හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

faiyya

Member
Feb 15, 2013
7
1
0
මතක ඇති කුඩා කලෙක සිට මා යන්ත්‍රයක් වැනිය. තරගකාරී අධ්‍යාපනය තුල මා නොදැනුවත්වම පොත් ගුල්ලෙක් වී සිටියෙමි. පසුගිය වසර දෙක තුනේම මා විඳ ඇත්තේ ගානක් සාදා එහි අවසාන පිළිතුර ගැනීමේ රසවින්දනය පමණි. :no: කෙසේ වෙතත් A/L කල පසු ඇතිවූ නිදහස නිසා දෝ මන්ද, දවසක ඇසුන ගීතයක් සමග තර්ක කරන්නට ගියෙමි. එය සිදුවුයේ සුනිල් එදිරිසිංහයන් ගයන සදකඩ පහණක ගීතය සමගය. ගීතය ගැන සිතට නැගුනු අදහස් පැටලුනු නූල් බෝලයක් විය. අග මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ මා Google දෙයියාගේ පිහිට පැතුවෙමි. Google දෙයියා මට පිහිට විය. එය sasliit නැමැත්තෙකුගේ විචාරයක් විය. පැටලුම් සියල්ල ලිහුනි. ටිකක් විපරම් කල විට එම විචාරය තිබුණේ “සුන්දර ගීයක ඇරබුම” නමැති නුලේ 71 වෙනි පිටේය. එවෙලේම නුලට bookmark එකක් යොදා මුල සිට කියවීමට අරබුවෙමි. දැන් නම් සුන්දර ගියේ 1 හා 2 කියවා හමාරය. මේ නුලේ post දැමූ සියලු දෙනා සිදුකර ඇත්තේ මහත් කැපකිරීමකි. එය අගය නොකරම බැරිය විශේෂයෙන් sasliit හා දත් කිබුලා මතක් කල යුතුය. නුල ඇරබූ දනුෂ්ක සොයුරාත් මතක් නොකරම බැරිය. comment දමා එකට හයියක් වූ සියලු දෙනාත් මතක් කරමි. ගොඩක් වටිනා වැඩක්, දිගටම කරගෙන යන්න සියලුදෙනාටම,
!!!!!!!!!!!!! :D සුබ පතනවා :D !!!!!!!!!!!!!!​
 
  • Like
Reactions: dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

11.gif
11.gif
11.gif
11.gif
 
faiyya

Member
Feb 15, 2013
7
1
0
මේ නුල කියවන අතර තුර නෙත ගැටුනු මතකයන් ;
  • sasliit යනු පුංචි පුස්තකාලයකි.
  • දත් කිබුලා යනු ගීත 6000 ක ගබඩාවකි.
ඔබ දෙදෙනා සහ මෙහි post දමන අනික් පිරිසත් එකතු වූ කල මෙය සැබැවින්ම මහා පුස්තකාලයකි. ආසන්න ලෙස හදවිල කැලඹු ගී ජල රේඛා 300 පමණ කියවීමට ලැබුණි. :D ඒ සදහා මෙහි දොරවල් නොමිලේ විවර කිරීමට කල කැපකිරීම අගයමි. නමුත් එය කිබුලගේ ගීත ගබඩාවෙන් 1/20 වීම, හිතට දුකක් ගෙනෙයි. :confused: එබැවින් ඒ මහා පුස්තකාලයේ ඉතිරි දොරවලුත් ඇරෙනා තෙක් ඇගිලි ගනිමින් බලන් සිටිමි. :cool:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144

උඹෙ ඔය යූසර්නේම් එක මොකක්ද බං :oo:
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    නමුත් එය කිබුලගේ ගීත ගබඩාවෙන් 1/20 වීම, හිතට දුකක් ගෙනෙයි. :confused: එබැවින් ඒ මහා පුස්තකාලයේ ඉතිරි දොරවලුත් ඇරෙනා තෙක් ඇගිලි ගනිමින් බලන් සිටිමි. :cool: [/COLOR][/SIZE][/QUOTE]

    :yes::yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    තොල්පෙති විතරක් පලමු හාඩුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න කියන්නෙ සේපාලිකා මල් හඳ එලියට පිපෙන එක කියන්නලු. මෙතනදි තොල්පෙති කියන්නෙ සේපාලිකා පොහොට්ටු වලටලු, පලමු හාදුව කියන්නෙ සඳ එලිය මුලින්ම සේපාලිකා පොහොට්ටුව සිපගන්න එකටලු ... රත්න ශ්‍රී මහත්තය හුඟ කලකට කලින් වඩසටහනක කිව්වෙ...මතක විදියට මෙහෙම තමයි ;):rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඉස්කෝලේ කාලේදී වැටිච්ච card එක තමා ඉතින් :D

    කට්ටිය උඹත් එක්ක වලි දාගත්තම නම ඉස්සරහට විශේෂණ පද එහෙම එකතු කරලා බයිනකොට රස ගුලාවක් වෙන්නැති. :rofl:
     
    Last edited:

    faiyya

    Member
    Feb 15, 2013
    7
    1
    0
    තොල්පෙති විතරක් පලමු හාඩුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න කියන්නෙ සේපාලිකා මල් හඳ එලියට පිපෙන එක කියන්නලු. මෙතනදි තොල්පෙති කියන්නෙ සේපාලිකා පොහොට්ටු වලටලු, පලමු හාදුව කියන්නෙ සඳ එලිය මුලින්ම සේපාලිකා පොහොට්ටුව සිපගන්න එකටලු ... රත්න ශ්‍රී මහත්තය හුඟ කලකට කලින් වඩසටහනක කිව්වෙ...මතක විදියට මෙහෙම තමයි ;):rofl:

    රැ අහසේ හඳයි, හඳඑළියයි කොතරම් චමත්කාරද , කෙතරම් දෙයක් කරන්න පුලුවන්ද :D:D !!!!!!!!!!
     
    Nohim Ys

    Well-known member
  • තොල්පෙති විතරක් පලමු හාඩුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න කියන්නෙ සේපාලිකා මල් හඳ එලියට පිපෙන එක කියන්නලු. මෙතනදි තොල්පෙති කියන්නෙ සේපාලිකා පොහොට්ටු වලටලු, පලමු හාදුව කියන්නෙ සඳ එලිය මුලින්ම සේපාලිකා පොහොට්ටුව සිපගන්න එකටලු ... රත්න ශ්‍රී මහත්තය හුඟ කලකට කලින් වඩසටහනක කිව්වෙ...මතක විදියට මෙහෙම තමයි ;):rofl:

    :):):)
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    හද විල කලඹන පෙම් ජල රේඛා

    මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා නමින් 1943 දී මෙලොව එලිය දුටු ඇය දශක දෙකකට පසු සිංහල සංගීත ක්ෂේත්‍රයේ ඇගේ කුසලතා එලි දක්වන්නේ කරුණරත්න අබේසේකරයන්ගේ "ළමා මන්ඩපය " නම් ගුවන්විදුලි වැඩසටහන තුලිනි.....

    1961 දී මුලින්ම රන්මුතු දූව චිත්‍රපටයට " ගලන ගඟකි ජීවිතේ " ගීතය ගයමින් ලාංකීය රසික හදවත් පැහැරගත් ඇය එදා මෙදා තුර අපට දායාද කල සුමියුරු ගීත රැසකි.......

    ගීත විචාර ඉදිරිපත් කිරීමට තරම් දැනුමක් නැතත් මේ නූලේ මාතෘකාව දුටු සැනින් මතකයට නැගෙන ගීතයක් ගැන පුංචි විග්‍රහයක යෙදෙන්න අවසර පතමි.....

    මේ නූල මෙතෙක් දුර රැගෙන ආ සුවහසක් වූ අපේ දක්ෂ සොයුරු කැල මගේ අඩුපාඩු නිවැරදි කර දෙනු ඇතැයි සිතමි.....

    හද විල කලඹන පෙම් ජල රේඛා
    ඒ විල මැද සීතල සඳ රේඛා
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    වරලස අක්බමරුන් රැඳි රේඛා
    දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
    දෙතොලෙහි ආදර හස රැළි රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
    බාල චන්දනී නළලත රේඛා
    ආල නුරාවෙන් බැඳ රන් රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    දෑල ළමැද රන් ගෝමර රේඛා
    ඈත දි පෙන්වන කෝමල රේඛා
    මෑතදි බැලුවිට ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    ආලය ප්‍රේමය ගැන ලියවුනු ගීත කොතෙකුත් අප දැක ඇති නමුත් එවා අප හදවත් පැහැර ගන්නේ ගීත රචකයාගේ දක්ෂතාව නිසාවෙනි.....
    මේ ගීතය තුලින් කියවෙනේ සිහින කුමරියකගේ රූපය හා ඒතුලින් උපදින ප්‍රේමය ප්‍රේමවන්තයෙකුගේ සිතේ සිතුවම් වන ආකාරයයි.....
    මේ ගීතය පුරාවටම ඔහුගේ සිහින සිත්තම ගෙත්තම් වන්නේ විවිද වූ රේඛා තුලිනි....

    හද විල කලඹන පෙම් ජල රේඛා
    ඒ විල මැද සීතල සඳ රේඛා
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    හදවත නම් වූ විල කලඹවන ප්‍රේමය නම් වූ ජල තරංග රෙඛාවකි.....
    ඒ විල මතට සඳේ සෙවනැල්ල වටීමෙන් ඇතිවන්නාවූ සීතල සඳ රෙඛාවකි.....
    ඇයගේ දැස් සිතුවම් කරන්නාවූ ආදර රෙඛාවකි.....
    මේ සියලු රෙඛා තුලින් ඔහුගේ හදවතේ සිතුවම් වන්නේ ඇයගේ රූපයයි.....

    වරලස අක්බමරුන් රැඳි රේඛා
    දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
    දෙතොලෙහි ආදර හස රැළි රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    ඇයගේ කෙස් කලඹ සිතුවම් වන්නේ බොකුටු වූ වරලසක් ලෙසිනි....
    දෙනෙත් නිල් මහනෙල් මල්පෙති නම් රෙඛා වලිනි සිතුවම් වේ....
    ආදර හසරැලි තුලින් දෙතොල සිතුවම් වේ...
    මේ සියල්ල තුලින් ඔහු දකින්නේ ඔහුගේ සිහින කුමාරිය ගේ සුන්දරත්වයයි....

    නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
    බාල චන්දනී නළලත රේඛා
    ආල නුරාවෙන් බැඳ රන් රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    නිල් වන් පලිඟු මෙන් ඇගේ දෙනෙත් සිතුවම් වේ.....
    නලල සිතුවම් වන්නේ අඩ සඳකිනි.....
    ආලය හා සබැඳුනු නුරාව රන් රෙඛාවක් සේ සිතුවම් වේ......

    දෑල ළමැද රන් ගෝමර රේඛා
    ඈත දි පෙන්වන කෝමල රේඛා
    මෑතදි බැලුවිට ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    ඇගේ ලැමෙහි ඇති ගෝමර දුර සිට බලන විට කෝමල රෙඛාවක් බඳුය.... නමුත් ලංවී බැලූ විට එය ආදර රෙඛාවක්ම වන්නේය....

    සින්දුව ලිව්වෙ කවුද සංගීත නිර්මණය කාගෙද යන වග සොය ගන්නට බැරිවුනි... දන්නා කෙනෙක් වෙතොත් මෙහි සටහන් කනු මැනවි... මන්ද මේ ගීතය හුදු සරල මාතෘකාවක් පදනම් කර ගනිමින් ලියවුනද රචකයාගේ නිර්මානශීලී හැකියාවත් සුමියුරු සංගීතය තුලින් රසික හදවත් දිනාගත් තවත් අගනා නිර්මාණයක් බවට පත්වී ඇත......