හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
[FONT=&quot]නැවුම් ප්‍රේම වි‍දුමක අලහාදය............................[/FONT]

[FONT=&quot]මා හිතට අහම්බෙන්.....................[/FONT]





Ma_Sithata_Ahamben_Deepika.jpg

[FONT=&quot]ප්‍රේමය සමහර විට තරුණ තරුණියන් ගේ සිත් වලට රිංගන්නේ අහම්බෙනි. පූර්ව දැනුම් දීමකින් පවා තොරවය. මෙයට බටහිරයෝ [/FONT]love at first sight [FONT=&quot]යයි කියත්. මෙවන් ප්‍රේමයන් සාර්ථක වීම අසාර්ථක වීම පසුවට තබා එවන් ප්‍රේමයක අලහාදය ජනනය කරවන මේ රචනාව විමසමු. රචනාව කර ඇත්තේ වසන්ත කුමාර කොබවකය.[/FONT]

[FONT=&quot]මා සිතට අහම්බෙන් - ඔබ එබිකම් කළ අරුමය රහසින්[/FONT]
[FONT=&quot]මුළු ලොවට මුවාවෙන් - සගවා ගන්නෙ ද මතුදා කෙළෙසින්..................[/FONT]

[FONT=&quot]ඒ ප්‍රේමය සිතට එබෙන්නේ අහම්බෙනි. විදුලියක් කොටන විට අහසෙහි ඇදෙන රේඛාවක් මෙනි.......ඇය ගේ ලොවට ඔහු ගේ සෙනෙහෙ ආලෝක කිරණ ලැබුණු බව මුළු ලොවට ම සැගවීමටයි ඇ ගේ අදහස. ඒ ඒ පෙමට පැමිණෙන විවිධ බාධා, අතවර, දුක් නිසා වන්නට ඇත. ඇය ට ඇති පැණය, කැස්ස සේ ම ආදරය ලොවෙන් සැගවිය නොහැකි වීමයි. මේ ආදරය පිළිබද ලොව දැන ගත හොත් ඇති වන අපල උපද්‍රව ගැන ඇය බිය වෙයි. ලොව පෙම්වතුන් දෙස බලන්නේ වපර ඇසින් බව ඇය දනී. එළෙස ම මේ සමාජය අසම්මත යයි හංවඩු ගසා සීමා මායිම් දක්වා ඇති ආදරයක් නම්............ඇය තවත් අර්බුදයට ලක් වෙයි........මෙනිසායි මේ ලොව ට හොරෙන් මේ පෙම් බැදුම සැගවීමට ඇයට සිදු වන්නේ..........................මෙයයි අපට මේ ගීතයේ මතු පිටින් අත ගෑ විට පෙනෙන සොදුරු අදහස. [/FONT]



[FONT=&quot]මේ ගීතය පිලිබද ව වඩා වඩාත් මෙනෙහි කරද්දී මා සිත නැගුණු අදහසක් මෙහි දී සටහන් කිරීම වටනේ යයි සිතමි. එය නැගුනේ මෙම ස්ථායී කොටසේ අවසන් පදය නිසාය. මේ පෙම් බැදුමක් නම්, මතුදා මෙය සගවන්නට ඇයට අවැසි වන්නේ ඇයි? මෙයයි මගේ සිතට නැගුණු පැණය. මේ ප්‍රේමයක් ම නොවිය හැකි බව එයින් මගේ සිතට නැගුණි. එසේ නම් මෙය කවරක් ද?[/FONT]


[FONT=&quot]හදිසියේ සිතට එන ආවේගාත්මක හැගීම් නිසා, එක්වන ම දැන හදුනා ගන්නට ද පෙර ම ලෝකාශ්වාදයෙහි යෙදුණු පෙම්වතුන් නොවන තරුණ -තරුණියෝ බොහෝය. මේ එවැන්නක් විය නොහැකි ද? එනිසාය ඇය කියන්නේ ඇය ගේ සිතට ඔහු එබුනේ අහම්බයකින් බව. ඒ අරුමයෙන් ලද ඵලය ඇගේ කුස තුළ මෝරා වැඩෙත් ම, එය සගවා ගැනීමේ අවැසිතාවය ඇයට නැගේ. එපමණක් නොව සිය තුණු සපුව එක්වන ම පිදූ ඔහු කෙරෙහි ආලයක් ද ඇගේ හදෙහි මෝදු වෙමින් පවතී.[/FONT]


[FONT=&quot]අදුර සදක් වෙවි - ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්[/FONT]
[FONT=&quot]පින්න ගගක් වේවි - ඒ වතුරේ නැගී එවි අප ගේ හස කැන්[/FONT]

[FONT=&quot]මේ බලාපොරොත්තු නොවූ ආදරණිය සිදුවීම ඇය ගේ ජීවිතයට අදුරක් බව ඇය දනී. ඒ සමාජ සත්තතාවය අනුව, අවජාතක වන දරුවෙකු කුසේ වැඩීම අදුරක් වන බැවිනි. නමුත් ඇය ප්‍රාර්ථනා කරන්නී ඒ අදුර සදක් වන ලෙසටය. ඒ සද එළියේ ඔවුන් ගේ සක්මන් සමාජය දුටු විට ප්‍රශ්නයක් නැත. ඇය ප්‍රාර්ථනා කරන්නේ ද එයයි. සමහර විට මේ හේතුව නිසා නිපන් කදුළු පිණි, ගගක් සේ ගලා යනු ඇත. ඒ මේ සමාජයෙන් ඇය ලබන නින්දා ගැරහුම් නිසාය. නමුත්, අවසන ඔවුනොවුන් ගේ එක්වීම පතන මේ යුවතිය, ඒ ගගක් මෙන් ගලන නින්දා දෝරයේ ද දකින්නී, ඔවුන් ගේ හසරැල්ලයි. එසේම දරුවෙකු ගේ මුහුණ සිය සියළු ම දුක් වෙදනාවන් මකන බව ඇය සිතයි. ඇය සැම කළු වළාවක ම රිදී රේඛාවක් දකින ලෙසකි පෙනෙන්නේ.............[/FONT]

[FONT=&quot]ලොව ම උරණ වේවි - සා පසිත් නොදෙනා ලෙස සීතල දිය පැන්[/FONT]
[FONT=&quot]සිහින රුදුරු වේවී - උහුලා ගමු අප ම නේද අප ගේ දෙවියන්................[/FONT]

[FONT=&quot]මෙවන් තත්ත්වයකට මුහුණ දුන් තරුණියන් ට රැහැණිව ලොව අවි ඔසවන බ සැබෑය. සාප කරන බව ද සැබෑය. ඒ ඇය සමාජ සම්මතය ඛණ්ඩනය කල නිසා වෙනි. සිය පවසට මේ සමාජයෙන් දියවත් නොලැබෙන බව ඇය දන්නීය. තමා දකින සිහිනය රුදුරු වන බව දන්නා ඇය පවසන්නේ අපි අපේම මග නොමග තීරණය කරන දෙවියන් වන බැවින්, මේ බැරෑරුම් තත්ත්වය අප අප ම විසදා ගමු, උහුලා ගමු කියාය. ඒ සමාජය ම තමා ට විරුද්ධ සටනට කැදවන ග්ලැඩියේටර්වරියක් සේය. කණ දක්වා දුනු දිය ඇද මුදා හරින ඇමසෝනියන්වරියක සේය. මේ සියළු ම සමාජ සම්මුතීන් වලට ආලයේ ද, රාගයේ ද නමින් පයින් ගසා, සමාජයට අභියෝග කරන අප ඉදිරියේ සිටින සමහර යුවතියන් ගේ කැටපත් පරාවර්තනයයි.[/FONT]


[FONT=&quot]හදිසියේ පහල වන නුරා ගින්නෙන් ඇවිලී, සමාජ සම්මුතීන්ට පයින් ගසන අනාගත කාන්තා පරම්පරාවේ රුව, මිතුරනි මට නම් මේ ගීතයෙන් මැවී පෙනේ.[/FONT]
me kalekata passe liyala lassanata liyala tiyenne..thanks kibula ayya :D
 
  • Like
Reactions: sasliit

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට....!!!

ප්‍රේමවන්තයෙකුත් ප්‍රේමවන්තියකුත් සිය ආදර ගමන ආරම්භකරනුයේ අතරමගින් මේ ගමන නවතීයැයි තුන් හිතකින්වත් නොසිතමින්... ආදරය ආරම්භ කිරීම තරම් එය පවත්වාගෙනයාම නම් ලේසිපාසු කටයුත්තක් නොවේ.. ඔවුන් ඔවුන් අතර ප්‍රශ්ණ, පවුල්වල ප්‍රශ්ණ පමණක් නොවේ සමාජයේ ප්‍රශ්ණ ආදී දහසකුත් එකක් සම්මතයන් හා නීති රීති ආදී අනේක ප්‍රශ්ණ අභිබවා ගොස් ප්‍රේමය ජයගන්නේ කීයෙන් කී දෙනාද...?

ජයග්‍රහණය සතුටක්.. ඒත් පරාජය.. පරාජය දරාගැනීම තරම් වේදනාකාරී දෙයක් මේ ලෝකේ තවත් තිබේද යන්න සැක සහිතයි... ඒ පරාජයත් එක් පාර්ශවයකට ජයක් ගෙනදී සිදුවන්නක් නම් පෙම්වතාට හෝ පෙම්වතියට මදක් හෝ සැනසෙන්න පුළුවනි.. නමුත් පෙම්වතාත්, පෙම්වතියත් බලෙන් වෙන්කරනු ලබන්නේ නම්.. මේ පවුල්, සමාජ, සංස්කෘතිය ඔවුන් දෙදෙනාට එකතුවන්නට දෙන්නෙ නැතිනම් ඒ වේදනාව කොතරම් කුරිරුද....? බලන්න මදකට පහත පින්තූරය...

302180_10150297436849193_4444269_n.jpg


මේ දෙදනා ජීවිතය නැති කරගෙන තිබෙන්නේ කාගේ වරදින්ද..? ඔවුන් දෙදෙනා ඒ දෙදෙනාටම කොතරම්නම් ආදරේද..? වස්තුවේ ඔයා නැතිවුනොත් මම එක මොහොතක් හෝ ජීවත්වෙන්නෙ නෑ කියූ ආදරවන්තයන් වන්තියන් ඒ කතා කොතරම් නම් බොරු කර ඇත්ද..? එහෙව් සමාජයක දෙදෙනා එක්ව මේ ගමන අවසන් කරන්නට තරම් පෙමින් වෙලීම තේරුම් ගන්නට කිසිවෙකුට නොහැකිවීම කොතරම් නම් අපරාදයක්ද..? දෙකක් නැත.. අපේ පවුලට ගැලපෙන්නෙ නෑ.. කුලය හරි නෑ.. මිනිස්සු මොනවා කියයිද..? රස්සාවක් නෑ...? අපේ ජාතියේ නෙමෙයි.. ආදී කුමන හෝ ප්‍රශ්ණයක් මොවුනට එන්නට ඇත..

මට ඒ ප්‍රශ්ණ දික්කරගෙන මේ අහිංසක මල් තලා පෙලා විනාශකර දමනු ලබන වැඩිහිටියන්ගෙන් අහන්නට ඇත්තේ එකම එක ප්‍රශ්ණයකි... දැන් හරිද...? නම්බුව.. කුලය.. ජාතිය... මිල මුදල්.. ආගම් කියන ඒව මේ අහිංසක ජීවිත වලට වඩා ලොකුද...? එපමණයි අපි යමු ගීතයට...

මා ඉහතින් දැක්වූ පරිදි ප්‍රේමවන්තයෙකුටත් ප්‍රේමවන්තියකටත් ලොකු ප්‍රශ්ණ ගොඩක්.. ඒ දෙන්නට දෙන්න කොතරම් ආදරයකලත් පලක් වී නෑ.. සමාජය ඔවුන් දෙදෙනාට එක් වන්නට දෙන්නෙ නෑ.. ඉතින් මේ දෙදෙනා ගන්නවා තීරණයක් ඒ තමයි ඔය ඉහලින් තිබෙන රූපය පරිදි දෙදෙනාම එක්ව එකට මියෑදෙන්න... එහෙම හිතල දෙන්නම එකට ජීවිතය නැතිකරගන්නවා..

මියෑදිලා මේ දෙන්න අලුත් බවයක් ලබනවද.. නෑ.. මේ දෙන්න මියෑදෙන්නෙ ආයෙත් මිනිස්සු ඉන්න ලෝකෙක අපි නොඉපදේවා කියා ප්‍රාර්ථනා කරමින්.. ඔවුන් ප්‍රාර්ථනාකරගෙන මියැදෙන්නෙ අපි මළවුන්ගේ නගරයේ හමුවෙමු කියලා.. ඇයි ඒ එහෙම ප්‍රාර්ථනා කරන්නේ... අන්න ඒ හේතුව තමා මේ ගීතයෙන් පැහැදිලි කරන්නේ... අහල බලන්න... ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ දුක අපිට පවසනවා...

මේ මිනිස් ලෝකයේ අපි දෙන්නට එක්වෙන්න දෙන්නෙ නෑ... එක වහලක් යට අපි දෙන්න එකතු වෙන්න හදන එක මේ කෘර සමාජය අපිට කරන්න දෙන්නෙ නෑ... සම්මතයන්, නීති රීති එක්ක අපිට මේ ලෝකයේ කොහේදිවත් එකතුවෙන්න ලැබෙන්නෙ නෑ.. ඒ නිසා අපි දෙන්න මියෑදුනා.. දැන් අපිට ප්‍රශ්ණයක් නෑ.. මළවුන්ගේ නගරයේ අපි දෙන්න එකතුවුනා.. අපිට මිනිස් ලෝකයේ එකතුවෙන්න දුන්නෙ නැතත් අපි එකට මියගිහන්.. මළවුන්ගෙ ලෝකයේ එකතුඋනා....



මළවුන්ගේ නගරයේ මමයි,...
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි..
ඔබයි හමුවුණා

සජිවි සක්වල තලයේ

වරම් නොමැත හමුවෙන්නට
එක වහලක් යට ඉඳගෙන
එක අහරක් වළඳන්නට
ඔබයි හමුවුණා
මමයි හමුවුණා

සීමා ප්‍රාකාර වලින්

ඉඩක් නොමැත ගැලවෙන්නට
ජීවත්වන ලෝකයකදි
අවසර නැත ළං වන්නට
ඔබයි හමුවුණා
මමයි හමුවුණා

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: සරත් බාලසූරිය

ආදරණීය වැඩිහිටියනි ඔබ හැදූ මල් ඔබට අයිති බව ඇත්තයි... ඒත් පොකුණක්ම ඕනෑ නැත... මඩ ගොහුරක පිපිණත් මොකද මල් සුවද දෙයි ලෝකයටම... එපා විෂ පොවා පරවෙන්නට ඉඩ හරින්න... ඔබ නොහිතා සමාජ සම්මතයන් නිසා ගනු ලබන තීරණයන්ගෙන් ඒ අහිංසක මල් පමණක් නොවෙයි ඔබත් තැවෙනවා නොවෙද..? සදාකාලිකවම.

කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.

9.gif
9.gif
9.gif
WOW.. Godaaak lassanai ayye
 
  • Like
Reactions: sasliit

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේ උත්සව සමය.. බලන බලන තෑන මිනිස්සු පිරිලා.. අත පය දිග ඈර ඈර වියදම් කරනව.. බඩු ගන්නවා.. කනවා බොනවා හිනාවෙනවා... හරිම ලස්සනයි. පවුල් පිටින් නෑත්තම් තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක මේ නිවාඩු කාලය මිනිස්සු කොච්චර විදිනවද.. ඒත් මේ බෝ සිනා අතර සුසුම කදුල පමනක් උරුම කරගත්ත ජීවිත කොච්චරනම් ඈත්ද.. සෑහෙන කාලෙක ඉදන් හිනාවෙන්න බලන් ඉන්න.. සතුටක මායිමක් නෝදෑකපු, ප්‍රියෙහි විප්පයෝගය නිසා හෑදු අහස් මාලිගා බිද වෑටුනු.. ජීවිතේ සතුට උදුරාගෙන පලා ගිය ඔහු හෝ ඈය එනතුරා තවමත් බලාගෙන ඉන්න.. කුරා කූබියෙකුට වරදක් නොකල, ඉකිබිදින සිත් වලට උත්සව සමයකින් කිම පල. සමහර විට කොතෙක් ධනාත්මක සිතිවිලි සිතට ඈතුල් කරන්න උත්සාහ කලත්.. පාරවල් දිගේ සන්තෝස වෙන මිනිස්සු දෑක්කාම හිතට එන්නේ තමන්ට අහිමි උනු ඒ ගෙවුනු සොදුරු අතීතය. රිදුනු සිත් වලට ඔසු සෙවිම නිශ්ඵල යන්න තමයි මාගේ හෑගීම, නමුත් හෑම කෙනෙක්ගේම හිතේ එක අන්ශු මාත්‍රයක හෝ තිබෙනවා වේදනාව පරදා ජීවිතය දිනිය හෑකි 'පොර' භාවයක්.. අන් අයට කෙසේ වෙතත් මාගේ අන්න ඒ තෑනට වෑදුනු පද පේලි කීපයක් ගෑන යමක් ලියන්න හිතුනා.

    සාගරය බදු වේදනාවෝ
    සුන්වෙලා යනවෝ
    ජීවිතය ගෙන වන්දනාවක
    යන්න අපි යනවෝ


    අශ්ට ලෝක දර්මය කියන්නේ අපි කාටත් පොදු දෙයක්, එයින් කම්පා නොවන්න ජීවිතය දිනන්න හෑටියට තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඔය අටෙනුත් ප්‍රියෙහි විප්පයෝගය හා අප්‍රියෙහි සම්ප්‍රයෝගය තරම් අපිට රිදෙන්න වදින දෙයක් වෙන නෑති තරම්. වරක් බුදුන් දේශනා කලා සේ තමන් කල හොද නරක කරත්ත රෝදය මෙන තමන් පසුපස හබා එනවා.. සෑප නෑතිව දුක හෝ , දුක නෑතිව සෑප මේ ඉර හද පායන ලෝකයේ නෑත. අපි ජීවිතය ගෙන යන වන්දනාවේ මේ එක් අම්බලමක් පමනයි. මේතෑනින් පිට වෙන්න නම්, දුක් සයුරෙන් ගොඩ යන්නම වෙනවා..

    පෙරුම් පුරනා බෝසතුන්ටත්
    මාර සෙන් සිටියෝ
    ඉතින් එහෙනම් අපිට නෑතිවෙද
    රුදුරු බාදාවෝ
    පාඑමිනි දුක් කද පෑනි රසක් ලෙස
    බෝසතුන් සිතුවෝ
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු
    දුක්ඛ ගන්ගාවෝ


    බෝසතුන් වහන්සේටත් මාර සේනාවෝ අවානම් අපි ගෑන කවර කතාද? ඒ මාර සේනාවන්ට සාපේක්ශව අපේ ජීවිත වල ඈත්තේ ඩෙල්ටා ප්‍රමානයේ විදවීම් වෙන්න ඈති. මා විශ්වාශ කරන විදියට නම් අපිට ඉවසීමේ සීමාවන් නෑතිවිය යුතුයි. සීමාවකට හිත පුරුදු කරාම ඊට එහා යමක් වු පසු අපිට අපේ හිතේ සමබර භාවය, මෑදහත් භාවය රෑකගන්න ටිකක් අමාරු වෙනවා.ඒ හින්දා සියලු දේ උපේක්ශාවෙන් විද දරාගෑනීම තමයි නුවනට හුරු.

    එදා කදුලෑල් මෙදා හසරෑල්
    පෑතුම් ඉටුවෙනවෝ
    පෑතුම් හොදනම් යනෙන ගමනෙදි
    සිහින එලිවෙනවෝ
    මිනිස් ලොවකට ලබන්නට බෑරි
    ජයක් කෝතෑනක දෝ
    මිනිස්කම් මත දිවි ගෙවයි නම්
    ඔවුන් ජය ලෑබුවෝ


    'මනුස්සකම' අපේ ජීවිත වලත්, සමාජයකත්, පොදුවේ ගත් කල මුලු ලෝකයකත් සාර්ථකත්වය රදිලා තියෙන්නේ මේ මතයි. කදුල සිනහව පොදු ලොවේ පෑතුම් පිරිසිදු නම්.. සිනහව වෑඩි ඈතක නොවෙයි...

    සමහරෙක්ට හිතෙන්න පුලුවන් වියෝ ගින්නකට මේ දේවල් වලින් මොන සහනයක්ද කියලා.. නමුත් අපි ජීවිතය එයටම ලඝු නොකොට එහි සාර්ව රූපය අවබෝධ කර ගත් කලෙක ඔය හිතේ ඈවිලෙන ගින්නම පුලුවන් හිතට පන්නරය ගන්න පාවිච්චි කරන්න. එදාට විරහවත් රහක් උනා සේ දෑනෙයි!

    රිදුනු තෑවෙන සිත් සුවපත් වේවා!!



    තේරෙන භාශාවෙන්ම ලියලා තියෙනවා. පින්. REP +++
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගීයක ඇරඹුම...

    ටයිටස් තොටවත්ත මහත්තය ඔන්න දොස්තර හොද හිත කාටූන් එක හදන්න පටන් අරගෙන...
    කට්ටියට මතක ඇතිනේ දොස්තර හොද හිත කාටූන් එක...

    Dosthara_Honda_hitha.jpg

    dolittle6.jpg


    ඉතින් මේ කාටූන් එකේ එක අවස්ථාවකට ගීතයක් ඕන.. ඔහුට මේක ළමයිට දැනෙන විදියටයි ලියා ගන්න ඕන...
    ඉතින් කල්පනා කර කර ඉන්දෙද්දි මෙයාට මතක් උනා ඔහුගෙ රූපවාහිනී සංස්ථාවෙම ඉන්න යාළුවෙක් ගැන...
    ප්‍රේම කීර්තිද අල්විස්... ඉතින් ඔහුට කීව සිද්ධිය සහ අවස්ථාව ගීතය ලියවෙන්න ඕන....

    ඉතින් ඒ විස්තර ටික කීවම ප්‍රේම කීර්තිත් කීවලු රයිට් සර් ලියල දෙන්නම් කියල...
    කොහෙමින් කොහොම හරි ලියල දෙන්නම් කීවට ටයි මාමා අහන හැම වෙලේම ප්‍රේම් කියනවලු අද බැරිඋනා.. අද බෑ.. පස්සෙ ලියල දෙන්නම් කියලා...
    ඉතින් දැන් අදාල කාටූනයේ අදාල කොටසත් හඩ කවල ඉවරයි නමුත් ගීතය නෑ....
    දැන් ටයි මාමටත් ටිකක් තද වෙලාලු...

    මේ තදියම අස්සෙ ටයි මාම යනව රූපවාහිනියෙ කැන්ටිම පැත්තට...
    මෙන්න ප්‍රේම් අබේවර්ධන බාලසූරිය මහත්මයත් එක්ක ආතල් එකේ හිනා වෙවී තේ බොනව කැන්ටිමේ...
    ටයි මාමට අසූහාරදාහට මල...

    උඹට දැන් කී දවසක් කීවද...
    හැමදාම බෑ බෑ බෑ...
    මොනවද ප්‍රේම් බැරිනම් බෑ කියන්න ඕන...
    වැඩේ බාර අරගෙන දැන් බෑ කිය කිය ඉන්නවා...
    මට මේ සින්දුව ලියල දෙන්නෙ නැද්ද උඹ...
    අහන
    හැමදාම බෑ බෑ බෑ...

    කියල කෑ ගහල ගියාලු ප්ලේන්ටියක් අරගෙන එන්න...
    මේ කෑ ගැහිල්ල අහගෙන හිටපු ප්‍රේම් අත පිහදාන්න දෙන කඩදාසිය අරගෙන මොනවද කුරුටු ගානවලු...
    ටයි මාම තේ එක අරගෙන ඇවිල්ල...
    මට ඒ සින්දුව ඉක්මනට ලියල දියන් ප්‍රේම් මල්ලි කීවලු.. ෂේප් එකේ...

    මෙන්න ප්‍රේම කීර්ති අර අතපිහදන කඩදාසිය ටයි මාමගෙ අතේ තියල හිනාවෙලා යන්න ගියාලු....
    ටයි මාම බැලුවලු මොකද්ද ඒ කියල... ඒකෙ තියෙනවලු....

    බැහැයි කියල බෑයි කියල බෑ - බෑයි කියල බෑයි කියල බෑ
    දුවේ පුතේ කිසිම දෙයක් - බෑයි කියල බෑයි කියල බෑ

    මල් පිපුණේ සුවද දෙන්න - බෑයි කියල බෑ
    තටු ලැබුනේ පියාබන්න - බෑයි කියල බෑ
    අත් ලැබුනේ වැඩ කරන්න - බෑයි කියල බෑ
    මේ ලෝකේ කිසිම දෙයක් - බෑයි කියල බෑ

    අපි හැදුනේ රට රකින්න - බෑයි කියල බෑ
    රට වෙනුවෙන් වැඩ කරන්න - බෑයි කියල බෑ
    යුතුකම් ඇත ඉටු කරන්න - බෑයි කියල බෑ
    නගේ මලේ කිසිම දෙයක් -බෑයි කියල බෑ


     
    • Like
    Reactions: mic

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගීයක ඇරඹුම...

    ටයිටස් තොටවත්ත මහත්තය ඔන්න දොස්තර හොද හිත කාටූන් එක හදන්න පටන් අරගෙන...
    කට්ටියට මතක ඇතිනේ දොස්තර හොද හිත කාටූන් එක...

    Dosthara_Honda_hitha.jpg

    dolittle6.jpg



    :)
     
    • Like
    Reactions: sasliit

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බැහැයි කියල බෑයි කියල බෑ - බෑයි කියල බෑයි කියල බෑ
    දුවේ පුතේ කිසිම දෙයක් - බෑයි කියල බෑයි කියල බෑ
     
    • Like
    Reactions: mic and sasliit

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    ගීයක ඇරඹුම...

    ටයිටස් තොටවත්ත මහත්තය ඔන්න දොස්තර හොද හිත කාටූන් එක හදන්න පටන් අරගෙන...
    කට්ටියට මතක ඇතිනේ දොස්තර හොද හිත කාටූන් එක...

    Dosthara_Honda_hitha.jpg

    dolittle6.jpg




    සිංදුව අහලා ...කා‍ටුන් එක බලලා තිබුනට මෙක දැනගෙන හිටියෙ නෑ....:yes::):)
     
    • Like
    Reactions: mic

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බලන්න ටයි-මාමා අපේ රසවිඳනය කොයි තරම් දියුනු කලාද? රොබින්හුඩ්, ඩොක්ටර් හොඳහිත... තව කොයි තරම් දේවල් අපිට දුන්නද?:)

    ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ ශේෂ්ඨ කලාකරුවා වෙනුවෙන් මා තුල ඇති ගෞරවය, භක්තිය මොහොතකට පෙර මා හෙලු ඒ සුසුම සාක්ෂි දරනවා ඇත.:(

    මෙවන් සුන්දර මිනිසුන් යලි බිහිවන්නේ නැත.:no:
     
    • Like
    Reactions: sasliit

    Nohim Ys

    Well-known member
  • ගීයක ඇරඹුම...

    ටයිටස් තොටවත්ත මහත්තය ඔන්න දොස්තර හොද හිත කාටූන් එක හදන්න පටන් අරගෙන...
    කට්ටියට මතක ඇතිනේ දොස්තර හොද හිත කාටූන් එක...

