හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ යුගයේ විශිෂ්ඨතම කවියා සහ ගේය පද රචකයා වන මහගම සේකරයන් පිළිබද ව,
    ඔහු ගේ කවි, ගීත සහ එම කලාකෘති වලින් ඔහු දුටුවා වූ ලෝකෝත්තර සමාජ දර්ශණය පිළිබද වද කතා කෙරෙන,
    ඔහු ලියූ අවසන් ගීය වන “මෝහිණියේ“ වැනි දුලබ ගීත ද ඇතුලත් රසවින්දනාත්මක වැඩසටහනක්,

    නොමියෙන සේකර - ජීවිතයට මග කියූ නිවී ගිය පහන් සිළ

    නමින් අද දින -
    18/01/2013, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
    එළිකිරි රේඩියෝවෙන් ගුවන් ගත වනු ඇත.

    ඒ මේ මහා මිනිසා අකාලයේ මියගොස්
    පසු ගිය 14 වෙනිදාට තිස් හත් වසරක් සපිරීම වෙනුවෙනි.

    සේකර විදින සුධීහු සවන් දෙත්වා....................!!!!!
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගීයක ඇරඹුම...

    ටයිටස් තොටවත්ත මහත්තය ඔන්න දොස්තර හොද හිත කාටූන් එක හදන්න පටන් අරගෙන...
    කට්ටියට මතක ඇතිනේ දොස්තර හොද හිත කාටූන් එක...

    Dosthara_Honda_hitha.jpg

    dolittle6.jpg

    ඉතින් මේ කාටූන් එකේ එක අවස්ථාවකට ගීතයක් ඕන.. ඔහුට මේක ළමයිට දැනෙන විදියටයි ලියා ගන්න ඕන...
    ඉතින් කල්පනා කර කර ඉන්දෙද්දි මෙයාට මතක් උනා ඔහුගෙ රූපවාහිනී සංස්ථාවෙම ඉන්න යාළුවෙක් ගැන...
    ප්‍රේම කීර්තිද අල්විස්... ඉතින් ඔහුට කීව සිද්ධිය සහ අවස්ථාව ගීතය ලියවෙන්න ඕන....

    ඉතින් ඒ විස්තර ටික කීවම ප්‍රේම කීර්තිත් කීවලු රයිට් සර් ලියල දෙන්නම් කියල...
    කොහෙමින් කොහොම හරි ලියල දෙන්නම් කීවට ටයි මාමා අහන හැම වෙලේම ප්‍රේම් කියනවලු අද බැරිඋනා.. අද බෑ.. පස්සෙ ලියල දෙන්නම් කියලා...
    ඉතින් දැන් අදාල කාටූනයේ අදාල කොටසත් හඩ කවල ඉවරයි නමුත් ගීතය නෑ....
    දැන් ටයි මාමටත් ටිකක් තද වෙලාලු...

    මේ තදියම අස්සෙ ටයි මාම යනව රූපවාහිනියෙ කැන්ටිම පැත්තට...
    මෙන්න ප්‍රේම් අබේවර්ධන බාලසූරිය මහත්මයත් එක්ක ආතල් එකේ හිනා වෙවී තේ බොනව කැන්ටිමේ...
    ටයි මාමට අසූහාරදාහට මල...

    උඹට දැන් කී දවසක් කීවද...
    හැමදාම බෑ බෑ බෑ...
    මොනවද ප්‍රේම් බැරිනම් බෑ කියන්න ඕන...
    වැඩේ බාර අරගෙන දැන් බෑ කිය කිය ඉන්නවා...
    මට මේ සින්දුව ලියල දෙන්නෙ නැද්ද උඹ...
    අහන
    හැමදාම බෑ බෑ බෑ...

    කියල කෑ ගහල ගියාලු ප්ලේන්ටියක් අරගෙන එන්න...
    මේ කෑ ගැහිල්ල අහගෙන හිටපු ප්‍රේම් අත පිහදාන්න දෙන කඩදාසිය අරගෙන මොනවද කුරුටු ගානවලු...
    ටයි මාම තේ එක අරගෙන ඇවිල්ල...
    මට ඒ සින්දුව ඉක්මනට ලියල දියන් ප්‍රේම් මල්ලි කීවලු.. ෂේප් එකේ...

    මෙන්න ප්‍රේම කීර්ති අර අතපිහදන කඩදාසිය ටයි මාමගෙ අතේ තියල හිනාවෙලා යන්න ගියාලු....
    ටයි මාම බැලුවලු මොකද්ද ඒ කියල... ඒකෙ තියෙනවලු....

    බැහැයි කියල බෑයි කියල බෑ - බෑයි කියල බෑයි කියල බෑ
    දුවේ පුතේ කිසිම දෙයක් - බෑයි කියල බෑයි කියල බෑ

    මල් පිපුණේ සුවද දෙන්න - බෑයි කියල බෑ
    තටු ලැබුනේ පියාබන්න - බෑයි කියල බෑ
    අත් ලැබුනේ වැඩ කරන්න - බෑයි කියල බෑ
    මේ ලෝකේ කිසිම දෙයක් - බෑයි කියල බෑ

    අපි හැදුනේ රට රකින්න - බෑයි කියල බෑ
    රට වෙනුවෙන් වැඩ කරන්න - බෑයි කියල බෑ
    යුතුකම් ඇත ඉටු කරන්න - බෑයි කියල බෑ
    නගේ මලේ කිසිම දෙයක් -බෑයි කියල බෑ

    eti yantam meyata ekak hari liyanna matak wela.thanks honde.lassanata liyala tiyenawa :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපේ යුගයේ විශිෂ්ඨතම කවියා සහ ගේය පද රචකයා වන මහගම සේකරයන් පිළිබද ව,
    ඔහු ගේ කවි, ගීත සහ එම කලාකෘති වලින් ඔහු දුටුවා වූ ලෝකෝත්තර සමාජ දර්ශණය පිළිබද වද කතා කෙරෙන,
    ඔහු ලියූ අවසන් ගීය වන “මෝහිණියේ“ වැනි දුලබ ගීත ද ඇතුලත් රසවින්දනාත්මක වැඩසටහනක්,

    නොමියෙන සේකර - ජීවිතයට මග කියූ නිවී ගිය පහන් සිළ

    නමින් අද දින -
    18/01/2013, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
    එළිකිරි රේඩියෝවෙන් ගුවන් ගත වනු ඇත.

    ඒ මේ මහා මිනිසා අකාලයේ මියගොස්
    පසු ගිය 14 වෙනිදාට තිස් හත් වසරක් සපිරීම වෙනුවෙනි.

    සේකර විදින සුධීහු සවන් දෙත්වා....................!!!!!

    :yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    niyamai machanlaad tama me trea aeka dekke.passe balanna mark kara gatta.digtama karagena yanna macana.mamat asma sindu......aelaaaaaaa
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ යුගයේ විශිෂ්ඨතම කවියා සහ ගේය පද රචකයා වන මහගම සේකරයන් පිළිබද ව,
    ඔහු ගේ කවි, ගීත සහ එම කලාකෘති වලින් ඔහු දුටුවා වූ ලෝකෝත්තර සමාජ දර්ශණය පිළිබද වද කතා කෙරෙන,
    ඔහු ලියූ අවසන් ගීය වන “මෝහිණියේ“ වැනි දුලබ ගීත ද ඇතුලත් රසවින්දනාත්මක වැඩසටහනක්,

    නොමියෙන සේකර - ජීවිතයට මග කියූ නිවී ගිය පහන් සිළ

    නමින් අද දින -
    18/01/2013, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
    එළිකිරි රේඩියෝවෙන් ගුවන් ගත වනු ඇත.

    ඒ මේ මහා මිනිසා අකාලයේ මියගොස්
    පසු ගිය 14 වෙනිදාට තිස් හත් වසරක් සපිරීම වෙනුවෙනි.

    සේකර විදින සුධීහු සවන් දෙත්වා....................!!!!!
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කවුරු හරි මගෙන් ඇහුවොත් මේ එළකිරි සමාජයේ වැඩියෙන්ම කැමති කාටද කියලා, මගේ උත්තරය වෙන්නේ මම වැඩියෙන්ම එළකිරි සමාජයේ කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා" කියන එක. අතිශයින් සොදුරු හදවතක් ඇති, මේ අව්‍යාජ සහුර්දයාගේ "හද විල කළඹන ගී ජල රේඛා" හූයට සම්බන්ද වීමට සති කිහිපයක් තිස්සේ සිත සිතා සිටියත් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. අද අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච සංවේදී සිද්ධියක් නිසා.

    සති අන්තයේදී ගෙදර ගියේ, සිකුරාදා (18) හවස එළකිරි රේඩියෝවේ ගිය "සසල හද විල් තෙර" මහගම සේකරයන් වෙනුවෙන් වෙන් වූ ඒ සොදුරු පැය දෙකහමාරක පමණ කාලයේ මිහිරත් සමගයි. ඇත්තෙන්ම දත් කිබුලාණන් විටකදී ඒ මහගම සේකරයන්ගේ "බෝඩිම" කාව්‍ය සංග්‍රහයෙන් උපුටා දැක්වූ අවිවාහකයෙක් හා විවාහකයෙක් අතර වූ ඒ දෙබස සිහිපත් කරමින්, මගේ ජීවිතයද සම්බන්ද කරමින් රිය පැදවූ ඒ සතර පැය පුදුමාකාරය. මා නොදැනුවත්වම ගෙදරට පැමිණ සිටියෙමි.

    මා අවිවාහකයෙකි. ඇත්තෙන්ම විවාහ වන විය පසු කරමින් සිටිමි. මගේ දෙමාපියන් මේ හේතුවෙන් පිටතට නොපෙන්නුවද ඇතුලතින් අතිශයින් කම්පා වන බව මා දනිමි. එහෙත් මා විවාහයක් සදහා සුදානම් නැත. හේතුව මා නොදනිමි. බොහෝ විට අද සමාජ ක්‍රමයේ ඇති ව්‍යාජත්වය හා ව්‍යාකූලත්වය මා ඒ තත්වයට පත්කලා විය හැක. සපත්තුවක අමිහිරි රසය විද ඇතිමුත් මෙතෙක් අවිවාහකව සිටීමට එය බලපෑමක් එල්ල නොකළ බව මගේ හ්ර්දසාක්ෂිය කෑගසයි. අද මා අතිශයින් අකමැති මාතෘකාවක් වන විවාහ යෝජනාවක් රැගෙන අම්මා කාමරයට පැමිණියාය. මෙතෙක් දෙගොල්ලන් අතර හුවමාරු වූ ලිපි ලේඛන සියල්ල මා අතට දුන්නාය. නමුත් මට මෙයට දීමට ඇත්තේ සුපුරුදු උත්තරය පමණයි. අහෝ! කරුමයක මහත:no:. අම්මාගේ සිත රිදෙන වචනයක් මා මුවින් හදිසියේ පිටවිය.

    අම්මා කාමරයෙන් පිටව ගියා... විනාඩි කිහිපයකින් යලිත් පියවි සිහියට පැමිණි මම අම්මගේ කාමරයට ගියා. මගේ පපුව එතනම කඩා වැටුන වගෙයි මට තේරුනේ. අම්මා මං මුලින්ම ඉස්කෝලෙට ගෙනිහින් භාරදුන්න දවසේ මට අන්දපු මුල්ම ඇදුම අතට අරගෙන අඩනවා. මට ඒක ඇත්තටම දරා ගන්න බැරිවුනා. මම අපහු මගේ කාමරේට ඇවිත්.. එත් මටත් ඇඩෙනවා...

    මම හිතන්නෙ ඕනම දෙමාපියෙකුට තමන්ගේ දරුව මුලින්ම පාසල් ගිය දිනය අමතක කරන්න බෑ. ඒ වගේම මට අද වගේ මතකයි අම්මයි, අප්පච්චියි මාව මුලින්ම ස්කොලේ ගෙනිහින් භාර දුන්න දවස. බුලත් අත දීලා වැන්දට පස්සේ අබේරත්න ටීචර් (ගරුතුමිය) මාව අතින් අල්ලලා ගෙනියන වෙලාවේ මම අඩුව, එදා ඉදලා සතියක් යනකල් දවසම අම්මයි, අප්පච්චියි පේන දුරින් හිටිය මට මතකයි. ඊට පස්සේ අප්පච්චි නාවත් අම්මා පොඩ්ඩක් පේන්න හිටියේ නැත්නම් මම අඩනවා. ඒ විදිහට අම්මා අවුරුදු කීයක් නම් මන් වෙනුවෙන් ඒ දුක වින්දද? මේ සියලු සිදුවීම් අද සිදුවූ ඒ සිද්ධියත් එක්ක එක පෙලට චිත්‍රපටියක් වගේ මගේ සිතට අවා. දන්නෙම නැතුව කොට්ටේත් තෙමිලා කදුළු වලින්. එත් ඒ කදුළු වලින් ඒ වන්දිය ගෙවන්න බැහැ.

    කොහොම හරි අද දින මට
    මුහුණ දීමට සිදුවූ මේ වූ මේ සිද්ධියත් සමගඇන්ජලීන් ගුනතිලක මහත්මිය ගයන මේ ගීතය මට මතක් උනා. මගේ හිතවත් "දත් කිබුලා" මිත්‍රයානන්ගේ හූයේ එය මෙලෙස සටහන් තබමි.:yes::yes::yes:

    පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අදවේ
    මුල්ම දවස අදවේ
    බුලත් අතක් දී …ගුරුතුමියට වැඳ …
    මා තනි කල මොහොතේ
    මා තනි කල මොහොතේ…

    අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
    මතු යම් දවසක වියතෙක් වනු මැන
    සිතෙන් පැතුම් පතලා
    ඔහු පන්තියෙ තියලා
    මා වෙන්වෙන මොහොතෙ
    පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
    ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට…

    පුංචි පුතා මගේ … ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අදවේ …මුල්ම දවස අදවේ…

    සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
    පුතු තනි කරලා පංතියෙ තියලා
    මල්ගස් යට සෙවනේ
    පුතුගෙ සුවඳ පවනේ
    මා තනි වූ මොහොතෙ
    පංතිය නිම වී පුතු ඇවිදිල්ලා

    මේතනින් ඒ ගීතය අහන්න:yes:

    http://soundcloud.com/lokujohn/punchi-putha-mage-iskole-giya

    දැන් වෙලාව හතරයි. අපහු එන්නත් වෙලාව හරි. ගෙදරින් එන්න කලින් මේක පොස්ට් කරනවා කොහොම හරි. ඒ වගේම අම්මට කියනවා එයාලා ගන්න ඕනි තීරණයකට මම කැමතියි කියලා. එත් ඒ තීරණය මගේද......නැත්නම්:confused::confused::confused:?
     
    • Like
    Reactions: Nohim Ys

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුරු හරි මගෙන් ඇහුවොත් මේ එළකිරි සමාජයේ වැඩියෙන්ම කැමති කාටද කියලා, මගේ උත්තරය වෙන්නේ මම වැඩියෙන්ම එළකිරි සමාජයේ කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා" කියන එක. අතිශයින් සොදුරු හදවතක් ඇති, මේ අව්‍යාජ සහුර්දයාගේ "හද විල කළඹන ගී ජල රේඛා" හූයට සම්බන්ද වීමට සති කිහිපයක් තිස්සේ සිත සිතා සිටියත් ලියන්න නොහැකි උනා.

    පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අදවේ
    මුල්ම දවස අදවේ
    බුලත් අතක් දී …ගුරුතුමියට වැඳ …
    මා තනි කල මොහොතේ
    මා තනි කල මොහොතේ…

    අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
    මතු යම් දවසක වියතෙක් වනු මැන
    සිතෙන් පැතුම් පතලා
    ඔහු පන්තියෙ තියලා
    මා වෙන්වෙන මොහොතෙ
    පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
    ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට…

    පුංචි පුතා මගේ … ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අදවේ …මුල්ම දවස අදවේ…

    සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
    පුතු තනි කරලා පංතියෙ තියලා
    මල්ගස් යට සෙවනේ
    පුතුගෙ සුවඳ පවනේ
    මා තනි වූ මොහොතෙ
    පංතිය නිම වී පුතු ඇවිදිල්ලා

    මේතනින් ඒ ගීතය අහන්න:yes:

    http://soundcloud.com/lokujohn/punchi-putha-mage-iskole-giya

    නියමයි සහෝ හදවතටම දැනුනා....
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    Nohim Ys

    Well-known member

  • මා අවිවාහකයෙකි. ඇත්තෙන්ම විවාහ වන විය පසු කරමින් සිටිමි. මගේ දෙමාපියන් මේ හේතුවෙන් පිටතට නොපෙන්නුවද ඇතුලතින් අතිශයින් කම්පා වන බව මා දනිමි. එහෙත් මා විවාහයක් සදහා සුදානම් නැත. හේතුව මා නොදනිමි. බොහෝ විට අද සමාජ ක්‍රමයේ ඇති ව්‍යාජත්වය හා ව්‍යාකූලත්වය මා ඒ තත්වයට පත්කලා විය හැක. සපත්තුවක අමිහිරි රසය විද ඇතිමුත් මෙතෙක් අවිවාහකව සිටීමට එය බලපෑමක් එල්ල නොකළ බව මගේ හ්ර්දසාක්ෂිය කෑගසයි. අද මා අතිශයින් අකමැති මාතෘකාවක් වන විවාහ යෝජනාවක් රැගෙන අම්මා කාමරයට පැමිණියාය. මෙතෙක් දෙගොල්ලන් අතර හුවමාරු වූ ලිපි ලේඛන සියල්ල මා අතට දුන්නාය. නමුත් මට මෙයට දීමට ඇත්තේ සුපුරුදු උත්තරය පමණයි. අහෝ! කරුමයක මහත:no:. අම්මාගේ සිත රිදෙන වචනයක් මා මුවින් හදිසියේ පිටවිය.

