රේසින්_කාර්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාර වහන් රේස්‌... කතා කළොත් කේස්‌!





    Gossip9+CNR+b7.jpg




    කොළඹ ලස්‌සනේ බැරිය. හරියටම මනමාලියක්‌ මඟුල් ගෙදරකට සැරසෙනවා වගේය. හමුදාවේ අයියලා කහපාට බෑග්වලට වැලි පුරවන්නේය. පුරවන වැලි කොට්‌ටා පටවාගෙන එන්නේය. ලහි ලහියේ ඒවා පාර දෙපැත්තේ ලතාවකට අසුරන්නේය. ඉස්‌සර කොළඹ බංකර ගැසුවේත් ඒ විදිහටය. ඒත් මෙහෙම වැලිකොට්‌ටා ගැහිලක්‌ බංකර හදන කාලේදී නොව, අම්මා මුත්තා ඇති කාලයකවත් ඒ උදවිය ගසා තිබුණේ නැත. වැලිකොට්‌ටා නැති තැන්වල සුදුපාටට පින්තාරු කළ පරණ ටයර්ය. ඒ අතර මග සෑම අඟලක්‌ම ලයිට්‌ දමා සරසා තිබෙන්නේය. හරිම විසිතුරුය.

    ඇස්‌ ඇත්නම් මේවා දැකිය යුතු දැකුම්ය. කොටුව මහපාරේ එක රැල්ලක්‌ නැත. ඩියුක්‌ වීදියත් ලෝටස්‌ පාරත්, යෝක්‌ වීදියත් බාරොන් ජයතිලක මාවතේ කොටසකුත් පෙනෙන්නේ කන්නාඩියක්‌ තරම් දිස්‌නයටය. ගෝල්පේසිය ඉදිරිපිට පාරෙහි නිදහස්‌ දින උත්තමාචාර පිළිගන්නා අට්‌ටාලයත් පසුවී නොබෝ දුරක්‌ යනතෙක්‌ තිබුණු රළු පරළු තැන් කපා සුමට කළේ පාරත් වසා දමමිනි. දැන් ඒ පාරත් කිරි කිරියේ බබළනු බලන්නට ලස්‌සනය. කරනවා නම් වැඩ මේවාය.

    වෙබ් අඩවිවල සඳහන් වනවාක්‌ මෙන් කොළඹ පාරවල්වල රෑට බත්කාපු බල්ලෙක්‌ නැත. අපට වැටහෙනා පරිදි එහෙව් පාරවල් වල රෑ පානේ කාර් රේස්‌ එකක්‌ බයිසිකල් රේස්‌ එකක්‌ ගියාට කාගේවත් බඩ කකියන්නට ඕනෑ නැත. යුද්ධය අවසන්ය. දැන් පුරවැසියන් ලෙස රටම මඟුල් ගෙයක්‌ බව ලෝකයට කියන්නට තරම් අප යුතුකම් දත් ජාත්‍යානුරාගයෙන් ඔදවැඩුණු පිරිසක්‌ විය යුතුය. හද්ද දවාලට පයින් ගියත් ආරක්‌ෂක නිලධාරීන් ඇස්‌ කරකවමින් බලනා ආරක්‌ෂක අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින්, කොළඹ අධිආරක්‌ෂිත කලාපය තුළ රෑ එළිවනතුරු කාර් රේස්‌ යන එක මොනතරම් සැපක්‌දැයි ජාතියට ආදරය ඇති උන්ට විනා මෝඩයන්ටත් කුහක කුමන්ත්‍රණ කාරයින්ටත්, අධිරාජ්‍යවාදී බත් බැලයන්ටත් තේරෙන්නේ නැත. මෙවැනි ඉසව් වලින් රටට අත්වන ආර්ථික ප්‍රතිලාභවල ප්‍රමාණයෙන් සමහර විට රටේ අයවැය පරතරයත් පියවාගැනීමට බැරිවන්නේ නැත. රට පිළිබඳව ජාත්‍යන්තරය තුළ ඇතිකරනා හැඟීම මින් මතු ජිනීවා වලදී නෝන්ඩි වූවාක්‌ බඳු සිදුවීම් යළිත් සිදුවීම වලක්‌වා ලනු ඇත. අනෙක මෙවැනි චමත්කාරජනක කාර් රේස්‌ ලෝකයේ වෙන කොහේවත් දකින්නට නොමැති හෙයින් සංචාරකයින් වැල නොකැඩී රටට පැමිණ මේ අසිරිය බලා මුලින් අන්ෙද්‍රස්‌ වී අනතුරුව අමන්දානන්දයට පත්වනු ඇත. කලම්බු නයිට්‌ රේස්‌ ඒ ස`දහාය.

