සතර අපාය

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    426505_581443818551995_25157077_n.jpg


    සතර අපාය පිළිබඳ ව විස්තර කැරෙන මෙම ලිපියෙන් ඒ ඒ අපායවලදී විඳින්නට සිදු වන දුක් වේදනා ගැන ද කියැවේ.

    ඉතා දුබල වූ පාපකර්මවල විපාක ලෙස මෙලොවින් චුත වන සත්ත්වයෝ ඒ ඒ අකුසල කර්මවල ප්‍රබල බව හේතුවෙන් ම ඒ ඒ අකුසල කර්මවලට සරිලන පරිදි සිව් අපායන්හි ප්‍රතිසන්ධිය ලබති. මේ සතර අපායන්හි ජනිත වීම ඉතා කටුක, වේදනා ගෙන දෙන්නකි. සමහර දුගී ආත්ම භවයන්හි කල්ප කල්පාන්තර ගණනින් ඉතා දීර්ඝතර කාලයක් අපමණ දුක් විඳිමින් ජීවිත ගත කළ යුතුව ඇත.
    ලෝ ධාතු අතරින් අතිවිශාල සත්ත්ව සංඛ්‍යාවක් උපත ලබන්නේ සතර අපායන්හි ය. විටක බුදු හිමියන් ඒ බව පෙන්වා දුන්නේ මෙසේ ය:
    “මහණෙනි, ගොඩබිමෙහි උපදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අල්ප ය. දියෙහි උපදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව අතිවිශාල ය. ඒ ආකාරයට ම මිනිසුන් අතර උපදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව ද ඉතා අල්ප ය. මිනිස් සංහතියෙන් පරිබාහිර ව හෙවත් පිටත පවතින වෙනත් සත්ත්ව සංහතිවල උපදින සංඛ්‍යාව ගැණ නිම කළ නොහැකි ය.

    “තව ද මහණෙනි, මේ මිනිස් ලොවින් චුත වන බොහෝ අය අතුරින් නැවත මිනිසුන් වශයෙන් උපත ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. එහෙත් තිරිසන් ලෝකය, භූත ලෝකය වැනි දුගතිවල උපදින ප්‍රමාණය ගණන් කළ නොහැකි තරම් විශාල ය.”

    එසේ සත්ත්වයින් වැඩි පිරිසක් නොමඟ ගොස් දුර්විපාක විඳින අභාග්‍යසම්පන්න ලෝක 04ක් වේ.
    1. තිරිසන් ලෝකය (තිරච්ඡාන යෝනි)
    2. ප්‍රේත ලෝකය (පේත යෝනි)
    3. අසුර ලෝකය (අසුර යෝනි)
    4. නරක ලෝකය (නිරය)

    මෙයින් තිරිසන් ලෝකය ගැන වැඩිදුරට සඳහන් කළ යුතු නැත. අප නෙතට ගැටෙන අපමණවත් තිරිසන් සත්තු මෙලොව ජීවත් වෙති. ඔවුන් විඳින අනේකවිධ දුක් කම්කටුලු කොතරම් දැ යි ඔවුන්ගේ ජීවන පැවැත්ම දුටු විට පෙනී යයි. මිනිසකු තිරිසනකු වන්නේ ජීවත් ව සිටින විට ආලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලවලින් තොර ව කටයුතු කරන විටදී ය. කිසිදු සුව පහසුවක් නැති, රැකවරණයක් නැති, ත්‍රාසය, භය ආදියෙන් ඔවුන්ගේ ජීවිත වෙළී ඇත. මිනිසුන් වූ අප බල්ලකු, කපුටකු, නයකු, පොළඟකු වීමට කොහෙත් ම කැමති නැත. එහෙත් අපේ ජීවන පැවැත්ම එවැනි ජන්මයකට පාර කියන්නක් වේ නම් නිසැක ලෙස ම අපට උරුම වන්නේ එවැනි දුර්භාග්‍ය සම්පන්න ජීවිතයක් ම ය.

    තිරිසන් සත්ත්වයන්ටත් වඩා කටුක වූත්, දුක්ඛිත වූත් දිවි පැවැත්මක් ඇති සත්ත්වකොට්ඨාසයක් ලෙස ප්‍රේත ආත්ම ලද සත්ත්වයන් හැඳින්විය හැකි ය. ඔවුන් දුක් වේදනා නොවිඳින එකදු මොහොතක් හෝ නොමැත. ඔවුන්ට කුසට අහර නැත; ඉණට වස්ත්‍ර නැත. ප්‍රේතයන් පිළිබඳ තරමක හෝ චිත්‍රයක් මේ මනු ලොව තුළින් ම සොයාගත හැකි ය. අප ජීවත් වන පරිසරයෙහි කුණුබක්කි අදින, කැතකුණු පිරුණු වැරහිලි පෙරවා සිටින අගුපිල්වල පදික වේදිකාවල ජීවත් වන දුගී දුක්ඛිතයන් දෙස බලන විට ප්‍රේතයන් පිළිබඳ චිත්‍රයක් මවාගත හැකි ය.

    දීඝ නිකායේ මහානිදාන සූත්‍රය, සංයුක්ත නිකාය, පේතවත්ථුව යන තැන්වල මේ ප්‍රේත ආත්ම ගැන බොහෝ විස්තර හමු වේ. ප්‍රේත ලෝක ප්‍රධාන ලෙස හතරක් ඇති බව ඒ තැන්වල දැක්වේ.
    1. වන්නාසික – අනුන් වමාරා දමන ලද කෙළ, සෙම්, සොටු වැනි අපද්‍රව්‍ය අනුභව කරන ප්‍රේතයෝ
    2. බූප්පිපාසික – ආහාරපාන කිසිත් නොලබන, නිරතුරු ව බඩසයින් පෙළෙන ප්‍රේතයෝ
    3. නිජ්ඣාමකණ්හික – මුළු සිරුර ම ගිනියම් වූ දැවිල්ලකින් නිබඳ ව පෙළෙන ප්‍රේතයෝ
    4. පරදත්තූපජීවී – අනුන් දෙන දෙයින් දිවි ගෙවන ප්‍රේතයෝ

    මෙයින් පරදත්තූපජීවී ප්‍රේතයන් හැර අනෙක් ප්‍රේත ලෝක තුනෙහි ජීවත් වන ප්‍රේත කොට්ඨාසවල ජීවීන් බුද්ධාන්තර කල්ප ගණනින් විඳිනා දුක්ඛ සම්භාරය කියා නිම කළ නොහැකි තරම් ය. මියගිය ඥාතියකු මේ ප්‍රේත ලෝකවල උපත ලබා සිටින විට දන් පින් කොට පින්දීමෙන් කිසිවකුටත් මුදාගත නොහැකි ය. ඔහු කළ බරපතළ අකුසල් ගෙවෙන තුරාවට එම බරපතළ දුක් වේදනා විඳිමින් කල්ගත කළ යුතු ය. පින් දීමෙන් අපට මුදාගත හැක්කේ සතරවැනි ප්‍රේත ලෝකය වූ පරදත්තූපජීවී ප්‍රේත ලෝකයේ උපන් සත්ත්වයන් පමණි.

    විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එනම්: මේ ප්‍රේත ආත්ම ලද සත්ත්වයන්ට වෙන් වූ වෙන ම ලෝකයක් නොමැති බව යි. ඔවුහු මේ අප ජීවත් වන සත්ත්ව ලෝකය තුළ ම අගුපිල්වල, ගංතොටවල්හි, අඳුරු තැන්වල, ලියගොමු තුළ, පඳුරු තුළ, පාළු සොහොන් තුළ ජීවත් වෙති. එහෙත් ඔවුන්ගේ සියුම් ශරීරයන් අපගේ පියවි ඇසට හසු නො වේ. අනුරුද්ධ හිමියන්ට පි‍්‍රයංකර මාතා නම් ප්‍රේතියකත් ඇගේ දරුවනුත් හමු වීමේ පුවත හා සැරියුත් හිමියන්ට ආත්ම පන්සීයකට පෙර තමන්ගේ මව යැ යි ප්‍රකාශ කළ ප්‍රේතියක හමු වීමේ පුවත ඊට කදිම නිදසුන් ය.

    බෞද්ධ ග්‍රන්ථවල “නිරය” ලෙස දැක්වෙන ගණයට අයත් ජීව ලෝක සඳහා “පාතාල ලෝකය” යන නම ද යෙදී ඇත. එවැනි මහා නරක අටක් ඇති බව ත්‍රිපිටක ධර්මයේ දැක්වේ. 1. සඤ්ජීවය, 2. කාලසූත්‍රය, 3. සංඝාතය, 4. රෞරවය, 5. මහා රෞරවය, 6. තාපය, 7. ප්‍රතාපය, 8. අවීචිය යනුවෙනි.
    සඤ්ජීව නිරයේ උපන් නිරි සතුන්ට දැනෙන්නේ ඔවුන්ගේ සිරුරු නැවත නැවත කැබැලිවලට කපන්නාක් මෙන් ය. එහෙත් එලෙස කැපි කැපී යන හැම මොහොතක ම ඔවුහු යළි යළිත් පණ ලබති. ඔවුන් විසින් කරන ලද අධම වූ අකුසල්වල විපාක වශයෙන් ඔවුන් මෙලෙස කැපි කැපී තව තවත් විඳවනු මිසක මරණය සිදු වීමෙන් ඔවුන්ට එයින් ගැලවීමක් නැත. “සඤ්ජීව“ යන්නෙහි තේරුම “නැවත නැවත පණ ලැබීම” යන්න යි.

    කාලසූත්‍ර නිරයේ උපන් නිරිසතුන්ට දැනෙන්නේ වධකයන් විසින් ඔවුන්ගේ ශරීර නූල් ඇද මසා අනතුරු ව වෑ-පොරෝ ආදියෙන් කීතු කීතු කපන්නාක් මෙන් ය. “කාලසූත්‍ර” යන්නෙහි වචනාර්ථය “කළුනූල” යන්න යි.

    සංඝාත නිරයේ උපන් අයට හැඟෙන්නේ හාත්පස සිව් දෙසින් ම තල්ලු වී එන විශාල ගිනියම් පර්වතයකින් තොරතෝංචියක් නැති ව පොඩි පට්ටම් වී යන්නාක් ලෙසිනි. “සංඝාත” යන නම යෙදී ඇත්තේ ද “අඹරා පොඩි කරන” යන අදහසිනි.

    රෞරව නිරයේදී දුම් රොටු පිට කරමින් ඇවිළෙන ගිනි දැල් නිරන්තරයෙන් ම නාසා ආදි නව දොරටු තුළින් සිරුරට ඇතුළු ව ඔවුන් දවන්නාක් මෙන් හැඟීමක් එම නිරිසතුන්ට දැනේ. ඒ දැවෙන වේදනාවෙන් තොරතෝංචියක් නැති ව දුක් අෙඳීනා දෙමින් ඔවුහු හඬා වැලපෙති.

    මහාරෞරව නිරය රෞරවයට වඩා ප්‍රමාණයෙන් විශාල ය. මෙහි බුරබුරා නැඟෙන ගිනිදැල් තුළ උදුනක මෙන් තැම්බෙමින් නිරිසතුන් නිමක් නැති වදවේදනා විඳිමින් හඬ හඬා කෑගසා වැළපෙන බව විස්තර වේ.

    තාප නිරයේ ස්වභාවය නම් ගිනියම් වූ පොළොවකට සවි කරන ලද, එසේ ම ගිනියම් වූ යකඩ පොලුවලට සෙලවීමට නොහැකි වන පරිදි කෙළින් සිටුවා අමුණන ලද නිරිසතුන් වේදනාවෙන් ළතෝනි දෙමින් සිටීම යි.

    ප්‍රතාප නිරයේ උපන් සත්ත්වයන්ට දැනෙන්නේ ගිනියම් වූ ස්වයංක්‍රීය ආයුධවලින් තළමින් ගිනි කන්දකට නඟින්නට ඔවුන්ට අණ කරන්නාක් මෙනි. එහෙත් ඒ ගිනි කන්දෙන් ද බුරබුරා නඟින ගිනි දැල්වලින් දැවිදැවී සිටින ඔවුන් නැවත පහතට හෙළනු ලබන්නේ යළිත් හෙලවීමට වත් නොහැකි පරිදි ගිනියම් වූ යකඩ කූරුවලට ඇමිණී, කිව නොහැකි තරම් පිලිස්සුම් වේදනා විඳීමට ය.
    අවීචි යන්නෙන් අදහස් කරන්නේ “කඩ වීමකින් තොර ව“ යන්න යි. තවත් පැහැදිලි කරතොත්, “තොරතෝංචියක් නැතිව“ යන අදහස ගත හැකි ය. අට මහා නිරයන් අතරින් විශාලතම නිරය අවීචිය යි. මෙය පිහිටා තිබෙන්නේ ද අනෙක් සියලු නිරයන්ට වඩා පහළින් ය. මෙහි නිරන්තරයෙන් ම මහා ගිනි ජාලාවක් එක්පසක සිට අනෙක් පසට තල්ලු වී එයි. එයට මැදි වන නිරි සතුන් දැවි දැවී පිලිස්සෙමින් විඳින දුක් කන්දරාව අපමණ ය. අනන්ත ය.

    මෙම අටමහා නරකයන් පැති සතරකින්, දොරටු සතරකින් හා මුළු සතරකින් යුක්ත ය. මේ හැම දොරටුවක ම පිටත කොන් හතරකින් යුක්ත වූ “උස්සද” නමින් හැඳින්වෙන කුඩා නිරයන් ද ඇති බව සඳහන් වේ. ඒවා “ඔසුපත්” නිරය නමින් ද හැඳින්වේ. මේ අට මහා නරකවලින් එකක් වටා ඔසුපත් නරක 16 බැගින් ඇති බව සඳහන් වේ. ඒ අනුව මහා නරක අටෙහි පරිවාර නරක 16 බැගින් සමස්ත නිරයන්ගේ සංඛ්‍යාව 136 කි. මේ සියල්ල කාම දුගති ලෝක ලෙස සඳහන් වේ.

    මනු ලොව සිටියදී කළ හැකි සකල දුශ්චරිත හා මහා පාප කර්ම සිදුකොට, ඒවායේ විපාක ලෙස ඉපදීමට සිදු වන්නේ මේ මහා දුක්ඛ දායක ලෝකයන්හි ය. එබැවින් උපනුපන් ආත්ම භවයන්හිදී මෙවැනි බිහිසුණු අමනුෂ්‍ය ලෝකයන්හි ඉපදීමට හේතු කාරක වන පාප කර්මයන්ගෙන් මිදී, දාන සීල භාවනා ආදි සුචරිත කර්මයන්හි යෙදීමට අපි සැම අප්‍රමාදිව යුහුසුලු වෙමු.

    ලෙස්ලි කුලතුංග


    Source: http://www.namaskara.lk/
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    • Like
    Reactions: san**

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මම දන්නේ නෑ මේක ඇත්තද කියලා, මොකද මම දැකලා නැති නිසා හරියටම කියන්න බෑ. නමුත් මේක ඇත්ත නම් සෑහෙන තොගයක් ලංකාවේ එහෙනම් අපායට තමයි යන්නේ. මොකද ඊෂියාවේ, කුඩුකේඩු කමේ ,වෛරය පතුර පතුර එකිනෙකා කුලල් කාගෙන ඉන්න සමාජයක් අපිට තියෙන්නේ.
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    bump..මේ වගේ ත්‍රෙඩ් තව දාන්න..rep



    මම දන්නේ නෑ මේක ඇත්තද කියලා, මොකද මම දැකලා නැති නිසා හරියටම කියන්න බෑ. නමුත් මේක ඇත්ත නම් සෑහෙන තොගයක් ලංකාවේ එහෙනම් අපායට තමයි යන්නේ. මොකද ඊෂියාවේ, කුඩුකේඩු කමේ ,වෛරය පතුර පතුර එකිනෙකා කුලල් කාගෙන ඉන්න සමාජයක් අපිට තියෙන්නේ.

    බුදු දහමේ තිබෙන ගොඩක් දේවල් මිනිසුන් විසින් විශ්වාස නොකරන නිසා සමාජය පිරිහිලා තියෙන්නෙ. අපි මේ දේවල් විශ්වාස කරනවනම්, මිනිස්සුන්ට පවට තියෙන බය වැඩි වෙනව.

    සියළුම දෙනාට ස්තූතියි.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    බුදු දහමේ තිබෙන ගොඩක් දේවල් මිනිසුන් විසින් විශ්වාස නොකරන නිසා සමාජය පිරිහිලා තියෙන්නෙ. අපි මේ දේවල් විශ්වාස කරනවනම්, මිනිස්සුන්ට පවට තියෙන බය වැඩි වෙනව.

    සියළුම දෙනාට ස්තූතියි.

    අවබෝධයක් නැතුව විශ්වාස කිරිම බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනියි. ඒ වගේම තමන් පවට බිය වී නෙවෙයි ඉන්න ඕනේ. තමන් කරන දේ නිසා අන් අයට වෙන හිරිහැරය ගැන හිතලා ඒ දේ නොකර ඉන්නයි හිතාගන්න ඕනේ. අපි හැම තිස්සෙම අන් අය ගැන හිතන්න ඕනේ. අනෙක් අය තමාට උපමා කරලා යම් දෙයක් කරොත් අන් අයට දැන්නේ මොන වගේද කියලා ඒ අය හිතනවා වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපි ගලක් ගැහුවොත් සතෙකුට අපි හිතන්න ඕනේ යම් කෙනෙක් ඒ වගේම අපිටත් ගලක් ගැහුවම රිදෙන්නේ මොන වගේද කියලා. ඒ වේදනාව අපි අවබෝධ කර ගත යුතුයි.
    පවට බිය වී සිටින කෙනා අවංක ලෙස සත් පුරුෂයෙක් නෙවෙයි. සත් පුරුෂයෙක් කියන්නේ අන් අයට මෛත්‍රි කරන කෙනාටයි ඒ අය ළග බයක් නෑ කිසිම දෙයක් සම්බන්ධයෙන්. බෞද්ධාගම කියන්නේ කාටවත් බය වෙන්නවත් කාටවත් නැමිලා වන්දනාමාර කරලා සුගතිගාමි වෙන්නවත් උගන්වන දර්ශණයක් නෙවෙයි. බෞද්ධාගම කියන්නේ බුද්ධිය මෙහෙයවලා තමන්ගේ සුගතිය තමන් විසින් සලසාගැනීමටයි.