SB Dissanayaka at udunuwara

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    SB Dissanayaka at udunuwara




    "මුස්ලිම් මිනිස්සුන්ගේ ජනගහනය වැඩිවෙලා නෑ.අරගෙන බලන්න සංඛ්‍යා ලේඛණ"



     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ඉතිං අපිට පාන්ද හුට්ටෝ
    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ
    බල්ලා වගේ හිරේ හිටපු හැටි මතක වෙනකොට හිනා යනව
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    380972_272771579446841_259223557468310_825924_15.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ මෙහම එකක් දානකොට රටේ වැදගත් එකෙක් කියපු කතාවකින් දාපන්. නිකන් චාටර් නොවී.





    SB Dissanayaka at udunuwara




    "මුස්ලිම් මිනිස්සුන්ගේ ජනගහනය වැඩිවෙලා නෑ.අරගෙන බලන්න සංඛ්‍යා ලේඛණ"



     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මෙන්න ඔය මී හරකට රෙදි ගැලවෙන්න උදය ගම්මන්පිල උත්තර දීපු වීඩියෝ එක. හා හා....


    http://www.youtube.com/watch?v=8WjtDT5PKuY

    ********
    මේකත් කියවපල්ලා.


    බෞද්ධයන්ගේ අඬු කැඩිම

    දේශපාලකයෝ බොහෝ දෙනෙක් පොත් කියවීමට මෙන් ම අධ්‍යාපනයට අලස වෙති. ඒ හේතුවෙන් ම තමන්ට කියවීමට වෙලාවක් නොමැති බව පවසති. එහෙත් කියවීමට මෙන් ම ඒ පිළිබඳ සංවාදයේ යෙදීමට ද රුචි ඇමතිවරයෙක් සිටී. ඔහු එස්. බී. දිසානායක ඇමතිතුමන් ය. මම බොහෝ කරුණු පිළිබඳ ඔහු සමඟ සංවාදයේ යෙදී ඇත්තෙමි. එහෙත් අවාසනාවකට මෙන් සංවාදයේ දී දක්වන සංයමය එතුමාට කතවේ දී නම් නැත. ඔහු වරක් හිරේ වැටුණේ උසාවිය පිළිබඳ කට වරද්දා ගැනීමෙනි. වරින් වර සරසවි සිසු කඩි ගුලකට ගල් ගැසීම ඔහුගේ විනෝදාංශයකි. මෑතක දී ඔහු උඩුනුවර දී කළ අසත්‍ය මෙන් ම තර්ජනාත්මක හේතුවක් මට එතුමන් කෙරෙහි ඇතිවුණේ වේදනාවකි.

    එස්. බී ඇමතිතුමා පැවසුවේ බෞද්ධයන් අතරේ මුස්ලිම් විරෝදයක් ගොඩ නැෙඟමින් පවතින බවත් විරෝධකයන්ගේ අඬු කඩා හෝ ඔවුන්ට අතින් පයින් පහර දී හෝ එය නැවැත්විය යුතු බවත් ය. ඔහුගේ එම තර්ජනය පිළිබඳ කතා කිරීමට පෙර එදින ඔහුගේ කතාව පිරුණු අසත්‍ය කරුණු එකින් එක හඳුනා ගනිමු.

    බෞද්ධ සංවිධාන පවසන අයුරින් සිංහල ජනගහන වර්ධන වේගය ඉක්මවූ ජනගහන වර්ධනයක් මුස්ලිම් ජනගහනය තුළ නැතැයි එස්. බී. ඇමතිතුමා පවසයි. ඔහු මෙම ප‍්‍රකාශය කිරීමට පෙර දශකයට වරක් ජන සහ සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුව නිකුත් කරන සංගණන වාර්තා අධ්‍යයනය කළේ නම් ඔහුගේ නම්බුව බේරා ගැනීමට හැකිව තිබිණි.

    2012 ට පෙර ලංකාවේ පරිපූර්ණ සංගණනයක් පැවැත්වූයේ තිස් වසරකට පෙර හෙවත් 1981 දී ය. එයින් තිස්වසරකට පෙර සංගණනයක් පැවැත්වුණේ 1953 දී ය. 1953 දී සිංහල ජනගහණය 56616700 වන විට මුස්ලිම් ජනගහනය 511500කි. 1981 දී සිංහලයන් 10979561 දක්වාත් මුස්ලිම්වරුන් 1046926 දක්වාත් වර්ධනය වී ඇත. එනම් සිංහලයන් 95%ක වර්ධනය සිදු වන විට මුස්ලිම්වරුන්ගේ වර්ධනය 105%කි. 2012 දී සිංහලයන් 15173820 දක්වා 36%කින් ද, 1869820 ක් දක්වා 78% කින් ද, වර්ධනය වී ඇත. මෙයින් පෙනෙන්නේ සිංහලයන් මෙන් දෙගුණයකටත් වැඩි වේගයකින් මෙරට මුස්ලිම් ජනගහනය වර්ධනය වන බවත් එස්. බී ඇමතිතුමා පවසන්නේ මුසාවක් බවත් ය.

    කොළඹ නගරයේ ජන සංයුතිය සම්බන්ධයෙන් එස්. බී. ඇමතිතුමා මුසාවක් පවසති. ඔහුට අනුව නම් වර්තමානයේ පමණක් නොව 1956 තරම් ඈතක පවා කොළඹ නගරයේ බහුතර ජනතාව සිංහලයෝ නො වෙති. 1956 දී කොළඹ නගරයේ ජන සංයුතිය පිළිබඳ ව එස්. බී. ඇමතිතුමාට ප‍්‍රකාශ නිකුත් කිරීමට එම වසරේ ජන සංයුතිය පිළිබඳ තොරතුරු අඩංගු වාර්තාවක් නිකුත් වී ඇත. එසේ වාර්තාවක් නිකුත් වූ 1956 ට ආසන්න ම වසර 1953 යි. 1953 නො ව 1981 වැනි මෑතක දී පවා කොළඹ නගරයේ බහුතරය වූයේ සිංහලයන් බව ජන සංගණන වාර්තා පෙන්වා දෙයි. 1981 කොළඹ නගරයේ සමස්ත ජනගහනය 585716 ක් වූ අතර එයින් 293600ක් සිංහලයෝ ය.

    එස්. බී. ඇමතිතුමා බෞද්ධයන්ගෙන් නැෙඟන විරෝධයට ඇහුම්කන් දීමට සූදානම් නැත. එම විරෝධයට හේතු සෙවීමට සූදානම් නැත. එහෙත් බෞද්ධයන්ගේ අතපය කැඞීමට සූදානම් ය. එසේ අතපය කැඞීමෙන් මෙරට බහුතර ජනතාව නිහඬ කිරීමට කවරෙක් හෝ සූදානම් වනනේ ඔහුට බරපතල ලෙස වැරදි ඇත. සිදුවිය යුත්තේ බෞද්ධ විරෝධයට ඇහුම්කන් දීමයි. බෞද්ධයන් මතු කරන කරුණු සාධාරණ නම් ඒවා විසඳීමට මුස්ලිම් නායකයන් මැදිහත් විය යුතු ය. එකී කරුණු මතු වී ඇත්තේ අනවබෝධය හේතුවෙන් නම් මුස්ලිම් නායකයන් සැබෑ තතු පැහැදිලි කළ යුතු ය. සිංහල මුස්ලිම් සමඟිය ගොඩනැඟිය හැක්කේ එවිට යි. එබැවින් අපි බෞද්ධයන්ට ඇහුම්කන් දෙමු.

    ඉස්ලාම් දහමේ එන ෂරියා නීතියට අනුව නම් ඉස්ලාම් දහමත් අත්හරින අයෙකුට ලැබෙන්නේ මරණ දඬුවමයි. එහෙත් අන් ආගම්වලට ගරු කිරීමේ බුදුදහම අනුව යමින් ඉස්ලාම් භක්තිකයන්ට සහනශීලී වුණෙමු. බොදු පිරිමියෙකු හෝ කාන්තාවක ඉස්ලාම් භක්තිකයෙකු සමඟ විවාහ වූ විට ඔහු හෝ ඇය බුදුදහම අත් හැර ඉස්ලාම් වැළැඳ ගැනීම පිළිබඳ අපි විරුද්ධ නො වුණෙමු. 1626 දී 40000ක් පමණ වූ මෙරට මුස්ලිම් ජනගහනය 2012 දී 1870000 දක්වා වර්ධනය වීමට ප‍්‍රධාන සාධකය වූයේ විවාහයන්හි දී ඉස්ලාම් ආගම වැළැඳගැනීමට සිදු වීමයි. එසේ සහනශීලී වූ බොදු සමාජයෙන් තවත් පිරිස් ඉස්ලාම් දහමට ආකර්ශනය කර ගැනීමට නොයෙක් ක‍්‍රියාමාර්ග අනුගමනය කරන්නට ඇත.

    www.sinhalenislam.com යන වෙබ් අඩවිය පවත්වාගෙන යන ආගමික සහ සංස්කෘතික අධ්‍යයන සංසදය නමැති සංවිධානය ‘‘මිනිස්කමින් ලොව දිනූ උතුම් මුහුම්මද් නබිතුමා’’ නමින් රචනා තරගයක් සංවිධානය කර තිබිණි. මේ පිළිබඳ මාස ගණනාවක් සිංහල පුවත්පත්හි දැන්වීම් පළ කර තිබිණි. වටිනා මුදල් තෑගි පිරිනමන එම තරගයේ පළමු කොන්දේසිය වන්නේ සියලූ ම තරගකරුවන් ඉස්ලාම් නො වන බැතිමතුන් විය යුතු බව යි. මෙයින් අදහස් කරන්නේ කුමක්දැයි බෞද්ධයනට සැකයකි.

    මෑතක් වන තුරු ම මුස්ලිම්වරුන් හලාල් ආහාර පැතුවේ මස් ආහාරයට ගැනීමේ දී පමණි. නමුත් ඉතා මෑතක සිට වතුර බෝතලයේ සිට සුවඳ විලවුන් කුප්පිය දක්වා තිබෙන සියලූ ම භාණ්ඩ හලාල් කරණයට ලක් කරමින් තිබේ. මුස්ලිම්වරු තමන් රිසි දෙයක් පමණක් මිල දී ගැනීම කාටවත් දොස් නැඟිය නො හැක. නමුත් හලාල් සහතික ලබා ගන්නා මෙන් බලකිරීම හෙළා දැකිය යුතු ව ඇත. ආරක්ෂක හේතුන් මත නම් හෙළි කිරීමට අකැමැති කිරිපිටි සමාගමක් හලාල් සහතිකය ලබාගැනීමේ කොන්දේසියක් ද පැනවූ නමුත්, තමුන් ඊට එකඟ නො වූ බව ජාතික හෙළ උරුමයේ නායකයන් සමඟ පැවැසීය. එමෙන් ම රූපලාවන්‍ය ආලේප ආයතනයක හලාල් සහතිකය ලබා ගැනීමට දිගින් දිගට ම බලපෑම් එල්ල වූ නමුත් ඔවුහු එය ප‍්‍රතික්ෂේප කළ බව පැවැසීය. මෙම ආයතනයන්හි නම් හෙළි කිරීමට තිබුණේ නම් මෙම තොරතුරේ අව්‍යාජ බව රැුකේ. අවාසනාවකට එම සමාගම් මීට අකැමැති ය. එවැනි පසුබිමක මෙම තොරතුරු සඳහන් කළේ බොදු සමාජයේ පවතින අසහනය මුස්ලිම් නායකයන්ට පහසු වනු පිණිස ය.

    මුස්ලිම් සමාජය දැඩි අන්තවාදයකට තල්ලූ වීම හරහා සමාජ බෙදුම්වාදයක් මතු වී ඇත. අනෙකුත් ආගම්වලින් ද මුස්ලිම් භක්තිකයන් මෙන් තමන් භාවිත කරන භාණ්ඩ සඳහා ආගමික කොන්දේසි පැනවූ වොත් කුමක් සිදු වේද? මුස්ලිම්වරුන් හලාල් භාණ්ඩ ඉල්ලන අයුරින් බෞද්ධයන් පිරිත් කළ භාණ්ඩ ද හින්¥න් ස්තෝත‍්‍ර ගැයූ භාණ්ඩ ද, කිතුණුවන් දෙවියන්ට කැප කළ භාණ්ඩ ද ඉල්ලා සිටියොත් අපේ සමාජය දැවැන්ත ලෙස ආගමික බෙදුම්වාදයකට ලක් නො වන්නේ ද? ආගම් අනුව සියලූ ම වෙළෙඳසැල් වෙන් වීමෙන් ජාතික සමඟිය පළුදු නො වන්නේ ද?

    බොදු බල සේනා වැනි සංවිධාන ඉල්ලන්නේ හලාල් භාණ්ඩ තහනම් කිරීම නො වේ. හලාල් නො වන භාණ්ඩ ද වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලෙස යි. මුස්ලිම්වරුන්ට හලාල් භාණ්ඩ භාවිතා කිරීමට ඇති අයිතිය අන් අයට හලාල් නො වන භාණ්ඩ භාවිතා කිරීමට ද තිබිය යුතු ය. මුස්ලිම් ජනතාව හලාල් භාණ්ඩ පමණක් භාවිතා කළ යුතු බව හදිස්සියේ සිහිපත් වීම විමතියට කරුණකි. එමෙන් ම බටහිර ඖෂධ ක්ෂේත‍්‍රයේ හලාල් භාවිතා නො කළත්, එය මුස්ලිම්වරුන්ට ප‍්‍රශ්නයක් වී නොමැත. එමෙන් ම මුස්ලිම් රෝගියෙකුට ලේ ලබාගැනීමේ දී එම ලේ හලාල් දැයි කිසිවෙකු ප‍්‍රශ්න නො කරති. එබැවින් සංකීරණ සමාජයක මූලධර්මවාදී පැවැත්මක් අපේක්ෂා කිරීමෙන් මෙම ගැටලූ පැන නැඟී ඇති බව පෙනේ.

    එස්. බී. ඇමතිතුමනි, සුදු නෙළුමෙන් සරසා තවලමේ පටවා පෙඩරල් කේක් ගෙඩිය ඔබ කොටින්ට පිදු යුගය මතක ඇතැයි සිතමි. ඒ යුගයේ කොටින්ට එරෙහි ව සටන් කරන අපට ඔබ අපහාස කළේ ය. කොටින් පතන දේ උන්ට පුදා උන් සතුටු කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ඔබ රටට පැවැසීය. වාසනාවකට අප මෙන් ම රට ද ඔබව විශ්වාස නො කළ බැවින් රට බේරා ගැනීමට අපට හැකි විය.

    කොටින් සමඟ සටන් විරාම ප‍්‍රකාශ කළ යුගයේ කොටි ද ඔබ මෙන් අපට අභියෝග කළහ. අපේ අයිතීන් සොයා අප වලතාපිටිය බලා යෑමට සැලසුම් කළ විට කොටි අපට වෙඩි තබන බවට අභියෝග කළහ. එහෙත් අපි නිරායුධව වලපතාපිටි ගිය අතර ජන බලය ඉදිරියේ විෂූ නැමැති කොටි නායකයාට පලා යෑමට සිදු විය.

    කොටි මනිරාසකුලමහි කඳවුරක් ඉදි කළ අවස්ථාවේ සටන් විරාම නිරීක්ෂකයෝ ද එය නීති විරෝධී බැවින් ඉවත් කළ යුතු යැයි තීරණය කළහ. එහෙත් කඳවුර ඉවත් කිරීමට ඔබලාගේ ආණ්ඩුවට ආත්ම ශක්තියක් නො තිබිණි. ‘‘අවි තොපේ ය. බිම අපේ ය.’’ සටන් පාඨය යටතේ අපි මනිරාසකුලම බලා පාගමනක් ඇරඹුවෙමු. එදා අපේ අඬු කඩන බවට තර්ජනය කළේ කොටි ය. එසේ තර්ජනය කළ අයට අපට කිසි ම හානියක් සිදු කළ නො හැකි වූ නමුත් ඔවුන් සියලූ දෙනා ම යුද්ධයෙන් විනාශ වූහ. ‘‘ධම්මං හවේ රක්ඛති ධමමචාරෙ’’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ මෙයයි.

    - උදය ගම්මන්පිල

    31,542 Viewers
     
    Last edited: