එලකිරිය හා scurvyකරණය
ඒ කාලෙ මම ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර යන්නේ ගොඩක් වෙලාවට බස් එකේ. හිටපුගමන් මරදාන කෝච්චි ස්ටේෂන් එකෙන් කෝච්චිය අරගෙනත් යනවා. ඉතින් ඔය ස්ටේෂන් ප්ලැට්ෆෝම් එකට හිටපු ගමන් එනවා වැහැරිලි ඇඳගත්ත වයස මනුස්සයෙක්. පෙනුම හැටියට ඉන්න හිටින්න තැනක් නෑ වගේ. මේ මනුස්සයා පොඩ්ඩක් මානසිකව එච්චර නිරෝගී පුද්ගලයෙක් නෙමෙයි. පැත්තකට වෙලා තනියම කියව කියව හිටියට හොඳට කතා කලොත් මූන පුරවල හිනාවෙනවා.
හැබැයි ඉස්කෝල ඇරෙන වෙලාව ආවම ස්ටේෂන් එක ඉස්කෝල ලමයින්ගෙන් පිරෙනව. ඔය අතරින් ඉන්නවා නාහෙට අහන්නේ නැති කොල්ලො කණ්ඩායමක්. මුන්ගේ වැඩේම අර මනුස්සයාට එක්කො විහිලු කරනවා නැත්නම් ගල් වලින් ගහනවා. ඉතින් අර මනුස්සයත් කුනුහරප කියාගෙන පස්සෙන් එලවනවා. බොරු කියන්න ඕනෙ නෑ මුලින්ම මේක දැක්කම මට මටත් හොඳටම හිනා ගියා. කොමඩි ෂෝ එකක් බලනවා වගේ.
හැබැයි ටිකක් කල් යනකොට මම හිතන්න ගත්තා ඇයි මේ කියලා. වැඩිහිටියො හිටියට ස්ටේෂන් මාස්ටර් ඇර වෙන කවුරුවත් මේක නතකරන්න උත්සාහ කලේ නෑ. කුනුහරප කියනකොට ගෑනු අය කන් වහගත්තත් මම දන්නවා හොඳට අහගෙන ඉන්නෙ කියලා. කොල්ලොන්ටනම් කිහිපදෙනෙක්ට ඇරෙන්න මේක තරම් ජොලි දෙයක් තිබ්බෙ නෑ.
පිස්සන්ට ගල් ගැසීම අපි සංස්කෘතියෙන් අරන් එන එකක්ද? මම දැන් රටවල් කිහිපයක් හිටිය, ඒ එක රටකවත් මෙච්චර තදට මේක තිබ්බෙ නෑ. ඇත්තටම මේ රටක කෙනෙක් දැක්කොත් ලාංකික අපි ගැන බොහොම පහත් විදිහට හිතයි.
මම දැන් අවුරුදු 6 ක් විතර තිස්සේ මේ එලකිරි එක දිහා බලාගෙන ඉන්නෙ. හැබැයි අන්තර්ජාලය උනත් අර තත්වය එහෙම් පිටින්ම මම මේක ඇතුලෙත් දකිනවා. ලොකුම උදාහරණය තමයි මේ scurvy සහෝදරයා සම්බන්ධ සිදුවීම්.
මිනිහා ඉන්නකොට ජොලි තමයි. මමත් සමහර posts දැකලා හිනාවෙලා තියනවා. ලොකු ප්රශ්නයක් නැති උනත් හැසිරෙන විදිහෙ පොඩි අවුලක් තියනවා තමයි. එලකිරි එකේ හැමෝටම පොදු නීතියක් තියනවා. එක එක එක්කෙනාට වෙනස් විදිහට නීති බලපානවනම් ඒක ඉතා වැරදියි. ඒක හින්දා වැරද්දක් කරලා ban උනොත් මම කවදාවත් admin ට දොස් කියන්නේ නෑ.ඒ වගේම ඒ නීති අනුව ඉන්නවනම් එලකිරියෙ ඔනම කෙනෙක්ට ඉන්න අයිතියකුත් තියනව.