    අම්මා කාමරයෙන් පිටව ගියා... විනාඩි කිහිපයකින් යලිත් පියවි සිහියට පැමිණි මම අම්මගේ කාමරයට ගියා. මගේ පපුව එතනම කඩා වැටුන වගෙයි මට තේරුනේ. අම්මා මං මුලින්ම ඉස්කෝලෙට ගෙනිහින් භාරදුන්න දවසේ මට අන්දපු මුල්ම ඇදුම අතට අරගෙන අඩනවා. මට ඒක ඇත්තටම දරා ගන්න බැරිවුනා. මම අපහු මගේ කාමරේට ඇවිත්.. එත් මටත් ඇඩෙනවා...

    මම හිතන්නෙ ඕනම දෙමාපියෙකුට තමන්ගේ දරුව මුලින්ම පාසල් ගිය දිනය අමතක කරන්න බෑ. ඒ වගේම මට අද වගේ මතකයි අම්මයි, අප්පච්චියි මාව මුලින්ම ස්කොලේ ගෙනිහින් භාර දුන්න දවස. බුලත් අත දීලා වැන්දට පස්සේ අබේරත්න ටීචර් (ගරුතුමිය) මාව අතින් අල්ලලා ගෙනියන වෙලාවේ මම අඩුව, එදා ඉදලා සතියක් යනකල් දවසම අම්මයි, අප්පච්චියි පේන දුරින් හිටිය මට මතකයි. ඊට පස්සේ අප්පච්චි නාවත් අම්මා පොඩ්ඩක් පේන්න හිටියේ නැත්නම් මම අඩනවා. ඒ විදිහට අම්මා අවුරුදු කීයක් නම් මන් වෙනුවෙන් ඒ දුක වින්දද? මේ සියලු සිදුවීම් අද සිදුවූ ඒ සිද්ධියත් එක්ක එක පෙලට චිත්‍රපටියක් වගේ මගේ සිතට අවා. දන්නෙම නැතුව කොට්ටේත් තෙමිලා කදුළු වලින්. එත් ඒ කදුළු වලින් ඒ වන්දිය ගෙවන්න බැහැ.

    දැන් වෙලාව හතරයි. අපහු එන්නත් වෙලාව හරි. ගෙදරින් එන්න කලින් මේක පොස්ට් කරනවා කොහොම හරි. ඒ වගේම අම්මට කියනවා එයාලා ගන්න ඕනි තීරණයකට මම කැමතියි කියලා. එත් ඒ තීරණය මගේද......නැත්නම්:confused::confused::confused:?

    ඇත්තට දැන්නම් මටත් ඇඩෙනවා බං..:sorry:
    සිරාවටම ඇතුලටම දැනුනා උඹේ වචන ටික:(
    සමහර වෙලාවට අපි දකින අහන දේවලුත් එක්ක විවාහය කියන එක හිසරදයක් වගේ දකින්න පුලුවන් බව ඇත්ත... ඒත් බං,, සමහර වෙලාවට අපේ ජීවිතේ අයිති අපිට විතරක් නෙවෙයිනේ...:no: තනියම කල්පනා කරලා තමන්ගෙන්ම ප්‍රශ්න කරලා ඔය ආකල්පයට හේතුව හොයාගන්න උත්සහ කරපන්:sorry:

    නියමයි සහෝ හදවතටම දැනුනා....

    :yes::yes::yes::yes::sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නැවුම් ප්‍රේම වි‍දුමක අලහාදය............................[/FONT]

    [FONT=&quot]මා හිතට අහම්බෙන්.....................[/FONT]

    maxxa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සති අන්තයේදී ගෙදර ගියේ, සිකුරාදා (18) හවස එළකිරි රේඩියෝවේ ගිය "සසල හද විල් තෙර" මහගම සේකරයන් වෙනුවෙන් වෙන් වූ ඒ සොදුරු පැය දෙකහමාරක පමණ කාලයේ මිහිරත් සමගයි. ඇත්තෙන්ම දත් කිබුලාණන් විටකදී ඒ මහගම සේකරයන්ගේ "බෝඩිම" කාව්‍ය සංග්‍රහයෙන් උපුටා දැක්වූ අවිවාහකයෙක් හා විවාහකයෙක් අතර වූ ඒ දෙබස සිහිපත් කරමින්, මගේ ජීවිතයද සම්බන්ද කරමින් රිය පැදවූ ඒ සතර පැය පුදුමාකාරය.

    දැන් වෙලාව හතරයි. අපහු එන්නත් වෙලාව හරි. ගෙදරින් එන්න කලින් මේක පොස්ට් කරනවා කොහොම හරි. ඒ වගේම අම්මට කියනවා එයාලා ගන්න ඕනි තීරණයකට මම කැමතියි කියලා. එත් ඒ තීරණය මගේද......නැත්නම්:confused::confused::confused:?
    අවංකව ම කියන්නේ ඇඩුනා..............
    බිරිද ඇවිත් අහනව අඩන්නේ ඇයි කියලා........
    ඔබේ පෝස්ට් එක පෙන්නුවාම ඇය ගියේ හිස වනමින්..............ඇය ඒ විදියට හිස වනන්නේ දුක හිතුනා ම.........

    විවාහය කියන්නේ ඇත්තට ම වගකීමක්....ආතල් එකක් නෙවෙයි.........
    බොන්ස්, දෙමාපියන් නිසා නම් විවාහ වෙන්නේ....නැවත පොඩ්ඩක් හිතන්න.....
    හේතුව, ප්‍රශණයක් ඇති කර ගත්තොත් ඔබ පස්සේ....ඒ දුකත් දෙමාපියන්ට........

    ඔබ ඉතාම මෘදු හදක් ඇත්තෙක්....ඔබ වැන්නෙක් ලබන්නට තරුණියක් පින් කර තිබිය යුතුය......
    එවැන්නන් දුලබය......ඒ තුරුණු ළිය ඔබට ලැබේවා.....
    ජීවිතය, ජීවිතයක් ලෙසට ගෙවා ගන්නට වාසනාව ලැබේවා....!
     
    මේක ඉල්ලීමක් අනේ කිඹුලා අයියේ උඹ මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියන සින්දුවේ තේරුම දැම්මද , නැත්නම් කවදද දාන්නේ,
    (මේ ඉල්ලීම උඹ දැන් ඉන්න මුඩ් එකට නොගැලපෙන බව හොඳටම දන්නවා, එත් කරන්න දෙයක් නෑ මොකෝ මම ඉන්න වෙලාවට උඹ නෑ උඹ ඉන්න වෙලවා මම නෑ):(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු පුසා;14310119 said:
    මේක ඉල්ලීමක් අනේ කිඹුලා අයියේ උඹ මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියන සින්දුවේ තේරුම දැම්මද , නැත්නම් කවදද දාන්නේ,
    (මේ ඉල්ලීම උඹ දැන් ඉන්න මුඩ් එකට නොගැලපෙන බව හොඳටම දන්නවා, එත් කරන්න දෙයක් නෑ මොකෝ මම ඉන්න වෙලාවට උඹ නෑ උඹ ඉන්න වෙලවා මම නෑ):(:(:(
    අනිවා මගේ බාව අග හරි පණ තිබුනොත් ඊළග වතාවේ ඒක තමා දාන්නේ...........
    (මේක කරන්නත් දැං වෙලාවක් නෑ බං...රේඩියෝ එකේ මම කරන වැඩසටහන මම බැහැල ම කරනවා.........සමහර වැඩසටහන් වලට මම දේවල් එකතු කරන්නේ මාසයක් හමාරක් තියලා.....:( )
     
    හප්පේ මේ වචනෙත් සැනසුමක්
    දාපු වෙලාවක VM එකක්වත් දාපන් රත්තරනේ :yes::yes::yes::yes:
     
    Nohim Ys

    Well-known member
  • ඔබ ඉතාම මෘදු හදක් ඇත්තෙක්....ඔබ වැන්නෙක් ලබන්නට තරුණියක් පින් කර තිබිය යුතුය......
    එවැන්නන් දුලබය......ඒ තුරුණු ළිය ඔබට ලැබේවා.....
    ජීවිතය, ජීවිතයක් ලෙසට ගෙවා ගන්නට වාසනාව ලැබේවා....!

    :yes::yes::yes::yes::yes::yes::yes::):)