පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් එක්ලක්ෂ හැත්තැපන්දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවන් හමුවේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 33 දෙනෙකු විවිධ අනතුරු වලට ලක්ව තුවාල ලබා ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.
එසේම නිවාසවලට හානි සිදුවීම් පිළිබඳ සලකා බලන විට නිවාස පූර්ණ හානි 141 ක්ද, අර්ධ හානි 805 ක්ද වාර්තා වන බවත්, අවතැන් කඳවුරු 47 ක පුද්ගලයින් 9696 ක් තාවකාලිකව රඳවා ඇති බවත් කොඩිප්පිලි මහතා පෙන්වාදෙයි.