නොරුවටෙන්න මේ මුකුණුවැන්න නොවේ
නොරුවටෙන්න මේ මුකුණුවැන්න නොවේ
ආක්‍රමණික ඇලිගේටර් වල් පැළයයි
ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රි ලාංකික ප්‍රජාව 1970 සිට 1975 අතර කාලයේ සිට ලොව පවතින ජලයෙහි සහ ගොඩබිම යන දෙකෙහිම ආක්‍රමණශිලි වන එකම ශාකය වන "ඇලිගේටර් වල් පැළය" තම ගෙවතුවල වගා කළහ. ඔවුන් එසේ කළේ එදිනෙදා ආහාරයට එක් කර ගැනිමට යොදාගත හැකි "මුකුණුවැන්න" මැල්ලුමක් පිළියෙළ කර ගැනිම සඳහාය. මෙම කාර්ය වසර 20-25 පමණ කාලයක් පවත්වාගෙන ගිය අතර මෙම ශාක ශ්‍රි ලාංකික ප්‍රජාව අතර බෙදා ගන්නා ලදි. මුකුණුවැන්න ලෙස වැරදි නිගමනයකට එළැඹි ඇත්තේ එම ශාකයයි.
ඇලිගේටර් වල් පැළය ගෙවත්තක වැවෙන ආකාරය
මෙලෙස ඕස්ට්‍රේලියාවෙහි සෑම ප්‍රාන්තයකම සිටින ශ්‍රි ලාංකික ප්‍රජාව විසින් ඇලිගේටර් ශාක තම ගෙවත්තේ එළවලු පාත්තියෙහි සිටුවන ලදි. අධික වර්ධන වේගයක් ඇති මෙම ශාකය පිළිබබඳව ඔවුන් සිතුවේ ඕස්ට්‍රේලියාවෙහි ඇති පරිසරයට අනුව මුකුණුවැන්න ශාකය මෙලෙස විශාල ලෙස හා වේගවත්ව වර්ධනය වන බවයි ආචාර්ය ලලිත් ගුණසේකර {ආක්‍රමණශිලි ශාක විෂඥ මෙල්බර්න්-ඕස්ට්‍රේලියා}ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විමෙන් පසුව මේ පිළිබදව කළ පර්යේෂණ හා සමික්ෂණ අනුව මෙම වැරදි පැළය පිළිබදව ආකල්පය ඉවත් කර නියම මුකුණුවැන්න යනු කුමක්දැයි ඕස්ට්‍රේලියානු ශ්‍රි ලාංකිකයන්ට අවබෝධ කර දුන් අතර ඇලිගේටර් වල් පැළය ගෙවතුවලින් ඉවත් කිරිම සඳහා විශාල පරිශ්‍රමයක් සහ මුදලක් ඕස්ට්‍රේලියානු රජය විසින් දරන ලදි. එම කටයුතු වර්තමානයෙහිද සිදුකරමින් පවතින්නේ එය ගෙවතුවලින් ජලාශ වලටද සංක්‍රමණය වීමේ ප්‍රතිපලයක් ලෙසය.
ජලාශවල වැවෙන ඇලිගේටර් වල් ශාකය
මෙම ඇලිගේටර් වල් පැළයෙහි විද්‍යත්මක නාමය වන්නේ ALTERN-ANTHERA PHILOXEROIDES වන අතර සම්භවය වී ඇත්තෙ බ්‍රසිලය ආර්ජන්ටිනාව ආශ්‍රිත 'පරානා' නම් ගංගාව ආශ්‍රිතවය. ලොව රටවල් 30 කට වඩා පැතිර ගොස් පරිසරයට විශාල තර්ජනයක්ව ඇති ඇලිගේටර් ශාකය ශ්‍රි ලාංකිකාවට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට යැයි අනුමාන කළ හැක. වෙනත් ආක්‍රමණික ශාකවල නොමැති "විශේෂ ලක්ෂණයක්" මෙම ශාකය සතුව ඇත. මෙම අසාමාන්‍ය ලක්ෂණය වන්නේ ජලජ ශාකයක්වු ඇලිගේටර් ශාකය ජලය රහිතව ගොඩබිම පරිසරයෙහිද සාර්ථකව වර්ධනය සිදුවී ආක්‍රමණශිලි විමයි. ජලයෙහි වැඩෙන විට ජලාශ ඉවුරට මුල් සම්බන්ධ වී ශාක ගහන බවට පත්වේ. මෙම ශාක කඳෙහි සෑම ගැටයකින්ම තන්තු මුල් නිපදවිය හැකි අතර, කඳ කුහර සහිතය. ගොඩබිම වැඩෙන විට කඳෙහි කුහරය ජලයෙහි තරම් විශාල වන්නේ නැත.