    රේසින් කාර් ගෙන්වීම

    පුරවැසියන් ලෙස අප පිළිගත යුත්තක්‌ තිබේ. කාර් රේස්‌ තිරික්‌කල් වලින් දුවන්නට බැරිය. ඒ ස`දහා කාර් ගෙන්විය යුතුය. මෙවර අයවැයෙන් රේසිං කාර්වල බදු අඩු කළේ මේ ක්‍රීඩාවේ ප්‍රගතිය අපේක්‌ෂාවෙනි. දැන් අවශ්‍යනම් කුඹුරු වැඩකරන තෙපානිස්‌ගේ පුතාට හෝ ගස්‌ නගින ෙ-මිස්‌ගේ පුතාට රේසින් කාර් ගෙන්වාගෙන රේස්‌ පැද්ද හැකි බව විටෙක පැවසී තිබිණි. මර්වින් සිල්වා ඇමතිතුමා කීවේ සල්ලි තිබේනම් තමන්ගේ දරුවන් ලැම්බෝගිනි ගත්තාට රටේ උන්ට අමාරුවක්‌ තියෙන්නට විදිහක්‌ නැති වගය. ඒ කතාව සහතික ඇත්ත බව අපත් පිළිගන්නේය. එබැවින් මේ තොරතුරු අසා කවුරුත් විස්‌සෝප වීමට උවමනා නැත.

    නයිට්‌ රේස්‌ එක ස`දහා රුපියල් නවකෝටි තිස්‌තුන් ලක්‌ෂ හැට හය දහස්‌ දෙසීය හැත්තෑ දෙකක්‌ ( 9,33,66,272 ) වියදම් කර ලැම්බෝගිනි ඇතුළු රේසින් කාර් දහනවයක්‌ රටට ගෙනාවේය. භාණ්‌ඩ ආනයනය කරනවිට වරාය, ගුවන්තොටුපල ගාස්‌තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට්‌ බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු ඇතුළු සම්මත බදු අයකරනු ලබන්නේය. මෙම බදුවල වටිනාකම රුපියල් විසි කෝටි විසි දෙලක්‌ෂ තිස්‌ එක්‌ දහස්‌ හාරසිය තිස්‌නවයකි.

    එහෙත් කාර් ගෙන්වා ඇත්තේ මාස 6 කින් ආපසු යවන්නටය. හරියට කියනවානම් කුලී පිටය. කුලී පිට ගෙන්වන වාහන වලට බදු අය කරගන්නා ආකාරය දන්නේ රේගු නිලධාරීන්ය. කෙසේ වෙතත් මේ රේසින් කාර්වලට සේවා ගාස්‌තුවක්‌ ගෙවා නිදහස්‌ කරගෙන තිබිණි. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැත. මේ කාර් දහනවයෙන් දහතුනක්‌ ස`දහා එසේ ගෙවා ඇති බද්ද රුපියල්ම දෙදහස්‌ පන්සීයකි. එසේ කොට වාහන 13 ක්‌ පසුගිය 11 වැනිදා වනවිට නිදහස්‌ කරගෙනත් හමාරය.

