මතක ඇති කුඩා කලෙක සිට මා යන්ත්‍රයක් වැනිය. තරගකාරී අධ්‍යාපනය තුල මා නොදැනුවත්වම පොත් ගුල්ලෙක් වී සිටියෙමි. පසුගිය වසර දෙක තුනේම මා විඳ ඇත්තේ ගානක් සාදා එහි අවසාන පිළිතුර ගැනීමේ රසවින්දනය පමණි.
කෙසේ වෙතත් A/L කල පසු ඇතිවූ නිදහස නිසා දෝ මන්ද, දවසක ඇසුන ගීතයක් සමග තර්ක කරන්නට ගියෙමි. එය සිදුවුයේ සුනිල් එදිරිසිංහයන් ගයන සදකඩ පහණක ගීතය සමගය. ගීතය ගැන සිතට නැගුනු අදහස් පැටලුනු නූල් බෝලයක් විය. අග මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ මා Google දෙයියාගේ පිහිට පැතුවෙමි. Google දෙයියා මට පිහිට විය. එය sasliit නැමැත්තෙකුගේ විචාරයක් විය. පැටලුම් සියල්ල ලිහුනි. ටිකක් විපරම් කල විට එම විචාරය තිබුණේ “සුන්දර ගීයක ඇරබුම” නමැති නුලේ 71 වෙනි පිටේය. එවෙලේම නුලට bookmark එකක් යොදා මුල සිට කියවීමට අරබුවෙමි. දැන් නම් සුන්දර ගියේ 1 හා 2 කියවා හමාරය. මේ නුලේ post දැමූ සියලු දෙනා සිදුකර ඇත්තේ මහත් කැපකිරීමකි. එය අගය නොකරම බැරිය විශේෂයෙන් sasliit හා දත් කිබුලා මතක් කල යුතුය. නුල ඇරබූ දනුෂ්ක සොයුරාත් මතක් නොකරම බැරිය. comment දමා එකට හයියක් වූ සියලු දෙනාත් මතක් කරමි. ගොඩක් වටිනා වැඩක්, දිගටම කරගෙන යන්න සියලුදෙනාටම,
කෙසේ වෙතත් A/L කල පසු ඇතිවූ නිදහස නිසා දෝ මන්ද, දවසක ඇසුන ගීතයක් සමග තර්ක කරන්නට ගියෙමි. එය සිදුවුයේ සුනිල් එදිරිසිංහයන් ගයන සදකඩ පහණක ගීතය සමගය. ගීතය ගැන සිතට නැගුනු අදහස් පැටලුනු නූල් බෝලයක් විය. අග මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ මා Google දෙයියාගේ පිහිට පැතුවෙමි. Google දෙයියා මට පිහිට විය. එය sasliit නැමැත්තෙකුගේ විචාරයක් විය. පැටලුම් සියල්ල ලිහුනි. ටිකක් විපරම් කල විට එම විචාරය තිබුණේ “සුන්දර ගීයක ඇරබුම” නමැති නුලේ 71 වෙනි පිටේය. එවෙලේම නුලට bookmark එකක් යොදා මුල සිට කියවීමට අරබුවෙමි. දැන් නම් සුන්දර ගියේ 1 හා 2 කියවා හමාරය. මේ නුලේ post දැමූ සියලු දෙනා සිදුකර ඇත්තේ මහත් කැපකිරීමකි. එය අගය නොකරම බැරිය විශේෂයෙන් sasliit හා දත් කිබුලා මතක් කල යුතුය. නුල ඇරබූ දනුෂ්ක සොයුරාත් මතක් නොකරම බැරිය. comment දමා එකට හයියක් වූ සියලු දෙනාත් මතක් කරමි. ගොඩක් වටිනා වැඩක්, දිගටම කරගෙන යන්න සියලුදෙනාටම,!!!!!!!!!!!!!
සුබ පතනවා
!!!!!!!!!!!!!!
සුබ පතනවා
!!!!!!!!!!!!!!

එබැවින් ඒ මහා පුස්තකාලයේ ඉතිරි දොරවලුත් ඇරෙනා තෙක් ඇගිලි ගනිමින් බලන් සිටිමි. 




