මාලිංග_සහ_ජෙෆ්_තොම්සන්
ලසිත් මාලිංග සහ ජෙෆ් තොම්සන්

ඔස්ට්‍රේලියාවේ, නිව්සවුත් වේල්ස් හී උපන් ජෙෆ් තොම්සන් එරටේ ජාතික ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන්නෙකි. ඔහුගේ වේග පන්දු ඉදිරියේ මුළු ලෝකයේ එවකට ක්‍රීඩා කළ පිතිකරුවන් තිගැස්සීමෙන් මුහුණ දුන් අතර ජෙෆ් තොම්සන් ඒ නිසාම ලෝක පූජිත වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස කීර්තියක් දිනා ගන්තේය. අපේ රටේ සමහර විද්‍යුත් ජනමාධ්‍ය ජෙෆ් තොම්සන් නැමැති ලෝක පූජිත වේග පන්දු යවන්නාට ලසිත් මාලිංග සමාන කළේය.
ලසිත් මාලිංග යනු ක්‍රිකට් රිද්මයට පන්දු යැවූ ක්‍රීඩකයෙක් නොවන බව මුළු ලෝකයේම ක්‍රීකට් ලෝලීන් දනිති. විශ්වාස කරති. ඔහුගේ පන්දු ලෝකයේ ක්‍රිකට් ලෝලීන් පමණක් නොව, බොහෝ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල සමහර ජනමාධ්‍ය පවා හැඳින්වූයේ ඒවා ‘දමා ගසන’ පන්දු ලෙසයි. මෙසේ පන්දුව දමා ගසන්නා ලෝක පූජිත ජෙෆ් තොම්සන්ට සමාන කරමින් මාලිංග රැක ගත්තේ ඔහුගේම කටින් මේ නොබෝදා කුණුහබ්බ අසාගත් මේ රටේ ජනමාධ්‍ය සහ ක්‍රිකට් ආයතනයයි.
මගේ මතකයේ හැටියට 2010 නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හී පිහිටි මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ (M.C.G) 50 – 50 ක්‍රිකට් තරඟයක් පැවැත්විණ. මෙම තරඟයට සහභාගී වූයේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා පිල් දෙකයි. මෙම තරඟයේ දී ඔස්ට්‍රේලියානු පිල ළකුණු 240 ක් ලබා ගත්තේය. පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල තරඟයේ 26 වැනි ඕවරයේදී කඩුළු අටක් දැවී ලබා ගන්නට සමත් වූයේ ළකුණු 107 ක් පමණි. නව වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසියේ ලසිත් මාලිංගයි.
එම අවස්ථාවේ පිටියේ නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ ඇන්ජලෝ මැතිව්ස් ය. ඇන්ජලෝ සමඟ එකතු වූ ලසිත් මාලිංග වාර්තාගත ළකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූයේය. ඒ නිසා පරාජයේ මුවවිට දක්වා ගිලී සිටි ලංකා පිලට ජයග්‍රණයේ දෙරටුව ඉදිරිපිටට පැමිණෙන්නට හැකි විය.
ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා ළකුණු තත්ත්වය සම කරමින් ලකුණු 56 ක් ලබා සිටියදී ලසිත් මාලිංග දුවද්දී දැවී ගියේය. ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූයේ එකම එක ළකුණකි. එම ළකුණ ලබා ගැනීමේ භාරධූර වගකීම දරාගෙන පිටියට පිවිසියේ මුත්තයියා මුරලිදරන් ය. මෙම අවස්ථාවේ ලසිත් මාලිංග සිටියේ හතරේ සීමාවට පසුපසින්ය. පැමිණි පන්දුවට මුත්තයියා වේගවත් පහරක් එල්ල කළේය. පන්දුව හීයක් මෙන් හතරේ සීමාව පසු කළේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවමින්ය. මෙම අවස්ථාවේ ලසිත් මාලිංග ඇතුළු සියලූම ක්‍රීඩකයෝ ක්‍රීඩා පිටියට දුවන්නට වූහ. අනතුරුව මුරලිදරන් ඔසවා ගෙන යළි ක්‍රීඩාගාරය වෙත එන්නට වූහ.
