Israel vs. Palestine-History about Gaza Strip conflict

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කි.මි.41 දිග කි.මි.6 ක් හා කි.මි.12 පලළ වන ගාසා තීරය වර්ග කි.ලෝ.365 කට ආසන්න ප්‍රදේශයකි.මධ්‍යධරණීය මුහුද,ඊජිප්තුව හා ඊශ්‍රායලයට මායිම්ව පිහිටි මිලියන 1.7 කට ආසන්න ජනපිරිසක් ජීවත් වන අතර බොහෝමයක් සරණාගත පලස්තීනුවන් වන අතර
    සුළුතරයක් ඊශ්‍රායල යුදෙව් ජනතාව වෙනවා..:eek:


    වාර්ෂිකව 3.2 ජනග්‍රහණ වර්ධනයක් ඇති මෙය ලොව 7 වෙනියට වැඩිම ජනග්‍රහණ වර්ධනයක් ඇති ප්‍රදේශය ලෙස සටහන් වෙනවා. :confused:


    Chamikawpblogspotcom7-41.jpg

    හැමදාම උදේට ප්‍රවෘත්ති වලටයි හවස ප්‍රවෘත්ති වලටයි ඔය උඩ කියපු ගාසා තීරයේ ගැටුම් ගැන අහන්න ලැබෙනවා.. :yes:
    ඒත් සිද්ධිය මොකක්ද.. :no::no:
    මොනවට යුධ කරනවද කියලා කවදාවත් හොයන්න වුමනා වුනේ නෑ... :no:
    අවුරුදු 65 අධික කාලයක් තිස්සේ ඇතිවන මේ කෙටි යුද්ධ පසුගිය දිනවලදීත් ඇතිවුනා..:eek:
    අහන්න ඇති දකින්න ඇති... එහේම නේද?? :yes:


    කෙටියෙන් අවශ්‍ය තොරතුරු එකතු කරමින් ලීව්ව මේ සටහනට අන්තර්ජාලයෙන් තොරතුරු ජයාරූප එකතු කරගත්තා..:yes:
    හුදෙක්ම ඒ ගැන නොදන්නා පිරිසගේ දැනුම උදෙසා තමා ලිව්වේ.. :D
    කියවලා බලන්න අදහසක් එහෙම තියෙනවනම් ලියලම යන්න!


    1948 පෙර ගාසා තීරයේ සිට බටහිර ඉවුර දක්වාම ඇති ප්‍රදේශය පලස්තීනය නම් වු අතර එය පළමුවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතුණි. :)
    වර්තමානයේ එහි බොහෝ කොටසක් ඊශ්‍රායලය නම් වන අතර පලස්තීනය වෙනුවට ඇත්තේ ගාසා තීරය හා බටහිර ඉවුර නැමැති ප්‍රදේශයන් පමණි. :yes:
    පලස්තීනයට කුමක් වීද?? :eek:


    Chamikawpblogspotcom8-29.jpg

    20 ශතවර්ෂයේ මුල සිටම යුරෝපීය යුදෙව් ජාතිකයන් පලස්තීනයට සරණාගතයින් ලෙස පැමිණි අතර එහි අලුත් ජනාවාස බිහිකරන්නට වුනා. :)
    1917 දි බ්‍රිතාන්‍ය විදේශ ඇමති තම රට යුදෙව් ජාතිකයන්ගේ මාතෘ භූමිය ලෙස පලස්තීනය ලෙස පිලිගන්නා බව ප්‍රකාශ කර සිටි අතර එයට සහය දක්වන බවද පැවසුවා.:)
    එය ඊට කලින් දී තිබු පොරොන්දුව වු නිදහස් අරාබි රාජ්‍ය පිහිට වීම අදහසට විරුද්ධ වීමක් නිසා රටවැසියන් වු පලස්තීනුවන් හා සරණාගතයින් වු යුදෙව්වන් අතර නිතර සටන් ඇවිලෙන්නට වුනා.:eek:
    ඒ අතරම එරට පැමිණෙන යුදෙව් සරණාගතයින්ද වැඩි වන්නට වුනා.ඒ සදහා බ්‍රිතාන්‍ය ආධාර ලැබෙන්නටද වුනා.:shocked:


    දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍ය මේ ගැටලුව එක්සත් ජාතින්ගේ සංවිධානයට භාර දුන්නා.:)
    1947 දි එක්සත් ජාතීන්ගේ මහා සභාවේදී ලැබුනු ජන්දය අනුව පලස්තීනය කොටස් දෙකකට බෙදීමට තීරණය වුනා. :shocked:
    ඒ අනුව 1948 මැයි මාසයේදී 14 වැනිදා එක කොටසක් යුදෙව් ජනතාවටත් අනික් කොටස අරාබි ජනතාවට ලෙසත්ය. :eek:


