එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 3 කොටස
කොහොමද? සුබ දවසක් වේවා එළකිරි යාලුවෝ හැමෝටම !! ගොඩ දවසකින් අලුත් නිර්මාණයක් කරන්න තියා EK පැත්තේ එන්නවත් බැරි උනා වැඩ නිසා. මේ ටිකේ පොඩ්ඩක් අසනීපයි, එනිසා ගෙදර. කම්මැලිකම යන්නත් එක්ක මගේ ලිපි පෙළ update කරන්න හිතුන.
අද මම කියන්න යන්නේ එංගලන්තේ හෙල්ලූ මිනීමැරුම් කතා මාලාවේ 3 වෙනි කොටසයි. කලින් කොටස් එහෙම කියවන්න ඇති නේද? නොබලපු කෙනෙක් ඉන්නවනම් ලිපිය අවසානයේ තියන link එක click කරලා ගිහින් බලල එන්න.
Baby P කියල කෙනෙක් ගැන කවුරුහරි අහල තියනවද? Baby P එහෙමත් නැත්තම් Baby Peter එහෙමත් නැත්තම් Child A කියන අන්වර්ථ නමෙන් හඳුන්වන්නේ Peter Connelly කියන අවුරුදු 2ක් වත් නැති පොඩි දරුවෙක්වයි. අද මම කියන්න යන්නේ මෙන්න මේ Baby P ගේ මරණය සම්බන්දවයි. Peter කිව්වහම සමහරු බලන්න ඇති වයසක කෙනෙක්වත්ද කියල. නෑ නෑ අද ඉපදුන පොඩි ළමයින්ටත් Peter , Simon , Lucia වගේ පරණ නම් දානවා. අපේ ලංකාවෙනම් පරනනම් දාන තීයා හිතන්නෙවත් නැනේ?
දිව උලුක්කුවෙන අපබ්‍රංස දිග නමක් තමයි දාන්නේ. බටහිර රටවල එහෙම නෑ , මතක හිටින ලේසි නමක් තමයි දාන්නේ. අනික කේන්දර බලල ගණ පිහිටුවල දන්නේ නෑ . බොහොම ලේසියි, මිත්‍යාවෙන් තොරයි. ආ..මාතෘකාවෙන් පිට පැන්නට සමාවෙන්න ඕන. මන් සුද්දට කඩේ ගියා එහෙම නෙමෙයි හරිද?
පස්සේ බැනල pm එවල අහුවෙන්නෙපා හරිය?
කෝ කෝ baby P ??? මෙන්න මේ හුරුබුහුටි බබාටයි baby P කියල කියන්නේ...
ඇත්තටම හුරුබුහුටියි නේද? හයක් හතරක් නොතේරෙන මේ වගේ පොඩි ලමයින්ටවත් මේ ලෝකේ නිදහසේ ඉන්න නැති හැටි.. කලකිරෙනවා නේද?
අනුන්ට ඇඟිල්ල දික් කරන්න නෙමෙයි අපි අපිට ඇඟිල්ල දික් කරගන්න ඕන. අපි අතින් පොඩි වැරදීමක්වත් , අතපසුවීමක්වත් වෙන්න දෙන්නෙපා. ජාති ආගම කුල මල රැකගන්න thread දාන වෙලාවේ අම්මට තාත්තට සලකන්න පුරුදුවෙන්න. මර්වින් සිල්වල කියයි ළමයි හදන්න කියල. කන්න දෙන්නේ උන්ද? පිරිස වැඩි උනා කියල සිංහලකම බෞද්ධකම රැකෙන්නේ නෑ . යහපත් ගති පැවතුම් ඇතිකරගෙන සමාජෙට බරක් නොවී ජීවත් වෙන්න පුරුදු වෙන්න. හැමදේම සාමකාමී වෙයි. (අයිත් මාතෘකාවෙන් පිට පැන්න)

දැන් හරි.. Baby P මියයනකොට වයස මාස 17යි. ඒ කියන්නේ අවුරුදු එකහමාරක්වත් නෑ . ඉඳල තියෙන්නේ ලන්ඩන්වල Haringey කියන කොට්ඨාශයේ. බ්‍රිතාන්‍ය ජාතියකයෙක්. රෝහල සමග නිතර සම්බන්දකම් පවත්වල තියනවා. ඇත්තටම කිව්වොත් සම්බන්දකම් පවත්වන්න සිද්දවෙලා තියනවා සිදු උන පහරදීම්, වදහිංසා වලට ප්‍රතිකාර ගන්න උන නිසා. රෝහල් කාර්යමණ්ඩලය දොස්තරලා මේ බබා ගැන හොඳට ඇහැ ගහන් ඉඳල තියෙන්නේ. වෛද්‍ය වාර්තාවල තියනවලු ඒ බබා ජීවත් උන අවසාන මාස 8 තුල තුවාල, තැලුම්, සීරීම් වගේ දේවල් 50කටත් වැඩිය තිබුන කියල.
මේ වගේ දරුණු වදහිංසා නිසා නිතරම වගේ මේ පොඩි බබාව රෝහල් බාරයට අරගෙන තමයි ඉඳල තියෙන්නේ.
මෙය ඉපදිලා තියෙන්නේ 2006 මාර්තු පළවෙනිදා. අම්මගේ නම Tracey Connelly. තාත්ත ඇවිල්ල Tracey ගේ boy friend ලු. තේරුන් නෑ නේද? ඒ කියන්නේ කසාද බැඳලා නෑ . එක බොහොම සාමාන්‍ය දෙයක් මේ රටේ. අමුතුයි නේද? මේ boyfriend ගේ නම Steven Barker . මේ දෙන්නගේ වයස පිලිවෙලින් අවුරුදු 27 ක් හා 32 ක් උනා මේ බබාට මේ අපරාදේ සිද්දවෙනකොට (ඒ කියන්නේ 2007 දී )
මේ ඉන්නේ එයාල. (ටිකක් මරුමුස් පාටයි නේද?)
මේ බබාගේ මුහුණේ සහ පපුව ප්‍රදේශයේ තුවාල සහ තැලුම් තියනවා කියල මුලින්ම දැකල තියෙන්නේ General practitioner (ඒ කියන්නේ දොස්තර) 2006 දෙසැම්බර් වලදී . ඉතින් මේක ටිකක් බරපතල තත්වයක් නිසා පොලිසියට දන්වල ඒ මවව ප්‍රශ්න කරන්න අත්අඩංගුවට අරගෙන. ඒ බබාගේ පියා ඒ කියන්නේ අරූ වත් වෙන කාගේද මන්ද බාරයේ ටික කාලයක් තියල සමහරවිට මානසික ආතතියෙන් පෙලෙන්නෙක් කියල අනුමාන කරලා. අර Steven කියන ඒකා මීට කලිනුත් වයස අවුරුදු 2ක පොඩි ගැණු දරුවෙක්ව දුෂණය කරපු එකෙක් කියල වාර්තා වෙලා තිබිල. කොහොමහරි මාස කීපයක් ගෙවුනට පස්සේ මේ උදවිය නැවතත් එකතු වෙලා. පොලිසිය මේ ගෑනිව නිදහස් නොකර හිටියනම් නේද? නැවතත් මේ baby P ට වදහිංසා කරලා රෝහල්ගත කරලා. මේ වගේ කීපැසරයක්ම මේ වැඩේ වෙලා. ලිංගික වදහිංසා පවා වෙලා. එත් පොලිසිය?? මුන්ව arrest කරනවා නිදහස් කරනවා. අපේ වගේනම් ආයුද පෙන්නන්නවත් එක්කන් ගිහින් සලකන්න තිබ්බ. මේ බබව අන්තිම වතාවට රෝහල් ගත කරලා තියෙන්නේ 2007 ජුනි මාසෙදි. ඊට කලින් වතාවේදීත් social worker කෙනෙක් මේ පොඩි බබාගේ තුවාල දැකල පොලිසියට දන්වල තියනවා. කොහොම කොහොම හරි අවසන් වතාවට රෝහල් ගත කරලා පරික්ෂ කරද්දී මුන් මේ බබාගේ කොන්ද කැඩෙන්න ගහල, මූන පුර තුවළලු. මොන තිරිසන්නුද නේද? මහා දවසක් ජීවත් වෙලා නෑ . කාටවත් වරදක් නොකරපු මේ අහිංසකය 2007 අගෝස්තු 3 වෙනිදා සදහටම සමු අරගෙන ගිහින් මේ තිරිසන්නුගෙන්.
මේ සිදුවීම මුළු එක්සත් රාජධානියම කලබවීමක් ඇති කරපු සිදුවීමක් උනා .
ඒ වගේම නඩු විභාගයත් බොහොම සුවිශේෂී උනා.
වරක් මේ චුදිතයන්ට විරුද්ධව ප්‍රමාණවත් සාක්කි නෑ කියල නිදහසුත් කරාලු. පස්සේ ආපහු නඩු පැවරුවලු . මේ මව සහ පියාට අමතරව තව කෙනෙක් මේකට සම්බන්ද බව ඔප්පු වෙලා, ඒ Jason Owen (36) කියල කෙනෙක්. වෙන කවුරුත් නෙමෙයි මේ Steven කියන එකාගේ සහෝදරයෙක්ලු. කොහොමහරි මේ තුන් දෙනා වරදකරුවන් බව ඔප්පු වෙලා. Steven ට හා අර ගැනිට ජීවිතාන්තය දක්වා දඬුවමකුත් (අවුරු 22ක් කියල තියෙන්නේ ), Jason කියන එකට වසර 12කුත් (අවමය වසර 3ලු) දඬුවම් ලෙස නියම වෙලා. මගේ අදහසනම් මේ දඬුවම මදි. Baby P ගැන විශාල වශයෙන් පරීක්ෂණ කරාලු, වාර්තා එළි දක්වුවලු , පාර්ලිමේන්තුවේ කතා කරාලු. ඒ බබා මැරුණට පස්සේ මොනවා කරත් ඇති වැඩේ මොකක්ද නේද?
මේ වගේ තමන්ගේ ළමයින්ව මරණ අම්මල ගැන නිතර යුරෝපා රටවලින් අහන්න ලැබෙනවා, එක ලොකු රෝගයක්. වැඩි විස්තර නොදනිමි.
වසර 5කට කලින් මියගිය baby P ට නිවන් සුව පතමු. මේ වගේ අපරාද මේ ලෝකෙන් තුරන් වේවා කියල පතමු.
තව පොඩි දෙයක් (මාත් පස්සේ දැක්කේ), Steven Barker කියන එකා Baby P ගේ සැබෑ පියා නෙමෙයිලු. මාද්‍ය විසින් මේ ගැන වැරදියට කිව්වයි කියල baby P ගේ නියම පියා නඩු දාල පවුම් 75,000ක වන්දියකුත් අරන්. ඌරො මෙව්වා තලනකොට කාටද මන්ද රජ මගුල් කිව්වා වගේලු. (වැරදිනම් sorry වෙන්න ඕන)
එහෙනම් ගිහින් එන්නම්.. හැමෝටම ජයවේව !!

එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස
එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස