හිරු නොපායන කොහොනවල ගම්මානය!!!

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
හිරු නොපායන කොහොනවල ගම්මානය!!!

මේක මතක් වුනේ Elakiri එකේම ඉර නොපායන ඉතාලියේ ගමක් ගැන Post එකක් දැකපු නිසා.එතකොටම මට මතක් වුනේ මීට මාස කීපයකට කලින් පත්තරේ ගිය ලිපියක්.ඒක මට හොයාගන්න බැරි වුණා.නමුත් එකේ හොයන කොට ඊටත් වඩා විස්තර සහිත ලිපියක් හොයාගන්න පුළුවන් වුණා.මේ තියෙන්නේ ඒක.මේ ගමට ඉර පායන්නේ නැතිලු.දවසේ වැඩි කාලයක් තියෙන්නේ අඳුරළු.මේ ලිපියේ නම් ඒක ගැන එච්චර විස්තරයක් නැහැ.ඒ ලිපිය හම්බුනොත් මම දාන්නම්.මේ තියෙන්නේ ඒ ගමට ආධාර කරන්න ගිය ගමනක් ගැන ලිපියක්.මෙතන ඉඳන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම උපුටා ගත් ලිපිය.මේකේ පල්ලෙහම මම දාල තියන link වලින් වැඩිදුර තොරතුරු බලාගන්න පුළුවන්.

ඔන්න හිරු ටීවි එකේ දවස් 4ක් එක දිගට අපේ රටේ ඉතා දුෂ්කර ගම්මානයක් පිළිබඳව රටට කීවා. ගමේ නම කොහොනාවෙල. බදුල්ලට ගිහින් පස්සරට ගොස් පස්සරින් මඩොල්සිම කියන නගරයට යන්න ඕනේ. එම නගරයේ සිට කි.මී 2ක් විතර වාහනයෙන් ගොස් එතැන් සිට කඳු පල්ලම් බසිමින් හෙළදිගේ පහලට කිමී 10 ක් යන්න ඕන්. හරියට ළිඳකට බහිනවා වාගේ තමයි. ළමයි පාසල් යන්න කි මී 9 ගිහින් පාසල් ඇරී නැවත ගෙදර එන්න කිමී 9 පහලට බහින්න ඔනේ. 1818 වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසීන් බදුල්ල ප්‍රදේශයේ ජනතාව සමූලඝාතනය කරතිබේ. එසේම සමහර සිංහලයින්ව එක්තරා සියඹලා ගසක කකුල් දෙකෙන් එල්ලා යට ගිනි ගොඩවල් ගසා පුච්ඡා තිබේ. අන්න ඒ කාලයේ ඉංග්‍රීසීන්ට බියේ අපේ සමහර අය ජීවිත ආරක්ෂාවට කැලෑවලට පැන්නා. අන්න එහෙම පැනගිය අයගෙන් තමයි මේ ගම ඇති වෙලා තියෙන්නේ. ඒ අයගෙන් පැවතෙන අය තමයි මේ කොහොනාවල කියන ගමේ ජීවත්වන්නේ. හරිම අහිංසක ඒත් ශක්තිමත් හා නිරෝගිමත් ජනතාවක් තමයි මෙහෙ ජීවත් වන්නේ. අවුරුදු 100=110 අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මනුස්සයෙක් මේ ගමේ ජීවත් වෙනවාලු. නමුත් නගරයට පොලොස් ටිකක් ගෙනැත් විකුණලා කමයි මේ ගමේ අය ජීළුත් වන්නේ. දරුවන්ට උගන්වන්නේත් එහෙමයි. හිරු රූපවාහිණියෙන් මෙම ගම රටට පෙන්වද්දී එය නැරඹූ ගඟසිරිපුර හිමියන් ප්‍රධාන සංවිධාක සමග එක්ව ඒ මොහොතේම හිරු රූපවාහිනියට කථාකර තොරතුරු ලබාගත්තා. දින දෙකක් නික්ම යන්නට මත්තෙන් අපේ සංවිධානයේ පිරිසක් හිරු මාධ්‍යයත් සමග ඒ ගමට ගියා. ඒ නිකං නොවෙයි. අපේ සංවිධානය දරුවන්ගේ අනාගතයට අත දෙන සංවිධානයක් හැටියට ඒ ගමේ දරුවන්ට උදව් කරන්නයි එහෙ ගියේ. හැබැයි මේ ගමනෙදි ගමේ හැමෝටමත් අපි උදව් කළා. ලොකුවට නොවෙයි තරුණ අපට පුළුවන් විදිහට. ළමුන් හැමෝටම නව වසරට අවශ්‍ය වන අභ්‍යාසපොත් පෑන් පැන්සල් හා නිල ඇඳුම් මසාගන්න අවශ්‍ය සුදුරෙදිත් අපි ඔවුන්ට දුන්නා. ඒ වගේම ගමේ හැම පවුලකටම කුඩා බඩු මල්ලක් දුන්නා. ඇත්තටම මේ ගම පිහිටි තැනත් කඳුයායෙන් වටවුන මේ ප්‍රදේශය අපේ රටේ තවත් අතිශය සුන්දර ගම්මානයක්. කියන්න වචන නැහැ. තවත් දිනෙක අපි ඒ ගමට යනවා. ඒ ගමට යන්න පාරක් නැහැ. මිනිස්සුන්ට වඳින්න පුදන්න පංසලක් කියා‍ පුදුපිලිමයක්වත් නැහැ. පෙරපාසල් නැහැ. රටපුරා පංසල් වල මාලිගා ඉදිවෙනවා. අහස උසට දාගැබ් බඳිනවා. රන් වැටවල් රන් වියන් බෝධියට ඉදිවෙනවා. ඒත් මේ අපේ මිනිසුන්ට වඳින්න බුදු පිලිමයක් නැහැ.

කොහොනාවෙල ගමට යන්න අප ගමන් ඇරඹූ අවස්ථාව

1.jpg


කොහොනාවෙල ගමට අප ගමන් කළ ආකාරය

2.jpg


3.jpg


4.jpg


කඳු අතරක පිහිටි එම ගම්මානය අප එහි යන විට දිස් වූ අයුරු. මෙතැන්සිට එම ගමට තවත් කි මී 5 පමණ දුරක් යායුතුය

35.jpg


දුෂ්කර හා ඉතා අවධානම් මාවත ඔස්සේ කිසි අපහසුවක් නොමැතිව ගමේ වැඩිහිටියන් අප ගෙන ගිය භාණ්ඩ රැගෙන යන අයුරු

6.jpg


පාසලේ 10 හා 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙක් පැමිණ තම වැඩිහිටියන්ට උපකාර කළ අයුරු

7.jpg


කි.මී පහක් පමණ පල්ලම් බැස ඇතිවන වෙහෙස නිවා ගැනීම සඳහා ගම් වැසියන් විවේක ගන්නා අම්බලම. අප ද එහි විනාඩි 10 පමණ නතර වී සිටියා

8.jpg


9.jpg


කඳු අතර පිහිටි ගම්මානය අම්බලමේ සිටි අපට දිස් වූ හැටි. ළඟ සේ පෙනුනාය තවත් පැයක් පමණ දුර යායුතුයි

10.jpg


පැය තුනකට පසුව අපි කොහොනාවල ගමට ළඟා වුනා. ගමන ඉතා දුෂ්කරයි. ඒත් ප්‍රදේශයේ ඇති අති සුන්දර පරිසරය නිසාත් එහි වෙසෙන්නේ අපේම මිනිසුන් නිසාත් ඒ විඩාව අපේ සිතටත් අපේ ගතටත් අමතක වෙලා තිබුනා. හිතට දැනුනු සංවේගය වචනයෙන් කිව නොහැකියි. අපි එනබව දැනගෙන ගමේ මිනිසුන් හැමෝම පුජාශාලාවට පැමිණ සිටියා.

11.jpg


12.jpg


පාසලේ ඉගෙනුම ලබන පුංචි දූ දරුවන්. අපි එහෙට ගියේ මේ දරුවන් නිසාමයි. ඔවුන්ට උදව්කරන්න.

13.jpg


පිරිස පන්සිල් සමාදන් කරවමින්ම අ‍පි වැඩසටහන පටන්ගත්තා

15.jpg


ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ගමේ දෙමව්පියන්ටත් දරුවන්ටත් ඉලක්කයක් ඇතිව මහන්සිවෙලා වැඩකරමින් ජීවිතය දිනන්නට ඔවුන්ට ඉතා සංවේදී අනුශාසනාවක් කරනු ලැබුවා.