    1948-49 කාලයේ මාස 10 පුරාවට ඒ වෙනුවෙන් ඇතිවු යුද්ධයෙන් එක කොටසක් නිදහස් ඊශ්‍රායලය ලෙසත්, ඊජිප්තුව යටතේ පාලනය වන ලෙස වෙරලක් සහිත ගාසා තීරයත්, ජෝදානය යටතේ බටහිර ඉවුර ලෙසත් කොටස් තුනකට කැඩෙන්නට වු අතර පලස්තීනය නමින් කිසිවක් ඉතිරි වුයේ නෑ...:shocked:
    Chamikawpblogspotcom3-57.jpg

    ඒත් ඒ යුද්ධයෙන් අරාබින් 15,000 ආසන්නවත් ඊශ්‍රාලයෙන් 6400 කට අධික පිරිසක් මිය ගියා. :sorry:


    1956 දිද යම් අරගලයක් ඇති කල අතර නැවත ඊජිප්තුව විසින් ඊශ්‍රායලය සතුව තිබු ප්‍රධාන වරාය අක්වාබා අවහිර කිරමින් 1967 ජුනි මාසයේදී නැවතත් අරාබි ජාතීන් ඊශ්‍රායලයට එරෙහිව යුධ වැදුනු අතර එය “දින 6 යුද්ධය“ නමින් ප්‍රසිද්ධීයට පත්වුනා.. :)

    ලොව කැළඹු ඉරානයෙන් එල්ල වු RQ 170 සයිබර් ප්‍රහාරය හා ගුගල් සිතියමෙන් හෙලිවන ඇමරිකානු යුධ රහස් මෙතනින් දැනගන්න :shocked:

    එහිදි ඇමරිකාව හා බ්‍රිතාන්‍ය සහය ලැබු ඊශ්‍රායලය විසින් ඔවුන් ආක්‍රමණයට පැමිණි සෝවියට් රුසියාවේ සහය ලැබු ආක්‍රමණීක අරාබි ජාතීන් සතුව තිබු බටහිර ඉවුරත්, ඊජිප්තුව සතුවු ගාසා තීරයත් සිනායි අර්ධද්වීපයත් වගේම සිරියාව සතුව තිබු ගෝලාන් උස් බිම් ප්‍රදේශයත් අල්ලා ගනු ලැබුවා. :shocked:
    Chamikawpblogspotcom2-60.jpg

    එලෙසම ගාසා හා බටහිර ඉවුරේ ජීවත් වු පලස්තීන වැසියන්ගේ පාලනය උදෙසා හමුදා පාලනයක්ද ඇති කරනු ලැබුවා.:eek:


    1973 ඔක්තෝම්බර් මාසයේදීද සිරියාව හා ඊජිප්තුව එක්ව එකවර පහරදීමක්ද සිදුකල අතර එයටත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම නිසා සටන නැවති ගියා. :)
    අනතුරුව එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් හා එකල ඇමරිකානු ජනපති ජිමී කාටර් හා ඊජිප්තු ජනපති අන්වර් සදාත් හා ඊශ්‍රායල අගමැති වු මෙහෙයම් බෙගින් සමග සාම ගිවිසුමක් අත්සන් කොට
    Chamikawpblogspotcom5-49.jpg

    අල්ලා ගත් ප්‍රදේශ නැවත භාර දෙනු ලැබුවා.:)




    1993 ඇති වු ඔස්ලෝ ගිවිසුම වෙනුවෙන් පලස්තීන නිදහස් සංවිධානය හා ඊශ්‍රායලය අතර ඇතිවු අවුරුදු පහක් ඇතුලත ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වුනා.:)
    Chamikawpblogspotcom1-64.jpg


    එහි පලස්තීන අධීකාරියක් ඇති කරගැනීමට අවසර ලබාදුන් අතර 1996 පැවති ජන්දයෙන් යසර් අර්ෆත් එහි සභාපති බවට පත්වුනා.:)
    ඊට පසුවත් විටින් විට ඇතිවන ගැටුම් අතරේ මේ ප්‍රශ්ණය ඇදී යනවා.. :)
    Chamikawpblogspotcom6-44.jpg

    විටෙක ෂෙල් වෙඩි වගේම බර අවි ප්‍රහාරත් දෙපැත්තටම එල්ල වෙනවා.. :yes:
    Palestinian Martyr (2000) තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය :eek:
    Chamikawpblogspotcom5-48.jpg