ශාක පත්‍ර
ශාක පත්‍ර දිලිසෙනසුලු තද කොළ පැහැතිය. පත්‍ර කෙළවර සිහින් දිගැටි හැඩයක් ගනි. පත්‍ර එකිනෙකට විරැද්ධව කඳ දෙපස වැඩේ. මෙම පත්‍ර සෙ.මි 2.12 තෙක් දිගු විය හැකි අතර සෙ.මි 0.5-4 තෙක් පළල් වේ. පත්‍රවල විශාලත්වය වර්ධනය වන පරිසරය අනුව වෙනස් වේ.
ශාක මල්
ශාක කඳෙහි පත්‍ර නටුවක් අසලින් පැන නගින සෙ.මි 1.9 පමණ දිගැටි නටුවක සුදු පැහැ ගෝලාකාර පුෂ්ප හට ගනි. මේවා සෙ.මි 1.2-2.0 පමන විශ්කම්භයක් ඇත. මෙම පුෂ්පවලින් ඇති වන බිජවල ජීව්‍යතාවක් නැත
ඇලිගේටර් ශාක මල් කොළ
එම නිසා ශාක ප්‍රචාරණය ප්‍රධාන ලෙසම සිදුවන්නෙ ශාක කඳ සහ මුල් කැබලිවලින් පමණි.
ශාක මුල්
ඇලිගේටර් ශාක ජලයෙහි වර්ධනය වන විට එවාහි ගැටවලින් "තන්තු" මුල් රැසක් බිහි කෙරේ. ගොඩබිම වැඩෙන විට මෙම මුල් පොළොව තුල සෙ.මි 30-60 තෙක් ගැබුරට ගමන් කරමින් අධික නියං තත්වයකට වුවද සාර්ථකව මුහුණ දෙයි. එමෙන්ම මෙම මුල් ලිග් නිභුත වී පැන්සලක විශ්කම්භය මෙන් දෙතුන් ගුණයකට විශාලව වැඩේ. ශාකයෙහි ඉහළ ඇති පත්‍ර වල් නාශක හෝ යාන්ත්‍රිකව ඉවත් කළද පොළොව තුළ ඇති මුල් මගින් නව ශාක ඇති කර ශාකය සාර්ථකව වැඩේ. මෙම භුගත මුල් විනාශ කිරිමට සමත් වල් නාශකයක් මෙතෙක් සොයාගෙන නොමැත. වසර කිහිපයක් තිස්සේ "රවුන්ඩ්අප්" වල් නාශක යෙදිම මගින් භුගත මුල් කොටස් සැහෙන දුරට විනාශ කර දැමු අවස්ථාවන් ආචාර්ය ලලිත් ගුණසේකර මහතාගේ පර්යේෂණ වලින් හමුවි ඇත.
ඇලිගේටර් ශාකය ජලයෙහි වැඩෙන විට සෑහෙන දුරට ලවණ පවතින ජලාශවල වුවද වැඩිමේ හැකියාවක් පවති.
ජපන් ජබර, සැල්විනියා වැනි ජලජ ශාක වලට මෙවැනි තත්ව යටතේ වර්ධනය විම අපහසුය. එමෙන්ම ඇලිගේටර් ශාකය බර ලෝහ වර්ග {ලෙඩ් කැඩ්මියම්, යකඩ} වැනි අවශෝෂණය කර ඒවා පත්‍රවල තැන්පත් කරයි. විශේෂයෙන් "කැල්සියම් ඔක්සලේට්" පත්‍රවල තැන්පත් කරන අතර එය මිනිසුන්ට හෝ සතුනට විෂවිමට ප්‍රමාණවත් ප්‍රතිශතයක් අන්තර්ගතවි නැත.
අහිතකර බලපැම්
ඇලිගේටර් ශාක දිය සහ ගොඩ වර්ධනය විමේ හැකියාව නිසා සිදුකරන අහිතකර බලපෑම් විශාලය. ජලජ පරිසරයෙහි වැඩි ජල මාර්ග අවහිර කරයි. අධිකව වර්ධනය සිදුවි සියලු හිතකර දේශිය ශාක වසාගනිමින් වැඩි එ සියල්ල විනාශ කරයි. ජලාශවල රොන් මඩ තැන්පත් කිරිමට රුකුල් දෙයි. මදුරුවන් වැනි අහිතකර සතුන්ගේ වර්ධනයට පරිසරයක් නිර්මනය කරයි. ජලයෙහි ගුණාත්මක භාවය අඩු කරයි. ජලාශවල ඇති අලංකාරය අවම කරයි. ගොඩබිම වැඩිම මගින් තෘණ බිම්, වෙනත් බෝග වර්ග සමග තරග කොට ඒවාහි වර්ධනය අඩු කොට ඒවාහි වර්ධනය අඩු කොට අස්වැන්න අවම කරයි. ගෙවතුවල වෙනත් ශාක මල් වර්ග වසා ගනිමින් වැඩේ. ජල නළ වලට මුල් ගමන් කොට ඒවා අවහිර කරයි. පසෙහි පෝෂක උරා ගැනිමෙන් පසු නිසරු කරයි. ඇලිගේටර් ශාක මර්දනය ඉතා අසිරැ නිසා ඒ සඳහා විශාල ශ්‍රමයක් හා මුදලක් වැය කළ යුතුව ඇත.
