසරයි ජීවිතය යථාර්ථවාදීව දකින්නට.........

    nice one machan.

    Sorry machanla parana thread ekak bump karata. mama last week lunch ekakata giya hotel ekakata. eke Calipso band eka me song eka play kara harima slow music ekakata.

    mata anduna ban. mamath awurudu ganak love karala, e kella manath nokiyama gihilla. eth e adare adath mama widinawa, mokada mama kawadath boru kare na.

    mata me song eka ahena kota mawila penunu theruma thama mama liwwe. Waradi meanng ekak nam sorry wenna one.. :no:
     
    සහෝ.... ගිතයක් දැනෙන විදිහ කෙනෙකුගෙන් කෙනෙකුට එයලගේ අත්දැකීම් අනූව වෙනස් වෙනව. මේ මම දකින ආකාරය විතරයි සහෝ. ඔබ ලස්සනට ලියල තියනව... සහෝ කැමති නම් මේ වගේම ගීත ගොඩක අර්ථ තියන අපේම වෙනත් ත්‍රෙඩ් එකක් තියනව එකතු වෙන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174
     
    Last edited:

    hash91

    Member
    Mar 5, 2011
    2
    0
    1
    ඇත්තටම ගොඩක් අය මේ සින්දුව හරියට තේරුම් අරන් නැ...ගැහැණු ළමයෙක්ගේ වටිනාම දේ මංගල රෑට කන්‍යාභාවය ....නමුත් උපතින්ම කන්‍යාභාවය අහිමි වන අවාසනාවන්ත පිරිසකුත් ඉන්නවා...එහෙම කෙනෙක් තමන්ගේ ප්‍රථම ප්‍රේමය වෙන සැමියාට මංගල රෑ උදාවෙනකොට මුණ දෙන්න කොහොමද?? ඕකේ තියෙන්නේ අන්න ඒ ගැන....