සිද්ධිය එතැනින් අවසන් වූයේ නැත. ලසිත් මාලිංග තමා රැඳී සිටි හතරේ සීමාව වෙත යළි පැමිණියේය. ඒ ඔහුගේ පිත්ත ගැනීමටය. මුරලිදරන් වෙත ලසිත් දිවගොස් ඇත්තේ පිත්ත හතරේ සීමාව අසල දමාය. ඒ අවස්ථාවේ කවුරුන් හෝ ලසිත්ගේ පිත්ත ‘පන්නා ගෙන’ ගොස් තිබිණ. මේ සියල්ල එක්තරා පුද්ගලයෙක් වීඩියෝ කැමරාවෙන් රූගත කර තිබිණ. ලසිත් කෑගසන්නට වූහ. ‘ කෝ යකෝ බැට් එක. මොකාද ගත්තේ? අම්මට.....’මෙම අසභ්‍ය වදන් සහිත ජෙෆ් තොම්සන් නමින් ලංකාවේ සමහර රූපවාහිනී මාධ්‍ය ඔසවා තැබූ ලසිත් මාලිංග ගේ අසංවර දැඟලීම රැගත් වීඩියෝ ක්ලිප් පටය ඒ දිනවල ලොව පුරා අන්තර් ජාලය හරහා හුවමාරු විය.
අනවශ්‍ය පරිදි ල
සිත් මාලිංගව පුම්බා වීරයෙක් කළේ මේ රටේ සමහර මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යයි. ලසිත් නැමැති මැක්කාට එම ජනමාධ්‍ය ඇඟිල්ල දිගු කරනවා නම් තමන් දෙසට තවත් ඇඟිලි හතරක් එල්ල වී තිබෙන බව සිහිතබා ගැනීම වැදගත් ය. මෙය ලසිත් සම්බන්ධයෙන් පමණක් නොවේ. ඊයේ පෙරේදා කරළියට පැමිණ මුහුණු පෙන්වා ජන හා මුද්‍රිත මාධ්‍ය හරහා මහා වීරයන් සහ වීරවරියන් බවට පත් කළ සියලුම ක්ෂේත්‍රවලට අයත් සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් මේ කියමන සදාකාලික සත්‍යයකි.
ඩොලර්වලින් මිලියන කෙනෙක් වන්නට ඉනිමග සාදා දුන් ජනමාධ්‍යයටම ලසිත් තමන්ගේ ඇඟ ඇතුළේ සිටින වනචරයා ප්‍රදර්ශනය කළේය. ඒ වෙන කොහේදිවත් නොවේ. ලසිත්ලව මෙතැනට රැගෙන එන්නට මොන ප්‍රශ්න මැද්දේ වුවත් පෙනී සිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළදීය. එය ගරු කටයුතු ආයතනයකි. ගරු කටයුතු ආයතනයක් තුළදී රටේ ජනතාවට වගකියන ජනමාධ්‍යට ලසිත් පිළිතුරු දුන්නේ ‘ ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.’ යනුවෙනි.
පසුගිය දෙසැම්බරයේ ඔස්ට්‍රේලියාවේ පැවැති ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වූහ. එයින් නව දෙනෙක් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල ක්‍රිකට් ගසා ජාතික පිලට තේරුණ ක්‍රීඩකයින්ය. ගමේ මල් ගමේම පරවී යා නොදී එහි සුවඳ ලොව පුරා විසුරුවා හරින්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ක්‍රීඩකයින් බඳවා ගත්තේ ජාතික වැඩ පිළිවෙලක කොටසක් වශයෙනි. එම ජාතික වැඩ පිළිවලට ක්‍රීඩකයින් වශයෙන් මෙතෙක් මීහරක්, බූරුවන්, රන්මාල දැමූ කටුස්සන් සහභාගී කරවා ගත්තේ නැත. දෙබරවැව මහා විද්‍යාලෙන්, මීගමුවට එහා පළාත්වලින් දක්ෂ තරුණයින් ලංකා ජාතික ක්‍රිකට් පිලට තෝරා ගෙන සිටිති. ඔවුන් පුම්බා, හුළං ගසන්නේත්, අලංකාර කලිසම්, කෝට්, තොප්පි පළඳවන්නෙත් රටේ සමහර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයයි.
මේ අවස්ථාවේ මගේ මතකයට නැගෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවිණතම ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරකවරයකු වන පාලිත පෙරේරායි. ඔහු තමන්ගේ ක්‍රිකට් අත්දැකීම් අළලා කාලයකට පෙර පොතක් ලියුවේය. එහි නම ‘ පාලිත පෙරේරා සමඟ සජීවි ලෙසින් ’ ය. එහි ලසිත් මාලිංග ගැන සඳහන්ය. ‘ මුරුංගා අත්තේ තියා නවකයන් නරක් කරන්න එපා’ යැයි පාලිත එහි ලියුවේය. ‘ජනමාධ්‍යය විසින් විවිධ පාට, ලේබල් ගැසූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් එදා හිටියේ කොහේද? අද ඉන්නේ කොතැනද?’ යනුවෙන් හෙතෙම අගනා ප්‍රශ්නයක් නගයි. ඉතා ලාබාල අවදියේ ධන සම්භාරයක් ලැබීමෙන් ජීවිතයේ සමබරතාව අහිමිකර ගත් ක්‍රිකට්කරුවෝ බොහෝ බව පාලිත සිය කෘතිය මඟින් තවදුරටත් පෙන්වා දෙයි. ලසිත් මාලිංග එවැනි අහංකාර, සිත දමනය කර ගන්න නොදන්නා පුද්ගලයෙක් දැයි යන්න විමසා බැලීම භාර වන්නේ ඔබටයි.
එහෙත් මෙම සටහන අවසන් කරන්නට මත්තෙන් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන සර් ජෝන් කොතලවල මහතා කළ විරෝධාර ක්‍රියාවක ලියා තබමි. සර් ජෝන් කොතලාවල මහතා සමඟ ප්‍රතිවිරුද්ධ පක්ෂයක් වූ මහජන එක්සත් පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ තේමිස් නැමැති තැපැල් පියුම් මහත්තයා ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් විය. පාර්ලිමේන්තුවේදී සර් ජෝන්ට, තේමිස් ‘හලෝ ජෝන්’ යැයි කීවේය. එසැනින් හැරුණ සර් ජොන් අත දිග හැර වේගවත් කම්මුල් පහරක් තේමිස්ට එල්ල කළේය.
කට වාචාලකමට ජනමාධ්‍යවේදීන්ට ගැරහූ මාලිංගට එසේ කරන්න තිබුණා යැයි මා කියන්නේ නැත.
ලසිත් මාලිංග සහ ජෙෆ් තොම්සන්

ලසිත් මාලිංග යනු ක්‍රිකට් රිද්මයට පන්දු යැවූ ක්‍රීඩකයෙක් නොවන බව මුළු ලෝකයේම ක්‍රීකට් ලෝලීන් දනිති. විශ්වාස කරති. ඔහුගේ පන්දු ලෝකයේ ක්‍රිකට් ලෝලීන් පමණක් නොව, බොහෝ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල සමහර ජනමාධ්‍ය පවා හැඳින්වූයේ ඒවා ‘දමා ගසන’ පන්දු ලෙසයි. මෙසේ පන්දුව දමා ගසන්නා ලෝක පූජිත ජෙෆ් තොම්සන්ට සමාන කරමින් මාලිංග රැක ගත්තේ ඔහුගේම කටින් මේ නොබෝදා කුණුහබ්බ අසාගත් මේ රටේ ජනමාධ්‍ය සහ ක්‍රිකට් ආයතනයයි.
එම අවස්ථාවේ පිටියේ නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ ඇන්ජලෝ මැතිව්ස් ය. ඇන්ජලෝ සමඟ එකතු වූ ලසිත් මාලිංග වාර්තාගත ළකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූයේය. ඒ නිසා පරාජයේ මුවවිට දක්වා ගිලී සිටි ලංකා පිලට ජයග්‍රණයේ දෙරටුව ඉදිරිපිටට පැමිණෙන්නට හැකි විය.
ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා ළකුණු තත්ත්වය සම කරමින් ලකුණු 56 ක් ලබා සිටියදී ලසිත් මාලිංග දුවද්දී දැවී ගියේය. ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූයේ එකම එක ළකුණකි. එම ළකුණ ලබා ගැනීමේ භාරධූර වගකීම දරාගෙන පිටියට පිවිසියේ මුත්තයියා මුරලිදරන් ය. මෙම අවස්ථාවේ ලසිත් මාලිංග සිටියේ හතරේ සීමාවට පසුපසින්ය. පැමිණි පන්දුවට මුත්තයියා වේගවත් පහරක් එල්ල කළේය. පන්දුව හීයක් මෙන් හතරේ සීමාව පසු කළේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවමින්ය. මෙම අවස්ථාවේ ලසිත් මාලිංග ඇතුළු සියලූම ක්‍රීඩකයෝ ක්‍රීඩා පිටියට දුවන්නට වූහ. අනතුරුව මුරලිදරන් ඔසවා ගෙන යළි ක්‍රීඩාගාරය වෙත එන්නට වූහ.
සිද්ධිය එතැනින් අවසන් වූයේ නැත. ලසිත් මාලිංග තමා රැඳී සිටි හතරේ සීමාව වෙත යළි පැමිණියේය. ඒ ඔහුගේ පිත්ත ගැනීමටය. මුරලිදරන් වෙත ලසිත් දිවගොස් ඇත්තේ පිත්ත හතරේ සීමාව අසල දමාය. ඒ අවස්ථාවේ කවුරුන් හෝ ලසිත්ගේ පිත්ත ‘පන්නා ගෙන’ ගොස් තිබිණ. මේ සියල්ල එක්තරා පුද්ගලයෙක් වීඩියෝ කැමරාවෙන් රූගත කර තිබිණ. ලසිත් කෑගසන්නට වූහ. ‘ කෝ යකෝ බැට් එක. මොකාද ගත්තේ? අම්මට.....’මෙම අසභ්‍ය වදන් සහිත ජෙෆ් තොම්සන් නමින් ලංකාවේ සමහර රූපවාහිනී මාධ්‍ය ඔසවා තැබූ ලසිත් මාලිංග ගේ අසංවර දැඟලීම රැගත් වීඩියෝ ක්ලිප් පටය ඒ දිනවල ලොව පුරා අන්තර් ජාලය හරහා හුවමාරු විය.
අනවශ්‍ය පරිදි ල
ඩොලර්වලින් මිලියන කෙනෙක් වන්නට ඉනිමග සාදා දුන් ජනමාධ්‍යයටම ලසිත් තමන්ගේ ඇඟ ඇතුළේ සිටින වනචරයා ප්‍රදර්ශනය කළේය. ඒ වෙන කොහේදිවත් නොවේ. ලසිත්ලව මෙතැනට රැගෙන එන්නට මොන ප්‍රශ්න මැද්දේ වුවත් පෙනී සිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළදීය. එය ගරු කටයුතු ආයතනයකි. ගරු කටයුතු ආයතනයක් තුළදී රටේ ජනතාවට වගකියන ජනමාධ්‍යට ලසිත් පිළිතුරු දුන්නේ ‘ ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.’ යනුවෙනි.
