O/L ඉවරයි what next ? [Part 1]

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Student_Loan.JPG


    මීට දවස් කීපයකට පෙර අපේ නංගිලා මල්ලිලා බොහෝ දෙනෙක් ජීවිතයේ දෙවැනි විභාග කඩඉම පසුකලා. පළවෙනි එක ඉතින් ශිෂ්යත්වේ නේ. සමහර කට්ටියට මේපාර විභාගේ ලේසි ඇති. තවත් බොහෝ දෙනෙක්ට තරමක් අමාරු ඇති. කොහොම වෙතත් මම දැන් ඉවර නිසා තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ලොකු තීරණ ගන්න වෙනවා මේ කාලෙදී.

    ලංකාවේ ළමයි බොහෝ දෙනෙක්ට සාමාන්යපෙල හා උසස්පෙල අතර කාලයේදී නිවැරදි තීරණ ගන්න බැරිවෙන නිසා එයාලගේ ජීවිතේම අඳුරු වෙනවා. තමන් අනාගතේ කරන්න තියෙන රස්සාව මොකක්ද ? තමන් ගමන් කරන්න ඕන මාර්ගය මොකද්ද කියන එක තීරණය කරන එක මේ සාමාන්යපෙලින් පසුව කරන්න ඕන. ඒ කාර්යය හරියට වුනේ නැත්තන් තමන්ට මුලු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි. මේ කාරණය ගැන හිතලා අද මම ඕ ලෙවල් කරපු මල්ලිලා නංගිලාට පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. ඒවා හොඳට මතක තියාගෙන නිවැරදි තීරණයක් අරගෙන අනාගතේ සාර්ථක කරගන්න.

    සාමාන්යපෙළින් පස්සේ යන්න තියෙන පාරවල් මොනාද ?

    1) උසස් පෙල කරන එක.

    අපේ අත්තලා, මුත්තලා, තාත්තලාගේ කාලේ ඉඳලම ලංකාවේ ලමයෙක්ට යන්න තිබුන මාර්ගය තමයි මේක :P . අද ලංකාවේ අවම රැකියා සුදුසුකම හා උසස් අධ්යාපනයට යන්න පුලුවන් පිවිසුම් මාර්ගය තමයි මේක. ලංකාවේ රාජ්ය විශ්ව විද්යාලයකට වගේම වෙනත් උපාධි දෙන ආයතන වලින් ඉගෙනගන්න නම් කොහොම හරි උසස් පෙල ගොඩදාගන්නම වෙනවා.

    උසස් පෙල විශයධාරා තෝරගන්න එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද සාමාන්යපෙල වගේ නෙවෙයි මේකෙදී තමන්ට එක විශය පද්ධතියක් ගැන ගැඹුරටම ඉගෙනගන්න වෙනවා. ඒක නිසා තමන්ට කරන්න පුලුවන්, තමන් ආස විශය ධාරාවක්ම තෝරගන්න. සමහරු තමන්ගේ දෙමාපියන්ට පිටුපාන්න බැරි හින්දා තමන් අකමැති විෂයක් තෝරගෙන උසස් පෙල අසමත් වෙනවා. කෙසේ හෝ තමන්ගේ දෙමාපියනුත් කැමැති කරගෙන තමන්ට ගැලපෙන විෂයධාරාවක් කරන එක තමයි නුවණට හුරු.

    i) ජීව විද්යා :

    ලංකාවේ ජනප්රියම විෂය ධාරාව මේක තමයි. ඉතාම තරඟකාරීත්වයක් තියෙන්නෙත් මේකේ. ජීව විද්යාව හැදෑරුවොත් යන්න පුලුවන් ඉහලම උපාධි අවස්ථාව තමයි වෛද්ය උපාධිය. මුලු ලංකාවෙන්ම 1175 දෙනෙක් තමයි වසරකට වෛද්ය උපාධි වරම් ලබන්නේ. ඊට පහලින් දන්ත වෛද්ය, පශු වෛද්ය, MLT වගේ දේවල් තියෙනවා.
    ඉතාම දරුණු කැපවීමක් හා ලොකු දරාගැනීමේ ශක්තියක් තිබෙන්නට ඕන මේවගේ විෂයක් කරන්න. තමන්ගේ ජීවිතයම උසස් පෙල අවුරුදු දෙක සඳහා කැපකරන්න අවංක අදිෂ්ඨානයක් තිබෙනවානම් විතරක් මේක තෝරගන්න. ඒ වගේම තමයි පාඩම් කරන්න කැමැත්තක් තියෙන්නත් ඕන.

    ii) ගණිත : :cool::cool::cool:

    ගොඩක් බුද්ධිය අවශ්යවෙන විෂයධාරාවක්. අපේ භාෂාවෙන කියනවා නම් "වැඩ්ඩෝ නැත්තන් දරුණු මීටර්" වලට මේ විෂයධාරාව ගැලපෙනවා. කකුල වතුරේ දාගෙන කටපාඩම් කරන්න නැතිවුනත් අමාරු විෂය කරුණු තියෙන නිසා මේක කරනවා නම් තමන්ගේ බුද්ධිය වර්ධනය කරගන්න, තේරුම් ගැනීමේ හැකියාව ඉහලදාගන්න මහන්සි වෙන්න. ඉංජිනේරු උපාධියේ ඉඳලා තොරතුරු තාක්ෂණ වගේම වෙනත් උපාධි අවස්ථා වලට ගණිත විෂයධාරාවෙන් යන්න පුලුවන්. ඒ වගේම මූල්යමය රැකියා වලට ගණිත අංගයෙන් උසස් පෙළ හදාරපු කෙනෙක් බඳවාගන්න තියෙන ඉඩකඩත් වැඩියි.

    iii) වානිජ :

    වානිජ අංගයෙන් උසස් පෙළ කලොත් කළමණාකරන උපාධියක් ලබාගන්න පුලුවන් ඒ වගේම ගණකාධිකරණය, බැංකු, රක්ෂණ වගේ විශාල ක්ශේත්රයක පැතිරිච්ච රැකියා ලබාගන්නත් හැකියාව තිබෙනවා. හොඳින් උසස් පෙළ කලොත් විශ්ව විද්යාලයට යන්න වරම් නැතිවුනත් රැකියාවක් හොයාගන්න, උසස් අද්යාපනය ලබාගන්න තියෙන ඉඩප්රස්ථා ගනන වැඩියි. ඒ වගේම තමන්ගේම කියලා ව්යාපාරයක් අරභන්න න්යායාත්මක දැනුම ගන්නත් මේකෙන් පුලුවන්.

    iv) කලා:

    ලංකාවේ බහුතරයක් රාජ්ය විශ්වවිද්යාල වලට බඳවා ගන්නේ කලා උපාධි අපේක්ෂකයන්. නීති, පරිපාලන වගේ රැකියා වලට ඇතුලුවෙන්න කලා අංශයෙන් උසස් පෙළ කලොත් පුලුවන්. රැකියා අවස්ථා නම් තරමක් අඩුයි. උපාධිධාරීන් පවා රැකියා විරහිතව ඉන්නකොට :eek::eek: තමන් ඉතාම දක්ෂයෙන් නෙවෙයි නම් අනාගතයේ රැකියා ලබාගන්නට අසීරු වෙනවා.

    සාමාන්යපෙලට වඩා උසස් පෙළ තරමක් වෙනස්. සාමාන්ය පෙල හා උසස් පෙල අතර තියෙන විෂය පරතරය ගොඩාක් වැඩියි. ජීව විද්යා හා ගණිත අංශ වල ඒක දරුණුවටම බලපානවා. සාමාන්යපෙල විෂය කරුණු වල ප්රමාණයයි උසස් පෙල කරුණු ප්රමාණයයි සසඳලා බැලුවොත් ඒක අහසයි පොලවයි වගේ. සමහර සාමාන්ය පෙළින් උසස් පෙලට අලුතින් එන අය මේ වෙනසට මුහුණ දෙන්න බැරුව අතරමං වෙනවා. ඒ වගේම් මානසිකව වැටෙනවා. ඒ වගේ දෙයක් මුලින්ම වලක්වා ගන්න ඕන. සාමාන්ය පෙල විභාගය අවසාන වෙනවාත් සමගම උසස් පෙළට සූදානම් වෙන්නට කෙනෙක්ට පුලුවන් නම් ඒ කෙනාට උසස් පෙල විශය පරතරය පහසුවෙන් තරණය කරගන්න පුලුවන්, ඒක නිසා කල් නොඉඳ වහ වහා සූදානම් වෙන එක තමයි ඇඟට ගුණ

    අදට මේ ටික හිතට ගන්න. ලඟදීම මේ ලිපියේ දෙවැනි කොටසත් දාන්න බලාපොරොත්තු වෙනවා.
    ඒකෙන්,

    *) එක එක විෂයධාරාවට අදාලව උසස් පෙළ පෙර සූදානම
    *) උසස් පෙළට පාඩම් කලයුත්තේ කෙසේද ?
    *) උසස් පෙළ කල යුතු නොකලයුතු දේවල් ;)
    *) සාමාන්ය පෙලින් උසස් පෙළ නොකර යා හැකි වෙනත් මාර්ග. :shocked::yes:

    වගේ කරුණු ටිකක් බලාපොරොත්තු වෙන්න. ඔබට ජය. !!!! :D


     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නියම ආටිකල් එකක්
    අපට ඔවා කියන්න ඒ කලේ කව්රුත් හිටියේ නැනේ

    මේ උපදෙස් නියමෙටම වටිනවා

    මොකද a/l කරන්න ගිහින් අනා ගන්නවට වඩා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    good thread bro.

    good :D :D :D

    thumbs up

    ela
    O/L karala inna ayata wadhagath weyi me thread eka

    නියම ආටිකල් එකක්
    අපට ඔවා කියන්න ඒ කලේ කව්රුත් හිටියේ නැනේ

    මේ උපදෙස් නියමෙටම වටිනවා

    මොකද a/l කරන්න ගිහින් අනා ගන්නවට වඩා

    Good post bro :)
    rep

    උසස් පෙළ කොරොත් අනාගතේ හොද තැනකට එන්න ලෙහෙසියෙන් පුළුවන්
    උසස් පෙළ කරහන් කොල්ලො බය වෙන්න එපා
    thx all
    :D:D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඒ වගේම තමයි කොල්ලනේ එක අරමුණක් විතරක් ‍හිතේ තියාගෙන වැඩ කරන්න එපා
    මොකද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව දක්ෂතාවයි 50% යි වාසනාව 50% යි තියෙන්න ඕනි
    අපි කොච්චර දක්ෂ වුනත් උන් කැමති විදිහට තමා අපේ අනාගතය තීරණය වන්නේ

    ඒක නිසා

    මං ඉංජිනේරුවෙක්ම වෙනවා
    මං ගුරුවරයෙක්ම වෙනවා
    කියලා විතරක් හිතාගෙන ඉන්න එපා
    කරුමෙට හරි උත්තර පත්තර මීයෝ කාලා ඔයාගේ රිසාල්ට් එකට කෙලියොත්
    ඔයාට දැනෙන් පීඩනය වැඩියි.

    ඒක නිසා හැමවිටම අරමුණු කිහිපයක් තියාගන්න
    ‍මොකද එකක් කෙලවුනොත් තව එකක් ඔයාට තියන නිසා

    මැත්ස් සයන්ස් කරන උන් මුල් දවස්වලම පන්ති යන්න
    නැත්තනම් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා

    මොකා මොනවා කිව්වාත්
    තමන් පන්ති යන සර් උගන්වන දේවල් තේරෙන්නේ නැත්නම්
    තමන්ට ‍තේරන එකෙක් ගාවට යන්න
    ‍හැන්ඩ් බිල් වල ඉන්නේ සැබෑ වැඩ්ඩෝ නෙවෙයි
    අර සර්ගේ තමා කෙමිස්ටි වලට වැඩියෙන්ම a තියෙන්නේ කියලා කස්ටිය කීවට
    එයා ගාවට ගිහින් ඔයාට s එකක් වත් ගන්න බැරිනම් වැඩක් නෑ නි බන්


    යාලුවෝ

    අනේ අම්මේ මේ කාලේ යාලුවෝ අතඅරලා දාන්න පුලුවන්නම් ගොඩක් හොන්දයි

    උසස් පෙල පන්ති වලදි ගොඩක් උන් කියන්නේ පාඩම් කරන්න උනේ නෑ බන්
    ඊයේ නිදා ගත්තා වගේ දේවල්
    ඒත් උන්ගේ ගෙදරට අහම්බෙන් ගියොත් පෙනෙයි උන් ටියුට් එකක් අල්ලන් දගලන බව