ඇලිගේටර් වල් පැළය අයත් වන්නේද මුකුණුවැන්න ශාකය අයත් "ඇමරන් කේසියේ" ශාක කුලයටමයි ALTERN-ANTHERA SESSILIS නම් විද්‍යත්මක නාමයෙන් හදුන්වන මෙය ඇලිගේටර් ශාකය මෙන් ආක්‍රමණශිලි වර්ධනයක් නොපෙන්වයි.
ඇලිගේටර් ශාකයෙන් මුකුණුවැන්න
වෙන් කර හදුනාගන්නේ කෙසේද?
මුකුණුවැන්න ශාකයෙහි පත්‍ර දෙකක් එක්වන කඳ මත කුඩා සුදු පුෂ්ප රැසක් වැඩේ. එමගින් කුඩා සුදු බිජ විශාල ප්‍රමානයක් හට ගනි. මෙම බිජ මගින් නව ශාක බිහිකළ හැකිය.
ඇලිගේටර් ශාක පුෂ්ප හා
මුකුණුවැන්න ශාක
ඇලිගේටර් ශාක පුෂ්ප හට ගන්නේ කඳේ පත්‍ර අසලින් හට ගන්නා දිගැටි නටුවක් මතය. මෙය තනිව සැදෙන පුෂ්පයක් වන අතර බිජ දක්නට නැත.
මුකුණුවැන්න ශාකයෙහි කඳේ කුහරයක් නොමැත. එහි කඳ කුහර සහිතය. කඳ මුකුණුවැන්න කඳට වඩා මෘදුය.
මෙම ලක්ෂණ 2 මගින් ප්‍රධාන ලෙස ශාක දෙක වෙන් කර හදුනාගත හැක. බොහෝ විට වානිජව මුකුණුවැන්න වගා කරන විට නිතරම අස්වැන්න ලෙස ශාක කොටස් කපාගන්නා නිසා මේවාහි මල් දක්නට නොලැබේ. වෙළෙදපොළෙන් මිලදි ගන්නා විට} එනිසා කඳ පරික්ෂා කිරිමෙන් නියම මුකුණුවැන්න හදුනා ගැනිමට හැකිවේ.
මෑතදි ශ්‍රි ලංකාවේ සිදුකළ නිරික්ෂන යන්ට අනුව ඇලිගේටර් ශාකය විවිධ ප්‍රදේශවල පැතිරයනු දක්නට ලැබුණි. නුවරඑළිය
ග්‍රෙගරි වැව, ආගරපතන, ඩයගම ප්‍රදේශයෙහි පවතින මහවැලි අතු ගංගාවල ඇඹිලිපිටිය, හම්බන්තොට බොරලැස්ගමුව,බෙල්ලන්විල වැනි කොළඹ ආශ්‍රිතව ඇති කෙත්බිම් මෙවැනි ස්ථාන අතරට ගැනේ.
ඇලිගේටර් ශාක හදුනාගන්න. දුටු තැන එය ගලවා අව්වේ වේලා දමන්න. මෙමගින් එහි පැතිරිම අවම කරගත හැකිය.
පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි ශාක ආරක්ෂණ අංශය මගින් ඇලිගේටර් ශාකයෙහි පැතිරිම හා එහි මර්දනය කිරිමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කරමින් පවති.
ආචාර්ය ලලිත් ගුණසේකර විසින් කරන ලද පර්යේෂණවලට අනුව ඇලිගේටර් ශාකයෙහි රසායනික සංයුතිය පහත සඳහන් පරිදි වේ. මෙය පත්‍ර සහ කඳන් විශ්ලේෂණය මගින් ලබාගන්නා ලද දන්තයන්ය.
වියලි බරට අනුව
ප්‍රෝටීන 28-සියයට
පොස්පරස් 0.74-සියයට
පොටැසියම් 7.10-සියයට
කැල්සියම් 0.92-සියයට
සෝඩියම් 0.47-සියයට
ඔක්සලික් අම්ලය 27.10-සියයට
තංතු 11.60-සියයට
යකඩ මි.ග්‍රෑම්/කි.ග්‍රෑම් 140.0-සියයට
කොපර් මි.ග්‍රෑම්/කි.ග්‍රෑම් 32.0-සියයට
ලෙඩ් මි.ග්‍රෑම්/කි.ග්‍රෑම් 0.32-සියයට
කැඩ්මියම් මි.ග්‍රෑම්/කි.ග්‍රෑම් +0.12
ටයිප් කරලා අතත් රිදෙනවා
හොඳනම් මට සලකලා යන්න
)

Last edited: