නිලුක්‍ෂි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සම්පූර්ණ නම - නිලුක්‍ෂි අමන්දා සිල්වා
    ගම - කොළඹ
    උපන් දිනය - 1991.07.03
    පාසල - සිරිමාවෝ බණ්‌ඩාරනායක විදුහල





    nilukshi2.jpg




    අමන්දා නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුවුණේ ඇයි ?

    පුංචි කාලේ පටන් මම නිරූපණයට ආසයි. පසුකාලීනව නර්තනයේ යෙදුණා. එතැනදී මම ගොඩක්‌ මහන්සි වුණා මගේ ඇඟ හදාගන්න. ඊට පස්‌සේ තමයි නිරූපණයට යොමුවුණේ.

    නිsරූපිකාවකට සමාජයේ හොඳ පිsළිගැනීමක්‌ තිබෙනවා කියලා හිතනවාද ?

    මිනිස්‌සු හරියටම නිරූපණ ක්‍ෂේත්‍රය ගැන දන්නේ නැහැ. මම එතැන ඉන්න නිසා ඒ ගැන දන්නවා. තමන් හරියට ඉන්නවා නම් ඕනෑම තැනක වැඩකරන්න පුළුවන්.
    දිගටම නිරූපණයේ යෙදෙන්නද සූදානම ?

    අනිවාර්යයෙන්ම.

    අමන්දා හුඟක්‌ උසයි නේද?

    ඔව්. අඩි පහයි අඟල් නමයයි.



    nilukshi.jpg



    පාසල් යන කාලේ ඔය උසෙන් ප්‍රයෝජනයක්‌ ගත්තේ නැද්ද ?

    පාසල් කාලයේ මට ක්‍රීඩා කරන්න එච්චර ආසාවක්‌ තිබ්බේ නැහැ. පාසල් යන කාලේ ඉඳන් විලාසිතා දැක්‌මවල් නරඹලා ඒ ආසාව විතරයි තිබුණේ. මම කවදාවත් ක්‍රීඩා කරලා නැහැ.

    උස නිසා ඔබ අපහසුතාවට පත්වුණ අවස්‌ථාත් ඇති නේද?

    පාසල් කාලයේදී නම් ගොඩක්‌ ප්‍රශ්න ආවා. ඒ කාලේ උසයි කියලා කියනවටත් මම කැමැති නැහැ. යාළුවෝ විහිළු කරනවා. ඒ වුණාට දැන් මම මගේ උස නිසා ආඩම්බරයි.

    විසුල අහස යට සමාධිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    මගේ පළමු ටෙලිරංගනය තමයි විසුල අහස යට හි සමාධිගේ චරිතය. මම කවදාවත් රඟපාලා නැහැ. ඒ වුණාට මට ගොඩක්‌ ප්‍රතිචාර ලැබෙනවා. මට හොඳට රඟපාන්න පුළුවන් කියලා සමහරු කියනවා. මම නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ.

    රංගනය හදාරලා නැතිද?

    ජීවිතයට රංගනය ඉගෙන ගෙන නැහැ.

    වෘත්තීය නිළියක්‌ වුණොත් හොඳයි නේද ?

    වෘත්තීය නිළියක්‌ වෙන්න මම ආසා නැහැ. මම කවදාවත් රඟපාන්න හිතාගෙන හිටියේ නැහැ. හොඳ අධ්‍යක්‍ෂවරයෙක්‌ගෙන් මට ආරාධනාවක්‌ ලැබුණ නිසයි රංගනයට යොමුවුණේ. මම නිළියක්‌ වෙන්න ආසා නැහැ. මගේ ජීවිතය නිරූපණයයි.

    සමාධි නිසා අමන්දාට රංගනයට යළිත් ආරාධනා ලැබුණේ නැතිද?
    ගොඩක්‌ ආරාධනා ලැබුණා. ඒ වුණාට මම භාරගත්තේ නැහැ.

    ඇයි ඒ ?

    හොඳ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ යමක්‌ කරන්න පුළුවන් චරිතයක්‌ ලැබුණොත් මම රඟපානවා.

    නිරූපිකාවක්‌ විදිහට ආ ගමන් මඟ ගැන මොකද හිතන්නේ ?

    ගොඩක්‌ සන්තෝස වෙනවා. හිතාගන්න බැරි විදිහට පොඩි කාලයක්‌ ඇතුළත මම ලොකු තැනකට ආවා කියලයි හිතන්නේ.

    දැන් ඔබ ජනප්‍රියයි කියලද හිතන්නේ ?
    අපොයි නැහැ.

    ජනප්‍රියත්වය නිදහසට බාධාවක්‌ නෙමෙයිද ?

    බාධාවක්‌ කියලා හිතන්නේ නැහැ. මිනිස්‌සු ආදරය කරනවා නම් හොඳයි. නැතිනම් ඒක බාධාවක්‌.

    ගෙදරින් මේ දේවල් කරනවාට විරුදAධ නැතිද?
    නැහැ. මට තාත්තා ගොඩක්‌ උදව් කරනවා. තාත්තා මගේ පස්‌සෙන්මයි. එයා නැතිනම් මම මෙතැන නැහැ.

    දිනේෂ් විතාන
    ඡායා - සිතුමිණ ප්‍රනාන්දු
     
    • Like
    Reactions: kputha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මේකිගෙ අමුතු මෙව්ව එකක් තියෙනව නේද
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුදල් නොගෙවා ප්‍රාචාරය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් ඉතින් පෙනුමේ විශේෂත්වයක් නෑ
    මෙයා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ සිරිමාවෝ එකට නේද ? :nerd:
    එහෙනම් ඉතින් මම මොනවත් නොකියා ඉන්නම් කෝ ;);););):P