පසුගිය දෙසැම්බරයේ ඔස්ට්‍රේලියාවේ පැවැති ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වූහ. එයින් නව දෙනෙක් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල ක්‍රිකට් ගසා ජාතික පිලට තේරුණ ක්‍රීඩකයින්ය. ගමේ මල් ගමේම පරවී යා නොදී එහි සුවඳ ලොව පුරා විසුරුවා හරින්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ක්‍රීඩකයින් බඳවා ගත්තේ ජාතික වැඩ පිළිවෙලක කොටසක් වශයෙනි. එම ජාතික වැඩ පිළිවලට ක්‍රීඩකයින් වශයෙන් මෙතෙක් මීහරක්, බූරුවන්, රන්මාල දැමූ කටුස්සන් සහභාගී කරවා ගත්තේ නැත. දෙබරවැව මහා විද්‍යාලෙන්, මීගමුවට එහා පළාත්වලින් දක්ෂ තරුණයින් ලංකා ජාතික ක්‍රිකට් පිලට තෝරා ගෙන සිටිති. ඔවුන් පුම්බා, හුළං ගසන්නේත්, අලංකාර කලිසම්, කෝට්, තොප්පි පළඳවන්නෙත් රටේ සමහර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයයි.
මේ අවස්ථාවේ මගේ මතකයට නැගෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවිණතම ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරකවරයකු වන පාලිත පෙරේරායි. ඔහු තමන්ගේ ක්‍රිකට් අත්දැකීම් අළලා කාලයකට පෙර පොතක් ලියුවේය. එහි නම ‘ පාලිත පෙරේරා සමඟ සජීවි ලෙසින් ’ ය. එහි ලසිත් මාලිංග ගැන සඳහන්ය. ‘ මුරුංගා අත්තේ තියා නවකයන් නරක් කරන්න එපා’ යැයි පාලිත එහි ලියුවේය. ‘ජනමාධ්‍යය විසින් විවිධ පාට, ලේබල් ගැසූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් එදා හිටියේ කොහේද? අද ඉන්නේ කොතැනද?’ යනුවෙන් හෙතෙම අගනා ප්‍රශ්නයක් නගයි. ඉතා ලාබාල අවදියේ ධන සම්භාරයක් ලැබීමෙන් ජීවිතයේ සමබරතාව අහිමිකර ගත් ක්‍රිකට්කරුවෝ බොහෝ බව පාලිත සිය කෘතිය මඟින් තවදුරටත් පෙන්වා දෙයි. ලසිත් මාලිංග එවැනි අහංකාර, සිත දමනය කර ගන්න නොදන්නා පුද්ගලයෙක් දැයි යන්න විමසා බැලීම භාර වන්නේ ඔබටයි.
එහෙත් මෙම සටහන අවසන් කරන්නට මත්තෙන් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන සර් ජෝන් කොතලවල මහතා කළ විරෝධාර ක්‍රියාවක ලියා තබමි. සර් ජෝන් කොතලාවල මහතා සමඟ ප්‍රතිවිරුද්ධ පක්ෂයක් වූ මහජන එක්සත් පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ තේමිස් නැමැති තැපැල් පියුම් මහත්තයා ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් විය. පාර්ලිමේන්තුවේදී සර් ජෝන්ට, තේමිස් ‘හලෝ ජෝන්’ යැයි කීවේය. එසැනින් හැරුණ සර් ජොන් අත දිග හැර වේගවත් කම්මුල් පහරක් තේමිස්ට එල්ල කළේය.
කට වාචාලකමට ජනමාධ්‍යවේදීන්ට ගැරහූ මාලිංගට එසේ කරන්න තිබුණා යැයි මා කියන්නේ නැත.
=======================================