    වාහන 19 අතර ජපානයෙන් ගෙන්වූ එන්ජින් ධාරිතාව 3900 CC පැට්‍රල් පොෂෙ එකක්‌ විය. මැලේසියාවෙන් ගෙන්වූ එන්ජින් ධාරිතාව 3500CC ඇස්‌ටන් මාටින් එකක්‌ , එන්ජින් ධාරිතාව 3500CC නිසාන් ෙµයා ලේඩි එකක්‌ හා ඇන්ජින් ධාරිතාව 3500CC හොන්ඩා සිවික්‌ වාහනයක්‌ තිබිණි. හොංකොං හා මැකාවෝ දූපත් වලින් ගෙන්වා තිබූ එන්ජින් ධාරිතාව 4961CC ලැම්බොගිනි වාහන දෙකකද මේවා අතර වූයේය. කිරිටොයින් බ`දු ඉතිරි වාහන 13 ගෙන්වා තිබුණේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් ගෙන්වූ වාහන අතරන් 1197CC වාහන 5ක්‌ ද 1496 CC වාහන 8ක්‌ ද විය.

    ඇත්තනම් මේවගේ වාහන අපේ රටේ හි`ගන්නන් කවදාවත් දැකලාවත් නැති බවය. ඒවා කොළඹ කොටුවේ පාරවල් වල ධාවනය වූවායෑයි සිතීමත් නම්බුය. එබැවින් මේ කාර් ගැන නොහොබිනා කතා නොකියා සිටීම රටට යහපත්ය.

    කාර් රේස්‌ ගැන රට්‌ටු කියන කතාව

    එහෙත් අපේ රටේ මිනිස්‌සුන්ට යමක්‌ වි`දින්නට බැරිය. උඩ සිට පහළටම ඇත්තේ ඉරිසියාවය. මේ නයිට්‌ රේස්‌ එක ගැන රට්‌ටු කියනා කතා අසනා තුරු අපටත් ඒ ගැන සිතී තිබුණේ නැත. කෙසේ වෙතත් සිකුරාදා (14) රාත්‍රියේ ඇරඹි කලම්බු නයිට්‌ රේස්‌ සැනකෙළිය සෙනසුරාර් (15) රාත්‍රිය පුරාමත් ප්‍රභාමත්වී දැන් නිවීගොස්‌ ඇත. මේ රේස්‌ එක ගැන රට්‌ටු කියනා කතා අසන්නට අප කොටුවට යන්නේ රේස්‌ එක පැවැත්වීමට කොළඹ සූදානම් වෙමින් තිබූ මොහොතකය.

    අප දුටුවේ ලෙහෙසි පුතයෙකුට දැක ගත නොහැකි දැකුමකි. ගෝල්පේසියේ සිට පැමිණ චෛත්‍ය පාර පටන්ගන්නා වටරවුම තෙක්‌ ගාලු පාර අපූරු වැලිකොට්‌ට කන්දකින් වටවී ඇත. එතැනින් සිලෝන් කොන්ටිනෙන්ටල් හරහා ලංකා බැංකු මූලස්‌ථානය හා ලෝක වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිටින් යෝක්‌ වීදියට පැමිණෙනා පාර එවැනි ආරක්‌ෂිත වැලි කොට්‌ටා වැටකින් සැරසී තිබේ. මේ වැලි ආවරණය එතැනින් බාරොන් ජයතිලක මාවත ඔස්‌සේ ඩියුක්‌ වීදියටත්, ඩියුක්‌ වීදියෙන් ටෙලිකොම් එක හරහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් පිහිටා ඇති ලෝටස්‌ පාරටත් විහිදෙයි. එතැන් සිට ආරක්‌ෂක අමාත්‍යංශය ඉදිරිපිට ගාලුපාරට වැලි කොට්‌ටා තාප්පය පැතිර යයි.

    රේස්‌ ගියේ මේ පාරේය. රේස්‌ එක ගලදාරී හෝටලය අසලින් ආරම්භ වී නියමිත වට ගණන ධාවනය කර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් නිමා වේ. ට්‍රැක්‌ එක ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කිලෝමීටර 4.2 දිගය. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මාර්ගය ආලෝක ගන්වා ඇත. තැන තැන අධිබල විදුලි බුබුළු රඳවන අට්‌ටාලය. තරග නැරඹීම ස`දහා සැකසුන කදිම වේදිකාය. එයත් කරටි කැඩෙනා ව්‍යාපෘතියකි. බල්ලොත් නොකන සල්ලි කොටුවේ වීදිවල වාෂ්ප වෙමින් තිබුණේය.

    කොටුව වටා රවුමක්‌ ගොස්‌ වරාය දොරටුව අසලින් බැසගත් මොහොතේ සිට අප බලාපොරොත්තු වූයේ උද්යෝගයෙන් ප්‍රභාමත් මුහුණුය. ලැබෙනා නව අත්දැකීම විඳගන්නට පුලපුලා සිටිනා බලාපොරොත්තු සහිත මුහුණුය. එහෙත් පේව්මන්ට්‌ එකේදී හමුවන එකෙකුගේවත් මුහුණේ හිනාවක්‌ නැත. දකින්නත් මුස්‌පේන්තුය. රටටත් වගතුවක්‌ නැත්තේ මෙවැනි මුඩුමයින් නිසා යෑයි සිතෙන්නේය. රේස්‌ එක දවසේ රෑට දැකිය හැකි කිරි කිරි ටොයියන් බඳු පින්සාර මිනිස්‌සුන්ගෙන් එකෙක්‌ දැක නෙත් සනසා ගැනීම සඳහාවත් මෙවැනි මොහොතකදී හමු නොවීම මහා කරුමයක්‌ වූයේය. අපි පුරවැසියන්ගේ අදහස්‌ විමසන්නට වීමු.

    ටයිම්ස්‌ ගොඩනැගිල්ලට නුදුරින් ත්‍රී රෝද රථ අයියාගේ කතාව.

    කතාව පටන්ගන්නට කලින් ත්‍රීරෝද අයියා අපෙන් ප්‍රශ්නයක්‌ ඇසුවේය.

    'අපි කියනදේ කොන්ද කෙළින් තියාගෙන හරියට ලියන්න පුළුවන්ද?' අප පටන් ගෙන තිබුණේ අන්තිම වැරදි තැනකින් බව වැටහිණි. මුන් අපෙන් ඉල්ලන්නේ මේ රටේ අපට කරන්නටම බැරි දේය. විලි ලඡ්ජාවෙන් බේරීමට අපි හිස වැනුවෙමු. අයියා කතාව පටන්ගත්තේය.

    zමහත්තයො... කාර් රේස්‌ දුවන්න කලින් අපිට ජීවත් වෙන්න රේස්‌ එකක්‌ තියනවා. අපි එදා වේල හොයාගෙන එදා කාල බීලා ඉන්න මිනිස්‌සු. දැන් දවස්‌ ගාණක ඉඳලා අපේ දරුවො බඩගින්නෙ. පාරවල් වැහිලා තියන හැටි බලන්න.

    zඅපි අවුරුදු විස්‌ස තිහ පාරෙ රස්‌සාව කරන මිනිස්‌සු. මෙහෙම ජෝගි නටලා අපිව අනාථ වෙච්චි කාලයක්‌ තිබුණෙ නෑ. මොනවද මේ කරන්නෙ. ක්‍රිකට්‌ ගහන්න ග්‍රවුන්ඩ් තියනවා. මග දිගට ක්‍රිකට්‌ ගහන්නෙ නෑනෙ. පාරවල් වහලා පාරවල් වල ක්‍රිකට්‌ ගැහුවොත් මොකද වෙන්නෙ?. රේස්‌ යන්න ඕනනම් ඒකටත් රුපියල් කෝටි ගණන් වියදම් කරලා කටුකුරුන්ද ගම්පොල වගේ තැන්වල ට්‍රැක්‌ හදලා තියනවා. මුං මොනවද මේ පාරවල් වහගෙන නටන ජෝගි... මහත්තය පුළුවන්නම් රෙකෝඩර් එකක්‌ ගෙනත් දෙන්න. මිනිස්‌සු කියන කතා අපි රෙකෝඩ් කරලා ගෙනත් දෙන්නම්. ඒවා ඇහුවනම් ලොක්‌කො රෙදි ඇඳගෙන පාරට බහින්නෙ නෑ.

    -ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට නුදුරෙහි සිටි රථ වාහන පාලිකාවගේ කතාව -

    -ඉස්‌සරහට දවස්‌ කීපයක්‌ රස්‌සාව නැතිවෙනවා මහත්තය. මට ළමයි තුන්දෙනයි. මිනිහා නෑ. එදාවේල හොයාගත්තෙ නැත්නම් කන්ඩ බෑ. අර අතන පාර්ක්‌ එකක්‌ තිබුණා. ඒ පාර්ක්‌ එකේ පහුගිය සඳුර් ඉස්‌ටේ,එකක්‌ ගැහුවා රේස්‌ බලන්න. එතන හිටපු මනුස්‌සයව සිකුරාදා ගෙදර යවලා තිබුණෙ දහඅට වැනිදා වෙනකම් එන්න එපා කියලා. ඒ ගෑනිටත් දරුවො තුන්දෙනයි. එක්‌කෙනෙක්‌ මන්දබුද්ධික දරුවෙක්‌. දරුවන්ට කන්ඩ දෙන්න ඒකි අහවල් දෙයක්‌ කරයිද දන්නෙ නෑ...

    වාහනයක්‌ නැවැත්වීමට තැනක්‌ සොයමින් හිමිහිට එනු දුටු ඇය අපගෙන් ඉවත්වී ඒ දෙසට ගියාය. ඉදිරියට ගොස්‌ ස්‌ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුව අසලින් පාර පැන අනික්‌ පසට පැමිණෙනා තැන වරායේ කෑම යෑයි කියමින් කෑම විකුණන වියපත් මිනිසෙක්‌ සිටියේය. දකින්නට ඇති පරිදි පාරටම නාකි වූ මේ මුත්තා කලම්බු නයිට්‌ රේස්‌ එක ගැන කියන කතාව අසන්නට හිතුනේය .

    බත් විකුණන මුත්තා කී කතාව

    zමහත්තයලාට අහවල් කාරියක්‌යෑ රේස්‌ ගියාම. මහත්තයලත් මහත්තයලගෙ වැඩක්‌ බලාගන්ඩ. ඔය නල්ලමලේ රේස්‌ කෙළිය හින්දා ගියපාරත් දවස්‌ ගානක්‌ බඩගින්නෙ හිටියා. මේ පාරත් එහෙමයි. ඇති උන්ගෙ දරුවො රේස්‌ යනවා. අපේ දරුවො බඩගින්නෙ. තව රේස්‌ ගැන අහන්ඩත් එනවා..., මුත්තා මූණ උරුට්‌ටු කරගෙන දෙස්‌ දෙවොල් තියන්නට විය. මේ කඩා වැටෙන්නේ අහවල් මරාලයක්‌ දැයි අපට වැටහුනේ නැත. මේ මුත්තා පුදුමාකාර මුත්තෙකි. උන්දෑ අපට බනින්නේ නයිට්‌ රේස්‌ එකේ දුවන්නේ අප කියා සිතලා වගේය. නුදුරින් පදිකවේදිකාවේ තාවකාලික ලෑල්ලක්‌ මත බඩු තබාගෙන විකුණන වෙළෙන්දෙක්‌ සිදුවීම දෙස බලාගෙන සිටියේය. ඔහු අපට කීවේ මෙවැනි කතාවකි.

