ඔබ ත් මෛත්‍රී බුදුන්හමුවේ නිවන් පතනවා ද?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නැත
    එච්චර කලක් මේ සසරේ විසීමට බලාපොරොත්තුවක් නැත
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය.
    බුදුවරු රහිත කල්ප 58ක්...
    අවුරුදු 5-6 කට කලින් දොරමඩලාවේ සාකච්චාවක කිවුවා....
    වැදගත් ලිපියක්.....
    :D:D
    rep+
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ පොලොව මීට පෙරත් දහස් - දස දහස් වර විනාශ වෙලා ඇති. එලෙස විනාශ වෙලා නැවත මේ ස්ථානයේම ඇති වෙනවා බ්‍රහ්මයන්ගේ සිතුවිලි අනුව. නැතුව මේ අපි ඉන්න ප්රුතුවියේම ඔය ඔක්කොම බුදුන් වහන්සේලා හිටිය කියල නෙමෙයි කියන්නේ. වැඩි විස්තර දැන් ලියන්න බැහැ. පස්සේ දෙන්නන්.

    එක් පොළෝතලයක බුදුවෙන්න පුලුවන් බුදුවරු 5 දෙනක්ට නම්, අට්විසි බුදුවරුන්ගෙන් අනෙකුත් බුදුවරු පහළ වුනෙ වෙනත් ග්‍රහලෝක වල කියල පිළිගන්න වෙනවා.මේ කාරණය ගොඩක් බෞද්ධ අයට කිඋවට පිළිගන්නේ නැහැ.ඇටවිසි බුදුවරුන්ගේ ආයුෂ ගණනය කරලා බලන විට,පෘතුවියේ ජීවය බිහිවෙන කාලයටත් එහා යනවා.මේ අනුව පෙර බුදු වරු බ්‍රහස්පති , අගහරු වැනි ලෝක වල ජීවය තිබෙන කාලයේ බිහි වන්න ඇති කියල සිතෙනව.මොකද මෛත්‍රී බුදුන්ගෙන් පස්සෙ එන්නෙ බුදුවරු ශුන්‍ය කාලයකි.එවිට පෘතුවියෙ කාලය අවසාන වී ඇත.නැවත් බුදු කෙනෙක් බුහුවන්නට නම් පොළෝතලයක් බිහිවිය යුතුය.සිකුරු ග්‍රහයාගෙ වායු ගෝලයේ ඔක්සිජන් ස්තර හැදෙන්න පටන් අරන් කියල නාසා විද්‍යාඥයින් කියනව.එ අනුව මෛත්‍රී බුදුන්ට පසු සිකුරු මත ජීවයක් බිහිවෙන්න පුලුවන්.ඒ කාලය වන විට අපෙ සූර්යාගේ බලය අඩුවෙලා ජීවයක් පවතින්න සුදුසු කලාපයෙන් පෘතුවිය ඇත් වෙලා එය සිකුරු වෙත යොමු වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: HondaMPLG

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එක් පොළෝතලයක බුදුවෙන්න පුලුවන් බුදුවරු 5 දෙනක්ට නම්, 1)අට්විසි බුදුවරුන්ගෙන් අනෙකුත් බුදුවරු පහළ වුනෙ වෙනත් ග්‍රහලෝක වල කියල පිළිගන්න වෙනවා.මේ කාරණය ගොඩක් බෞද්ධ අයට කිඋවට පිළිගන්නේ නැහැ.ඇටවිසි බුදුවරුන්ගේ ආයුෂ ගණනය කරලා බලන විට,පෘතුවියේ ජීවය බිහිවෙන කාලයටත් එහා යනවා.මේ අනුව 2)පෙර බුදු වරු බ්‍රහස්පති , අගහරු වැනි ලෝක වල ජීවය තිබෙන කාලයේ බිහි වන්න ඇති කියල සිතෙනව.මොකද මෛත්‍රී බුදුන්ගෙන් පස්සෙ එන්නෙ බුදුවරු ශුන්‍ය කාලයකි.එවිට පෘතුවියෙ කාලය අවසාන වී ඇත.නැවත් බුදු කෙනෙක් බුහුවන්නට නම් පොළෝතලයක් බිහිවිය යුතුය.3)සිකුරු ග්‍රහයාගෙ වායු ගෝලයේ ඔක්සිජන් ස්තර හැදෙන්න පටන් අරන් කියල නාසා විද්‍යාඥයින් කියනව.එ අනුව මෛත්‍රී බුදුන්ට පසු සිකුරු මත ජීවයක් බිහිවෙන්න පුලුවන්. කාලය වන විට අපෙ සූර්යාගේ බලය අඩුවෙලා ජීවයක් පවතින්න සුදුසු කලාපයෙන් පෘතුවිය ඇත් වෙලා එය සිකුරු වෙත යොමු වෙන්න පුලුවන්.
    1)දැන් විශ්වය ප්‍රසාරණය වෙනවා කියල ඔය දන්නවා ඇතිනේ..ඒක ප්‍රසාරණය වෙන එක කවද හරි නතරවෙලා විශ්වය නැවතත් හැකිලෙන්න ගන්නවා. විශ්වයේ මුළු ස්කන්දයම පෘථිවියටත් වඩා පොඩි අවකාශයකට එකතුවෙලා ඝනත්වය අනන්තයක් වූ වස්තුවක් සෑදෙනවා(එතකොට කාලය කියන මානයක් අර්ථ දක්වන්න බෑ, ඒ නිසා තමයි සර්ව බලධාරී දෙවි කෙනෙක් ලෝකය මැවුවා කියන මැවුම් වාදය නිකන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ). එක නැවතත් dormant අවදියකින් පසු මහා පිපිරුමක් වෙලා නැවතත් විශ්වයක් නිර්මාණය වෙනවා..ඒ විදියට මහා පිපිරුම (Big Bang) ට කලින් අනන්ත වාරයක් වුනත් විශ්වය ඇති නැති වෙලා තියෙන්න පුළුවන්. එක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිවුවේ විශ්වයේ නිර්මාණය ගැන හිතන එක තේරුමක් නෑ කියලා....
    බුදු වරු 28දෙනෙක් විතරක් ලෝකයේ බිහිවෙලා නෑ. අනන්ත වාරයක් විශ්වය ඇති නැති වෙලා තියෙනවානම් පහල වුනු බුදුවරු ගනනත් අනන්තයක් වෙන්න ඕන නේද. ගෞතම බුදුන්ට කලින් බුදුවුන බුදුවරු 28දෙනා ගැන විතරයි සඳහන් වෙන්නේ..

    2) බ්‍රහස්පති, අඟහරු වැනි ග්‍රහලෝක වල ජීවීන් නෑ..අපේ ග්‍රහ මණ්ඩලය ගැන විතරක් හිතන්න එපා. එක චක්‍රාවාටයක විතරක් ජීවින් ඉන්න ග්‍රහලෝක 1000+ වඩා තියෙන්න ඕන..එහෙනම් හිතන්න මුළු විශ්වයේම කොච්චරද කියලා...

    3)සිකුරු මත කොහෙත්ම ජීවයක් ඇතිවෙන්නේ නෑ ..මොකද සිකුරු වල surface temprature එක 460*c ...පෘථිවිය විනාශ වෙන්න වැඩියෙන්ම අවස්තාව තියෙන්නේ සූර්යයා රතු යෝධයෙක් (red giant) උනාමයි. ඒ වෙද්දී සූර්යයා අඟහරු කක්ෂය දක්වා ප්‍රසාරණය වෙනවා. එතකොට සිකුරු, පෘථිවිය කොහොමත් විනාශ වෙනවා... නමුත් එතකොට සෙනසුරුගේ චන්ද්‍රයෙක් මත ජීවය ඇතිවීමට සුදුසු තත්ත්ව ඇතිවෙනවලු. (මට මතක විදියට titan)..
    ;)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    ඔව් රෙඩ් ජයන්ට් අවස්තාවෙදි බුධ,සිකුරු,පෘතුවිය විනාශවෙලා යනවා.එහෙම අවස්තාවක් අවොත් ටයිටැන්ගෙ ජීවයක් බිහිවෙන්න පුලුවන්.මොකද ටයිටැන් වල අයිස් තට්ටු තියෙනව,එකියන්නෙ ජලය බිහිවෙන්න තියෙන ඉඩ කඩ වැඩි.

    ලෝකය දෙවියන් මැවු බව කියවෙන්නෙ එදා මිනිසුන්ට වෙන දෙවල් වටහා ගන්න තරම් දැනුම නොතිබුන නිසා.පැහැදිලි කරන්න බැරි සේරම දේවල් දෙවියන් වහන්සෙ කලා කියල තමයි එදා මිනිස්සු කිවුවෙ.බයිබලයෙ සදහන් වෙනවා දින හතකින් ලෝකය මැවුව කියල.දින වකවානු මනින්න පටන් ගත්තෙ මෑත යුගයේදි.ඉතින් එදා මිනිස්සුන්ට කියන්න බැහැ දින හතකින් ලොකය මැවුව කියල.මෙතන දින 7 කියල සදහන් වෙන්නෙ වසර 49,000 තුල සිඩුවුන ක්‍රියදාමයක්.

    තවදුරටත් විග්‍රහ කලොත් පුලුවන් මේ එක් දිනයක් කියන්නෙ දැන් වසර 7000ක් කියලා.