    Dosthara_Honda_hitha.jpg

    dolittle6.jpg


    ඉතින් මේ කාටූන් එකේ එක අවස්ථාවකට ගීතයක් ඕන.. ඔහුට මේක ළමයිට දැනෙන විදියටයි ලියා ගන්න ඕන...
    ඉතින් කල්පනා කර කර ඉන්දෙද්දි මෙයාට මතක් උනා ඔහුගෙ රූපවාහිනී සංස්ථාවෙම ඉන්න යාළුවෙක් ගැන...
    ප්‍රේම කීර්තිද අල්විස්... ඉතින් ඔහුට කීව සිද්ධිය සහ අවස්ථාව ගීතය ලියවෙන්න ඕන....

    ඉතින් ඒ විස්තර ටික කීවම ප්‍රේම කීර්තිත් කීවලු රයිට් සර් ලියල දෙන්නම් කියල...
    කොහෙමින් කොහොම හරි ලියල දෙන්නම් කීවට ටයි මාමා අහන හැම වෙලේම ප්‍රේම් කියනවලු අද බැරිඋනා.. අද බෑ.. පස්සෙ ලියල දෙන්නම් කියලා...
    ඉතින් දැන් අදාල කාටූනයේ අදාල කොටසත් හඩ කවල ඉවරයි නමුත් ගීතය නෑ....
    දැන් ටයි මාමටත් ටිකක් තද වෙලාලු...

    මේ තදියම අස්සෙ ටයි මාම යනව රූපවාහිනියෙ කැන්ටිම පැත්තට...
    මෙන්න ප්‍රේම් අබේවර්ධන බාලසූරිය මහත්මයත් එක්ක ආතල් එකේ හිනා වෙවී තේ බොනව කැන්ටිමේ...
    ටයි මාමට අසූහාරදාහට මල...

    උඹට දැන් කී දවසක් කීවද...
    හැමදාම බෑ බෑ බෑ...
    මොනවද ප්‍රේම් බැරිනම් බෑ කියන්න ඕන...
    වැඩේ බාර අරගෙන දැන් බෑ කිය කිය ඉන්නවා...
    මට මේ සින්දුව ලියල දෙන්නෙ නැද්ද උඹ...
    අහන
    හැමදාම බෑ බෑ බෑ...

    කියල කෑ ගහල ගියාලු ප්ලේන්ටියක් අරගෙන එන්න...
    මේ කෑ ගැහිල්ල අහගෙන හිටපු ප්‍රේම් අත පිහදාන්න දෙන කඩදාසිය අරගෙන මොනවද කුරුටු ගානවලු...
    ටයි මාම තේ එක අරගෙන ඇවිල්ල...
    මට ඒ සින්දුව ඉක්මනට ලියල දියන් ප්‍රේම් මල්ලි කීවලු.. ෂේප් එකේ...

    මෙන්න ප්‍රේම කීර්ති අර අතපිහදන කඩදාසිය ටයි මාමගෙ අතේ තියල හිනාවෙලා යන්න ගියාලු....
    ටයි මාම බැලුවලු මොකද්ද ඒ කියල... ඒකෙ තියෙනවලු....

    බැහැයි කියල බෑයි කියල බෑ - බෑයි කියල බෑයි කියල බෑ
    දුවේ පුතේ කිසිම දෙයක් - බෑයි කියල බෑයි කියල බෑ

    මල් පිපුණේ සුවද දෙන්න - බෑයි කියල බෑ
    තටු ලැබුනේ පියාබන්න - බෑයි කියල බෑ
    අත් ලැබුනේ වැඩ කරන්න - බෑයි කියල බෑ
    මේ ලෝකේ කිසිම දෙයක් - බෑයි කියල බෑ

    අපි හැදුනේ රට රකින්න - බෑයි කියල බෑ
    රට වෙනුවෙන් වැඩ කරන්න - බෑයි කියල බෑ
    යුතුකම් ඇත ඉටු කරන්න - බෑයි කියල බෑ
    නගේ මලේ කිසිම දෙයක් -බෑයි කියල බෑ



    කතාව දැනගත්තේ අද බං...:yes::):)


    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: mic and sasliit