    පේව්මන්ට්‌ මල්ලී කී කතාව

    zඅනේ සර්... ඔය කෙහෙම්මල ගැන නම් මගෙන් අහන්න එපා. මුං සල්ලි දියකරන්නෙ සබං වාගෙ. පාරවල් හිතූ මනාපෙ වහගෙන. මිනිස්‌සු නන්නත්තාරයි. ඔය එක වැලිකොට්‌ටෙකට ට්‍රාන්ස්‌පෝට්‌ එක්‌ක රුපියල් හාරසීයක්‌වත් වැටෙනවා ඇති. වැලි කොට්‌ටම කීයක්‌ ද?. නාට්‌ටාමි වැඩ කරන්න ගිහින් ආමි එකත් නෝන්ඩි වෙනවා. මේ සල්ලි වලින් කොළඹම ජීවත්වෙන අසරණ මිනිස්‌සු කී දෙනෙක්‌ ජීවත් කරන්න පුළුවන්ද? මුං නයිට්‌ රේස්‌ තියනවා. කොළඹවටේ ලැම්බොගිනි කැරකෙව්වාම හතරමහා නිධානෙ පහළවෙනවා කියලයි හිතන්නෙ... පේව්මන්ට්‌ මල්ලී අපටත් කුණු බැණුම් බනින්නේය. මෙහෙම කුණු බැණුම් අසා පුරුද්දක්‌ නැත. සෑහෙන දුරක්‌ ගොස්‌ පසුපස හැරී බලනා විටත් පේව්මන්ට්‌ මල්ලී තිත්ත කතාවෙන් බණිමින් සිටියේය. ඔය අතර අපට රටේ ලෝකය ගැන බරට කතා කරනා ටයි දාපු පොෂ් අයියා කෙනෙක්‌ හම්බු වුණේය. කතාව බාගෙට බාගයක්‌ ඉංග්‍රීසිය.

    ටයි දාපු අයියා කී කතාව

    zරටක්‌ ප්‍රමෝට්‌ කරන්න ඉවෙන්ට්‌ ඕන. ඔලිම්පික්‌ තිබ්බ රටවල් වල ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒත් රටවල් ඒ ඉවෙන්ට්‌ ගන්න පොරකනවා. ඒවයෙ වියදම රුපියල් ශතවලින් මනින්න බෑ. දැන් මේ ඉවෙන්ට්‌ එක බලන්න. ඒක ටුවරිසම් එක්‌ක යනවා. ටුවරිස්‌ට්‌ලා රටට එනවා. කොළඹ හෝටල් පිරෙනවා. ලෝකය අපි ගැන කතා කරනවා. රටට ඉමේඡ් එකක්‌ එනවා. හැබැයි මේ වැඩෙන් පස්‌සෙ බලන්න ඕන ඉවෙන්ට්‌ එකේ අඩ්වාන්ට්‌ටේz එක රටට ලැබුණද කියලා. මොකද හයි සිකියුරිටි සෝන් එකක රේස්‌ තියන්න කොම්පැණියට බෑනෙ. එහෙනම් මේකට ගවන්මන්ට්‌ එකේ බැක්‌ එකක්‌ තියෙන්න ඕන. ඒ කියන්නෙ රටේ මිනිස්‌සුන්ගෙ සල්ලිත් මේ වැඩේට වියදම් වෙනවා. ඒකෙ ප්‍රොµsට්‌ එක මිනිස්‌සුන්ට තියෙනවද කියලා හොයන එකත් වැදගත්.

    මේ අයියාගේ කතාවේත් පටන් ගැනීම මරුය. ඒත් අන්තිමට නවතින්නේ පේව්මන්ට්‌ එකේ මල්ලිලා නැවතුන තැනින්මය. අවසාන වශයෙන් අප දකින්නේ මේ රටේ මිනිසුන්ගේ කුහකමේ තරමය. මුන්ට මේ වග දැනෙන්නේ නැත. මේ කාර් පිටරටවලින් ගෙන්වා රේස්‌ දුවපු බව සැබෑය. එහෙත් පසුගිය 14 හා 15 දෙදින මේ ලැම්බෝගිනිවලින් හමා තිබුණේ , මේ ඇස්‌ටල් මාටින් හා පොෂෙ රථ වලින් ගලා ආවේ දකුණේ කිරිපැණි වල සුව`ද බව අපේ හැ`ගීමය. කොටුව වටේ දිව්වේ රටේ අභිමානයය යන්න අපගේ පිළිගැනීමය.

