*** Airbus A340යකට ගොඩ වෙමු ***

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    *** Airbus A340යකට ගොඩ වෙමු ***

    එලකිරියන්ස්ල ඔක්කොටම දැනුමට වැදගත් ඒවගේම රසවත් මාතෘකාවක් අරගෙන බන්ටුවා කාලෙකට පස්සේ ආවා . ඊට කලින් හැමෝටම සාමකාමී සුභ නත්තලක් සහ යහපත් සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ එළකිරි අලුත් අව්රුද්දක් වේවා කියල වේලාසනින්ම ප්‍රර්ථනා කරනවා !! :cool: ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්නයි යන්නේ. මේ thread 1 හදන්න විස්තර හොයල ගලපලා කපල කොටලා සෑහෙන්න මහන්සියක් වෙන්න වෙනවා. එනිසා කියවල බලල නිකම්ම යන්නැතුව හොඳනම් පොඩි කොමෙන්ටුවකුත් දාල යන්න කියල පුංචි ආරාධනාවකුත් කරනවා. :yes:

    ගොඩක් දෙනා දන්නවා ඇතිනේ අන්තර්ජාතික මගී ප්‍රවාහන කටයුතු වලට පාවිච්චි කරන ගුවන් යානා නිපදවන විශාල සමාගම් 2ක් තියනවා. එකක් තමයි Boeing සමාගම. අනික් එක තමයි මේ Airbus කියන සමාගම. අපේ මාතෘකාව Airbus A 340 නිසා අපි ඒගැන විතරක් කතා කරමු. හැබැයි Airbus සමාගම මේ වනවිට නිපදවල තියන විශාලම මගී ගුවන් යානය මේක නෙමෙයි. අපි කවුරුත් දන්නා A 380 series එක තමයි ප්‍රමාණයෙන් විශාලතම ගුවන් යානාව. ඔන්න අයිත් පාරක් බලා ගන්නවලකෝ දෙකේ වෙනස. :eek:

    A380
    2006-08_A380_first_flight_with_EA_engines_.jpg.JPG


    A340
    8a94950bac.jpg



    මේ 340 පවුලේ සාමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒවා නිපදවපු ආකාරය සහ ප්‍රමාණය අනුව තමයි වර්ග කරලා තියෙන්නේ. ඒවා මෙන්න මෙහෙමයි.

    (1) A 340-200
    (2) A 340-300
    (3) A 340-500
    (4) A 340-600


    මෙහෙම කිව්වට ටිකක් පැහැදිලි මදි වගේ නේද? එහෙනම් මෙන්න මේ පින්තුරෙ බලල පොඩි අදහසක් ගන්න.

    730302-1224201231555pm.jpg


    දැන් තේරුණා නේද? :yes:

    A 340 ගුවන් යානය කියන්නේ විශාල දාරිතාවයකින් යුත් එන්ජින් 4කින් සමන්විත ඒවගේම විශාල බඳක් සහිත වාණිජමය වශයෙන් මගී ප්‍රවාහනයට යොදා ගන්න jet airliner එකක්. කලින් කිව්වා වගේ නිෂ්පාදනය සහ වැඩි දියුණු කරලා තියෙන්නේ Airbus සමාගම විසිනුයි. හැබැයි මේ සමාගම තව කෙනෙක්ගේ උදව් උපකාරත් අරගෙන තියනවා. ඒ European Aeronautic Defence and Space Company කියන එකෙනුයි. කාටහරි මේ සම්බන්දයෙන් වැඩි විස්තර ඕනනම් මෙන්න මේ link එක click කරන්න.

    මේ 340ය එකලස් කරන්නේ ප්‍රංශයේ Toulouse වලලු . අපේ එළකිරි යාලුවෝ එහෙම ඉන්නවද ඒ පැත්තේ? ගුවන් යානයේ මාදිලිය අනුව ආසන 375 සිට 440 දක්වා පරාසයක් දක්වා ආසන තියනව.

    Cabin%20Layout2%20A330_A340.JPG



    srilakaneconomy.jpg




    ආ කියන්න අමතක උනානේ. මුල්ම A 340 ය නිෂ්පාදනය කරලා තියෙන්නේ 1991 ඔක්තෝබර් 25 වෙනිදා. මේ යානාව අනික් වර්ග වලට වඩා විශේෂ ලක්ෂණ 3 කින් සමන්විත වෙනවා. ඒවා තමයි,
    High-bypass Turbofan Engine 4, Three-bogie සහ Main Landing Gear කියන කාරණා 3. මේ link එකට ගියොත් turbofan engine එකේ ක්‍රියාකාරිත්වය animation වලින්ම දැක බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම engine එකක්.


    bypass-ratio-turbofan.jpg


    Main landing gear එක මෙන්න මේ වගේලු. :shocked:

    235208-1224201240536pm.jpg


    A 340 යානය මුලින්ම ඇනවුම් කරලා තියෙන්නේ Air France සහ Lufthansa යන ගුවන් සමාගම් විසිනුයි. ඒ 1993 අවුරුද්දේදී. මේ වෙනකොට unit 400කට කිට්ටු ප්‍රමාණයක් නිපදවල තියනවලු. එකෙනුත් 340-300 ගොඩක් ජනප්රියිලු. ඒ කියන්නේ මේ වර්ගයේ යානා 218 ක් ලෝකය පුර සැරිසරනවා. ඒවගේම 340 ප්‍රධාන ගැනුම්කරුව වෙලා තියෙන්නේ Lufthansa සමාගමයි. එයාල ගාව 340 ඒවා 59ක් තියනවා. අනේ අපිටත් එකක් ගන්න තිබ්බනම් නේද? :confused: එහෙනම් ගණන් හිලව් චුට්ටක් බලමු.
    340-200 එකක් ඇමරිකානු ඩොලර් මිලියන 87කුත්, 340-300 $ මිලියන 238කුත්, 340-500 $ මිලියන 261.8කුත්, 340-600 $ මිලියන 275.4කුත් වෙනවලු. එච්චරම ගණනුත් නෑනේද?:shocked: කැමති කෙනෙක් ඉල්ලලා බලන්න discount දාල අඩු කොරල දෙයි.
    :lol:

    ලාංකිකයන් විදියට අපිටත් ආඩම්බරවෙන්න පුංචි කාරණාවක් තියනවා. ඒ තමයි ආසියාවේ රටක් ලෙස පලවෙනි 340 airbus එක සේවයේ යොදවල තියෙන්නේ අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි. කොහොමද පට්ටයිනේ ? :yes:

    579114-1224201243745pm.jpg


    එහෙනම් A 340 පවුලේ පොඩි specification එකකුත් බලල ඉමු නේද?


    196528-1224201244313pm.jpg

    266523-1224201244514pm.jpg


    Flight deck එකත් චුට්ටක් බැලුවේ නැත්තම් ලොකු අඩුපාඩුවක් නේද? මෙන්න එහෙනම්.


    a340_panel_01.jpg


    a340-cockpit.jpg


    Wings වල ක්‍රියාකාරිත්වය, engine සහ break පද්ධතිය වගේ තාක්ෂණික පැත්තට බර දේවල් ගැන ඉගෙන ගන්න උනන්දු කට්ටිය එක එක forums වලට join වෙලා වැඩිදුර තොරතුරු ගන්න. මෙතන ඒවා කියන්න ගියොත් thread එක boring වෙයි, දිගත් වැඩිවෙයි.

    අපි ලේසියට 340-300, 340-500 කිව්වට එකෙත් එක එක version තියනවා. උදාහරණයකට කිව්වොත් 340-300 වැඩි දියුණු වෙලා 340-300E මාදිලියත් 340-300 නවතම මාදිලිය ලෙස 340-300 enhanced 2000 වර්ෂයේ වගෙත් නිපදවුණ. ඒවගේම 340-500 මාදිලියත් වැඩිදියුණු කරලා 340-500 HGW (High Gross Weight) නිපදවල තියනවා. 340-600 කාන්ඩයත් මේ වගේම HGW ලෙස නිපදවල තියනවා. එනිසා මේ ගුවන් යානා වර්ගයේ විශාල පරාසයක පැතිරුණු සුළු සුළු වෙනස්කම් සහිත නිෂ්පාදන රාශියක් දැක බලා ගන්න පුළුවන්. ඒවා තමයි 340-211, 340-212, 340-213, 340-311, 340-312 , 340-313 , 340-541, 340-542, etc ලෙස තියෙන්නේ.;)


    මේ 340 කාණ්ඩය පොඩි වැඩ කෑල්ලක් පෙන්නලා ලෝක වාර්තාවකුත් තියල තියනවා. දන්නවද කවුරුත්? ඒ තමයි කිලෝම්ටර් 19277ක් පැරිස් ඉඳල Auckland දක්වා නොකඩවා පියාසර කරලා. එත් 2005 දී Boeing 777 එක බිඳ හෙලලා 21000km ගිහින්. කොහොම උනත් අඩි 35,000ක් විතර උඩින් ගිහින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නේද? :yes:


    Airbus 340 පවුලේ කට්ටිය 1993 ඉඳන් 2012 වෙනකන් අනතුරු කීපයකට මුණ දීලත් තියනවා. ඒ අතරින් 2005 Air France අනතුරත් ලාංකිකයන් හැටියට අපට දුකක් දැනුනු LTTE ත්‍රස්තයෝ 2001 දී විනාශ කරපු 340-300 යානයත් විශේෂයි.

    184173-1224201254336pm.jpg



    24july2001.jpg



    එහෙනම් දැනට මේ ඇති. මම ගිහින් එන්නම්. Thread එක හොඳයිනම් මොනවහරි කියල යන්න. හැමෝටම ජය වේවා !! :cool:




    මගේ සියලුම threads :
    London Soho යමුද? 18+
    Shakespeareගෙ ගෙදර යමුද ?
    Rio පැත්තේ පොඩි රව්මක් යමු.
    අතරමං උන එකේ rio carnival 1 ත් බලමු.
    Airbus a330 පලවෙනි අනතුර
    Chinatown පැත්තේ යමු
    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගැන දැනගමු
    අපි නොදන්න ඔලිම්පික්
    සනත්ගේ commentary
    මංගල තෑග්ග..
    ICC T20 World Cup 2012- Sri Lanka
    පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!
    එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස
    එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස
    එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 3 කොටස
    යන්න රට වටේ..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    patta..
    thnkx..

    Thank you මචෝ

    +3 machan ela post eka:)

    තෑන්ක්ස් මචන් :D


    Ela :cool:

    නියමයි බන්ටුවා.. :yes:
    REP 10++

    Thank you Crazyo ;) :D

    elama thamai kollo.++++

    11.gif

    Ela :D

    ela thread eka machan. oya mage profile eke nadda? add weyan machan. u r most welcome to join http://www.facebook.com/aviation.srilanka

    ඔන්න add කරා මචන්, එළමකිරි. කොමෙන්ට් එකට thank you ! :D
    මන් FB පාවිච්චි කරන්නෑනේ :(



    Thanks bro! :cool:

    Wow amazing facts machan.....

    rep added :) :)

    Thanks bro !! :D

    :shocked: Thanks for sharing! :D +7

    Your welcome bro !
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කෝ වෙන කාටවත් එපාද? කවුරුහරි කෙනෙක් මහන්සිවෙලා මේ වගේ thread එකක් දැම්මොත් බලන්න බල්ලෙක්වත් නෑ , මොකෙක්හරි කුණුහරපයක් කියල එලොවටත් නැති මෙලොවටත් නැති දෙයක් දැම්මොත් ඕන තරම් කට්ටිය ඉන්නවා. මේවා දාල අපරාදේ මගේ කාලේ. අය්යෝ යෝ යෝ ..

    :( :( :( :( :( :(