    ඒක නිසා යාලුවන්ගෙන් පරිස්සං
     
    • Like
    Reactions: pubudu lakmal

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒ වගේම තමයි කොල්ලනේ එක අරමුණක් විතරක් ‍හිතේ තියාගෙන වැඩ කරන්න එපා
    මොකද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව දක්ෂතාවයි 50% යි වාසනාව 50% යි තියෙන්න ඕනි
    අපි කොච්චර දක්ෂ වුනත් උන් කැමති විදිහට තමා අපේ අනාගතය තීරණය වන්නේ

    ඒක නිසා

    මං ඉංජිනේරුවෙක්ම වෙනවා
    මං ගුරුවරයෙක්ම වෙනවා
    කියලා විතරක් හිතාගෙන ඉන්න එපා
    කරුමෙට හරි උත්තර පත්තර මීයෝ කාලා ඔයාගේ රිසාල්ට් එකට කෙලියොත්
    ඔයාට දැනෙන් පීඩනය වැඩියි.

    ඒක නිසා හැමවිටම අරමුණු කිහිපයක් තියාගන්න
    ‍මොකද එකක් කෙලවුනොත් තව එකක් ඔයාට තියන නිසා

    මැත්ස් සයන්ස් කරන උන් මුල් දවස්වලම පන්ති යන්න
    නැත්තනම් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා

    මොකා මොනවා කිව්වාත්
    තමන් පන්ති යන සර් උගන්වන දේවල් තේරෙන්නේ නැත්නම්
    තමන්ට ‍තේරන එකෙක් ගාවට යන්න
    ‍හැන්ඩ් බිල් වල ඉන්නේ සැබෑ වැඩ්ඩෝ නෙවෙයි
    අර සර්ගේ තමා කෙමිස්ටි වලට වැඩියෙන්ම a තියෙන්නේ කියලා කස්ටිය කීවට
    එයා ගාවට ගිහින් ඔයාට s එකක් වත් ගන්න බැරිනම් වැඩක් නෑ නි බන්


    යාලුවෝ

    අනේ අම්මේ මේ කාලේ යාලුවෝ අතඅරලා දාන්න පුලුවන්නම් ගොඩක් හොන්දයි

    උසස් පෙල පන්ති වලදි ගොඩක් උන් කියන්නේ පාඩම් කරන්න උනේ නෑ බන්
    ඊයේ නිදා ගත්තා වගේ දේවල්
    ඒත් උන්ගේ ගෙදරට අහම්බෙන් ගියොත් පෙනෙයි උන් ටියුට් එකක් අල්ලන් දගලන බව

    ඒක නිසා යාලුවන්ගෙන් පරිස්සං
    නියමයි කොල්ලෝ. ඔය දීලා තියෙන්නේ එලටම
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මටත් කියන්න තියෙන්නෙ බර දල කරපන් කියල තම හබයි බොරුවට සොබ්බෙට MATHA,science කරන්න නම් යන්න එපා කරපන් commerce ඉට පස්සෙ උබට පුලුවන් හොද ජොබ් එකකට යන්නෙ උස්සස් අද‍යාපනට තන වඩී commerce කරාම
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් කියන්න තියෙන්නෙ බර දල කරපන් කියල තම හබයි බොරුවට සොබ්බෙට MATHA,science කරන්න නම් යන්න එපා කරපන් commerce ඉට පස්සෙ උබට පුලුවන් හොද ජොබ් එකකට යන්නෙ උස්සස් අද‍යාපනට තන වඩී commerce කරාම
    :yes:
    ඔව්, මෙතන තියෙන්නේ කරන එක විතරක්ම නෙවෙයි අනිත් එකා කරන හින්දා, තමන්ගේ දෙමාපියන් කියන හින්දා, සමාජයේ පිළිගැනීමක් තියෙන හින්දා තමන්ට බැරි දේවල් කරන්නේ නැතුව ආසාව, උනන්දුව හා දක්ෂකම තියෙන විශය මාලාවක් තෝරගන්න එක තමයි නුවණට හුරු