සූරියවැව ක්‍රීඩාංගණයට වියදම් වූ මුදලින්
ආනාරක්‍ෂිත දුම්රිය ගේට්‌ටු දැමුවා නම්
ජීවිත රැසක් රැකගැනීමට තිබුණා
පස්‌වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සූරියවැව ඉදිකළ මුදලින් අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්‍ෂිත ක්‍රමවේදයක් සකස් කළේ නම් දුම්රියට බිලිවන ජීවිත රැසක් රැකෙන බව සමස්‌ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවල දෛනිකව සිදුවන අනතුරු හේතුවෙන් දිනපතා වටිනා මිනිස් ජීවිත විනාශ වෙමින් පවතී. එහි ආසන්නතම ෙ€දජනක සිදුවීම වාර්තා වන්නේ අඹන්පොල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ජීවිත 06 ක් අහිමි කරමින් සිදුවූ අනතුර බව පෙන්වා දෙන්නෙමු. එකී අනතුරේදී මියගිය අය සඳහා ඔවුන්ගේ පවුල්වල අය වෙත දුම්රිය සේවකයන් වෙනුවෙන් අප සංගමයේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු. මාර්ග කිලෝමීටර් 1450 ක් වූ දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි සමස්‌ත හරස් මාර්ග ප්‍රමාණය 1063 පමණ වේ. ඉන් 84 ක් විදුලි ගේට්‌ටු ලෙසත්, 125 ක් ලීවර් ගේට්‌ටු ලෙසත්, 35 ක් අතින් ක්‍රියාත්මක කරවන ගේට්‌ටු ලෙසත් 147 ක් බම්බු ගේට්‌ටු ලෙසත් 59 ක් සංඥ හා විදුලි ගේට්‌ටු වන අනාරක්‍ෂිත ගේට්‌ටු සංඛ්‍යාව 563 ක් පමණ වේ.
එක් දුම්රිය හරස් මාර්ගයක් සඳහා සංඥ හා විදුලි ගේට්‌ටුවක් දැමීමට වැය වන මුදල රුපියල් ලක්‍ෂ 40 ක් පමණ වන අතර අනාරක්‍ෂිත ගේට්‌ටු 563 සඳහාම සංඥ විදුලි ගේට්‌ටු සවි කරන්නේ නම් වැය වන මුදල රුපියල් ලක්‍ෂ 22520 ක් පමණි. මෑතකදී දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙන්වනු ලැබූ චීන බලවේග කට්‌ටල ප්‍රවාහනය කිරීමේදී සිදුවූ ගනුදෙනුවේදී දුම්රිය දෙපාර්තමේන්තුවට වාසි වන ආකාරයට එකී ගනුදෙනුව සිදු කළේ නම් සමස්‌ත දුම්රිය හරස් මාර්ගවලට සංඥ විදුලි ගේට්‌ටු සවිකොට තවත් අමතර මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබිණි. රජයක් ලෙස වත්මන් ආණ්‌ඩුව විවිධ කටයුතු සඳහා වැය කරන මුදල් ප්‍රමාණය දෙස බැලීමේදී අනාරක්‍ෂිත දුම්රිය රහස් මාර්ගය සඳහා දුම්රිය ගේට්‌ටු දැමීම සඳහා වැය කළ යුතු මුදල ඉතා අඩු මුදලක් බව පෙන්වා දෙන්නෙමු. සංවර්ධන කටයුතු කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු කරුණු කුමක්‌ද යන්න සම්බන්ධයෙන් වත්මන් ආණ්‌ඩුව කල්පනා නොකරන බව මෙයින් පෙනී යන්නකි. එසේ කල්පනා කළේ නම් පස්‌වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලෙස ඉදිකළ සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගණයට වඩා මිනිස් ජීවිත බිලිගන්නා අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්‍ෂිත ක්‍රමවේදයක් සැකසීමට ක්‍රියාකළ යුතුව තිබිණි

කාට කියන්නද බන් ඔව්වා.

rata wikunala kanna denawa