16.jpg


අනුශාසනාවෙන් පසුව ගඟසිරිපුර හිමියන්ගමේ දූදරුවන් උදෙසා නව වසරට අවශ්‍ය පොත්පත් හා නිල ඇඳුම් සඳහා රෙදි ලබා දුන් අයුරු

17.jpg


19.jpg


මැදපිටියේ ඉන්දසිරි හිමියන් ළමුන් උදෙසා පොත්පත් හා පාසල් නිල ඇඳුම් රෙදි ලබාදෙමින්.

20.jpg


21.jpg


23.jpg


එන අතර මගදි අප ගත් ඡායාරූප කිහිපයක්.


31.jpg


32.jpg


35.jpg


36.jpg


වැඩි විස්තර බලන්න මේ link වලට යන්න

http://www.silumina.lk/2012/08/12/_art.asp?fn=af1208124

http://helavijaya.blogspot.com/2012/11/blog-post.html

හොඳ නම් සලකල යන්න :)
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඈතක කදුවලල්ලකින් වටවී හුදකලා වෙලාතියන හින්ද තවමත් අපට දකින්න මේ ගම්වල සුන්දරත්වය රැදිල තියනව......අපි රසවිදිනව....!!!:D:D:D:D

    ඒත් ඒ හුදකලාවම මේ ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ ජිවිත දුශ්කර කරල රලුකරල තියනව......මේ මිනිස්සු විදවනව.....!!!:baffled::baffled::baffled::baffled:

    මට මේක දැක්කහම සයිමන් නවගත්තේගම මහත්තයගෙ "සංසාර අරන්‍යයේ දඩයක්කාරයා" කියන පොතේ තිබුනු පේලිදෙකක් මතක්වෙනව....


    :yes::yes::yes:"මුලින් ගමෙහි සබ්යත්වය විනාසවී ගියේ වනය නිසාය; දෙවනුව සබ්යත්වය විනාසවූයේ වනය හෙලිපෙහෙලි වූනිසාය..."

    හොද ලිපියක්..ස්තුතියි!!

    REP+++
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    ඈතක කදුවලල්ලකින් වටවී හුදකලා වෙලාතියන හින්ද තවමත් අපට දකින්න මේ ගම්වල සුන්දරත්වය රැදිල තියනව......අපි රසවිදිනව....!!!:D:D:D:D

    ඒත් ඒ හුදකලාවම මේ ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ ජිවිත දුශ්කර කරල රලුකරල තියනව......මේ මිනිස්සු විදවනව.....!!!:baffled::baffled::baffled::baffled:

    මට මේක දැක්කහම සයිමන් නවගත්තේගම මහත්තයගෙ "සංසාර අරන්‍යයේ දඩයක්කාරයා" කියන පොතේ තිබුනු පේලිදෙකක් මතක්වෙනව....


    :yes::yes::yes:"මුලින් ගමෙහි සබ්යත්වය විනාසවී ගියේ වනය නිසාය; දෙවනුව සබ්යත්වය විනාසවූයේ වනය හෙලිපෙහෙලි වූනිසාය..."

    හොද ලිපියක්..ස්තුතියි!!

    REP+++

    Thanks for your valuable comment :)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෆට්ටම ලස්සනක් තියෙන්නෙ ඒ සයිඩ් එක නම්.:cool:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හිරු එකට මොකෝ සල්ලි නැද්ද ඔයිට වඩා දෙයක් උනත් කරන්න හැකි
    මොනා උනත් උබල කරලා තියෙන්නෙ හොද දෙයක්
    උබ හිරු එකේද වැඩ
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    හිරු එකට මොකෝ සල්ලි නැද්ද ඔයිට වඩා දෙයක් උනත් කරන්න හැකි
    මොනා උනත් උබල කරලා තියෙන්නෙ හොද දෙයක්
    උබ හිරු එකේද වැඩ
    naha machan mama hiru eke nemei.meka machan mama sambandha wechcha ekak nemei :).Anyway thnx for ur comment :)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    mamat me gama gana ahala thiyanawa.a game lamai scl yanna ude pandara 4talu pitath wenne. scl arila enakota hawasa 4 lu. cz painma awidan yana nisa.paw.:(
    thanx for sharing..:cool: