ජීවිතය

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
ඔබ යම්කිසි දෙයක් සොයනවාද? ඔයාගේ හිතෙන් හොඳට අහන්න මම දෙයක් හොයනවද කියලා. ඔව් ඔබ ඇත්තටම දෙයක් හොයනවා. සමහරු දන්නවා තමන් දෙයක් හොයනවා කියලා නමුත් සමහරෙක් තමන් දෙයක් හොයනවද කියලවත් දන්නේ නෑ. ඔබ යමක් හොයන්නේ නැත්නම් ඔබ මොකක්ද එදිනෙදා ජීවිතයේදී කරන්නේ
ඇයි ඔබ රැකියාවක් කරන්නේ
ඇයි ඔබ ඉගෙන ගන්නේ
ඇයි ඔබ කෙනෙක්ට උදව් කරන්නේ
ඇයි ඔබ කෙනෙක්ට ආදරය කරන්නේ
ඇයි ඔබ මුදල් උපයන්න මහන්සි වෙන්නේ
ඇයි ඔබ ළමයි හදලා ලොකු මහත් කරන්නේ

සත්‍යය වශයෙන්ම ඇයි?

ඔබ, සතුට හොයනවා ඔබ නිදහස හොයනවා ඔබ රැකවරණය හොයනවා සමහරුන්ට එය හෙවනැල්ලක් වගේ ඉගෙන පාසල් යනකොට හිතනවා විශ්‍යය විද්‍යාලයට ගිහිල්ලා සතුටක් නිදහසක් ලබන්න පුලුවන් කියලා විශ්‍යය විද්‍යාලයේදි හිතනවා රැකියාවක් කරලා මුදල් උපයනකොට සතුට නිදහස හම්බ වෙනවා කියලා ඊට පස්සේ හිතනවා කසාදයක් බැදලා බිරිඳ සමග සතුටෙන් නිදහසේ ජීවත් වෙනවා. ඊට පස්සේ ළමයෙක් හදනවා සතුට බලා පොරොත්තු වෙනවා. ඒ ළමයව දුක් මහන්සි වෙලා ලොකු මහත් කරනවා අපි කවද හරි සතුටක් ලබා දෙයි කියලා. රැකවරණයක් ලබා දෙයි කියලා. අන්තිමට දන්නෙම නෑ කාලය ගත වෙලා මැරිලා යනවා. අද සමාජයේ බහුතරයක් මෙහෙම නෙමේද ජීවත් වන්නේ. ඔබ හොයන දේ ඔබට හම්බ වෙනවද? නෑ.

ඔබට කරන්නට හිතන්නට ඇත්තේ එකම දෙයයි එනම් මේ මොහොත සතුටෙන් සිතීමයි. ඔබ දැන් සතුටෙන් කරන වැඩේ කරන්න. කුමන අවදියක ජීවත් වුනත් අධ්‍යාපන කටයුත්ත ව්‍රිත්තීමය කටයුත්ත සතුටෙන් නිදහසෙන් කරන්න.

මේ මම කිව්වේ අති බහුතරයකට ගැලපෙන දෙයක්
හැමෝම මෙහෙම නොවෙන්න පුලුවන්.

නමුත් සියල්ල අත් ඇරලා වන වැදිලා කුටියකට වෙලා ඉතා සරලව ජීවත් වෙන ස්වාමීන් වහන්සේ ද සතුටෙන් ඉන්නේ. එහෙමත් නැත්නම් මිල මුදල් යන වාහන බලය දනය පිරි වරාගෙන සිටින පුද්ගලයද සතුටෙන් ඉන්නේ.

මොහොතක් සිතන්න දැන් අපිට මොනවද තියෙන්නේ, අපි නිකන්ම නිකන් මිනිස්සු. ඉස්සර සදලු තලෙන් බහින්නේ නැතුව සත්මහල් ප්‍රාසාද වල ඉඳලා රූමත් ස්ත්‍රීන් පිරිවරාගෙන රාජ බෝජන ගනිමෙන් රන් හැන්දෙන් රන් පිගන් වල ආහාර ගනිමින් සියලු සැප සම්පත් ඇතුව ජීවත් වුන රාජ කුමාර වරු සියල්ල අත් හැරලා සිවුරයි පාත්‍රයයි අරන් වන ගත වෙලා ගහක් යට භාවනා කලා. බලන්න අපිත් එක්ක සංසන්දනය කරලා බැලුවහම අපිට මොන සැපක්ද දැන් තියෙන්නේ. අපි මේ හොයන දේවල් අත හරින්න සූදානම් ද?

අපිඅ ඇති දේකුත් නෑ අත හරින්නෙත් නෑ

  • Like
Reactions: sudu pusa

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
මෙතන මචං ගැටලුව තියෙන්නේ
අපිට අපි යන පාර වැරදී කියලා තේරුනාට පස්සේත්
අපි ඒ වැරදි පාරෙමයි යන්නේ
:(:(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි තරම් මිල මුදල් තිබ්බාත් ඒ පුද්ගලයාගේ හිතේ වුනත් ආශාවන් කියන දේ, ඕනෑවටත් වඩා තියෙන්න පුලුවන්..
    අනික, කොයි තරම් මිල මුදල් තිබ්බාත් ඒ පුද්ගලයාගේ හිතේ වුනත් බලාපොරොත්තු පොදි බැදගෙන ජිවත් වෙනවා වෙන්න ඇති..
    ඒත් බොහෝ දෙනෙක් හිතන්නේ, මිල මුදල් තිබ්බ පළියට මේ ජිවිතය සාර්ථක කර ගන්න පුලුවන් කියලා..
    ඒත් මේ ජිවිතයේ සතුට ආදරයට සීමා කරගෙන ජිවත් වුනා නම්,
    අපේ හිත්වලට ආසාවල් සීමිත කරගෙන ඒ ආදරය යන රාමුව අස්සේ විතරක් ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා...
     
    සහෝදරයා ආදරය කියන්නෙ ඔක්කොම නෙමේ නේද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරයා ආදරය කියන්නෙ ඔක්කොම නෙමේ නේද?
    ඔව් සහෝ, ඒත් මම අදහස් කලේ පෙම් කිරිල්ල විතරක්ම නෙවෙයි..
    අපේ හිත් එකලස් කරගෙන අපි අදහන ආගමත් දහමත් එක්ක ජිවත් වුනා නම්..
    ඒ වගේම අපිට ලැබෙන ආදරයත් එක්ක ජිවත් වුනා නම්..
    අපිට හිතට එන එක් එක් ආශාවන් යටපත් කරගෙන ජිවත් වෙන්න පුලුවන් පරිසරයක් ඉස්මතු කර ගන්න බැරි කමක් නෑ..
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    ඔව් සහෝ, ඒත් මම අදහස් කලේ පෙම් කිරිල්ල විතරක්ම නෙවෙයි..
    අපේ හිත් එකලස් කරගෙන අපි අදහන ආගමත් දහමත් එක්ක ජිවත් වුනා නම්..
    ඒ වගේම අපිට ලැබෙන ආදරයත් එක්ක ජිවත් වුනා නම්..
    අපිට හිතට එන එක් එක් ආශාවන් යටපත් කරගෙන ජිවත් වෙන්න පුලුවන් පරිසරයක් ඉස්මතු කර ගන්න බැරි කමක් නෑ..

    ඔව් මචං ආදරය කියන්නේ ජීවිතේ ඔක්කොම නෙමේ........
    ජීවිතේ සාර්ථකත්වයට ආදරයත් උදව් වෙන්න පුලුවන්......
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෑහෙන්න හිතන්න ඕන ලිපියක්. කාලෙකින් මේ වගේ ඒවා පලවෙන්නේ.
    මෙහෙමයි මචන්, ජීවිතය කියන්නේ දුකක්. අපි කොච්චර කරලා ඒක ලස්සන කරලා ජීවිතය විඳිනවා කියලා එකක් කියනවා. නමුත් අවසානේ අපි විඳවනවා. තම තමන්ගේ ආගම් වලට අනුව එක්කෝ තමන් නැවැත උපතකට යනවා නැත්තන් දෙවියන් ඉදිරියේ යම්කිසි විමසුමකට ලක්වෙනවා. ඒ මොනා උනත් අපි බොහෝ දෙනෙකුට පරලොවත් දුක් සහිතයි.

    අපි එච්චර දුරට යන්න ඕන නෑ. ජීවිතය දුක් සහිත වෙන්නේ අපි ආශාවල් වලින් වෙළිලා ඉන්න නිසා. තමන් යම් දෙයකට හරි යම් කෙනෙකුට හරි යම් තනතුරකට හරි ලෝභයෙන් ඉන්නවා නම් ඒ දෙය වෙනස්වීමකට ලක්වුනොත් තමන්ට දැනෙන දුකත් වැඩියි. අපි දෙයක් නියතයි කියලා හිතන් ඉන්නවා. නමුත් හැම දෙයක්ම වෙනස් වෙනවා. එක එක පුද්ගලයා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එතකොට අපි හිතන පතන දේවල් වෙන්නේ නැති හින්දා අපිට දුක පැමිණෙනවා.

    මම මෙතන ආගමික පැත්ත කතා කරන්නේ නෑ. ඒකට ඉතින් එක එක ආගමට අනුව කරුණු කාරනා තියෙනවා. නමුත් අපිට දුක අඩුකරගන්න නම් ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි

    බැඳීම් අඩුකරගන්න. අලුතින් අල්ලාගැනීම් නතර කරලා අතෑරීම පුරුදු කරන්න
    සරල ජීවිතයකට පුරුදු වෙන්න.

    නවීන ලෝකේට අනුව මේ දේවල් කරන්න අමාරුයි. අද කාලේ ජීවත්වෙන්න මුදල් හොයන්න නම් හොඳින් ඉගෙනගන්න ඕන. ඉගෙනගැනීම කටුකයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. රස්සාවන් හොයන්න වෙනවා මොකද අපිට නිකන් කන්න දෙන්නේ නෑ. ඒකේ ඉහලය යන්නත් ඕන. දුක් කරදර බිඳවැටීම් ගොඩයි. දුක විතරක් නෙවෙයි සමහර වෙලාවට කෝපයත් ඇතිවෙනවා.

    ඊට පස්සේ තියෙන සමාජ ජීවිතේත් හරිම දුක් සහගතයි. මේවායින් මිදෙන්න හරිම අමාරුයි, කෙනෙකුට දුකින් මිදෙන්න (අවම මට්ටමියි ඒක අඩුකරගන්න ) උනත් සෑහෙන්න උත්සාහයක් දරන්න ඕන.
     
    Last edited:

    සහතික ඇත්ත කතාව මචං උඹ කිව්වේ.

    මම උඹ කිව්ව ඔක්කොම දේවල් ගැන කතා නොකලත් මේ නවීන තාක්ශණය හා අපේ බැදීම් වලින් මිදීම කියන දේ ගැන පොඩ්ඩක් කතා කරන්නම්.ඇත්තටම අපි දැනටමත් පරක්කුයි මචං කරන්න දෙයක් නෑ. පාරට ගියොත් වාහන, අන්තර්ජාලයට ආවොත් අලුත් ගැජට් කම්පියුටර් ෆෝන්, එලකිරි ෆේස්බූක් ගියොත් කෙල්ලෝ හැම තැනම තියෙන්නේ අපේ ඇහැ වසඟ කරන හිත ඒ දේව්ල් වලට ඇලෙන දේවල්. ඉතින් මේවා දැක දැක අපි ඒවයින් ඈත් වෙන්න හදනවා කියන්නේ හෙන ගේමක් බන්. හැම තිසෙම බලාපොරොත්තුවක් ආසාවක් ඇති වෙන දේවල් තමා අපි දකින්නේ. ඒ වගේමයි අනිත් පැත්ත තරහව වෛරය ක්‍රෝධය ඒ කියන්නේ අපේ වචනයෙන් කියනවානම් මල පනින සීන් හැම තැනම. යකා නගිනව රටේ ලෝකේ වෙන සමහර දේවල් දකිනකොට. ඉතින් අපි සමහර දෙවල් වලට යකා නැගලා පොඩි ර්‍රොපයක් දැකලා තාවකාලික සතුටක් අරන් ඔහේ පාවි පාවි ජීවත් වෙනවා