    ඉතින් අප විශ්වාස කරන්නේ මෙසේ රට්‌ටුන්ගෙන් ප්‍රකාශවෙමින් ඇත්තේ එය පිළිගැනීමට නොහැකි තරම් වූ තම තමුන්ගේ ඒක පුද්ගල ඉරිසියාවේ ප්‍රමාණය බවය.



    ජානක ලියනආරච්චි
    උදේශ සංජීව ගමගේ




    Divaina 16-12-2012
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මුන් පාර්ලිමෙන්තුවෙ කෙලපු බෙගල්.. ගො කාර්ට් කියන එවාට විතරයි බදු සහන දෙන්නෙ කියලා. එතකොට මෙවා කොහෙන්ද දන්නෙ නෑහෑ ගෙනලා තියෙන්නෙ..
     
    • Like
    Reactions: Shadow.Walker

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන් පාර්ලිමෙන්තුවෙ කෙලපු බෙගල්.. ගො කාර්ට් කියන එවාට විතරයි බදු සහන දෙන්නෙ කියලා. එතකොට මෙවා කොහෙන්ද දන්නෙ නෑහෑ ගෙනලා තියෙන්නෙ..


    :yes:
     

    zylone151167

    Member
    Oct 14, 2012
    136
    5
    0
    liyapu unge amma appa unta thun welama kanna dena hinda unta duppath ewnge duka therenne na. Unge amma appath oya thathweta watila hitiyanam kathawa ohama nemei neda?
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    "මෙවැනි ඉසව් වලින් රටට අත්වන ආර්ථික ප්‍රතිලාභ"

    ඔවු හොද ප්‍රතිලාබ
    පෙට්‍රල් ගණන් වැඩි වෙලා ලැබුනේ.මහපාරේ රේස් යන්නේ නැතිව එකට ට්‍රැක් 1ක් හදා ගනින් කෝ ලොක්කට කියල.ඔය හම්බන්තොට පැත්තේ තේරුමක් නැති සමහර ඒවා කරනවට වඩා එක හොදයි.මේ මගුලෙන් අදායම කෙසේ වෙතත් පට්ට වියදමක් නම් ඇති.මේ කාර් රේස් එකේ නටන්න කෑලි හිටිය අර ලෝකකුසලානේදැම්ම නම් මොකෝ වෙන්නනේ.
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    දුප්පත් නාමල් බේබිගෙ ලැම්බෝගිනි දොලදුක පිනවන්න අපේ ආඩම්බරනැති මහරජානන් ආයොජනයකල රුපියල් කෝටි ගාන හොයාගන්න පොහොසත් අපේ බයිසිකලේට ගහන පැට්‍රොල් රුපියල් 10 කින් වැඩිකිරීම අපි කවුරුත් අගයන්න ඕන කාරනවක්.....
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුන් පාර්ලිමෙන්තුවෙ කෙලපු බෙගල්.. ගො කාර්ට් කියන එවාට විතරයි බදු සහන දෙන්නෙ කියලා. එතකොට මෙවා කොහෙන්ද දන්නෙ නෑහෑ ගෙනලා තියෙන්නෙ..


    oya begal tika meke kelala ekek thread ekak daala thibuna. ubalata hamba unoth eka bump karala udata ganin dan u monawada kiyanne balanna.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් කොළඹ හරි ලස්සනය.එදා තිබූ කහ පැහැති ඒකාකාරී බෑග් වෙනුවට වෛවර්ණ බෑග් නගරය පුරා තබා ඇත.පරිසරය ඉතා සුගන්ධවත්ය.එද වැලි කොට්ට ඇදි හමුදාවේ අයියලා අද නිවාස අඩස්සියේ ඉතා සතුටින් තම සේවාව ගැන හිතමින් සතුටුවනවා ඇත.

    කාලය මැවු වෙනසක අරුමය.