ගණිකා වෘත්තීය නීතිගත කරාට පස්සෙ මේ තියෙන ලෝකයා හොඳයි කියන ජනතාවගේ ගුණධර්ම සියල්ලම නැති වෙලා මේකත්, ඇමරිකාවක් වගේ ජාතියක් ජන්මයක් නැති, අම්මෙක් තාත්තෙක් ගණන් ගන්නෙ නැති, ආගමක් දහමක් නැති එකිනෙකාට ගරු කිරීමක් නැති ආත්මාර්ථකාමී මිනිස් කමක් නැති මිනිස්සු ඉන්න රටක් වෙනවා වෙනවාමයි.
ඔය කියන ලිංගික රෝග ව්‍යාප්තිය ඕක නීතිගත කිරීමෙන් අඩුවෙන්න පුළුවන් මොකද සෞඛ්යාරක්ෂිත ලෙස ඒ දේවල් සිදුවෙයි ඕක නීතිගත උනොත්, නමුත් සමාජයක පිරිහීමට හේතුව ලිංගික රෝග හෝ ලිංගිකත්වයම පමණක් නෙමෙයි.
ඔය නීති ගත කිරීමත් සමගම ලංකාවෙ උසාවි වල දික්කසාද නඩු ගොඩ ගැහෙයි. මොකද තමන්ගෙ ගෑනිට අසනීපයක් හැදුනොත් හරි, මාස් ශුද්ධිය හැදුනොත් හරි එදිනම පිරිමියාට ලිංගික ආශාවන් ඇති උනොත් කෙලින්ම ලයිසන් එක දීලයි තියෙන්නෙ ගණිකාවක් වෙත යන්න. එතැනදී පවුලක බිරිඳක් පත්වෙන තත්වය මොකද්ද? එකිනෙකා වෙනුවෙන් කැපකිරීමක් කරලා අනිත් කෙනා ගැනත් හිතලා කිස් එකක් දීල එදාට ඒ වැඩේ නොකර නිදාගනිපු ඒ බැඳීම ලෙන්ගතුකමට මොකද වෙන්නේ? ඒ බැඳීම නැති අම්මෙක් ගෙන් තාත්තෙක්ගෙන් සමාජයට බිහිවන ළමයින්ගෙන් සමාජයට මොකද වෙන්නේ?
ඕක මේ රටට අවශ්‍ය නැතිම දෙයක්. අවශ්‍ය මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සුන්ට දැනටමත් ඒ අවශ්‍යතා සපුරාගන්න ඕන තරම් නීති විරෝධී ගණිකා නිවාස මේ රටේ තියෙනවා. ඒකක් හොයාගන්න එච්චර අමාරුවක් නෑ. ඉතින් එහෙම අවශ්‍යතාවය තියෙන අයට ලේසියෙන්ම කරගන්න පුළුවන් කම තිබිලත් ඇයි මේ මෙච්චර අමාරුවෙන් මේක නීතිගත කරන්න කෑගහන්නේ? සුද්දො කොහොමත් අපේ මිනිස්සුන්ගේ හමේ පාටට කැමති ඒක නිසා ඕක නීතිගත කරොත් සංචාරක කර්මාන්තය අනිවා ඉහල යනවා විතරක් නෙමෙයි ඉස්සර පෙරදිග ධාන්‍යාගාරය කියපු රට ආසියාවේ ගණිකා මඩම ලෙසත් කිරුල පළඳියි. එහෙම උනාම ඒ ලේබල් එක වදින්නෙ මුළු ලෝකය පුරාම ජීවත් වන ශ්‍රීලාංකික කාන්තාවන්ගෙ පිටේ තමයි. වැරදිලාවත් ඕක නීති ගත කරාට පස්සෙ උඹලගේ අම්මලාව රට රස්සා වලට යවන්න එපා, උඹලගේ සහෝදරියන්ව පිට රටවල ඉගෙන ගන්න යවන්න එපා..මොකද ගණිකා මඩමකින් ගණිකාවක් මිසක් පතිනියක් එලියට බැහැල එන්නෙ නැති නිසා ගණිකාවකට ලැබිය යුතු ගරු බුහුමන් සියල්ල ලාංකික කාන්තාවන්ට ලැබෙයි.