<< සුපිරි කවි ට්කක් >>

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමතක වීම මිනිසා සතු ‍ස්වභාවෙකී
    එපා වීම දෛවය මැවු කලාවකී
    දුක දැනීම හිතකට දුන් දයා‍වෙකී
    ඉවසා ඉදිමු ජීවිතයේ අරුම සකී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේඝ වලා සුරතින් ගෙන මුවා කරපු පෝදා සඳ
    පෑදි නිසල දිය කළඹා සැඩබොර දිය පාරක් වෙද
    මල් පොහොට්ටුවක පෙති ගලවා පූදන්නට හැකි වේවිද
    සුරඟනකට යක් භවනක් කවදා නම් යාදේවිද

    සඳක් වගේ මෘදු සිහිලැල් ඔය ලෙන්ගතු සිතින්
    ඔපලු මැණික් කැට පරදයි දෑසෙ බැලුම් වලින්
    මනු‍ලොව සිටියත් දෙව්ලොව අඟනක් වූ බැවින්
    කෙසේ කියන්න ද මගෙ ආදරය නුඹට පෙමින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේඝ වලා සුරතින් ගෙන මුවා කරපු පෝදා සඳ
    පෑදි නිසල දිය කළඹා සැඩබොර දිය පාරක් වෙද
    මල් පොහොට්ටුවක පෙති ගලවා පූදන්නට හැකි වේවිද
    සුරඟනකට යක් භවනක් කවදා නම් යාදේවිද

    සඳක් වගේ මෘදු සිහිලැල් ඔය ලෙන්ගතු සිතින්
    ඔපලු මැණික් කැට පරදයි දෑසෙ බැලුම් වලින්
    මනු‍ලොව සිටියත් දෙව්ලොව අඟනක් වූ බැවින්
    කෙසේ කියන්න ද මගෙ ආදරය නුඹට පෙමින්
    11.gif
    11.gif
    11.gif
    ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත කකියන සුසුම් ඔබේ නෙත් රූරා වැටේනම්
    ඒ කඳුලැලි පිසලන්නට සිනා පොදක් ගෙනෙන්නම්
    නුඹේ වතට සිනා මලක් කැන්ඳන්නට නොහැකිනම්
    නුඹේ කඳුළු මං අරගෙන නුඹ වෙනුවෙන් හඬන්නම්
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සිත කකියන සුසුම් ඔබේ නෙත් රූරා වැටේනම්
    ඒ කඳුලැලි පිසලන්නට සිනා පොදක් ගෙනෙන්නම්
    නුඹේ වතට සිනා මලක් කැන්ඳන්නට නොහැකිනම්
    නුඹේ කඳුළු මං අරගෙන නුඹ වෙනුවෙන් හඬන්නම්

    හද කකියන දුක් ගින්දර කදුලැල්වී ගලනා...........සද
    ඒ කදුලැලි පිසලන්නට මා ලග නුබ වේදෝ..........ලද
    තරුද නිදන මගෙ අහසට වැහිකරුවල පැමිනෙන....සද
    ඒ ගනදුර දුරලන්නට පුන්සද වී පායන්.............ලද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හද කකියන දුක් ගින්දර කදුලැල්වී ගලනා...........සද
    ඒ කදුලැලි පිසලන්නට මා ලග නුබ වේදෝ..........ලද
    තරුද නිදන මගෙ අහසට වැහිකරුවල පැමිනෙන....සද
    ඒ ගනදුර දුරලන්නට පුන්සද වී පායන්.............ලද


    එළිවැට එළි සමය යොදා රසබර කවි ගොතනා සඳ
    ඒ කවි මි‍හිරෙන් පායයි ‍නුඹෙ ලෝකෙට පෝදා සඳ
    ගණඳුරු දුරලා දිවියම එකලු කරන මෙන් පුර හඳ
    දුක් කඳුලැල් පිසදාලයි කවදා හෝ සිත් ගත් ලද
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113


    එළිවැට එළි සමය යොදා රසබර කවි ගොතනා සඳ
    ඒ කවි මි‍හිරෙන් පායයි ‍නුඹෙ ලෝකෙට පෝදා සඳ
    ගණඳුරු දුරලා දිවියම එකලු කරන මෙන් පුර හඳ
    දුක් කඳුලැල් පිසදාලයි කවදා හෝ සිත් ගත් ලද

    සිතින් සිතට සිත්තම් වී සිටින සද
    ගතින් ගතට ගෙත්තම් වී සිටින සද
    රුවින් රුවට රූබර වී සිටින සද
    කදුලට උණුසුමයි මගේ සෙනෙහේ සද


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    deela pin NET ekata
    hoyala gatta me kaviya
    mama noliyami nidimathaya
    Hetawath damami mage Kaviya
    (((දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ

    මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
    හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
    රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ ))))

    SOURCE:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිදිමත අරන් නිදි දෙව්දුව පැමිණ..........ඇත
    එනිසා යන්න යමි මගෙ සුව නිදි යහන...වෙත
    කවියන් තවම කවි කවි කියනා විටදි.......අත
    දෙන්නට රිසියෙනුයි එබුවේ සෙමෙන්......වත
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දර කවිය පදවැල් ගෙන හැඩ කරනා
    උපමා කැටයමින් නිරතුරු රස මවනා
    ලස්සන අදහසින් කාගෙත් හිත බඳිනා
    කවියන් එකින් එක දැන් හූයට ඇදෙනා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සුන්ඳර ලහිරු මඩලින් විකසිත...........අවට
    සිහිල් සුලO රැල්ලෙන් පිබිදෙන..........දෙවට
    හැකිනම් ගැනුමට ඇයගේ............අතිනතට
    කැන්දම් යමි පෙටියව මන් සුර.........ලොවට
    :love:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුන්ඳර ලහිරු මඩලින් විකසිත...........අවට
    සිහිල් සුලO රැල්ලෙන් පිබිදෙන..........දෙවට
    හැකිනම් ගැනුමට ඇයගේ............අතිනතට
    කැන්දම් යමි පෙටියව මන් සුර.........ලොවට
    :love:

    ආයෙත් හැදී ඇත පිස්සුව දැන් .....මූට
    පහුගිය කාලෙ නිදියව්වෙම නෑ .....රෑට
    පෙටියෙක් හොයන් දකිනා සිහිනය පාට
    පණ හැර දුවන් හී එළිවූ ....දාට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බැලුවා thread එක මුල සිට අන්තිමට
    මුල තිබු ගතිය දැන් ගිලිහිල යනවද .... :( :( :(
    කුමක් හෝ කලයුතු බව හැගුනි මට :yes: :yes:
    සොයුර කුමක් කරම්ද අපි මේ දෙයට ...

    පෙර සිටි කවියො ටික දැන් නම් හරිම බිසී
    එබැවින් ඔවුන් විසිරී ගොස් ඇත...... සීසී
    මේ කවි මඩුවේ පෙට්සා නම් සුදු ......පූසී
    පැන්තර හදනවා කර ගන්නට අග මේහෙසී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නින්දෙන් නැගිට කවි මඩුවට.........පැමිණෙද්දී
    එස්එල් අයිය කවි පද වැල්..............මුමුණද්දී
    පැන්තා ලියූ ආදර පද....................කියවද්දී
    *කෙනුත් හිනා මට පෙටියව...........සිහිවෙද්දී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ආයෙත් හැදී ඇත පිස්සුව දැන් .....මූට
    පහුගිය කාලෙ නිදියව්වෙම නෑ .....රෑට
    පෙටියෙක් හොයන් දකිනා සිහිනය පාට
    පණ හැර දුවන් හී එළිවූ ....දාට
    කලෙකිනි මිතුර ඔබ මා මෙහි හමු........වූයේ
    තොරතුරු ඔබේ කෙලෙසැයි මා.......විමසූයේ
    දින දින ඔබේ දෑතින් පින්.............රැස්වූයේ
    සැත්කම අතර මගදෝ අදත්.........පැමිණීයේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙර සිටි කවියො ටික දැන් නම් හරිම බිසී
    එබැවින් ඔවුන් විසිරී ගොස් ඇත...... සීසී
    මේ කවි මඩුවේ පෙට්සා නම් සුදු ......පූසී
    පැන්තර හදනවා කර ගන්නට අග මේහෙසී
    පෙට්ෂා ගැනම වස්සෙක් තප්පුලනු.............දිටී
    ඕකගෙ මොලේ අයියේ පිරිලාලු...............මැටී
    මේ කප තිබෙනතුරු නොලැබෙයි ඌට........පෙටී
    ඒක නෙමෙයි උඹ දුටුවේ නැද්ද................ටිටී:love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නින්දෙන් නැගිට කවි මඩුවට.........පැමිණෙද්දී
    එස්එල් අයිය කවි පද වැල්..............මුමුණද්දී
    පැන්තා ලියූ ආදර පද....................කියවද්දී
    *කෙනුත් හිනා මට පෙටියව...........සිහිවෙද්දී
    පෙරදා කවි මඩුවේ සිවු කනු හතර........වුන
    ඉන් තිදෙනෙකිය අනෙකා අවුරෝරා.....වින
    සෙට් වුන සතොස සමරන්නේ...කෙලෙසකින
    ගමුද ටිකක් තෛලය ගත ..........නලව්වන
    :P