scurvy කුනුහරප කියන්නේ ඒ එයාගෙ හැටි හරි, නැත්නම් හිතලා එයාට ජොලියක් ගන්න අනෙක් අය අවුස්සන්න වෙන්නත් පුලුවන්. ඒත් ප්රශ්නයකට තියෙන්නෙ මෙයා මොකක් දැම්මත් කුනුහරප කියාගෙන එන් කාණ්ඩය. ඒ එන හුඟ දෙනෙක්ට අතක ඇඟිලි ගානට වැඩිය නිල් කොටු තියනවා.
scurvy ට වැඩිය හොඳ මානසික් මට්ටමක අපි ඉන්නවානම් ඇයි අපි අර පිස්සන්ට ගල් ගසන සම්ප්රදායට ආයි ආයි වැටෙන්නේ?
කොල්ලො උනාම ඒකෙ ජොලියකුත් තියනවා තමයි.
ඒත් ඕනම දේකට සීමාවකුත් තියනවා. මම කවුරුත් වැරදියි කියනවා නෙමෙයි. scurvy හදන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඇයි අපි එහෙම කෙනෙක් වෙනුවෙන් එලකිරිය කැත කරන්නෙ? මේකෙ යන කුනුහරප හින්දා ඉස්සර වගෙ නෙමෙයි ගෙදර අය අහල පහල ඉන්නකොට මම එලකිරිය බල්න්නෙත් සැකෙන්.
ඒක හින්දා මම කියන්නෙ කට්ටිය සාකච්චා කරලා මොකක් හරි හොඳ තීරනයකට ආවොත් හොඳයි. මොකද දැන් එලකිරිය කියන්නේ අන්තර්ජාලයේ ලංකාව නියෝජනය කරන්න පුලුවන් තරමට ලොකු වෙච්ච forum එකක්.මේවා පාලනයක් නැතුව වෙන්න ගියොත් අපිටමනෙ හොඳ නැත්තෙ.
පිස්සන්ට ගල් ගැසීම
ඒ කාලෙ මම ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර යන්නේ ගොඩක් වෙලාවට බස් එකේ. හිටපුගමන් මරදාන කෝච්චි ස්ටේෂන් එකෙන් කෝච්චිය අරගෙනත් යනවා. ඉතින් ඔය ස්ටේෂන් ප්ලැට්ෆෝම් එකට හිටපු ගමන් එනවා වැහැරිලි ඇඳගත්ත වයස මනුස්සයෙක්. පෙනුම හැටියට ඉන්න හිටින්න තැනක් නෑ වගේ. මේ මනුස්සයා පොඩ්ඩක් මානසිකව එච්චර නිරෝගී පුද්ගලයෙක් නෙමෙයි. පැත්තකට වෙලා තනියම කියව කියව හිටියට හොඳට කතා කලොත් මූන පුරවල හිනාවෙනවා.
හැබැයි ටිකක් කල් යනකොට මම හිතන්න ගත්තා ඇයි මේ කියලා. වැඩිහිටියො හිටියට ස්ටේෂන් මාස්ටර් ඇර වෙන කවුරුවත් මේක නතකරන්න උත්සාහ කලේ නෑ. කුනුහරප කියනකොට ගෑනු අය කන් වහගත්තත් මම දන්නවා හොඳට අහගෙන ඉන්නෙ කියලා. කොල්ලොන්ටනම් කිහිපදෙනෙක්ට ඇරෙන්න මේක තරම් ජොලි දෙයක් තිබ්බෙ නෑ.
පිස්සන්ට ගල් ගැසීම අපි සංස්කෘතියෙන් අරන් එන එකක්ද? මම දැන් රටවල් කිහිපයක් හිටිය, ඒ එක රටකවත් මෙච්චර තදට මේක තිබ්බෙ නෑ. ඇත්තටම මේ රටක කෙනෙක් දැක්කොත් ලාංකික අපි ගැන බොහොම පහත් විදිහට හිතයි.
එලකිරිය

Last edited: