සූරියවැව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සූරියවැව ක්‍රීඩාංගණයට වියදම් වූ මුදලින්
    ආනාරක්‍ෂිත දුම්රිය ගේට්‌ටු දැමුවා නම්
    ජීවිත රැසක්‌ රැකගැනීමට තිබුණා

    පස්‌වන ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය සූරියවැව ඉදිකළ මුදලින් අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ග සඳහා ආරක්‍ෂිත ක්‍රමවේදයක්‌ සකස්‌ කළේ නම් දුම්රියට බිලිවන ජීවිත රැසක්‌ රැකෙන බව සමස්‌ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

    484314_478914002160688_289408148_n.jpg


    එම සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගවල දෛනිකව සිදුවන අනතුරු හේතුවෙන් දිනපතා වටිනා මිනිස්‌ ජීවිත විනාශ වෙමින් පවතී. එහි ආසන්නතම ෙ€දජනක සිදුවීම වාර්තා වන්නේ අඹන්පොල අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදී ජීවිත 06 ක්‌ අහිමි කරමින් සිදුවූ අනතුර බව පෙන්වා දෙන්නෙමු. එකී අනතුරේදී මියගිය අය සඳහා ඔවුන්ගේ පවුල්වල අය වෙත දුම්රිය සේවකයන් වෙනුවෙන් අප සංගමයේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු. මාර්ග කිලෝමීටර් 1450 ක්‌ වූ දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි සමස්‌ත හරස්‌ මාර්ග ප්‍රමාණය 1063 පමණ වේ. ඉන් 84 ක්‌ විදුලි ගේට්‌ටු ලෙසත්, 125 ක්‌ ලීවර් ගේට්‌ටු ලෙසත්, 35 ක්‌ අතින් ක්‍රියාත්මක කරවන ගේට්‌ටු ලෙසත් 147 ක්‌ බම්බු ගේට්‌ටු ලෙසත් 59 ක්‌ සංඥ හා විදුලි ගේට්‌ටු වන අනාරක්‍ෂිත ගේට්‌ටු සංඛ්‍යාව 563 ක්‌ පමණ වේ.

    එක්‌ දුම්රිය හරස්‌ මාර්ගයක්‌ සඳහා සංඥ හා විදුලි ගේට්‌ටුවක්‌ දැමීමට වැය වන මුදල රුපියල් ලක්‍ෂ 40 ක්‌ පමණ වන අතර අනාරක්‍ෂිත ගේට්‌ටු 563 සඳහාම සංඥ විදුලි ගේට්‌ටු සවි කරන්නේ නම් වැය වන මුදල රුපියල් ලක්‍ෂ 22520 ක්‌ පමණි. මෑතකදී දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙන්වනු ලැබූ චීන බලවේග කට්‌ටල ප්‍රවාහනය කිරීමේදී සිදුවූ ගනුදෙනුවේදී දුම්රිය දෙපාර්තමේන්තුවට වාසි වන ආකාරයට එකී ගනුදෙනුව සිදු කළේ නම් සමස්‌ත දුම්රිය හරස්‌ මාර්ගවලට සංඥ විදුලි ගේට්‌ටු සවිකොට තවත් අමතර මුදලක්‌ ඉතිරි කර ගැනීමට හැකියාව තිබිණි. රජයක්‌ ලෙස වත්මන් ආණ්‌ඩුව විවිධ කටයුතු සඳහා වැය කරන මුදල් ප්‍රමාණය දෙස බැලීමේදී අනාරක්‍ෂිත දුම්රිය රහස්‌ මාර්ගය සඳහා දුම්රිය ගේට්‌ටු දැමීම සඳහා වැය කළ යුතු මුදල ඉතා අඩු මුදලක්‌ බව පෙන්වා දෙන්නෙමු. සංවර්ධන කටයුතු කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු කරුණු කුමක්‌ද යන්න සම්බන්ධයෙන් වත්මන් ආණ්‌ඩුව කල්පනා නොකරන බව මෙයින් පෙනී යන්නකි. එසේ කල්පනා කළේ නම් පස්‌වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලෙස ඉදිකළ සූරිය වැව ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයට වඩා මිනිස්‌ ජීවිත බිලිගන්නා අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ග සඳහා ආරක්‍ෂිත ක්‍රමවේදයක්‌ සැකසීමට ක්‍රියාකළ යුතුව තිබිණි
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hmmm ane manda ithin dekka gaman ahanna hithune ethakota match gahanne rail paareda kiyala thama.
    anawashya wiyadamak hatiyatanam penawa, eth ithin ane manda owanam
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ ක්‍රීඩාංගනය වෙනුවෙන් නාස්ති කළ දෙයට මුන්ට හෙණ ගසනවා. බලන්න අපේ එජාපයේ රවී කරුණානායක මහතා චන්ද්‍රාසිල්වා ක්‍රීඩාංගනය එච්එස්බීසී බැන්කුවට විකුණා ඒ මුදල් වලින් රට දියුණුකළ අන්දම. ඒ මොළය කොහෙන්ද මුන්ට ඉතින්..
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තව පැදපන් තව පැදපන් කාර් රේස් කිව්වලු.
    අර කාර් රේස් යවන සල්ලි වලින් රිදියෙන් රේල් ගේට්ටු දැම්මහැකි.

    මේ කාලකන්නි මහින්දයට මෙව්ව පේන්නේ නැතිහැටි, නොදකින්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තව පැදපන් තව පැදපන් කාර් රේස් කිව්වලු.
    අර කාර් රේස් යවන සල්ලි වලින් රිදියෙන් රේල් ගේට්ටු දැම්මහැකි.

    මේ කාලකන්නි මහින්දයට මෙව්ව පේන්නේ නැතිහැටි, නොදකින්

    ow ban oya naki mahindayata henayak gahala marila yanna ona.
     

    Tokkaz

    Banned
    Dec 10, 2012
    60
    5
    0
    මේ ක්‍රීඩාංගනය වෙනුවෙන් නාස්ති කළ දෙයට මුන්ට හෙණ ගසනවා. බලන්න අපේ එජාපයේ රවී කරුණානායක මහතා චන්ද්‍රාසිල්වා ක්‍රීඩාංගනය එච්එස්බීසී බැන්කුවට විකුණා ඒ මුදල් වලින් රට දියුණුකළ අන්දම. ඒ මොළය කොහෙන්ද මුන්ට ඉතින්..

    :shocked: rata wikunala kanna denawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ක්‍රීඩාංගනය වෙනුවෙන් නාස්ති කළ දෙයට මුන්ට හෙණ ගසනවා. බලන්න අපේ එජාපයේ රවී කරුණානායක මහතා චන්ද්‍රාසිල්වා ක්‍රීඩාංගනය එච්එස්බීසී බැන්කුවට විකුණා ඒ මුදල් වලින් රට දියුණුකළ අන්දම. ඒ මොළය කොහෙන්ද මුන්ට ඉතින්..
    patta kathava