    තවත් වෙනත් දැකලා පුරුදු ජායාරූප ගැන නොදන්න දේ දැනගන්න මෙතනින් යන්න :yes:
    වර්තමානයේ ගාසා තීරය හමාස් සංවිධානය පාලනය කරන අතර එහි අගමැති කෙනෙකු ඇතුලත් කැබිනට් මණ්ඩලයකින් සැදි පාර්ලිමේන්තුවක්ද වනවා එහි වත්මන් අගමැති මොහොමඩ් අබ්බාස් වේ. එහෙත් වැඩි බලතල හා පාලනය සිදුවන්නේ පලස්තීන විමුක්ති සංවිධානය මගින් වේ. :)


    විටින් විට ඇතිවන මේ යුද්ධ අතරේ පසුගිය සතියේ පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් පිලිගැනීමක් ඇති වුනා. :eek:
    ඒ “සමාජික නොවන නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් ලෙසයි“.:yes:
    එලෙස සිටින අනෙක් රාජ්‍ය වන්නේ “වතිකානුවයි“ :)


    යසර් අරෆත්ගේ සිහිනයක් වු මෙය වර්තමාන පලස්තීන අගමැති මොහොමඩ් අබ්බාස් විසින් කලක් තිස්සේ කල සටනක ජයක් ලෙස දක්වන්නට පුළුවන්... :)
    Chamikawpblogspotcom4-55.jpg


    සමාජික රටවල් 193 ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් ලෙස පලස්තීනය පත්කල යුතුය යන යෝජනාවට ඡන්ද 138 ක් ලැබී තිබුනි.:)


    Chamikawpblogspotcom9-25.jpg



    සති දෙක තුනකට කලිනුත් ඇතිවුන යුද තත්වය හන්දා “චාමිකයට හිතුනා මේ ගැන හොයන්න... පොර හොයාගත්ත දේ ඉසව්ව පැත්තට දාන්න“පුළුවන් වුනේ අද!!
    වැඩ පොඩ්ඩක් වැඩි හින්දා වැඩේ පරක්කු වුනා හැබැයි ආපහු එහේම ඔය සිද්ධි ගැන අහන්න ලැබුනොත් තොරතුරු දන්නවා... :)
    කවුරු හරි ඇහුවත් එකෙන්ම කියන්න පුළුවන්.... :)
    ඒ හින්දා බයක් නෑ! ;)

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    good post machan rep denna balu

    මචන් මෙ භූමි වල ඉඳල තියන්නේ යුදෙවුවෝ නෙද? මෙස්ලිම් ආක්‍රමනිකයන් විසින් ඔවුන්ව මරලා දැම්මා අනිත් අයව පන්නලා දැම්මා,නැවත්තත් ඔවුන් මෙ අත්පත් කරගෙන තියන්නේ යුදෙවුවොන්ටම අයත් දෙවල්.( 1950 ට කලින් ඉතිහාසය )


    65177_449976435049852_2111478153_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Lalakajee

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නෑ මචන් යුදෙවුවන්ට රටක් තිබ්බෙ නෑ. යුදෙවුවෝ යුරෝපය පුරා විසිරිලා හිටියේ. හිට්ලර් දෙවනි ලෝක යුද්දෙදි යුදෙවුවෝ සන්හාරය කලා. යුදෙවුවෝ බොහොම දුක් විදපු ජාතියක්. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව එකතුවෙලා ඊශ්‍රයලය පිහිටෙවුවේ රුසියානු සමාජවාදි බලකදවුර ව්‍යාප්ත වෙන එක නවත්තනයි. ඒ වගෙම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය දුර දැක්කා. මුස්ලිම්වරු ලෝක්යටම කවදාහරි පිලිලයක් වන බව ඔවුන් දැන හිටියා. ඒකයි යුදෙවු රාජ්ජයක් පිහිටෙවුවේ. පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා. හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා, මියුනිච් සිද්දිය ඔයලා ඔක්කොම දන්නවා ඇති.
     
    • Like
    Reactions: Lalakajee

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නෑ මචන් යුදෙවුවන්ට රටක් තිබ්බෙ නෑ. යුදෙවුවෝ යුරෝපය පුරා විසිරිලා හිටියේ. හිට්ලර් දෙවනි ලෝක යුද්දෙදි යුදෙවුවෝ සන්හාරය කලා. යුදෙවුවෝ බොහොම දුක් විදපු ජාතියක්. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව එකතුවෙලා ඊශ්‍රයලය පිහිටෙවුවේ රුසියානු සමාජවාදි බලකදවුර ව්‍යාප්ත වෙන එක නවත්තනයි. ඒ වගෙම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය දුර දැක්කා. මුස්ලිම්වරු ලෝක්යටම කවදාහරි පිලිලයක් වන බව ඔවුන් දැන හිටියා. ඒකයි යුදෙවු රාජ්ජයක් පිහිටෙවුවේ. පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා. හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා, මියුනිච් සිද්දිය ඔයලා ඔක්කොම දන්නවා ඇති.

    :yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා.
    ඊශ්‍රයලයවරු දුක් විදින්ඩ හේතුව?
    හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා

    යුදෙවු ලමයින්ව මරන්න හේතුව කුමක්ද?
    හමාස් ත්‍රස්තවාදින් වුනේ කවදා සිටද?
    කාට විරුද්දවද? ඇයි?
    මේ ත්‍රෙඩ් එකේ හැටියට කව්ද ත්‍රස්තවාදයා?
    ඔය දේ අපිට කොටි කරලා තිබ්බා නම් අපේ ඉරණම කුමක්ද ?:oo:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    ඊශ්‍රයලයවරු දුක් විදින්ඩ හේතුව?


    යුදෙවු ලමයින්ව මරන්න හේතුව කුමක්ද?
    හමාස් ත්‍රස්තවාදින් වුනේ කවදා සිටද?
    කාට විරුද්දවද? ඇයි?
    මේ ත්‍රෙඩ් එකේ හැටියට කව්ද ත්‍රස්තවාදයා?
    ඔය දේ අපිට කොටි කරලා තිබ්බා නම් අපේ ඉරණම කුමක්ද ?:oo:

    ත්‍රෙඩ් එකෙ හැටියට සහ ඇත්තටම ත්‍රස්තවාදියා පලස්තීනෙ ඇතුලු හමාස් එක
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Bohoma sthoothi chamika. Thread ekata .pahadiliwama penawa \yudewwan Palastine rajaya akaramanaya karala thiyena widhiha. Natta paaga gena dagalena aya poddk google karala balanna wadi wisthara ;)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    ඊශ්‍රයලයවරු දුක් විදින්ඩ හේතුව?


    යුදෙවු ලමයින්ව මරන්න හේතුව කුමක්ද?
    හමාස් ත්‍රස්තවාදින් වුනේ කවදා සිටද?
    කාට විරුද්දවද? ඇයි?
    මේ ත්‍රෙඩ් එකේ හැටියට කව්ද ත්‍රස්තවාදයා?
    ඔය දේ අපිට කොටි කරලා තිබ්බා නම් අපේ ඉරණම කුමක්ද ?:oo:

    issara kathawak thibba mathakdha machn. pirimi lamai okkoma maruwa rajathumek.kawda kindha mandha kiyanna oone nahane.anna ehamai mekath eke part 2.Yudewwo gana google karapan ban. Thread eke hatiyata Yudewwo kiyanne thawa tika dawaskin lankawath allan ena size amu thrastha wadhiyo hehe ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Jews ලා ගොඩාක් දරුනු වුනේ දෙවන ලෝක යුද්දෙන් පස්සේ... එතකන් ඔය කට්ටිය එහෙ මෙහෙ විසිරිලා හිටියේ... ඇත්තටම අහක හිටපු යුදෙව්වන්ව අවුස්සලා ගත්තෙ හිට්ලර්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Bohoma sthoothi chamika. Thread ekata .pahadiliwama penawa \yudewwan Palastine rajaya akaramanaya karala thiyena widhiha. Natta paaga gena dagalena aya poddk google karala balanna wadi wisthara ;)

    අපිට මොකෝ බං යුදෙව්වෝ පලස්තීන් උන් මරාගත්තට... ඊට් වඩා ප්‍රශ්න මෙහෙ තියෙනවානේ... කලින් කොටි හිටියා... දැන් මේ අපේම ජනතා නියෝජිතයෝ අපිව මරන් කන්න හදනවනේ... අනුන්ගේ මගුල් බලන්න කලින් ඉස්සෙල්ලා අපේ අවුල් ටික හදාගන්න ඕනේ... :yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපිට මොකෝ බං යුදෙව්වෝ පලස්තීන් උන් මරාගත්තට... ඊට් වඩා ප්‍රශ්න මෙහෙ තියෙනවානේ... කලින් කොටි හිටියා... දැන් මේ අපේම ජනතා නියෝජිතයෝ අපිව මරන් කන්න හදනවනේ... අනුන්ගේ මගුල් බලන්න කලින් ඉස්සෙල්ලා අපේ අවුල් ටික හදාගන්න ඕනේ... :yes:
    :yes::yes:මේක වැදගත්:yes::yes: