බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )

    බුකිය ඇතුළු අන්තර්ජාලයේ සැරිසරණ විට ඇස ගැටෙන වටිනා දහම් ලිපි සියල්ල එකම නුලකින් ලබා දෙන්න තමයි මේක පටන් ගන්නේ ඔබට හොද ලිපියක් ලැබුනොත් පොස්ට් කරන්න

    576839_153479651483789_382573153_n.jpg



    යහපත් බිරිඳක සතු ගුණ

    අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්‍ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්‍රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

    අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්‍රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

    “ නකුල මාතාවෙනි, ධර්ම අටකින් යුක්ත ස්ත්‍රිය මරණීන් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදියි. ඒ ධර්ම අට මොනවාද?”

    මේ ආකාරයට දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියක මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින ආකාරය දේශනා කොට වදාළා. අපි මෙහිදී මේ නකුල මාතාව යනු කවුදැයි කියා හදුනා ගනිමු. ඇයට “ නකුල” නම් දරුවෙකු සිටි නිසා නකුල අම්මා හෙවත් නකුල මාතාව නම් විය.ඇගේ ස්වාමි පුරුෂයා නකුල පිතා නම් විය.මේ යුවළ සෝතාපන්නවූ ගෞතම බුදු සසුනේ විශ්වාසි කථා ඇති උපාසක උපාසිකාවන් අතර අගතනතුරු ලැබූ යුවළකි. ඉතින් මේ නකුල මාතාව තම සැමියා කෙරෙහි බොහෝම සෙනෙහෙසකින් යුතුව කටයුතු කරමින් දන් පින්කම් කළ කාන්තාවක්. ඉතින් මැය වැනි උතුම් කාන්තාවකට මැනැවින් ගැළපෙන දේශනයක් වශයෙන්ද මේ සූත්‍රය හැදින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ “ධර්ම අටකින් යුතු ස්ත්‍රිය මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින” බව වදාළ සේක. මේ “ මනාපකායික දෙවිවරුන්” නම් කවුරුන්ද? අනුරුද්ධමනාපකායික සූත්‍රයේ සඳහන් වන ආකාරයට මනාපකායික දෙවිවරු තුන් තැනක ඉසුරු කරයි. වංශයෙහි පවත්වයි. ඒවා නම් යම්බදු වර්ණයක්, යම්බදු ස්වරයක්, යම්බදු සැපයක් කැමැති නම් එබඳු වර්ණය, එබඳු ස්වරය, එබඳු සැපය සැණෙකින් ම ලබති. ඔවුහු කැමැති නම් නිල්වන්නට එවිට නිල්පාට වෙති. රතු වන්නට කැමැති විට රතු පාට වේ.මෙලෙස මනාප මනාප ආකාරයට සිටීමේ හැකියාව මනාපකායික දේවතාවන්ට ඇත.

    මීළඟට අපි බුදුරදුන් වදාළ එම ධර්ම අට මොනවා දැයි වෙන වෙනම විමසා බලමු. අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්‍ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්‍රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි.

    මෙම ගුණධර්මය ඇති බිරිය තම ස්වාමියා කෙරෙහි ගෞරවනීය ස්නේහවන්තකමක් ඇති උතුම් බිරිය කි. ආදරණීය ස්වාමියෙක් දහඩිය හෙළා ධනය උපයන්නේ තම බිරිය වෙනුවෙනි. ඇගේ ජීවිතය සුන්දර කර දීමටය. ඔහු තම මිතුරන් සමඟ ඇගේ ගුණ කියන්නේ ඈ කෙරෙහි වන භක්තියෙනි. එබැවින් උතුම් බිරියක විසින් තම සැමියාට දෙවියෙකුට මෙන් සැලකිය යුතුය. උතුම් බිරිය තම සැමියාට අම්මා කෙනෙකු මෙනි.අම්මා කෙනෙක් විඩාවට පත්වූ තම දරුවාට සංග්‍රහ කොට විඩා නිවයි. තම දරුවා කැමැති කැමැති ආහාරපාන සකස් කර දෙයි. දරුවන් නින්දට ගිය පසු නින්දට යන ඇය දරුවන්ට පෙර අවදි වී මුලුතැන්ගෙට ගොස් පසු දා ආහාරය සකසා දෙයි.මෙසේ කටයුතු කරන බිරිය කෙරෙහි සැමියාගේ සිතේ අම්මා කෙරෙහි මෙන් සෙනෙහසක් ගෞරවයක් උපදියි.

    ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන දෙවන කරුණ මෙසේය. යහපත් බිරිඳ ස්වාමියාගේ මවට, පියාට, ඔහු ගරු කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට (සක්කරොති) සත්කාර කරයි. (ගරුකරොති) ගරු කරයි, (මානෙති) බුහුමන් කරයි. (පූජෙති) පුදයි. එපමණක් නොව ඇය ආගන්තුකයන් පැමිණි විට ඔවුන්ට (ආසනොදකෙන පටිපූජෙති) වාඩි වෙන්නට ආසන දෙයි. පැන්දෙයි. මෙසේ ආගන්තුකයන්ට වාඩිවෙන්නට ආසන දීම හා පැන් දීම ඔවුන් පිදීමකි.

    ඇය දැරියක වශයෙන් කුඩා කාලයේ මවුපියන් සමග ගත කරන කාලයේ බෙහෙවින් සියුමැලිය. එහෙත් ඇය විවාහ වී පතිකුලයට පැමිණිදා සිට වගකීම් විශාල ප්‍රමාණයක් ඇත්තියක් බවට පත්වන්නීය. විවාහ වූ ඇය ගෘහණියකි. ගෘහණියක ලෙස තම සැමියාගේ දෙමව්පියන්ට, ඥාතීන්ට , හිත මිතුරන්ට, ඔහු ගෞරව කරන පූජණීය උතුමන්ට ඉටු කළ යුතු බොහෝ යුතුකම් වේ.ඇතැම් විට තම සැමියාගේ පැරැණි සේවකයන් බිරියට නුරුස්සනවා විය හැකිය. එවිට ඔවුන් කෙසේ හෝ සේවයෙන් පහකිරීම නොකළ යුතුය. අසරණ භාවයට පත්වන එම තැනැත්තාට වන කලදසාව ගැන ද කල්පනා කළ යුතුය. ඇතැම් විට එවැනි අවස්ථාවකදී තම සැමියාගේ සියලු ව්‍යාපාර ආදිය අඩපණවීමට ද ඉඩ තිබේ. එවිට ද සැමියා බිරිය කෙරෙහි දක්වන සෙනෙහස ද අඩුවෙනු ඇත. එබැවින් බිරිය ඔවුන් කෙරෙහි මහත් සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් සංග්‍රහ කළ යුතුය. තවද ස්ත්‍රියක විවාහවීමත් සමගම තමන්ට සිටි මවුපියන් සිවුමාපියන් බවට පත් වෙති. එවිට ඇය තමන්ගේ දෙමවුපියන්ගේ මෙන්ම ඔහුගේ දෙමවුපියන්ගේ කටයුතුද මැනැවින් සොයාබලා කළ යුතුය. ඔවුන් තම දෙමවුපියන් නොවූවද තම ආදරණීය ස්වාමියාගේ දෙමවුපියන්ය. මෙලෙස ස්වාමියා ගරු කරන සංග්‍රහ කරන අයට ගරු සත්කාර සංග්‍රහ කිරීමෙන් ඔහුගේ ආදරය දිනා ගැනීමට හැකිවේ.

    මීළඟට යහපත් බිරියක විසින් සැමියාගේ එළු ලොම් හෝ කපු හෝ යම් ඒ ඇතුළත ඇති කර්මාන්තයන්හි දක්‍ෂ වී කම්මැලි නොවී උපාය පරීක්‍ෂාවෙන් යුතුව කිරීමට හා සංවිධානය කිරීමට හැකි තැනැත්තියක බවට පත්වීම තුන්වන ගුණය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යහපත් බිරියක තුළ තිබිය යුතු මෙම උතුම් ගුණය සැබැවින්ම නකුල මාතාව තුළ විය. ඒ බව ඇය තම ස්වාමියා රෝගීව සිටින අවස්ථාවක ඔහුට මතක් කර දීමෙන් පැහැදිලි වෙයි. එනම් මේ උතුම් නකුල මාතාවගේ සැමියා වන නකුල පියා එක් අවස්ථාවක රෝගී වෙයි. ඔහු බෙහෙතින් සුවපත් කරන්නට නොහැකි වූ ඇය යම් හෙයකින් නකුල පියා මිය යන විට අපේක්‍ෂා සහිතව මිය යාමට සිදුවුවහොත් එය ඔහුට අනර්ථයක් අයහපතක් වේ යැයි සිතා අවවාද කරන්නට වූවාය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ සිත අපේක්‍ෂා රහිත වීමට ඔවදන් දෙන ඇය “ ගෘහපතිය , ඔබට නකුල මාතා ගෘහපතිනිය මගේ ඇවෑමෙන් පස්සේ දරුවන් පෝෂණය කරන්නට ගෘහවාසය පවත්වන්නට නොහැකි වේ කියා හිතෙන්නට පුළුවනි. ගෘහපතිය, එය එසේ නොදැකිය යුතුය. ගෘහපතිය, මම කපු කැටීමට ද එළුලොම් වෙළුනෙළීමටද දක්‍ෂ කෙනෙක්මි. ගෘහපතිය මම ඔබේ ඇවෑමෙන් පසුව දරුවන් පෝෂණය කරන්න ගෘහවාසය පවත්වන්නට පුළුවනි. ගෘහපතිය, ඒ නිසා ඔබ මේ කාරණයෙහි අපේක්‍ෂා ඇතිව කලුරිය කරන්නට එපා “ යනාදි වශයෙන් අවවාද දුන්නාය. එබැවින් මේ ගුණය උතුම් බිරියකගේ ලක්‍ෂණයකි.

    මීළඟට උතුම් බිරිය සැමියාගේ දාසයන්, පණිවිඩකරුවන්, කම්කරුවන් යනාදි අය කළ වැඩ දනියි. නොකළ වැඩ ගැනත් දනියි. ලෙඩවුණු අයගේ ශක්තියත් දුර්වල බවත් දනියි. අනුභව කළ යුතු දේවල් කොටස් වශයෙන් ඒ අයට මනාව බෙදාදෙයි. මෙයත් බිරියක තුළ තිබිය යුතු උතුම් ගුණයකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් සැමියාගේ දාසයන්, කම්කරුවන් උද්යෝගීමත්ව කටයුතු කරනු ඇත.සේවකයන් ගැන සොයා බැලීමෙන් හා ඔවුන්ට මැනැවින් සංග්‍රහ කිරීමෙන් තම පවුලට අයත් ආදායම් මාර්ග ඉතා හොඳින් දියුණු කරගත හැකිවන අතර එය සැමියාටද මහත් පහසුවක් වේ.

    සැමියා උපයන ධනය හෝ ධාන්‍ය හෝ රිදී හෝ රන් හෝ යමක් ගෙන එයි ද එය මනාව ආරක්‍ෂාවෙන් පාලනයෙන් සැපයීම කළ යුතු අතර එහි දූර්ත වීම සොරකම් කිරීම නොකළ යුතුවේ.

    තවද එම උපයන ධනයට ලොල් නොවිය යුතුය. විනාශ නොකළ යුතුය. ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පස්වන කරුණ මෙයයි. ධනය ඇත්තේ වියදම් කිරීමට මිස ළඟ තබා ගෙන සිටීමට නොවන බව සැබෑය. එහෙත් යම් බිරියක් උපයන සියලුම ධනය නිකරුණේ වියදම් කරයිද ඇය නිවසේ දියුණුව වළක්වයි.

    සැමියා උපයන සියලුම ධනය වියදම් කිරීමට සුදුසු මාතෘකා සොයා ගැනීම අපහසු නැත. එහෙත් බිරියක වශයෙන් තම සැමියා ගැන මානුෂීයව හා සෙනෙහසින් යුතුව සිතාබලා ඔහු උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නටත් පවුලේ යහපතටත් වෙන් කළ යුතුය. තවද උතුම් ස්ති‍්‍රය බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝයා යන තෙරුවන සරණගිය උපාසිකාවක් බවට පත්වෙයි. මේ තෙරුවන් සරණයෑම ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන හයවන කරුණයි.

    බුදුරජාණන් වහන්සේ වදාළ හත්වන කරුණ වන්නේ පස් පවින් වැළකී සිල්වත් වීමයි. අටවන කරුණ වන්නේ ස්ත්‍රිය ත්‍යාගවන්තියක වීමයි. අතහැරීමටම වෙන්වුණු දීමටම සූදානම් වූ දන් දීමෙහි ඇලුණූ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණු ඉවත් වූ මසුරුමල ඇති සිතින් යුතුව ගිහිගෙහි වාසය කිරීමයි.

    මේ ආකාරයට උතුම් ස්ත්‍රිය තෙරුවන් සරණගිය සිල්වත් වූ දන් දෙන සුළු උපාසිකාවකි. මෙම ධර්ම අටෙන් සමන්විත ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළහ. අනතුරුව උන්වහන්සේ ගාථා හතරක්ද වදාළහ. යම් කෙනෙක් හැමදා නිතර වීර්ය ඇතිව උත්සාහවත් වී ඒ ස්ත්‍රිය පෝෂණය කරයිද කැමැති සියලු දෑ දෙන පෝෂණය කරන ඒ ස්වාමි පුරුෂයාට අවමන් නොකළ යුතුය. පණ්ඩිත වූ යහපත් වූ ස්ත්‍රිය සැමියා ඊර්ෂ්‍යා කිරීමෙන් කෝප නොකරයි. සැමියාගේ ගරු කටයුතු සියලු දෙනා පුදයි. නැගී සිටීමේ වීර්ය ඇතිව කම්මැලි නොවූ ඇය පිරිවරට සංග්‍රහ කොට සැමියාට මනාපව හැසිරෙයි. සපයා ගත් ධනය ආරක්‍ෂා කරයි.

    යම් ස්ත්‍රියක් මෙලෙස සැමියාට පවතියිද සැමියාගේ කැමැත්ත අනුව කටයුතු කරන ඇය මනාපකායික නම් දෙවියන් අතර උපදියි.

    මේ ආකාරයට උතුම් බිරියක් වශයෙන් කටයුතු කරන යහපත් තැනැත්තියට මෙලොව යහපතත් පරලොවදි මනාපකායික දෙවියන් අතර උපත ලබා තමාට මනාප අයුරින් වාසය කිරීමටත් අවස්ථාව භාග්‍යය උදාවේ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    544215_589447097751667_262906548_n.jpg



    සාර්ථක යුග දිවියකට බොදු උපදෙස්

    විවාහ ජීවිතයට ඇතුළත් වන ගිහියකුට වඩාත් වාසනාවන්ත ලෙස, වඩාත් යහපත් ලෙස ඒ ජීවිතය ගත කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් සිදුකරන ලද මඟපෙන්වීම කුමක්ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කැරෙයි. උන්වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා, ගෘහස්ථ ජීවිතය තුළ සාර්ථක විවාහ සම්බන්ධතාවක් පවත්වාගන්නට එකිනෙකා තුළ සම මට්ටමින් අධ්‍යාත්මික ගුණ හතරක් වර්ධනය කරගත යුතු බව. එනම් සම සීල, සම ශ්‍රද්ධා, සම චාග, සම ප්‍රඥා යන ගුණ හතරයි. මෙකී ගුණාංග හතරින් යුක්ත විවාහක පිරිමියාට සහ ගැහැණියට වාසනාවන්ත ජීවිතයක්, වඩාත් සතුටින් යුක්ත ජීවිතයක් ගත කරන්නට හැකියාව සැලසෙන්නේ කෙසේද යන්න අපගේ අවධානය යොමුකිරීම මෙහිදී ප්‍රයෝජනවත් වෙනවා.

    බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු සම ශ්‍රද්ධා යන සංකල්පය දෙස අවධානය යොමු කළහොත් එහි අරටු බවට පත්වන්නේ කුමක්ද? එකිනෙකා පිළිබඳ අවබෝධයකින් යුක්තව ගැඹුරු විශ්වාසයක් පැවතිය යුතු බව. සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳ, උතුම් වූ ශ්‍රී සද්ධර්මය පිළිබඳ ආර්ය මහා සංඝරත්නය පිළිබඳ පවතින්නා වූ අවබෝධයෙන් යුක්ත විශ්වාසයටයි ශ්‍රද්ධාව යන වචනය භාවිතා කරනු ලබන්නේ. නමුත් ගෘහ ජීවිතයකට තුණුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව සේම බිරියකට ස්වාමි පුරුෂයා පිළිබඳත් ස්වාමි පුරුෂයාට බිරිය පිළිබඳත් ගැඹුරු නිවැරැදි ශ්‍රද්ධාවක් පැවැතීම අත්‍යවශ්‍ය වනවා.
    එකිනෙකා පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුක්ත විශ්වාසයක් ගොඩනැගෙන්නේ යම් ප්‍රමාණයකටද එපමණකටම ගෘහස්ථ ජීවිතයේ එකිනෙකා අතර අඬදබර ආරවුල් කලකෝලාහල ඇතිවන එක වළක්වා ගන්නටත් සැක සංකා උපදින එක වළක්වා ගන්නටත් අනිවාර්යයෙන්ම අවකාශයක් උදාවෙනවා. එනිසාමයි, තිලෝගුරු බුදුහිමයන් ස්වාමියකුගේ සිත තුළ ස්වකීය බිරිය පිළිබඳ හොඳ වැටහීමකින් යුක්ත විශ්වාසයක් පවත්වා ගත යුතු බව යෝජනා කර තිබෙන්නේ. එකිනෙකා කෙරෙහි ගැඹුරු විශ්වාසයක් පවතිනවා නම් තම පවුල කෙරෙහි පිටතින් එල්ලවන්නා වූ යම් යම් ප්‍රකාශන චෝදනා කේළාම් ආදිය තුළින් කලබලයට පත් නොවී ඒවා කෙරෙහි නුවණැසින් බලමින් කටයුතු කරන්නට ඛ්ැකියාවක් අවස්ථාවක් සැලසෙනවා.

    ශ්‍රද්ධාවන්ත ස්ත්‍රී පුරුෂයන්ට. එනිසාමයි මෙකී සංකල්පය තමාගේ අධ්‍යාත්මය තුළ ගොඩනගා ගත යුතු එකක් ලෙස බුදු හිමියන් විසින් අවධාරණය කර තිබෙන්නේ. එහෙත් මා ඔබට සිහි කළ යුතුයි, මෙකී සංකල්පය දෙදෙනාගෙන් එකකු තුළ පැවතීම පමණක් ප්‍රමාණික වන්නේ නැහැ. ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දෙදෙනා තුළම මෙකී ශ්‍රද්ධාව එක සමාන්තරව පිහිටුවා ගැනීමයි, බුදු සමය තුළ අගය කර දක්වා තිබෙන්නේ.

    දෙවන කරුණ වන්නේ සම සීල ය යි. සම සීලය යනුවෙන් මෙහිදී අදහස් කරනු ලබන්නේ බිරියට සමාන්තරව ස්වාමි පුරුෂයාත් ස්වාමි පුරුෂයාට සමානව බිරියත් පවුල් ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා වූ ප්‍රතිපත්ති ආරක්ෂා කළ යුතු බවයි. ඒ පංච ශීල ප්‍රතිපත්තියට පමණක් නොවෙයි.

    ගිහි ජීවිතය ගතකරන පිරිස තම ගෘහස්ථ ජීවිතයේදී එකිනෙකා අතර විවිධ ආකාරයේ එකඟතා සම්මුති ඇතිකර ගනු ලබනවා. එකී සම්මුති එකගතා දෙපාර්ශ්වය විසින්ම කඩ නොකොට ආරක්ෂා කළහොත් පමණයි, එම පවුල වඩාත් සුරක්ෂිත වූවක් බවට පත්වන්නේ. එබැවින් අනිවාර්යයෙන්ම විවාහක ජීවිතයට ඇතුළත් වන්නට පෙරම විවාහ ජීවිතයට ඇතුළු වූ පසු තමන්ට රකින්නට සිදුවන ශීල ප්‍රතිපදා පිළිබඳ අවබෝධයක් විවාහ ජීවිතයට ඇතුළුවන්නා වූ ස්ත්‍රී පුරුෂයින්ට තිබීම අත්‍යවශ්‍ය කරුණක් බවයි මෙහිදී මා ඔබට සිහිපත් කර සිටින්නේ.

    ඒ මන්ද කියනවා නම් සම සීලයක් රකින්නට දෙදෙනා සූදානම් වීම යනු විවාහය සඳහා වූ අධ්‍යාත්මික විනය පද්ධතියකට තමන් විසින්ම ඇතුළත් වීමක්. විනයක් නොමැති ආයතනයක් කිසිලෙසකින් හෝ දිගු කාලීනව පවතින්නේ් නැහැ. විනයක් නැති පවුල් සංස්ථාවත් එලෙසමයි. එහි දිගු කාලීන පැවැත්මක් අපේක්ෂා කරනවා නම්, එකී පවුල, තුළ අනිවාර්යෙන්ම එකිනෙකා සිල් ආරක්ෂා කිරීම, විනය ශික්ෂා පද රැකීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වන බව මෙහිදී ඔබට සිහිපත් කළ යුතුයි. ස්ත්‍රිය පුරුෂයා කියන දෙදෙනාම එක සමානව සිල් රකින විට දෙදෙනා පිළිබඳ සෞඛ්‍යමය වශයෙන් අධ්‍යාත්මික වශයෙන් වගේම ආර්ථිකමය වශයෙනුත් දෙදෙනාගේ ජීවිත සුරක්ෂිතතාවට පත්කර ගන්නට අනිවාර්යයෙන්ම අවකාශයක් ලැබෙනවා.

    යම්කිසි පවුලක ස්ත්‍රිය දුසිල්වත් කෙනෙකු බවට පත්වුවහොත් එසේත් නැතිනම් පුරුෂයා දුසිල්වත් කෙනෙකු බවට පත්වුවහොත් එකී පවුල තුළ කිසිසේත් ආර්ථික දියුණුවක් හෝ අධ්‍යාත්මික දියුණුවක් ගොඩනැගෙන්නට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ.

    විශේෂයෙන් දුසිල්වත් වූ ස්ති‍්‍රයක් අධිපති තනතුරෙහි සිටිනා විට ගෘහණියක් ලෙස එම ගෘහය තුළ නිරතුරුවම ආර්ථික පරිහානිය උද්ගත වන බව බුදුරජාණන් වහන්සේ ෂසින් අවධාරණය කර තිබෙන්නා වූ සුවිශේෂි කරුණක්. මෙය විවාහක ජීවිතයකදී අත්‍යවශ්‍යයෙන්ම අවධානයට ලක් කළ යුතු කරුණක්.

    ඒ වගේම යි ත්‍යාග සම්ප්‍රදාව (පරිත්‍යාග සම්පත්තිය) බිරියක් පරිත්‍යාගශීලි කෙනෙකු වෙනවා නම්, ස්වාමියකු පරිත්‍යාග ශිලි කෙනකු වෙනවා නම් එකී විවාහ සංස්ථාව එකිනෙකාගේ සම පරිත්‍යාග ගුණය නිසාම වඩාත් අර්ථ සම්පන්න වාසනාවන්ත එකක් බවට පත්වනවා. පරිත්‍යාගශීලි බව, භෞතික පරිත්‍යාගශීලිත්වය මෙන්ම අධ්‍යාත්මික පරිත්‍යාගශීලිත්වය යන අංශ දෙකකින් සලකා බැලිය හැකියි. එකිනෙකා වෙනුවෙන් කායිකව, වාචසිකව මෙන්ම මානසිකවත් අනිවාර්යයෙන්ම පරිත්‍යාගශීලිවීම තමයි ආදරය ලෙස නම් කරන්නට පුළුවන්කම තිබෙන්නේ.

    වචනයෙන් සිතින් මෙන්ම කයිනුත් එකිනෙකා වෙත කළයුතු කැපකිරීම් කරන්නට කිසිලෙසකින්වත් එවැනි සිතිවිල්ලක සිටින්නා වූ කෙනෙක් පසුබට වන්නේ නැහැ. බුදුසමය මත පදනම්ව විවාහ ජීවිතය ගොඩනගා ගන්නට උත්සාහ කරන ඔබට මා යෝජනා කරනවා ඔබ භෞතික පරිත්‍යාග වගේම එයටත් වඩා වැඩිකොට ආධ්‍යාත්මික වූ පරිත්‍යාග සිද්ධ කරන්නට පෙළඹෙන කෙනෙකු බවට පත්වුවහොත් ඔබගේ විවාහ ජීවිතය වඩාත් සාර්ථක වඩාත් වාසනාවන්ත එකක් බවට අනිවාර්යයෙන්ම පත්වනු ඇති බව. අප අද සමාජය දෙස බලන විට එකිනෙකාගේ අදහස් උදහස් වෙනුවෙන් තමන්ගේ තිබෙන්නා වූ යම් යම් මනෝභාව කැප කරලා ජීවත්වීම වෙනුවෙන් සතුටින් ගතකිරීම වෙනුවෙන් තමන්ගේ මානය වැනි දූෂිත සිතිවිලි අතහැර දමන්නට කැප කරන්නට කැමැති වන පිරිස බොහෝ ස්වල්ප වශයෙනුත් අපට මුණ ගැසෙන්නේ.

    නමුත් යම්කිසිවකු පත්වුවහොත් තමන්ගේ සිතිවිලි අනෙකාගේ යහපත වෙනුවෙන් අත්හරින්නට එවැනි විවාහ ජීවිතයක් අතිශයින්ම වාසනාවන්ත වන බව නම් ඒකාන්තයි. මන්ද, පවුල නමැති සමස්තය තුළ තමන් නමැති මමත්වය දියකර හරින්නට අධ්‍යාත්මික සූදානමක් මිනිසා තුළ ගොඩනැගෙන නිසා මේ සංකල්පය බුදුදහම මත පදනම් වූ සාර්ථක විවාහයකට පදනම් සපයන බවයි අප කල්පනා කරන්නේ. මීළඟ වැදගත් කාරණය වන්නේ බුදු හිමියන් පෙන්වා දෙන පඥ‍්‍රා සම්ප්‍රදාවයි.

    එනම් ජීවිතය පිළිබඳ ලෝකය පිළිබඳ ධර්මය පිළිබඳ පැතිරී ගිය ප්‍රඥාවකින් විවාහක දෙපළ යුක්ත නම් ඔවුන් දෙදෙනාගේ ප්‍රඥාවෙන් පරිපූර්ණ වූ එකී විවාහය වාසනාවන්ත වූ පින්බර වූ විණාහයක් බවට පත්වනු ඇතැයි බුදුසමය තුළ අවධාරණය කර තිබෙනවා.

    එසේම බුදු හිමියන් අපට පෙන්වා දෙනවා යම්කිසි කරුණක් පිළිබඳ යථාර්ථය බිරියට සමානව ස්වාමි පුරුෂයාත් ස්වාමි පුරුෂයාට සමානව බිරියත් වටහා ගත යුතු බව. ඥාතීන් පිළිබඳ වුවත් දු දරුවන් පිළිබඳ වුවත් අනෙකුත් සමාජ සංස්ථාවන් හි පවතින සබඳකම් පිළිබඳ වුවත් එකිනෙකාට එක සමාන වූ අවබෝධයක් පවතිනවා නම් තේරුම් ගැනීමත් ප්‍රඥාවක් තිබෙනවානම් අනිවාර්යයෙන්ම ගැටෙන්නට තිබෙන අවස්ථා බොහොමයක් මඟහරවා ගන්නට එමගින් ඉඩ සැලසෙනවා.

    එබැවිනුයි බුදුසමය ඔබට අවධාරණය කර සිටින්නේ ඔබ සම ප්‍රඥාවකින් සම අවබෝධයකින් යුක්තව ඔබගේ ගෘහස්ථ ජීවිතය තුළ කටයුතු කළ යුතු බව. මේ ආකාරයට ඉහත සඳහන් කරනු ලැබූ සම සීල, සම චාග, සම ශ්‍රද්ධා සම ප්‍රඥා කියන සංකල්ප විවාහක අඹුසැමියන් තුළ පවතිනවා නම් ඔවුන්ට වඩාත් වාසනාවන්ත ජීවිතයකට ගමන් කරන්නට, ගැටුමකින් තොර ජීවිතයකට ගමන් කරන්නට අවකාශයක් අවස්ථාවක්, අනිවාර්යෙන්ම උදා වෙනවා.

    එපමණක් නොවෙයි, සිඟාලෝවාද සූත්‍රය තුළදී බුදුරජාණන් වහන්සේ බිරියකට ස්වාමි පුරුෂයකු විසින් ඉටුකළ යුතුකම් මෙන්ම ස්වාමි පුරුෂයාට බිරියක විසින් ඉටු කළ යුතු යුතුකම්ද පෙන්වා දී තිබෙනවා. එකිනෙකා වෙනුවෙන් ඉටු කළ යුතු ඒ යුතුකම් දෙස සමස්තයක් ලෙස බලන විට අපිට පෙනෙන්නේ එකී යුතුකම් අතර බුදුහිමියන් පෙන්වා දී තිබෙන්නේ එක් අතකින් අධ්‍යාත්මික එනම් මනසට අදාළ යුතුකම් සහ අනෙක් පැත්තෙන් භෞතික යුතුකම් එනම් ශරීරයට අදාළ යුතුකම් විවාහ ජීවිතයකදී එකිනෙකා විසින් ඉටු කළ යුතු බවයි. විශේෂයෙන් ම මානසික යුතුකම වඩාත් මෙහිදී අවධාරණය කර සිටින්නේ මිනිසාගේ ජීවිතයේ මානසික සතුට (සන්තුට්ඨි පරමං ධනං) මානසික සෞඛ්‍යය සඳහා උපකාර වන ඉහළම ධනය වන නිසයි.

    එබැවින් මේ කරුණ පිළිබඳ ඔබගේ දැඩි අවධානය යොමු කර ඔබගේ ජීවිතය වඩාත් වාසනාවන්ත ජීවිතයක් බවට පත්කර ගැනීමට කටයුතු කරනා ලෙස මා ඔබට මෙත් සිතින් යුක්තව සිහිපත් කර සිටිනවා.

    මාවරළේ භද්දිය හිමි

    උපුටාගැනීම :-
    ( බුදුසරණ අන්තර්ජාල කලාපය )
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    562192_589049884458055_1858827739_n.jpg



    ජීවන ගමන තීන්දු කරන කළණ මිතුදම

    ජීවිත අභිවෘද්ධියේ අඩක් ම තීරණය වන්නේ සත්පුරුෂ ආශ්‍රය හෙවත් කළ්‍යාණ මිත්‍ර ඇසුරින් යැයි තමන්ට හැඟෙන බව පැවසු ආනන්ද හිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එසේ නො කීව යුතු බවත්, ජීවිත අභිවෘද්ධියේ අඩක් පමණක් නොව කෙනෙකුගේ ජීවිතයේ සම්පූර්ණ ප්‍රගමනය සිදුවන්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර හෙවත් සත්පුරුෂ ආශ්‍රයෙන් බව ය. පාප මිත්‍ර ඇසුරෙහි ආදීනව දන්නා ඔබට කළ්‍යාණ මිත්‍ර ඇසුරේ ඇති වටිනාකම සිතාගැනීමට මෙම බුදු ඔවදන ප්‍රයෝජනවත් වනු ඇත. සිඟාලෝවාද සූත්‍රයේ එබඳු යහපත් මිත්‍රයන් සතරදෙනෙකු පිළිබඳ ව සඳහන් වේ.

    උපකාරක මිත්‍රයා
    සමාන සුඛදුක්ඛ මිත්‍රයා.
    අත්ථක්ඛායී මිත්‍රයා.
    අනුකම්පක මිත්‍රයා,

    වශයෙන් ඔවුන් නම් කොට දැක්වේ.

    මෙහි පළමුවෙන් දැක්වෙන උපකාරක මිත්‍රයා, තම් මිතුරාට නිරන්තරයෙන් උපකාර සිදුකරන්නෙකි. කිසියම් අසනීපයක් හෝ වෙනයම් අකරතැබ්බයකට තම මිතුරා පත් ව ඇති අවස්ථාවක මෙම උපකාරක මිත්‍රයා වහා මැදිහත් වී තම මිතුරාගේත් ඔහුගේ බිරිඳගේත්, දූදරුවන්ගේත් රැකවරණය සළස්වමින් උප්කාර කරයි. තම මිතුරා වෙනුවෙන් දෙමව්පියන් මෙන් ඉදිරිපත් වී කටයුතු සිදුකරයි. මෙවැනි මිතුරෙකුගේ ඇසුර යමෙක් ලබන්නේ නම් හේ සැබවින් ම වාසනාවන්තයෙක් වේ.

    සමාන සුඛදුක්ඛය මිත්‍රයා යනු විශ්වාසවන්ත ම මිතුරා ය. මේ මිතුරා තම මිතුරගේ රහස් රකින, සැපේ දී මෙන් ම දුකේදීත් එක ලෙසට ම උදව් උපකාර කරන කිසි විටෙක පිටු නොපාන්නෙකි. අවංකවම් මිතුදම රකින මොහු තම මිතුදම වෙනුවෙන් ජීවිතය වුව ද කැප කිරීමට පසුබට නො වේ.

    අත්ථක්ඛායී මිත්‍රයා නිරන්තරයේන් ම තම මිතුරාගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ක්‍රියා කරන්නෙකි. තම මිතුරා සැමවිට ම යහපතෙහි යොදවන මොහු ඇසුරු කරන්නා නිතැතින් ම කුසලයට යොමු වේ. අනෙක් මිතුරන් මෙන් නොව මොහු ඇතැම්විට තම මිතුරාට තරවටු කොට හෝ යහමඟට ගන්නට වෙර දරයි. ඒසේ කරනුයේ මිතුරාට තිබෙන අවංක මිත්‍රශීලිත්වය නිසාවෙනි. මෙම අත්ථක්ඛායී මිත්‍රයා නිරන්තරයෙන් ම දැහැමි කථා ඇත්තෙකි. මෙම මිතුරා ඇසුරට පත්වන්නා මෙලොවත් පරලොවත් ජය ගන්නෙක් වන්නේ ය.

    සිව් වැන්නා වන අනුකම්පක මිත්‍රයා තම මිතුරාට අලාභයක්, පාඩුවක්, විපතක් සිදු වූ විට එමඟින් ඇතිවන දුක, වේදනාව, කණගාටුව, විඳදරා ගැන්මට එක්වන්නෙකි, තම මිතුරා විපතට පත් මොහොතක් හේ, ඔහුව අත නොහරිමින් අනුකම්පා උප්දවා ආරක්ෂා කරයි. යමෙක් තම මිතුරෙකුගේ අගුණ ඔහු නැති තැන හෝ ඇති තැන පවසත් නම් එහි වරද ඔහුට පෙන්වා දී නිවැරදි කරවා තම මිතුරා ආරක්ෂා කරන්නෙකි. එසේ ම යමෙක් තම මිතුරෙක්ගේ ගුණ ඔහු නැති තැන හෝ ඇති තැන පවසත්නම් ඒ ගුණය වඩාත් ඉස්මතුකොට මිතුරා රැකගනි යි. මෙම සත්පුරුෂ ගත් ලක්ෂණ සහ පාප මිත්‍ර ගත් ලක්ෂණ ඔබ දැනගත යුත්තේ කළ්‍යාණ මිත්‍ර ඇසුර සඳහා පමණක් නො ව, ඔබ ද අන්‍යයන්ට පාප මිත්‍රයෙකු නො වී, කළ්‍යාණ මිත්‍රයෙකු වීම සඳහා ය.

    ඔබ කළ්‍යාණ මිත්‍රයෙකු වීමට පෙර, පාප මිත්‍ර ගති ලක්ෂණ ඔබ සතු ව ඇද්දැ යි සොයා විමසා දැන ගත යුතු ය. ඔබ සතුව පාප මිත්‍ර ගති ලක්ෂණ තිබේ නම් ඒවා ක්‍රමයෙන් ඉවත් කරගත යුතු ය. මෙසේ පාප මිත්‍ර ගති ලක්ෂණ දුරුකිරීම තුළින් ඔබ යහපත් මිතුරෙක් වන අතර අනතුරුව ක්‍රමයෙන් කළ්‍යාණ මිත්‍ර ගති ලක්ෂණ ප්‍රගුණ කළ යුතුය. එසේ ඔබ අන්‍යයන්ට කළ්‍යාණ මිත්‍රයෙක් වී, දෙවනු ව අන්‍යයන්ගෙන් කළ්‍යාණ මිත්‍ර ගුණය අපේක්ෂා කළ යුතුය. එසේ නොමැති ව අන්‍යයන්ගෙන් පමණක් කළ්‍යාණ මිත්‍ර අපේක්ෂා කළ යුතුය. එසේ නොමැති ව අන්‍යයන්ගෙන් පමණක් කළ්‍යාණ මිත්‍රත්වය බලාපොරොත්තු වීම සුදුසු නො වේ.

    භජනයට සුදුසු කළ්‍යාණ මිත්‍රයෙක් සොයාගැනීමට නොමැති නම් හෝ නොහැකි නම් තමා හා සමාන වූ ගත් ලක්ෂණ ඇති මිත්‍රයෙක් ඇසුරට ගතයුතු බවත්, එබඳු හෝ මිත්‍රයෙක් සොයාගත නො හැකිනම් හුදෙකලාව විසීමට සිත දැඩිකොට ගතයුතු බවත්, බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබේ. තමාට වඩා ගුණයෙන් බාල පුද්ගලයෙක් ඇසුරු කිරීම තුළින් තමන් ද ශීලයෙන් හා සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද පිරිහෙන්නේ ය. එබැවින් ගුණ දහමින් හීන පුද්ගල ඇසුරට වඩා හුදකලාව විසීම සැපයෙකි. එදිනෙදා ජීවිතයේ දී සමාජ සම්බන්ධතාවන් පවත්වාගෙන යෑමට අපට මිත්‍ර සම්බන්ධතාවන් අවශ්‍ය වේ.

    ඉහතින් දැක් වූ කළ්‍යාණ මිත්‍ර ගති ලක්ෂණ අවබෝධ කරගෙන, ඇසුරු නොකළ යුත්තන් මඟහරිමින්, ඇසුරට සුදුසු වූවත් හා සබඳතා ගොඩ නැංවීම ඥානාන්විත වන්නසේ ම එය දෙලෝ සුභ සිද්ධිය උදෙසා බලපාන්න කි. පාප මිත්‍ර ඇසුරෙන් ලැබෙන තාවකාලික සතුටට හා ලාභයට වඩා ඇසුරු නොකිරීම තුළින ලැබෙන් යහපත විශාල බව මංගල සූත්‍රයේ ප්‍රථම ගාථාවෙන් ම පැහැදිලි කරදී ඇත.

    සැබෑ කළ්‍යාණ මිත්‍ර ඇසුර ලෞකික මෙන් ම ලොකෝත්තර දියුණුවට මඟ වෙන අතර සැබෑ කළ්‍යාණ මිත්‍රයා ශ්‍රද්ධා, ශීල , චාග,අ පඤ්ඤා යන ගුණයන්ගෙන් ද යුක්ත වේ. ඔහු බුදුදහම මඟින් නිර්දේශිත පරමාදර්ශී මිත්‍රයා ය. එබඳු මිත්‍රයෙකු විසින් ඔබ ව යොමුකරවන්නේ නිර්වාණ මාර්ගය වෙත ය.

    පූජ්‍ය ආචාර්ය විලේගොඩ අරියදේව හිමි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    484169_588942094468834_1365885232_n.jpg



    හිස කෙස් වැවී තිබීම ද සම්බාධ සහිත ය. කෙස් වැවීමෙන් සිදුවන හිරිහැර දහ තුනක් පිළිබඳ ‘මිලින්ද ප්‍රශ්නයේ ‘ සඳහන් වෙයි. හිස කෙස් නොමැති විට පහසුවක් දැනෙයි. භික්ෂූන් වහන්සේට මෙය තදින් බලපායි. කෙස් වවාගෙන සිටීම භික්ෂු ආකල්ප වලට නොගැලපෙයි. එය පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස හේතු නොවෙයි. පැහැදුණු අය පවා කළකිරීමට හේතුවෙයි. දෙ අඟලක් වැවී ම අනුදැන ඇතත්, එසේ වවාගෙන සිටීම අප්‍රසන්න ය. මෙහි සඳහන් අඟල් වල දිග ප්‍රමාණ පිළිබඳ නිවැරැදි තීරණයකට එළැඹිය යුතුය. රැවුල පිළිබඳ ද එවැනිම ශික්ෂා පද පනවා ඇත.

    පිරිසුදු භාවය මිනිසා තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයකි. ඇතැම් තිරිසන් සත්තු , පක්ෂීහු පවා කිසියම් ප්‍රමාණයකට පිරිසුදු වීමේ ක්‍රියා මාර්ග අනුගමනය කරති. මිනිසුන් අවධානය යොමු කළ යුතු පිරිසුදුකම දෙආකාරය. එනම්, ශාරීරික පිරිසුදු භාවය හා මානසික පිරිසුදුභාවයයි. බුදු දහමෙහි මෙම දෙආකාර පිරිසුදුකම පිළිබඳ යම් යම් නීතිරීති උපදෙස් පෙන්වා ඇත. මානසික පිරිසුදු භාවයේ උච්චතම අවස්ථාව නම් සතර මඟ, සතර ඵල පිළිවෙළින් උතුම් නිර්වාණය අවබෝධ කැර ගැනීමයි. එතෙක් සිතෙහි අපිරිසිදුභාවය ඉවත්ව නොයයි. රාග, දේවේෂ, මෝහ වැනි නරක සිතිවිලි නිසා සිත කිළිටි කරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා වැනි සිතිවිලි නිසා නිවන ආවරණය කැරෙයි. මානසික පවිත්‍රතාවය නැති මිනිසා සම්පූර්ණ මිනිසකු වශයෙන් සැළකිය නොහැකිය. මනුෂ්‍ය යන්නෙහි අර්ථය ද (මනං උස්සති මනුස්සො) මනසෙන් උසස් සත්ත්වයා යන්න යි. වඩා උසස් වනනේ මනසෙහි පිරිසුදු භාවයයි.

    පුද්ගල පිරිසුදු භාවය මෙන්ම බාහිර පිරිසුදුතාව ද බෙහෙවින් වැදගත් ය. නිවාස, ආරාම ඇතුළත මෙන්ම අවට පරිසරය ද පිරිසුදුව තබා ගත යුතුªය. පරිසරයෙහි අපවිත්‍රතාව නිසා සෞඛ්‍ය ගැටලු රැසක් පැන නගියි. විශේෂයෙන් ඩෙංගු, මැලේරියා, පාචනය, වැනි රෝග පහසුවෙන් ව්‍යාප්ත වන්නේ පරිසරය පිළිබඳ මිනිසාගේ නොසැළකිල්ල නිසා බව පෙනෙයි. නිවාස මෙන්ම අවට පරිසරයත්, පරිහරණය කරන භාණ්ඩ, ඇඳුම්, පැළඳුම්, කොට්ට, මෙට්ට, ඇතිරිලි වැනි සියලු දෑ පිරිසුදුව තබා ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. පිරිසුදුකම පිළිබඳ යම් යම් ශික්ෂා පද පවා පනවා ඇත. වත් පිළිවෙත් වශයෙන් හඳුන්වන්නේ ද මෙම කරුණුම ය.

    වත්තං න පරිපූරෙන්තො
    න සීලං පරිපූරති
    අසුද්ධ සීලෝ දුප්පඤ්ඤො
    චිත්තේකග්ගං න වින්දති

    වත් සම්පූර්ණ නොකරන පුද්ගලයාගේ ශීලය ද සම්පූර්ණ නොවෙයි. සිල් නැති, නුවණ නැති පුද්ගලයාගේ සිතෙහි එකඟ බවක් ද නැත්තේ ය. (වත්තක්ඛන්ධකය) භික්ෂූවක් නම් තම වාසස්ථානය වශයෙන් තෝරාගත් ස්ථානය පිළිබඳ සැළකිලිමත් විය යුතුය. පළමුව එය මිනිස් වාසයට සුදුසු ස්ථානයක්දැයි පිරික්සිය යුතු ය. පෙර කිසිවකු වාසය නොකළ ස්ථානයක් නම් පරීක්ෂා කොට එහි ඇතුළු විය යුතු ය. එම ස්ථානය අපවිත්‍ර වී ඇත්නම්, පිරිසුදු කළ යුතුය. මිදුලෙහි කසළ ඇත්නම් ඇමද පිරිසුදු කළ යුතුය. වැසිකිළිය අපවිත්‍ර වී ඇත්නම් සෝදා පිරිසුදු කළ යුතුය. ජලය නොමැති නම් ජලය තැබිය යුතුය. යම්කිසි ආවාසයක වාසය කරන භික්ෂුව එහි තිබෙන සියලු භාණ්ඩ පිරිසුදු කළ යුතුය. මිදුල්, දාන ශාලා, වැසිකිළි, කැසිකිලි, පිරිසුදු කළ යුතු ය. සෑ මළු බෝ මළු ඇමද කසළ ඉවත් කළ යුතු ය. ඇතැම් ස්ථානවලත්, නිවාස වලත් මෙම කටයුතු නිසි පරිදි සිදු නොවන බව දැනගත හැකිය. භික්ෂූන් වහන්සේ සඳහා මෙම වත් පිළිවෙත් නියම කොට ඇතත් ගිහි පින්වතුන්ට ද මේවා අනුගමනය කිරීම ඉතා සුදුසු ය. වැසිකිළියේ දී අනුගහනය කළ යුතු ක්‍රියා පටිපාටිය විශේෂයෙන් වැදගත් ය. ඇතැම් ස්ථාන වල වැසිකිළිය ආසන්නයට යෑමට පව නොහැකි අයුරින් අපිරිසුදුව තිබෙන අයුරු දැකගත හැකි ය. නියමිත ස්ථානයෙන් බැහැර මළ මුත්‍ර නොකළ යුතුය. එසේම වැසිකිලිය සෑම තැනම කෙළ නොගැසිය යුතුය. තමන් අතින් වැසිකිළිය අපවිත්‍ර වුවහොත් එය වෙනත් අයකුට පිරිසුදු කිරීමට ඉඩ නොතබා තමන් විසින්ම පිරිසුදු කිරීම උසස් ගුණයකි. ඇතුළත මෙන්ම පිටත ද අපවිත්‍ර වී ඇත්නම් පිරිසුදු කිරීම නිහතමානී ගුණයකි.

    කුස්සිය නොහොත් දාන ශාලාව පිරිසුදුව තිබීම, බෙහෙවින්ම වැදගත් ය. ඇතැම් විහාරස්ථානවල මෙන්ම, නිවාස වල ද බාහිර පෙනුම ඉතා අලංකාරව පවතියි. එහෙත් අභ්‍යන්තරය නොහොත් කුස්සිය හෝ දාන ශාලාව, අපිරිසුදු තත්ත්වයේ තිබෙනු දැකිය හැකිය. ඇතැම් විට මිහිපිට අපාය සිහි ගන්වයි. දින ගණන් ගත වූ පිළුණු ගඳ හමන හට්ටි මුට්ටි පිඟන් කෝප්ප ආදියත්, කැරපොත්තන්, මැස්සන්, මීයන් වැනි සතුන් නිසාත්, පිළිකුල් සහගත ය. මේ නිසා උදරාබාධ වැනි අසනීප වලට ඉතා පහසුවෙන් ගොදුරු වෙයි. එබැවින් ඒවා නිසි පරිදි පිරිසුදු කළ යුතු බවට බුදු හිමියෝ පෙන්වා දුන්හ. අපිරිසුදුකම නිසා බොහෝ දෙනාගේ ගර්හාවට ලක් වෙයි.

    ආහාර ගැනීමේදී ද පිරිසුදු බව පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ප්‍රාතිමෝක්ෂයට අයත් සේඛියා ශික්ෂා පද වලින් පැහැදිලි වෙයි. ‘න සිත්ථාවතාරනං භඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා’ බත්හුලු විසුරුවමින් ආහාර නොගත යුතු ය. ‘න සාමිසේන හත්ථේන පාණියථාලතං පටිග්ගභෙස්සාමි’ ඉඳුල් තැවරුණු අතින් පැන් බඳුන් නොඇල්විය යුතුය. ‘න සසිත්ථනං පත්තධෝවනං අන්තරඝරේ ඡඩ්ඩෙස්සාමි’ බත්හුලු සහිත පාත්‍ර සේදූ ජලය ඇතුළු ගමෙහි නොදැමිය යුතු ය. මෙවැනි ශික්ෂා පද භික්ෂූන් වහන්සේ උදෙසා පැනවීමෙන් බුදුහිමියන් බලාපොරොත්තු වූයේ පුද්ගල පිරිසුදුතාව මගින් මුළු මහත් සමාජයේම ආරක්ෂාවයි. මෙකල බොහෝ දෙනා ආහාර වැනි දෑ ඔතාගෙන යන කඩදාසි, පොලිතින් වැනි දේ නොසැළකිල්ලෙන් ඉවත දමති. එයින් පරිසරයේ පිරිසුදුතාවට හානි සිදුවෙයි. ‘න හරිතේ අගිලානෝ උච්චාරංවා, පස්සාවංචා ඛේලංවා කරිස්සාමිනි….’ නො මළ තණ ආදියෙහි මළ මුත්‍රා නොකළ යුතුය. ජීවන් වන ගසක මුලක් උඩට වුව ද කෙළ ගැසීම, මළ මුත්‍ර කිරීම නොකළ යුතු ය. පරිභෝකයට සුදුස ජලයෙහි කෙල ගැසීම, මළ මුත්‍ර හෙළීම නොකළ යුතු ය. ජලය පෙරා පානය කළ යුතු බවට බුදු හිමියෝ අනුදැන වදාළහ. අපිරිසුදු ජලය පානය කිරීම නිසා පහසුවෙන් ලෙඩ රෝග බෝවෙයි. අට පිරිකර සඳහා පෙරහන් කඩක් ද ඇතුළත් කර ඇත්තේ, එම හේතුව නිසායි. අද මෙන් දත් පිරිසුදු කිරීම සඳහා විවිධ දන්තාලේප නොතිබුණු අතීත යුගයේ දත් පිරිසුදු කිරීමට ‘ දැහැටි’ ප්‍රයෝජනයට ගැනිණි. ඇතැම් විට ස්වාභාවික ඖෂධ වර්ග ප්‍රයෝජනයට ගන්නා ලදී. ඖෂධීය ගුණයෙන් යුත් කරඳ මුල්, කුඹුක් මුල්, පිල මුල්, බෝඹු කෝටු වැනි දෑ ගන්නා ලදී. දැහැටියක්, වියතක දිගින් යුතු විය. එහි එක් කෙළවරක් හොඳින් තලා බුරුසුවක් අයුරෙන් සකස් කැර ගැනිණි. අනෙක් කෙළවර උල් කැර ගන්නා ලදී. වර්තමානයේ දැහැටි වෙනුවට යන්ත්‍රානුසාරයෙන් උල් කැර ගන්නා, ඉඳි කටු වැනි කූ®රු විශේෂයක්, භික්ෂූන් වහන්සේට ඇතැම් පින්වත්හු පිළිගන්වති.

    උදෑසන දැහැටි වැළඳීම අනිවාර්ය පිළිවෙතත් විය. එය මුඛ සෞඛ්‍යයට හිතකර වෙයි. එසේ නොකිරීමෙන් දෝෂ පහක් සිදු වේ. එනම්, ‘අචක්ඛුස්සං , මුඛං දුග්ගන්ධං හෝති, රස හරණියෝන විසුජ්ජන්ති , පිත්තං සෙම්හං හත්තං පරියෝනන්ධති, හත්තමස්ස නච්ඡාදේති…’(අං නිකාය දන්තකට්ඨ සූත්‍රය ) දැහැටි නොවැළදීම ඇස් වලට අහිතකර ය. මුව දුගඳ වෙයි. රස නහර පිරිසුදු නොවෙයි. පිත් , සෙම් , බත අහුරවාලයි. ආහාර අපි‍්‍රය වෙයි. මෙම දෝෂ පහ සිදු වෙයි.

    දත් වල කසට බැඳී තිබීම ඉතා අශෝභනය. කසට බැදීමට එක් ප්‍රධාන හේතුවක් නම්, දුම් පානය සහ නිතර බුලත් විට සැපීමයි. දුම් පානය ශරීර සෞඛ්‍යයට අහිතකර ය. එය තමන්ට මෙන්ම, අවට සිටින්නවුන්ට ද හානියක් ගෙන දෙයි.ආර්ථිකයට ද විශේෂ වශයෙන් බලපායි. අපගේ රටෙහි පමණක් වසරකට විසි දහසක් පමණ දුම් පානය නිසා මිය යයි. එසේම දිනකට මිය යන හැට දෙනා වෙනුවට අලුතෙන් හැත්තෑවක් අසූවක් අතර ප්‍රමාණයක් එකතු වන බව ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් නිකුත් කැර තිබෙන වාර්තා මගින් පෙන්වා දෙයි. මෙම තත්ත්වය නිසා, හෘදයාබාධ, සහ පිළිකා රෝග වලට ගොදුරු වන සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වේ. එම තත්ත්වය ඇතිවීමට පෙර ලිංගික බෙලහීනත්වය, නිතර තරහ එන ගතිය , අප්‍රසන්න අවලක්ෂණ පෙනුම, විශේෂයෙන් තොල් කළු පැහැ වීම, හම රැළි වැටීම, ඇස් කහ පැහැ වීම, වයසට වඩා මහලු පෙනුම, මුඛ දුර්ගන්ධය ඇති වීම වැනි අනිටු ප්‍රතිඵල අත් විඳීමට සිදු වේ. එදිනෙදා පෞද්ගලික කටයුතු වලට පවා දුම්පානය අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත් කැරගෙන සිටිති. ඇතැමුන්ට ආහාර ගැනීම, තේ පානය, වැසිකිළි යාම, චිත්‍රපටයක නාට්‍යයක රස විඳීම පවා දුම් පානයෙන් තොරව කළ නොහැකිය. ඇතැම් දෙනා සිද්ධස්ථාන වල දී හොර රහසේ මෙන්ම ප්‍රසිද්ධියේ ද දුම් පානය කරනු දැකිය හැකිය. එය ‘දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පණත ‘ යටතේ රුපියල් දෙදහසක දඩයක් හෝ වසරක සිර දඩුවමක් හෝ එම දඬුවම් දෙකම හෝ ලැබිය යුතු බරපතල වරදකි. මේ පිළිබඳ ගරුතර මහා සංඝ රත්නයේ ද අවධානය යොමු කිරීම වැදගත් බව ගෞරවයෙන් පෙන්වා දෙමි.

    අධික ලෙස බුලත් විට සැපීම ද මුඛය අවලක්ෂණ වීමට හේතුවකි. ඇතැම් අය එළුවන් සේ නිතර බුලත් විට සපති. ඇතැම් භික්ෂූන් වහන්සේ දාන ශාලාවට වඩින විට ද බුලත් විටකින් මුව පුරවා ගනිති. දිනකට බුලත් විට දෙක තුනකට වඩා සැපීම සුදුසු නොවේ. නිතර බුලත් විට සැපීම නිසා, දත් දුර්වර්ණ වීමත් හකු පිළිකා වලට පහසුවෙන් ගොදුරු වීමත් සිදු වෙයි.

    හිස කෙස් වැවී තිබීම ද සම්බාධ සහිත ය. කෙස් වැවීමෙන් සිදුවන හිරිහැර දහ තුනක් පිළිබඳ ‘මිලින්ද ප්‍රශ්නයේ ‘ සඳහන් වෙයි. හිස කෙස් නොමැති විට පහසුවක් දැනෙයි. භික්ෂූන් වහන්සේට මෙය තදින් බලපායි. කෙස් වවාගෙන සිටීම භික්ෂු ආකල්ප වලට නොගැලපෙයි. එය පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස හේතු නොවෙයි. පැහැදුණු අය පවා කළකිරීමට හේතුවෙයි. ‘ න භික්ඛවේ දීඝා කේසා ධාරේතබ්බා . යෝ ධාරෙය්‍ය ආපත්ති දුක්ඛටස්ස ‘ ‘අනුජානාමි භික්ඛවේ දූමාසිකංවා , ද්වංගුලංවා ‘ (චූලවග්ගය) මහණෙනි, දික් හිසකෙස් නොදැරිය යුතු ය. යමෙක් දරයි නම්, ඔහුට දුක්ඛටාපත්ති සිදු වෙයි. දෙමසකට වරක් හෝ දෙඅඟලක් වැවුණු කල, හිස කෙස් කැපීම අනු දනිමි’ මෙහි දෙ අඟලක් වැවී ම අනුදැන ඇතත්, එසේ වවාගෙන සිටීම අප්‍රසන්න ය. මෙහි සඳහන් අඟල් වල දිග ප්‍රමාණ පිළිබඳ නිවැරැදි තීරණයකට එළැඹිය යුතුය. රැවුල පිළිබඳ ද එවැනිම ශික්ෂා පද පනවා ඇත.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    221736_588426344520409_132188223_n.jpg



    මරණාසන්න දර්ශන

    උපදින සෑම් සත්වයෙකුටම මරණය නියතය. මරණයෙන් ගැලවිය නොහැක. එහි සුන්දරත්වයක්ද නොමැත. සියලුම සත්වයෝ මරණයට බියක් දක්වති. මේ බියට හේතූන් බොහෝ වෙති. මරණයට නියත වයසක් හෝ කාලයක් නොමැත. බෞද්ධ ත්‍රිපිටකයේ, මරණාසන්න තැනැත්තෙකුට යම්කිසි දර්ශන මගින් ඊලඟ උත්පත්තිය සිදුවන තලය ගැන දර්ශන පෙනෙන බව සඳහන් වෙයි. ඒ අනුව, නිරයට යන තැනැත්තා අග්නි ජාලාවන්ද, ප්‍රේත ලෝකයට යන තැනැත්තා ප්‍රේතයින් සහ අන්ධකාරයද, මනුශ්‍ය ලෝකයට යන තැනැත්තා මියගිය සිය නෑදෑයින්, ප්‍රේතයින් සහ භූතාත්මයන්ද, දිව්‍යලෝකයට යන තැනැත්තා දිව්‍යමය මන්දිර ආදී දර්ශන මරණාසන්නව දකින බව සඳහන් වෙයි.

    සම්මා සම්බුද්ධත්වය ලබා ගත් බුදු රජානන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදීම පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් හා ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කල සේක. " මෙය ඇති කල්හි මෙය ඇති වේ... මෙය නිරුද්ධ වූ කල්හි මෙය නිරුද්ධ වේ....." වශයෙන් සත්වයා සසරෙහි සැරිසරණ අන්දම උන්වහන්සේ පැහැදිලිව අවබෝධ කරගත් සේක. කර්මාණුකූලව සත්වයා වෙන භවයකට යන බවත්, මෙය සිදු වන්නේ තමන්ගේ කර්ම ශක්තිය අනුව බවත්, මෙය වෙන කිසිවෙකුගේ ශාපයක් වශයෙන් හෝ මැවුම් කරුවෙකුගේ බලයෙන් නොවන බවත් ස්ථිර වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කොට වදාල සේක. ඒ අනුව උපදින සෑම මනුශ්‍යයෙකුටම මේ ධර්මතාවය පොදුය.

    මහනුවර බෞද්ධ ප්‍රකාශක සංගමයේ " Buddhist Publication Society – Bodhi Leaves No: 150" දඹදිව
    බුද්ධගයාවේ අධිපති රස්ත්‍රපාල් හිමියන්ගේ රචනයක් වන "Five Visions of a Dying Man " යන සටහන අනුසාරයෙන් පහත සඳහන් පරිච්ඡේද සකස් වී ඇත.
    පහත සඳහන් සිද්ධිය සිදුවූයේ 1957 වසරේදීය. රස්ත්‍රපාල් තෙරුන්වහන්සේ එකල බංගලාදේශයේ චිතගොං නුවර සමීපයේ තෙකොතා නම් වූ ගම්මානයේ විහාරයේ වැඩවිසූ සේක. දිනක් අසල ගමක එක්තරා පුද්ගලයෙක් මේ ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ හදිසියේය. ඔහුගේ 56 හැවිරිදි ඥාති සහෝදරයා, අභිනාශ් චන්ද්‍රා චවුද්‍රි මහතා අතිශයින් රෝගාතුරව මරණාසන්නව සිටින බව දන්වා සිටියේය. චවුද්‍රි මහතා ඉතාමත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකි.

    රස්ත්‍රපාල් හිමියෝ වහාම මරණාසන්න රෝගියා බැලීමට නික්මුනහ. ඒ යනවිට ඔහුගේ නිවස ඥාති මිත්‍රාදීන්ගෙන් පිරී පැවතිණ. රෝගියා බිම අතුරන ලද මෙට්ටයක වැතිරී සිටියේය. වේලාව රාත්‍රී 8.30ට පමණ ඇත. පනවන ලද අසුනෙහි හිඳ ගත් හිමි සූත්‍ර කිහිපයක් සජ්ජායනා කලහ. චවුද්‍රි මහතා ඉතාම දුබල හඬකින් "බුද්ධ, ධම්ම, සංඝ, අනිච්ච දුක්ඛ, අනත්තා, මෙත්තා කරුනා මුදිතා උපේක්කා" වශයෙන් යම් යම් දෑ දුබල හඬකින් මුමුණමින් සිටියේය. ස්වාමීන් වහන්සේ රෝගියා කියන දේවල් අසා ගැනීමට බිම අසුනක් පනවන ලෙස ඉල්ලා සිටි සේක. රෝගියා අසලින් බිම හිඳගත් ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් තතු විමසූ සේක. තමා තව ස්වල්ප වේලාවකින් මිය යන බව රෝගියා පැවසීය. ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් විමසා සිටියේ කිසියම් දෙයක් දර්ශනය වේද යන බවයි. ඒ අවස්ථාවේ කිසිම විශේෂ දර්ශනයක් නැති බව හේ පැවසීය. යම්කිසි දසුනක් පෙනෙයි නම් දන්වන ලෙස වදාල තෙරුන් වහන්සේ සූත්‍ර කිහිපයක් දේශනා කල සේක. .

    රාත්‍රී 11.30ට පමණ රෝගියා යම් කිසිවක් පැවසීමට උත්සාහ දැරීය. ස්වාමීන් වහන්සේ ඔහුගෙන් ඒ පිලිබඳව විමසා සිටියහ. සිය මියගිය දෙමාපියන් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මල් පූජා කරනු පෙනේයයි ඔහු ප්‍රකාශ කලේය. ඒ දෙමවුපියන් පන්සිල් සමාදන් වීමට කැමතිදැයි ස්වාමීන් වහන්සේ විමසූ විට, කැමති බවත් ඔවුන් දෙ අත් එක් කොටගෙන සිටින බවත් පැවසීය.
    වෙනත් තලයෙක් සිටින ඔහුගේ දෙමව්පියන්ට
    පංචසීලය සමාදන් කරවූ රස්ත්‍රපාල් තෙරුන් වහන්සේට චවුද්‍රි මහතාගේ කර්ම ශක්තිය අනුව, මිනිස් ලොව උසස් උපතක් ලැබීමට හේතු වාසනාව ඇති බව පැහැදිලි විය. මිනිස් සිත ඉතා ඉක්මනින් වෙනස් වෙයි. ඒ මිනිස් සිතේ ස්වභාවයය. මොහොතින් මොහොත එය වෙනස් වෙයි. සිතුවිලි ඉපදී යලි නැසී යයි. පිරිසිදු කුසල චිත්තයක් තිබූ චවුද්‍රි මහතාගේ සිත ලෞකික දේ වලට යොමු විය. තමාට කිරීමට, අපහසු වූ, අසම්පූර්ණ කටයුතු නිමකරන ලෙස සිය දරුවන්ට උපදෙස් දෙනු ඇසිනි. ලෞකික දේ ගැන සාකච්ඡා කිරීම සමගම තෙරුන් වහන්සේ පෙනෙන දර්ශන ගැන ඔහුගෙන් විමසීය. ඒ අකුසල චිත්ත චවුද්‍රි මහතා ප්‍රේත භවයක් හෝ
    යම් පහත් භවයකට යොමු කර ඇති බව රස්ත්‍රපාල් හිමිට වැටහිනි. ඉතා දිග ලොම් සහිත ඇස් නොපෙනෙන තරමට දික් වූ ලොම් වලින් යුතු සත්වයින් තමා අවට සිටින බව ඔහු පැවසීය. ඒ අවස්ථාවේ හෙතෙම මරණයට පත්වී නම් නොවරදවාම පහත් භවයකට යන බව රස්ත්‍රපාල් හිමි දැනගත්හ. යහපත් ජීවිතයක් ගත්කල චවුද්‍රි මහතාට එසේ නොවිය යුතුය. ආසන්න කර්මයක හැටි! මේ ලෝකයේ ස්වභාවයය. මෙය ඉක්මවා යාමට කිසිවෙකුටත් නොහැක. තෙරුන් වහන්සේ වහාම සූත්‍ර දේශනාවන් පටන් ගත් සේක. ටික වේලාවකින්
    ඉක්බිතිව දර්ශන ගැන තෙරුන් වහන්සේට කිසිම දර්ශනයක් නොමැති බව චවුද්‍රි මහතා ප්‍රකාශ කලේය.

    . තව ස්වල්ප වේලාව්ක් ගිය පසු ඔහුගේ ලෞකික ආශාවන් තවමත් පවතින බව පැහැදිලි විය. ච්තගොං
    සම්ප්‍රදාය අනුව මියගිය පසු වැතිරී සිටින මෙට්ටය ශරීරය සමග ආදාහන කලයුතුය. නමුත් ඒ මෙට්ටය ඔහුගේ පුත්‍රයාටදෙන්නැයි ඉල්ලීමක් කලේය. ඒ අවස්ථාවේදී රස්ත්‍රපාල් හිමි දරශන ගැන යලිත් විමසා සිටියහ. කලු පැහැති පරෙවියන් දෙදෙනෙක් පෙනෙන බව ඔහු පැවසීය. එයද යහපත් ජීවිතයක් ගතකල චවුද්‍රි මහතාට
    අයෝග්‍යය. මීට වඩා හොඳ උපතක් ලබා ගැනීමට තරම් කුසල කර්ම සිදු කර ඇත. කලු පරෙවියන් දෙදෙනා මොහු සත්ව ලෝකය කරා යොමු වන බවට සලකුනකි. කර්ම පල දෙන ආකාරය විශ්මය ජනකය. රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ රෝගියාට අනුකම්පාවෙන් යලිත් පිරිත් සජ්ජායනාව පටන් ගත්හ.

    සෑහෙන වේලාවක් පිරිත් සජ්ජායනා කල තෙරුන් වහන්සේ දර්ශන ගැන විමසා සිටි සේක. දිව්‍යමය රථයක් තමාට ලංවී ඇති බව හෙතෙම ප්‍රකාශ කලේය. ඒ රථය කොතරම් දුරදැයි ඇසූ විට, තමාගේ යහන ලඟින් එය ඇතිබව ඔහු පැවසීය. ඒ රථයෙහි සිටින්නේ කවුරුන්දැයි විමසූ විට දිව්‍යමය දෙවියන් හා දේවතාවියන් සිටින බව රෝගියා
    පැවසීය. ත්‍රිපිටකයේ සඳහන් පරිදි දෙවිවරු සිල්වත් ස්වාමීන් වහන්සේලාට සහ ගිහියන්ට ගරු කරති. (මේ බව මහා මොගල්ලාන සහ කාශ්‍යප රහතන් වහන්සේලා ප්‍රකාශ කොට ඇත. මේ රහතන් වහන්සේලා දෙදෙනාම දෙවියන් අතර නිතර නිතර සංචාරය කොට තොරතුරු සොයා ගත් ශ්‍රේෂ්ට බුද්ධ ශ්‍රාවකයන් දෙදෙනෙකි. තවමත් ජීවතුන් අතර සිටින, දැනට වයස අවුරුදු 99ක් වන තායිලන්තයේ වෙසෙන මහා බූව ඤාණසම්පන්නෝ හිමියන්ද මෙය අත්දැකීමෙන් ප්‍රකාශ කොට ඇත.) පංචශීලය සමාදන් වීමට කැමැති දැයි දේව සමූහයාගෙන් විමසන ලෙස රස්ත්‍රපාල් හිමි රෝගියාට දැන්වීය. දේවසමූහයා ඊට කැමති බව දැන්වූ පසු රස්ත්‍රපාල් හිම් ඔවු පංචශීලයෙහි පිහිට වූහ. එසේම දෙවියන්ගේ කැමැත්ත පරිදි කරණීය සූත්‍රයද, මංගල සූත්‍රයද සජ්ජායනා කල සේක. . රතන සූත්‍රය සජ්ජායනා කිරීමට කැමැත්ත ඇසූවිට දෙවි වරු ස්වාමීන් වහන්සේට ආපසු විහාරයට යන ලෙස ඉල්ලා සිටින බව රෝගියා පැවසීය.

    මේ අවස්ථාවේදී රස්ත්‍රපාල් හිමි චවුද්‍රි මහතාගේ ජීවිතය තවත් දිගු කර ගැනීමට හැකිදැයි දෙවියන් හා රෝගියා හරහා සාකච්ඡා කල බව සටහනේ වාර්තා වේ.
    රස්ත්‍රපාල් හිමි
    සිතන අන්දමට මේ රෝගියාට තවත් මේ ලෝකයේ ජීවත් වීමට හැකියාව ඇත. රෝගියාගේ වයස සලකා බලා ආපසු යන ලෙස දෙවිවරුන්ගෙන් රස්ත්‍රපාල් හිමියෝ ඉල්ලා සිටියහ. එහි රැස්ව සිටි සියල්ලම ඒ දෙවි වරුන්ට පිං පැමිනවූහ.

    මෙයින් ඉක්බිතිව, දෙවිවරු ආපසු ගියාද නැද්ද යනු සඳහන් නොවේ. නමුත් ඉන්පසු සඳහන්
    කරුණු අනුව ඔවුන් ගිය බව සිතා ගත හැක. ස්වල්ප වේලාවකින් ද ර්ශන ගැන විමසූ විට තම දෙමාපියන් තවමත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිටින බව රෝගියා පැවසීය. දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටි පරිදි
    දෙමාපියන්ගෙන්ද ආපහු යන ලෙස රස්ත්‍රපාල් හිමි ඉල්ලා සිටියහ. ඔවුන් අතරෙන් පියානන් කැමැති වුවත් මෑනියන් කැමති නොවීය. කිහප වරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඊට හරස් කැපීමෙන් වන අනතුර පහදා දීමෙන් පසු ඔවුන් යාමට කැමති විය. ඉන් පසු කිසිම දර්ශනයක් නොමැති බව චවුද්‍රි මහතා පැවසීය. . රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ, මේ රෝගියාගේ ආකර්ෂනය මේ ලෝකය කෙරෙහි බලවත් බව වටහා ගත්හ
    එසේම අදහා ගත් නොහැකි වෙනසක්ද සිදුවිය. මෙතෙක් මරණාසන්නව සිටි චවුද්‍රි මහතා යලිත් නව පනක් ලද්දාක් මෙන් පිබිදී සිටීමය. එවිට වේලාව උදෑසන පහට පමන ඇත. සියල්ලෝම ප්‍රීතියට පත් වූහ. රස්ත්‍රපාල් හිමියන් ආපසු පන්සලට වැඩියහ.

    රාත්‍රිය මුලුල්ලේ නිදිවර්ජිතව සිටීමෙන් වෙහෙසට පත්ව සිටි රස්ත්‍රපාල් හිමි ස්නානය කොට ටික වේලාවක් සයනය කල සේක. දහවල් 10.30 වන විට ඊයේ පැමිණි අමුත්තා යලිත් පැමිණියේය. පැය පහක් පමණ හොඳ සනීපයෙන් පසුවුනු රෝගියා යලිත් උත්සන්න වී ඇති බව පැවසීය. වහාම් රෝගියා හමුවට ගිය රස්ත්‍රපාල් හිමියන්ට ඔහු පැවසූවේ තව නොබෝ වේලාවකින් මේ ජීවිතයෙන් සමු ගන්නා බවයි. එසේම යම්කිසි දර්ශනයක් පෙනේදැයි විමසූ විට දේව රථය ආපසු පැමින ඇති බව දැන්වීය. පන්සිල් දුන් ස්වාමීන් වහන්සේ හමුවේ රෝගියා රැගෙන යාමට දෙවි වරු මැලිබවක් දක්වන බව රස්ත්‍රපාල් හිමියන්ට වැටහුනි.

    . රෝගියා රැගෙන යාමට අවසර දෙන බව ස්වාමීන් වහන්සේ පැවසූ සේක. ඔහු ගත කල ජීවිතය අනුව දෙව්ලොවට පිවිසෙන බව ස්වාමීන් වහන්සේ වටහා ගත්හ. තව ස්වල්ප වේලාවකින් චවුද්‍රි මහතා අවසන් හුස්ම හෙලීය. රැස්ව සිටි කිසිවෙක්වත් කිසිම ශබ්දයක් නොකෙලේය. ඒ මියයන තැනැත්තාගේ සිත ලෞකික
    දේවල් කෙරෙහි යොමු වීම වැලැක්වීමටය. කිසිවෙක් හෝ හඬන වැලපෙන ශබදයක් ඇසී නම් තන්හාව ඉපදී යලිත් ප්‍රේත භවයක් කරා යොමු වීමට ඉඩ තිබුනි..

    ලෞකික වශයෙන් අපට මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වේ.. මරණාසන්න නෑදෑයින් අතරට අපට යාමට සිදුව්නු නියතය. මරණාසන්න වූ විට කෙනෙකුට සිය ජීවිතයේ කරණ ලද කුසල් ක්‍රියා සිහි කර විය යුතුය. හැඬීම් වැලපීම් නොකල යුතුය. අඳෝනා ඇසීමෙන් මරණාසන්න තැනැත්තාගේ සිත චංචල වී අකුසල චිත්ත
    පහල වේ. මේ අකුසල චිත්ත මිය යන තැනැත්තා ප්‍රේත භවයකට නිසැකවම යොමු කරවයි.

    මරණාසන්න දර්ශන බෞද්ධයින්ට පමණක් සීමා නොවේ. බෞද්ධ නොවන අයටද ඒ දර්ශන පෙනෙයි. මරණාසන්න රෝගීන් බැලීමට මට බොහෝ අවස්ථා වල යාමට සිදු වී ඇත. ඒ රෝගීන් නොයෙක් දර්ශන මට විස්තර වශයෙන් පවසා ඇත. බටහිර වෛද්‍ය මතයට අනුව ඒවා මඳ සිහියෙන් රෝගියා කරන නන් දෙඩවිලියය. නමුත් වෛද්‍ය වරයා විචාරාත්මකව බලන්නේ නම්, ඒ නන් දෙඩවිලි නොව සත්‍ය වශයෙන් රෝගියාට පෙනෙන දර්ශනයන්ය.

    එක් අවුරුදු 80 ඉක්මවූ මහත්මයෙක් මරණාසන්නව සිටිද්දී මට පැවසුවේ ඔහුගේ ඇඳ අවට කකුල් නැති පුද්ගලයින් කිහිප දෙනෙක් සිටින බවයි. තවද ඒ වගේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සාලයේ අසුන් ගෙන සිටින බවයි.

    තවත් එක් මරණාසන්න කාන්තාවක් ඇයගේ මිය ගිය සැමියා පිරිවර සමගින් ඇය රැගෙන යාමට පැමින ඇති බවයි. ඔවුන් හොඳට ඇඳ පැලඳගෙන සිටින බවත් ඇයට යාමට සූදානම් වෙන ලෙස සැමියා පැසූ බවත් මට පවසා ඇත. එකල ඊට වඩා විමසීමට මට නුපුලුවන් විය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    269377_588183684544675_1451776895_n.jpg



    බොදු හැදියාව යි අව්‍යාජ චරිතය යි

    ‘කුහ’, ‘කුහක’ යන වදන් පාලියෙහි මෙන්ම සංස්කෘතයෙහිත් භාවිත වනවා. නැතිගුණ පෙන්වන්නා, වංචාකාරයා, මායාවෙන් අනුන් රවටන්නා, ව්‍යාජ ඇවැතුම් පැවැතුම් ඇත්තා යන අදහස් මේ වදන තුළ ගැබ්ව තිබෙනවා. කුහකයාගේ ස්වභාව වන්නේ තමා තුළ සැබැවින්ම නැති, එසේ නැති බවද පැහැදිලිවම දන්නා, උසස් ගුණ ධර්ම තමා තුළ ඇතැයි පෙන්වීමයි. එමඟින් ලෝකයා රැවටීමත්, වංචාකිරීමත්, එසේ කොට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසාදිය ලැබීමත් කුහකයාගේ සැටියයි.

    “සමෙහි පැහැයෙන් හෝ බාහිර හැඩරුවෙන් හෝ මිනිසුන් තේරුම්ගත නොහැකිය. දුටු සැණින් (හුදෙක් බාහිර පෙනුමට, පැවැත්මට මුළා වී) යමකු විශ්වාස නොකළ යුතු ය. කවර හෙයින්දයත් අසංයත වූ මනා හැදියාවක් නැත්තෝ සංයත වූ මනා හැදියාව ඇත්තවුන් සේ ලොව හැසිරෙත්” යනුවෙන් බුදුරදුන් දේශනා කළේ අනුන් රවටාලීමේ අටියෙන් බාහිර වශයෙන්, පිටතින් පමණක් මවාගත් ගතිගුණ සහිතව හැසිරෙන රැවැටිලිකාර පිරිස් ගැනයි.
    සංයුක්ත නිකායේ, සන්තජටිල සූත්‍රයෙහි මෙසේ දැක්වෙනවා.

    “මැටියෙන් තැනූ කුණ්ඩලාභරණවලත් නොවටිනා ලෝහයෙන් තැනූ කාසිවලත් පිටතින් පමණක් රන් පැහැය තවරා ඒ නොවටිනා දෑ වටිනා රන් නිමැවුම් සේ පෙන්වන්නේ යම් සේද, එසේම පිටතින් පමණක් තවුස්බව, හැදියාව පෙන්වන්නෝ ලොව රවටමින් හැසිරෙති. ඔවුහු ඇතුළතින් අශුද්ධ වන අතර බාහිරින් පමණක් යහපත්කම පෙන්වති.”

    ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ ගාථාවක් මෙසේයි.


    න නග්ගචරියා න ජටා න පංකා
    නානාසකා ථණ්ඩිලසායිකා වා
    රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං
    සොධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං

    මෙයින් අර්ථවත් කළේ, නිරුවත්ව හැසිරීම, ජටා දැරීම, ඇඟමඩ තවරාගෙන සිටීම, නිසිපරිදි අහර නොගැනීම, බිම වැතිර සිටීම, ඇඟ දූවිලි දැලි පතුරු ඇතිවනතෙක් නොනාසිටීම සහ උක්කුටිකයෙන් හිදීම යනාදී කිසිදු තාපස ව්‍රතයකින් අධ්‍යාත්මික දියුණුව ඇති නොවන බවයි.

    ගිහි හෝ පැවිදි හෝ කවරකු වුවත් සිය ශ්‍රාවකයකු විවෘත චරිතයකින් තොර වංචනික කුහකයකු වනු දැක්ම බුදුරජාණන් වහන්සේ කවර විටෙකත් අපේක්‍ෂා කළේ නැහැ.

    “උත්තාන” යනු ප්‍රකට බවයි; විවෘත බවයි. සඟවාගත් වංචනික අදහස්වලින් තොරව අව්‍යාජ හා චරිතවත් පුද්ගලයන් ලෙස ශ්‍රාවකයන් ක්‍රියා කරනු දැක්ම බුදුරදුන්ගේ අපේක්‍ෂාව වුණා.

    භික්‍ෂු විනය තුළ, කුහකත්වයෙන් ක්‍රියා කිරීම වළක්වාලනු පිණිස වඩාත් දැඩි වූ ශික්‍ෂා ප්‍රඥප්ති පනවා තිබෙනවා. ඒ අනුව පාරාජිකා සතරක් ක්‍රියාත්මක වනවා. ඒ මෛථුන ධම්ම, අදත්තාදාන, මනුස්ස විග්ගහ, උත්තරිය මනුස්ස ධම්ම යන පාරාජිකා සතරයි. මෙයින් පළමුවැනි දෙවැනි හා තෙවැනි පාරාජිකයන්ට වඩා අර්ථයෙන් මෙන්ම ස්වරූපයෙන් ද සිව්වැනි පාරාජිකාව සුවිශේෂී වනවා.

    එහි ප්‍රමුඛ අපේක්‍ෂාව වී ඇත්තේ උපසපන් භික්‍ෂුව සෙසු ගිහි, පැවිද්දන් රවටමින් වංචාසහගත ලෙස, නැති ගුණ තමා වෙත ඇතැයි දැක්වීම වළක්වාලීමයි. එනම්, භික්‍ෂුව අවංක හා විවෘත චරිතයක් ඇත්තකු කිරීමයි. ඒ තුළින් කුහකත්වය ඇති පුද්ගලයාට උසස් තත්ත්වයක් ලැබීම වැළැකෙනවා. ඇතැම් කුහක භික්‍ෂූන් ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් සිව්පසය ලබා ගැනීමේ අටියෙන් නැති ගුණ හැඟවීමටත් සෙස්සන් රැවැටීමටත් පෙළඹීමද මෙයින් වැළැකෙනවා.

    බුදුන් වදාළ ආර්ය මාර්ග සංඛ්‍යාත නිවන් මඟ අංග අටෙකින් යුක්ත වෙනවා. පැවිදි, ගිහි දෙපක්ෂයටම පොදු වූ එකී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස්වැන්න සම්මා ආජීවයයි. සැරියුත් හිමියෝ එය අරුත් ගන්වමින්, “මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිතං කප්පේති” යනුවෙන් සච්ච විභංග සූත්‍රයෙහි දැක්වූයේ, මිථ්‍යා ආජීවයෙන් තොරව සම්‍යක් ආජිවයෙන් දිවිය පවත්වාගෙන යෑමේ වැදගත්කමයි. එනම් සාවද්‍ය ඉපැයීම් වලින් තොරව ධර්මානුකූලව, නිවැරැදිව උපයාගෙන දිවිපැවැත්වීම සිදුකළ යුතු බවයි. එය පැවිදි, ගිහි උභය පක්‍ෂයටම සාධාරණයි.

    ගිහියකුට අදාළ සම්මා ආජීවය වන්නේ දැහැමි රැකියා මාර්ගයකින් ජීවත්වීමයි. එනම් සතුන්, මස් මාංශ, අවි ආයුධ, වස විස හා මත්පැන් ආදිය වෙළෙඳාම් කිරීම වැනි අදැහැමි දිවි පැවැතුම්වලින් වැළැකී ධාර්මික ආදායම් මාර්ගයකින් උපයා ජීවත්වීමයි. ශ්‍රමණ දිවියට කැප වන සේ සිවුපසය ලැබීම පැවිද්දාට අදාළ සම්මා ආජීවයයි. කූඨ, වංචනික ක්‍රියා මගින් දායකාදීන් රැවැටීම භික්‍ෂූවක් නොකළ යුත්තක්. බෞද්ධ පොතපතෙහි නොයෙක් අවස්ථාවන්හි කුහක භික්‍ෂුවරයන් ගැන දක්වා තිබෙනවා. විභංගට්ඨ කථාවේ එවැනි භික්‍ෂූන් කිහිප දෙනකු පිළිබඳ සඳහන් වනවා. අරහත් මගඵල ලබා නැතිවම තමා රහත් යැයි උපාසකවරුන් වංචාවෙන් නොමඟ යවා ප්‍රසාදය දිනාගත් ‘චාටි අරහන්ත’ ඉන් එක් භික්‍ෂුවක්.

    තමන්ගේ අසපුවේ කුටිය ඇතුළත මහ සැලියක් තබාගත් ඔහු උපාසකවරුන් දුරින් එනු දකිනවිට එයට රිංගනවා. මිනිසුන් භික්‍ෂුව කොහේ දැයි සොයන විට, ඇතුළු ගැබ සිටින බව කී විටත් ඒ තුළ සිටින බවක් මිනිසුන්ට පෙනෙන්නෙ නැහැ. ඔවුන් පිටතට ඇවිත් භික්‍ෂුව ඇතුළු ගැබ නැති බව කියන විට, ඇතුළු ගැබ සිටින භික්‍ෂුව එය අසා සැලියෙන් නික්ම අසුනේ හිඳගන්නවා.

    භික්‍ෂුව කුටියේ සිටිනු දකින උපාසකවරු පුදුමයට පත්වෙනවා. පැවිද්දෝ නම් තමන් කැමැති තැනකට යන නිසා ඔබලාට මා නොපෙනුනේ යැයි පවසන භික්‍ෂුව තමන් රහත්බව හඟවනවා. නැති ගුණ පෙන්වා මිනිසුන් වංචාවෙන් රවටන මේ භික්‍ෂුව හඳුන්වන්නේ කුහකයකු ලෙසයි.

    තවත් එවැනිම භික්‍ෂුවක් පර්වත මුදුනක පන්සලක වාසය කළා. වක්‍රාකාර වූ මාර්ගයක් ඔස්සේයි ඒ පන්සලට යන්න පුළුවන්. සෘජුව පිහිටා තිබෙන ඒ පර්වතයට කෙළින්ම ළඟාවෙන්න නොහැකියි. එනිසා භික්‍ෂුව බැහැදැකීමට ජනයා පැමිණෙන්නේ දූර මාර්ගයෙන්. තමන් හමුවට පැමිණෙන පිරිස ආපසු යන අතර භික්‍ෂුව පර්වතයෙහි වූ නුග ගසක මුල්වල ආධාරයෙන් පහළට බසිනවා. දායකයන් මෙය නොදැන තමන්ට පෙර පර්වත පාමුලට පැමිණ සිටින භික්‍ෂුව දැකීමෙන් විමතියට පත්වෙනවා. භික්‍ෂුව තමන් රහත් බව අඟවනවා. මේ භික්‍ෂුවත් කුහක ගතිවලින් යුක්තයි.

    බුද්ධඝෝෂ හිමියන් කුහක චර්යාවන් පිළිබඳ දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරනවා. සතර සංවර ශීලයේ තෙවැන්න වූ ආජීව පාරිශුද්ධි ශීලයට විවරණ සපයන උන්වහන්සේ සම්මා ආජීවය බිඳවැටීම වළක්වනු සඳහා, එනම් ආජීව පාරිශුද්ධිය ඇති කිරීමට භික්‍ෂූන් සඳහා බුදුරදුන් පනවා ඇති ශික්‍ෂා හයක් උපුටා දක්වනවා.

    1. පාරාජිකාපත්තීන් අතර උත්තරිමනුස්ස ධම්ම පාරාජිකාව.
    2. සංඝාදිසේසාපත්තීන් අතර දැක්වෙන, උපසපන් භික්‍ෂුවක විසින් ස්ත්‍රී, පුරුෂ දෙදෙනකුගේ එක්වීම පිණිස වන පණිවුඩ එකිනෙකා වෙත ගෙන යනු ලැබීමේ වරදකාරී ක්‍රියාව.
    3. ඵුල්ලච්චය ආපත්තීන් අතර, තමා රහත් යැයි අනියමින් (වක්‍රලෙස) දායකයනට කීමෙන් වන ඇවැත.
    4. පචිති ඇවැත් අතර, තමා නොගිලන්ව සිටිමින් ගිලන් යැයි කියා දායකයන් රවටා කිරි ආදී ප්‍රණීත දේ ගෙන්වාගෙන වැළැඳීමෙන් වන ඇවැත.
    5. පාටිදේසනීය ඇවැත් අතර, ඉහත කී පරිදි රැවැටීමෙන් භික්‍ෂුණියකට වන ඇවැත
    6. දුක්කටාපත්ති අතර, උපසපන් භික්‍ෂුණියක ඉහත කී පරිදි සූප ව්‍යංජනාදිය ගෙන්වාගෙන වැළැඳීමෙන් වන ඇවැත.

    මෙලෙස සඳහන් කළ සියලු කරුණු පැවිද්දකු තුළ ඇතිවිය හැකි කුහක ගතිපැවැතුම් වලට අදාළයි. එලෙසම ගිහියකු තුළත් නැතිගුණ හඟවා ලෝකයා රැවැටීම නම් වූ කුහකත්වය ඇතිවෙන්න පුළුවන්.

    පාලි අට්ඨකථාවලත් කුහකබවට නිදසුන් සඳහන් වනවා. ජාතකට්ඨ කථාවේ එන කුහක ජාතකයේ පෙර බරණැස විසූ එක් කුහක තවුසකු පිළිබඳ අපූරු පුවතක් කියැවෙනවා. ජටාධරයකුට පැහැදුණු එක් කෙළෙඹි පුත්‍රයෙක් වනයේ පන්සලක් කරවා ඔහුට මිහිරි ආහාරපානාදියෙන් සංග්‍රහ කරනවා. තමන් තුළ නැති ගුණ පෙන්වමින් මේ තවුසාද සිව්පසය ලබාගන්නවා. එනිසා ඔහුත් කුහකයෙක් වනවා.

    විවෘත චරිතයකින් යුතුව අව්‍යාජ ගතිපැවැතුම් ඇතිව ක්‍රියා කිරීම බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්‍ෂණයක්. එය ලෝකයට ලබාදුන් ශ්‍රේෂ්ඨතම ආදර්ශයක්. කුහක ගතිපැවැතුම් නැති ශ්‍රේෂ්ඨ ආචාර්යවරයාණන් වූ ලොව්තුරු බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවක ශික්‍ෂාකාමී මහා සංඝරත්නයත් ලොවටම ආදර්ශයක්. එනිසා දහම් මඟ යන නියම බෞද්ධයකු කවර අයුරකින්වත් තමන් තුළ කුහකකම රැඳෙන්නට ඉඩ තබන්නේ නැහැ. බුදුදහම නිබඳව අගය කරන්නේ විවෘත, අව්‍යාජ හා චරිතවත් ඇත්තන් ලෙස පැවිදි, ගිහි දෙපිරිසම කටයුතු කිරීමයි

    දේවාලේගම මේධානන්ද හිමි
     
    • Like
    Reactions: senarathna123

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    527774_587569477939429_706971179_n.jpg



    අට මහා කුසල්

    අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
    එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.

    "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
    බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
    ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
    කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
    මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

    1.කඨින සිවුරක් පූජා කිරීම
    2.අටපිරිකර පූජාකිරීම
    3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
    4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
    5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
    6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
    7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
    8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
    යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

    මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
    තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති.
    එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.
    බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ.
    අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්‍යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්‍රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ මේ පිළිබඳව සැමදෙනාගේ අවධානය විශේෂයෙන්ම යොමුවේවා.


    කඨින චීවර පූජාව:-
    අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
    උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ.
    අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
    අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්‍රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්‍රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.
    විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.
    සියලුම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පිංකම උතුම්ම දානය වේ. කඨින යන වචනයේ අර්ථ රාශියක් ව්‍යවහාරයේ පවතී. තද නිසාද ස්ථිර නිසාද කම්පාකළ නොහැකි අනුසස් ඇති නිසාද කඨින යන නාමය භාවිතා කරණ බව පහත දැක්වෙන ගාථාවෙන් ඒ බව පැහැදිළි වේ.
    “පඨවි රිව න ජාතු කම්පතෙ - නචලකි මේරු රිවාති වායුනා
    වජිර මිව න හිජ්ජතේ ඝණං - තමිද මතො කඨිනන්ති වුච්චති” යන මේ ගාථාවේ අදහසට අනුව මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිෙඳන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහස වේ. මේ අනුව කඨිනය යනු ඉතා බල සම්පන්න පිංකමකි. කඨින චීවරය ලබාගන්නා භික්ෂූන් වහන්සේටත් විශේෂ වරප්‍රසාද නැතහොත් අනුසස් පහක් හිමි වේ. කඨිනය පූජා කරණ පිංවතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි වේ.
    උත්තම පුරුෂයෙක් වශයෙන් උපත ලැබීමටත් සියලු යසඉසුරින් පිරි දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදීමටත් උසස් කුලවලම උපත ලැබීමටත් ධනවත්ව ඉපදීමටත් කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක්ව සමාජයේ ජීවත් වීමටත් සක්විති රාජ්‍ය ලබා ගැනීමටත් තේජස් හා කීර්තිමත් ව ජීවත් වීමටත් එසේම දුගතියක සතර අපායාදී දුක්ඛිත ස්ථානයක නො ඉපදීමටත් කඨින චීවර පූජාවෙන් ලැබෙන අනුසස් වලින් කීපයකි.
    කඨින චීවර පූජාවේ අනර්ඝත්වය ප්‍රකාශවන ගාථාවක අදහස විමසා බැලීම මෙහි වටිනාකම තේරුම් ගැනීමට හොඳ සාධකයෙකි. පිරිසිදු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ. එසේම මහමෙර උසට තුන් සිවුරු පූජා කළත් ඒ කරණ පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසයෙන් දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ.
    මෙම චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව “ආරපථෙ ආරපථෙ චක්කවත්ති සිරි ලාභෙ” යන ගාථාවන්ගෙන් එබව තහවුරු වේ. මෙම පිංකමේ අනුසස් ප්‍රකට කරන ප්‍රසිද්ධ කථා ප්‍රවෘත්තිය වන්නේ නාගිත චරිතාපදානය වේ. අපේ රටේ අතීතයෙහි වාසය කළ රාජරාජ මහා මාත්‍යවරු දැඩි ඕනෑ කමකින් උනන්දුවකින් මෙම පිංකම් සඳහා දායක වී ඇති බව මහාවංශය ආදි ඉතිහාස ග්‍රන්ථවලින් මැනවින් තහවුරු වේ.


    අට පිරිකර පූජාව :-
    බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
    තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
    පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
    01. දෙපට සිවුර (සංඝාටිය)
    02.තනිපට සිවුර (උත්තරා සංඝ)
    03.අඳනය (අන්තර වාසිකය)
    04.පටිය (කාය බන්ධනය)
    05. පාත්‍රය (පත්ත)
    06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
    07. ඉඳීකටුව (සුචි)
    08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.
    අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.
    එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.
    එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.
    ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
    අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.


    ආවාස දානය
    බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
    එසේම ශාක්‍ය රජදරුවෝ නිග්‍රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.
    බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්‍රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්‍රමාණකළ නොහැකි බව ශාක්‍ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.
    භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.
    සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්‍රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.
    ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්‍රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්‍යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්‍යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.
    මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්‍යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්‍ර පාඨයෙන් ප්‍රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය.

    සංඝික දානය
    අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්‍ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්‍යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය.
    බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්‍ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්‍යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්‍රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්‍යාගය දානය වශයෙන් සඳහන් කෙරේ.
    බුදු දහමේ බෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදී ඒවා යින් කීපයකි.
    මේ සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්‍ය ක්‍රියාව වන්නේ දානය බව පෙනේ. එයට විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත්තේ පරිත්‍යාගය තුළින් ආශාව, ලෝභය නැතිකරගැනීමට තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම හෙවත් පරිත්‍යාගය උපකාරී වන බැව් සිතා වියයුතුයි. ඒ අතරත් ආහාර දීමට පරිත්‍යාග කිරීමට බොහෝදෙනා උනන්දුවෙති. එයට හේතුව පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානම දේ ආහාර වීමයි. ඒ බව සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨයෙන් දැක්වෙන්නේ සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බැවිනි.
    මෙම දීමනාව නොයෙක් ආකාරයෙන් සිදුකෙරේ. විශේෂයෙන් පෞද්ගලිකව දීම හා සාංඝිකව දීම යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික දාන 14 ක් දැක්වෙන අතර සඟ සතු දාන 07ක් දක්ඛිණා විභංග සූත්‍රයේ සඳහන් වේ.
    පෞද්ගලික දාන 14 මෙසේය.
    1.බුදුරජාණන් වහන්සේට දෙන දානය
    2.පසේ බුදුවරයන්ට දෙන දානය
    3.රහතන් වහන්සේලාට දෙන දානය
    4. රහත් මඟට පිළිපන් අයට දෙන දානය
    5.අනාගාමී පුද්ගලයන්ට දෙන දානය
    6.අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට දෙන දානය
    7. සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය
    8.සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට දෙන දාමය
    9.සෝවාන් පුද්ගලයාට දෙන දානය
    10.සෝවාන් මගට පිළිපන් පුද්ගලයාට දෙන දානය
    11. ශාසනයෙන් බැහැර නිකෙළෙස් අයෙකුට දෙන දානය
    12.පෘථජ්ජන සිල්වතෙකුට දෙන දානය
    13.පෘථජ්ජන දුස්සීලයෙකුට දෙන දානය
    14. තිරිසන් සතෙකුට දෙන දානය යනු පුද්ගලික දාන 14 වේ.
    සාංඝික දාන 07 ක් දැක්වේ ඒවා නම්
    1.බුද්ධ ප්‍රමුඛ භක්ෂු භික්ෂුණී යන උභතො සංඝයා විෂයෙහි දෙන සඟ සතු දානය
    2.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය
    3.භික්ෂු සංඝයාට පමණක් දෙන දානය
    4.භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය
    5. මාගේ දානයට මෙපමණ භික්ෂුහුද මෙපමණ භික්ෂුණීහුද වැඩම කෙරෙත්වායී පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය
    6.මෙතෙක් භික්ෂුන් ලැබේවායී ආරාධනා කොට දෙන සඟසතු දානය.
    7.මෙතෙක් භික්ෂුණින් ලැබේවායී ආරාධනා කොට දෙන සඟ සතු දානය වශයෙන් සාංඝික දාන හතක් දක්ඛිණ විභංග සූත්‍රයෙහි සඳහන්වේ. මෙකල දිය හැක්කේ අංක 03 සහ 06 යටතේ දැක්වෙන සඟසතු දානමය පිංකම් පමණක් වේ.


    ධර්මය ලියවීම
    අටමහා කුසලයන්ගේ පස්වන පිංකම වන්නේ ධර්මය ලියවීම වේ.
    පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයක් හඳුන්වා දී ඇත. මෙහි පරියත්ති ශාසනය නම් ත්‍රිපිටක බුද්ධ වචනයයි. ප්‍රතිපත්ති ශාසනය නම් බුද්ධ දේශිත ධර්මයට අනුව පිළිපැදීමයි. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමයි එම ගුණධර්ම වඩා වර්ධනය කිරීම තුළින් ලබාගන්නා ඵලය ප්‍රතිවේධ නම්වේ.
    බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වර්ෂයක් මුළුල්ලේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ සියලුම ධර්මය මේ පරියක්ති ශාසනයට ඇතුළත් වේ. ධර්ම විනය වශයෙන් සඳහන් ඒ බුද්ධ වචනය මුල් අවස්ථාවේ වාචනා මාර්ගයෙන් හෙවත් කටපාඩමෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකරගෙන ආහ.
    විවිධ ආයතන සමිති සමාගම් මගින් ධර්ම ග්‍රන්ථ ලියවීම ලිවීම මුද්‍රණය කිරීම පැසසිය යුතු කටයුත්තකි. තවද විවිධ සමිති සමාගම් මගින් ද පරිත්‍යාග ශීලීන් විසින් ද ධර්ම ග්‍රන්ථ ලිවීම ධර්ම පත්‍රිකා ලිවීම මුද්‍රණය කර බෙදා හැරීම සිදුකරනු ලබන අතර ධර්මය ඉගෙන ගන්න උපකාර කිරීම උතුම් කටයුත්තකි. “සබ්බදානං ධම්ම දානං ජිනාති” යන බුදු වදනට අනුගතව ධර්මය ප්‍රචාරය කිරීම ලිවීම ඒ කටයුතු වලට අනුග්‍රහය දැක්වීම අටමහා කුසලයන්ගේ එක් පිංකමකි.


    කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම)
    භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්‍ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්‍යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්‍රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.
    වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්‍යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.
    වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්‍ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්‍යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.
    මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්‍ය වේ. විශාල පිරිසක් අවශ්‍ය වේ.
    අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්‍ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.


    පිළිම කරවීම
    බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමත් මුල් අවදියේ නොවීය. ඒ වෙනුවට ආසනය, පද්මය, ධර්ම චක්‍රය, නෙළුම්මල, ආදී සංකේත භාවිතා කළ බව සඳහන් වේ. සාංචි හා භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්තේ වෙනත් සංකේත වීම එයට නිදසුන්වේ.
    නමුත් කොසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි අවදියේම සඳුන් ලීයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවූ බව කොසල බිම්ඹ වර්ණනාවේ සඳහන් වේ. මෙය පසුකාලීන නිර්මාණ වලටත් ගුරු වූ බව සඳහන් වේ. ඒ බව පාහියන් දේශාටන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙහි දැක්වේ. රනින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළබව කුස ජාතකයේ සඳහන්වේ. මෙසේ ඒ පිළිබඳ යම් යම් තොරතුරු සඳහන් වේ.
    කෙසේවෙතත් මහින්දා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිර්මාණය කළබව මහා වංශයේ සඳහන් වේ. මේ කාලයේ සිට මූර්ති කලා චිත්‍ර නාට්‍ය ආදී සෑම අංශයකම පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත තොරතුරු අනුව පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ සිට විවිධ රජවරු පිළිම නෙළීම සිදුකළබව ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් පැහැදිළිවේ.
    අනුරපුර ථූපාරාමයෙහි රනින් කළ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ රුවන්වැලි මහා සෑයේ බුද්ධ පර්යන්තයෙන් යුත් රන්පිළිමයක් ගර්භයේ තැන්පත් කළ බවත් සඳහන් වේ.


    වැසිකිළි කරවීම
    අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
    ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.
    එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම එය භාවිතා කරණ සැමගේ පොදු වගකීමකි.

    මාබෝපිටියේ විමලඤාණ හිමි

    උපුටාගැනීම :- http://bududhaha
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    208113_586517711377939_781865324_n.jpg


    CENTER]කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම[/CENTER]

    අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌Cඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.

    මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්Cධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    1. මාතු රක්‌තා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    2. පිතූ රක්‌තා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    3. මාතා පිතූ රක්‌තා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය

    4. භාතු රක්‌තා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    5. භගිනි රක්‌තා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    6. C¹ති රක්‌තා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය

    7. ගොත්තරක්‌තා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.

    8. ධම්ම රක්‌තා - ධර්මය රකින්නී.

    9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.

    10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී

    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.

    3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.

    4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.

    5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.

    6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය

    7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය

    8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.

    9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.

    10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු

    2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං

    3. සේවනය කිරීමට උත්සාහය - උපක්‍රමය - සේවන පයෝගෝ

    4. සේවනය ඉවසීම - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ''සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

    ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

    ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති''

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

    ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ

    කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

    මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,

    ''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.

    සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.

    "තෘප්තිර්නාස්‌තිJධනෛරග්නෙර්
    නාම්භසා ලවණාම්භසඃ
    නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
    තස්‌මාත් කාමාන තෘප්තයේ"

    ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.

    අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි "කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ

    "ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ "ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.

    එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.

    මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ "කාමෙසුමිච්ඡාචාරා" යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු " යන බහුවචන රූපය නිසා මෙය "කාමයන්හි" යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.

    ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය "කාමෙසු" වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ"

    කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා
    එහි තේරුම - කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.

    "සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු

    චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ

    අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.

    යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.

    එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?

    රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි

    උපුටාගැනීම :- http://www.dharmaparyeshana.org/index.php/en/2010-09-22-07-05-56/108-2011-07-01-04-15-02.html
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    150483_586353874727656_506454463_n.jpg





    අටපිරිකර හා දොළොස් පිරිකර ගැන ඔබ දන්නවාද?

    වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ් අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි

    ඈත අතීතයේ පටන් ම මිනිසා විසින් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දැකීම නිවැරැදි කර ගැනීම යන දසවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරගෙන එනු ලබයි. ඒවා අතරින් බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ ද දන්දීම කෙරෙහිය. එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දන්දීමට බොහෝ දෙනා දක්වන රුචිකත්වයයි. එහෙත් දන්දීම සෑම පුද්ගලයකුට ම සිදුකළ නොහැකිය. සසරේ දන්දී පුරුදු පුහුණු වූ අයට එසේ දන්දීම සිදුකළ හැකිය. ‘දානය’ යන්නෙන් කියවෙන්නේ දීම, පරිත්‍යාගය අත්හැරීම යනාදී තේරුම් ය. කෙනකු විසින් දන්දිය යුත්තේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි සිල්වත් පුද්ගලයකුටය. දුගී මගී යාචකයන්ට මෙන් ම සතුන්ට දෙන්නා වූ ආහාර පාන වස්ත්‍ර ආදිය ද දානයක් බව කිව හැකිය. එහෙත් මෙවැනි දාන වර්ග එම පුද්ගලයන් කෙරෙහි හෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙන්නා වූ දානයක් වන්නේය. එවැනි දාන බුදු දහමේ පෙන්වා දී ඇත්තේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නා වූ දානයන් හැටියටය. මෙසේ දෙන්නා වූ දානයට වඩා සිල්වත්, ගුණවත් කෙනකුට දෙන්නා වූ දානය උසස් වන්නේය. ආනිසංස දායක වන්නේ ය. බුදු දහම තුළ මෙවැනි දාන පූජා බුද්ධියෙන් දෙන්නා වූ දාන ලෙස හඳුන්වා තිබේ. පූජා බුද්ධියෙන් දානයක් දෙන විට දෙන තැනැත්තා කෙරෙහි යටහත් පහත් භාවය දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම කරමින් එම දානය පිළිගන්වයි. කෙසේ වෙතත් දානයක් පූජා කිරීමෙන් අනතුරුව අප විසින් අපට වාසිදායක අන්දමින් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ බලාපොරොත්තු වන්නේ නම් විය යුත්තේ එයින් ලැබෙන ආනිසංස මොනවාද යන්න පිළිබඳ ව සිතීම පමණි. එසේ නොවන්නේ්නම් එය දානයකට වඩා මුදලාලිකමක් වන බව කිව හැකිය. මුදලාලි කෙනෙක් අපට යම් දෙයක් දෙන්නේ අපෙන් මුදල් රැගෙනය.

    මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ දාන වර්ග 14 ක් පිළිබඳ පෙන්වා දෙන අතර එයිනුත් වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි. බොහෝ අවස්ථාවලදී අටපිරිකර පූජාව පමණක් සිදුකරන අවස්ථාවන්ද දක්නට ලැබේ. දොළොස් පිරිකර පූජාව ද ඇතැම් අවස්ථාවන්වලදී සිදු කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම අටපිරිකර හා දොළොස් පිරිකරට අයත් වන්නේ මොනවාද යන්න පිළිබඳ ව නිසියාකාරව නොදන්නා වූ පිරිස් ද වෙති. ඒ අනුව මෙහිදී අටපිරිකර හා දොළොස් පිරිකර මොනවාද යන්න විමසා බලමු.

    තීණි චීචරානි, පත්තෝ, දන්තකට්ඨච්ඡේදනවාසි, ඒකාසූචි, කාය බන්ධනං, පරිස්සාවනන්ති.

    මෙහි ‘තීණි චීවරානි’ යනු තුන් සිවුරයි. තුන් සිවුර යනුවෙන් හඳුන්වනු ලබන්නේ දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන කඩයයි. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය බුදුන් විසින් අනුදැන වදාරා තිබේ. ගිජ්ජකූට පර්වතයට නැඟ මගධ ක්‍ෂේත්‍රය දිස්වන්නේ යම් ආකාරයකටද ඒ අයුරින් සිවුර නිර්මාණ විය යුතු බව පෙන්වා දී තිබේ. දෙපට සිවුර සාදා නිමකර ඇත්තේ සිවුරු දෙකක් නියමානුකූලව ගෙන එකක් වන සේ මැසීමෙනි. එය භික්ෂූන් පරිහරණය කරනු ලබන්නේ උතුරු සළුව වශයෙනි. තනිපට සිවුර ඒකාංශ කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදාගනු ලබයි. අඳනකඩය දෙදණ වැසෙන සේ ඉනවටා පෙරවීම සඳහා යොදාගනු ලබයි. ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා, පොහොය කිරීම් ආදි විනය කර්ම සිදු කරන අවස්ථාවන්හි පෙරවීමට ගන්නා අතර එම අවස්ථාවන්හිදී තුන් සිවුරෙන් යුක්ත වියයුතු බව ද පෙන්වා දී තිබේ. ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩ අතරින් තුනක් මෙයින් කියවේ.

    ‘පත්තෝ’ යනු පාත්‍රයයි. පාත්‍රය භික්ෂූන්ගේ පරිහරණයට ගනු ලබන්නේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ පිඬු ලබාගෙන ඒවා වැළඳීම සඳහාය. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන විට ඉහතින් සඳහන් කළ තුන් සිවුර මෙන් ම පාත්‍රය ද රැගෙන යා යුතුය. එසේම උපසම්පදා විනය කර්ම සිදු කිරීමේදී ද පාත්‍රය අනිවාර්ය භාණ්ඩයක් වෙයි. අටපිරිකරෙහි අඩංගු සියලු දෑ එම අවස්ථාවට ද අවශ්‍ය නිසා පාත්‍රය සුදු රෙදි කඩකින් ඔතා නොගැලවෙන සේ නූල් වලින් වියා එය උපසම්පදාපේක්ෂකයාගේ කර වටා ගැටගසා විනය කර්මය සිදු කරයි.

    ‘දන්තකට්ඨ’ යනුවෙන් ගැනෙන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ දත් මදින දැහැට්ට යන්නයි. ‘ඡේදනවාසි’ යනු සිඳින හෙවත් කපන වෑය හෙවත් පිහිය යන්නයි. අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ සඳහන් වන අන්දමට මුල් කාලයේ මෙබඳු උපකරණයක් අටපිරිකරයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ. දත් මැදීම සඳහා වර්තමානයේ මෙන් නවීන උපකරණ නොමැති වීම නිසා දැහැටි කූරු සාදා ගැනීම පිණිස මෙවැනි උපකරණයක අවශ්‍යතාව තිබූ නිසා මෙය අටපිරිකරයට ඇතුළත් කර ඇතැයි සිතිය හැකිය. එහෙත් වර්මතානයේ දක්නට ලැබෙන අටපිරි කෙරෙහි ඇත්තේ දැලි පිහියකි. එය භික්ෂූන්ගේ හිස රැවුල් බෑම සඳහා උපකාරි වේ. ඒ අනුව මුල් කාලයේ තිබූ එම උපකරණය හිස රැවුල් බෑම සඳහා ද උපයෝගි කර ගන්නට ඇතැයි සිතිය හැකිය. දැලි පිහියද නිර්මාණය වී ඇත්තේ සුදු යකඩයක් තියුණු ආකාරයෙන් මුවහත් තැබීමෙනි. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන අටපිරිකරවල දක්නට ලැබෙන්නේ තලයක් පමණි. එය ප්‍රයෝජනයට ගතහැකි නොවන අයුරින් සකසා තිබීම ද කනගාටුවට කරුණකි.

    ‘එකාසූචි’ යනු එක් ඉදිකට්ටක් යන තේරුම දෙන වචනයයි. අද දක්නට ලැබෙන අටපිරිකරය තුළ ඉදිකට්ට මෙන්ම නූල් පන්දුවක් ද තිබේ. මුල් කාලයේ මේ සඳහා භාවිතා කර ඇත්තේ නොයෙක් වර්ගයේ කෙඳිය. ඒවා තමන්ට අවශ්‍ය පරිදි සපයා ගත් බැවින් මුල් යුගයේ තිබූ අටපිරිකරවලට එය ඇතුළත් වී නොමැති බව කිව හැකිය.

    ‘කාය බන්ධනං’ යනු අඳනකඩය ඇඳ එය ලිහිල් නොවන සේ ඉනවටා බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලය. මෙය ද සිවුරු පටියකින් නිමවා තිබේ. ඒ අනුව වර්තමානයේ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටි වර්ග දක්නට ලැබුණත් අටපිරිකර තුළ ඉනවටා බැඳීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකස් වී ඇති සැටි දැක ගත හැකිය.‘පරිස්සාවන’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පෙරහන් කඩයයි. මෙය භික්ෂූන්ගේ පරිහරණයට යෝග්‍ය වන්නේ තමන් පානය කිරීමට ගන්නා වූ පැන් පළමුවෙන් පෙරා ගැනීමටය. ජලයේ ඇසට නොපෙනෙන නොයෙක් ජීවි සත්තු සිටිති. එම සතුන් පැන් සමග පෙවීම නැතිකර ගැනීම සඳහා පෙරහන් කඩයක් පාවිච්චි කළ යුතු බව බුදුරජුන් විසින් ද අනුදැන වදාරා ඇත.

    මෙයින් ප්‍රතිඵල දෙකක් අත්වේ. එකක් නම් කුඩා ජීවින් ශරීර තුළට නොයාම නිසා තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව යහපත් වීමය. අනෙක් කරුණ වන්නේ එම ජීවින්ගේ ප්‍රාණය තොර නොවීමෙන් ප්‍රාණඝාත අකුසලය ඇති නොවීමය. ඉහතින් සඳහන් වූ පිරිකර අටෙහි වැදගත්කම මේ ආකාරයෙන් වුවත් දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට මෙයින් ප්‍රයෝජන දෙකක් අත්වන බව කියවෙයි. මෙම පිරිකර අට ම ශරීරයේ ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිස ද වෙයි. ඒ කෙසේද යත් තුන් සිවුර හැඳ පොරවා හැසිරෙන කාලයේ ශරීරය ආරක්ෂා කරයි. තමා ළඟ පෙරහන්කඩය නැති විටෙක සිවුරු කොණින් පැන් පෙරා පානය කිරීමෙන් කුස ආරක්ෂා කෙරෙයි.

    පාත්‍රය, නාන අවස්ථාවේ පැන් උඩට ඔසවා ගැනීමට උපකාරී වීමෙන් ශරීරය පෝෂණය කරයි. ආහාර ගෙන වළදන අවස්ථාවේ කුස පෝෂණය කරයි. වෑය දත් මදින වේලාවේ මෙන් ම ඇඳ පුටු ආදි හිඳිනා අසුන් සකස් කිරීමේදී ශරීරයට පහසුවක් වෙයි. උක් ආදී ආහාර සුද්දකර කෑමට ගැනීමෙන් කුස පෝෂණය වෙයි. ඉදිකට්ට සිවුර මසන වේලේ ශරීර පහසුව පිණිස වෙයි. කැවුම් හා කුඩා ඇට වර්ග ඇති පලතුරු විද ආහාරයට ගැනීමේ දී ඉදිකට්ට අවශ්‍ය වෙයි. එය කුසට ආහාරයක් වීම නිසා කුස පෝෂණය වේ. ඉණ බඳින පටිය බැඳගත් පසු ශරීරයට පහසුවක් වෙයි. එයම කෑමට ගන්නා උක් බැඳගැනීම සඳහා ද ගත හැකිය. පෙරහන් කඩය පැන් පෙරන අවස්ථාවේ ශරීර පෝෂණයත් බොන අවස්ථාවේ කුසෙහි පෝෂණයත් ඇතිවේ. මෙය අටුවා කරු විසින් දක්වා ඇති පරිදි අටපිරිකරෙහි ඇති ප්‍රයෝජනයන්ය. මෙම පිරිකර අටෙහි එකතුවෙන් සකස් කරන ලද අටපිරිකර දන් දෙන බොහෝ අවස්ථාවලදී පිළිගන්වන අයුරු දක්නට ලැබේ. එහෙත් දොළොස් පිරිකරට අයත් වන පූජා භාණ්ඩ පිරිනැමීම දක්නට ලැබෙන්නේ මඳ වශයෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ද දැනගෙන සිටීම ඉතා අගනේ ය. ඒ අනුව දොළොස් පිරිකරට අයත් පූජා භාණ්ඩ නව පිරිකර, දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.

    නව පිරිකර

    ‘නව පරික්ඛාරිකස්ස පන සෙය්‍යං පවිසන්තස්ස තත්‍රට්ඨක පච්චත්ථරණං වා කුණ්ඩිකා වා වට්ටති’ දීඝ නිකාය අටුවාවේ ඉහතින් සඳහන් වන පාඨයට අනුව කියවෙන්නේ ‘නව පිරිකරවලට සැතපීම සඳහා යහනට පිවිසෙන්නා වූ භික්ෂුවට ඇඳෙහි එළා ගැනීමට ‘ඇතිරිල්ලක්’ හෝ කෙණ්ඩියක් සුදුසු බවය. මෙහිදී කෙණ්ඩිය මුල් කාලයේ තාපසයන්ගේ් අතෙහි නිතර රැඳුන එකක් නිසා භික්ෂුවගේ පරිහරණය සඳහා ද මෙය සුදුසු බව පෙන්වා දී තිබේ. එයින් පැන් ගෙනවිත් තබාගෙන පරිහරණයට ගත හැකිය. එහෙත් නවීන සමාජය තුළ මෙවැනි භාණ්ඩයක් භික්ෂූන්ගේ් පරිහරණයෙහි නැත. එහෙත් භාවනානුයෝගීව වැඩ සිටින අය මෙය පරිහරණය කරන බව ද දැක හැකිය.

    දස පිරිකර

    ‘දස පරික්ඛාරිකස්ස නිසීදස චම්මකණ්ඩං වට්ටති’ දස වැදෑරුම් පිරිකරවලට භික්ෂූන් වහන්සේ හිඳ ගැනීමට සම් කඩක් පූජා කළ යුතුය. මෙය වර්තමානයේ භික්ෂූන් වහන්සේලා පරිහරණය කරනු ලබන පත්කඩයයි. එය වන්දනාමාන කිරීමේදී හා භාවනායෝගීව එක්තැන් ව සිටින අවස්ථාවන්වලදී බිම එළා ගැනීම සඳහා භාවිත කරයි.

    එකොළොස් පිරිකර

    ‘එකාදස පරික්ඛාරිකස්ස කත්තර යට්ඨි වා තෙළනාලිකා වා වට්ටති’ එකොළොස් පිරිකරයට සැරයටියක් හෝ තෙල් බෝතලයක් හෝ සුදුසුය. මෙහි සැරයටියේ වුවමනාව කුමක් ද යන්න පැහැදිලිය. මුල් යුගයේ සිටි ඇතැම් තාපසයන් මෙන් ම පසුකාලීනව ඉන්දියාවේ සිටි හින්දු පූජකයෝද මෙවැනි සැරයටියක් සකසාගෙන ගමන් කරති. හින්දු පූජකයන් බොහෝ වේලාවට මේ සඳහා යොදා ගත්තේ ඔවුනගේ ආගමික සංකේතයක් වන ත්‍රිශුලයයි. භික්ෂුන්ගේ් පරිහරණය වූයේ ලීයකින් සකස් කරගත් සැරයටියකි. එය අද වෛවර්ණ වී ඇති අයුරු දැකගත හැකිය. තෙල් බෝතලයක් ඇතුළත් වූයේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඉන්දියාවේ දැඩි සීතල ඇති කාලවලදී ඇතැමුන් තෙල් ඇඟෙහි තවරාගෙන සීතල දුරුකර ගන්නා අයුරු අද ද දක්නට ලැබේ. ඒ අනුව මෙයද දොළොස් පිරිකරට ඇතුළත් වූයේ ඒ අරමුණින් ම විය හැකිය.

    දොළොස් පිරිකර

    ‘ද්වාදස පරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහණං වා වට්ටති’ දොළොස් පිරිකරයට කුඩයක් හෝ පාවහන් යුවලක් සුදුසුය. කුඩය අව්වෙන් හා වැස්සෙන් ආවරණය වීම සඳහා යොදා ගැනේ. පාවහන් පැළඳගෙන යාමක් මුල් කාලයේ නොතිබුණත් පසුකාලීනව එහි අවශ්‍යතාව පැණ නැගුණු බැවින් දොළොස් පිරිකරට මෙය ද සුදුසු වන්නේ යැයි පසුකාලීනව සිටි භික්ෂූන් සිතන්නට ඇත.

    මේ ආකාරයට දන් දෙන අවස්ථාවේ පූජා කරන්නා වූ අටපිරිකරට හා දොළොස් පිරිකරට අයත් පූජා ද්‍රව්‍ය මෙනම් යැයි පෙන්වා දිය හැකිය.

    වැලිවිට සොරත හිමි
    ( බුදුසරණ අන්තර්ජාල කලාපය )

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    575991_585453088151068_112070295_n.jpg


    සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ?

    මේ කියැවෙන සූකර මද්දවනය ගැන එදා පටන්මේ දක්වා විවිද මතිමතාන්තර ඇත.ඒ පිළිබඳව විමසා බැලීම මේ ධර්ම ලිපියේ ප්‍රමුඛ අදහස යි.

    අටුවාචාරීන් වහන්සේලාගේ විවිධ මත නිසා ප්‍රශ්නය අවුලක් බවට පත් වී ඇත.

    අන්තිම බුද්ධ පූජාව

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව කළෝ පාවා නුවරවාසී චුන්දකර්මාර පුත්‍රයාණෝ ය. ඔහු රන් – රිදී, මුතු – මැණික් ව්‍යාපාරිකයෙකි. මහා බූදල් කාරයෙකි. මේ චුන්ද කර්මාන්ත කරුවාණන් යටතේ සේවය කිරීමෙන්, යැපුණු ගම්මාන දෙතිසක් පැවති බව දැත්වේ. ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් ඔබ්බවා තනයි. එය ඉතා උසස් අයුරින් කළ නිසා ඔහුගෙන් අගනා ආභරණ ගෙන යාමට දඹදිව්හි දුර බැහැර දේශයන්ගෙන් ද බොහෝ දෙනා පැමිණිය හ. මෙ තෙමේ බෙහෙවින් ම අවංක ව්‍යාපාරිකයෙකු වශයෙන් එදා දඹදිව ප්‍රචලිත නමක් ලබා සිටියේ ය. චුන්ද ව්‍යාපාරිකයා තම සේවක – කාරකාදීන්ට ද නිසි පරිදි සැළකූ, කාටත් උදව් – උපකාර කළ ජනප්‍රසාදයට පත් සැදැහැවත් බෞද්ධයකු වශයෙන් ද නම්දරා සිටියේ ය. එයට හේතුව එතුමා සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු වීමයි.

    තථාගතයන් වහන්සේ පුරා හතළිස් පස් වසරක් ලෝක සත්වයා වෙත මහත් කරුණාවෙන් යුතුව දම් දෙසා අවසාන අවස්ථාවේ දී පිරිනිවන් පෑමට වැඩම කළ සේක්, කුසිනාරා නුවර මල්ලව රජ දරුවන්ගේ උපවර්ථන සාල වනෝද්‍යානයට ය. බුද්ධත්වයෙන් පන්සාළිස් වසරෙහි නවම් මස පෝදා අදින් තුන් මසක් ගෙවීගිය දින – වෙසක් පොහෝ දා මාගේ පිරිනිවීම සිදුවන්නේයැ’යි ප්‍රතිඥා දුන් උන්වහන්සේ, පසුදා විසාලාවෙන් පිටත් ව, දීර්ඝ ගමනක් වූ අම්බගාම – ජම්බුගාම – හස්ථි ගාමාදිය සහ ප්‍රසිද්ධ නගරයන් වූ භෝග නුවර ද පසු කොට, රජගහ නුවර හරහා පිරිනිවන් පෑමට නියමිත දිනට කලින් දා පාවා නුවරට භික්ෂු සංඝයා වහන්සේත් සමග පැමිනි සේක.

    එදින දවල් නගරාසන්න ගමක සැදෑහැවතුන් පිළිගැන් වූ දානය වළඳා ඉර අවරට යත්ම පාවා නුවර පිහිටි, ඉහත කී චුන්ද ව්‍යාපාරිකයාගේ සුවිසල් අඹවත්තට වැඩම කළ හ..මේ, අක්කර හත අටක් පමණ විශාල වූ චුන්ද දානපතියාට අයත් අඹ ගසින් පිරීගිය දැකුම්කළු උද්‍යානයකි.මෙය චුන්දකර්මාර ප්‍රභූවරයාගේ පෞද්ගලික විවේකය පිණිස සකස්කරන ලද්දකි.

    බුදුරජාණන් වහන්සේ මහ සඟ පිරිසත් සමග වැඩම කරවනු දුටු උද්‍යාන පාලක තැන ඉදිරියට පැමිණ උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන උයන තුළට වැඩමවා, උයන මැද පිහිටි විවේක ශාලාවෙහි වඩා හිඳුවා, මහා සංඝයාට ද පහසු පරිදි ගස් යට තැනින් තැන පිහිටි කුඩා කූටාගාරයන්හි හිඳීමට පිළියෙල කරවා, තම සහයක කම්කරුවන්ට මෙසේ කීයේ ය. “සහයකයිනි, මේ පැමිණියේ හෙට පිරිනිවන් පාන බවට රට වැසියා අතර කට කතා පැතිර ගොස් ඇති – ශාක්‍ය සිංහවූ බුදුරජාණන් වහන්සේ ය. චුන්ද කර්මාර පුත්‍ර තුමන්ගේ ත්, අපගේත් ශාස්තෘන් වහන්සේ ය. මා වහා චුන්ද කර්මාර තුමන් වෙත ගොස් මුන්වහන්සේ ගේ පැමිණීම දැනුම් දී එනතුරු ඔබ කවුරුත් අවශ්‍ය සිසිල් පැන් ආදිය පිළියෙල කරදිය යුතු යැ’ යි” පවරා, උසීර උයන් පාලකයා වහා චුන්ද තුමන්ගේ ව්‍යාපාරිකස්ථානයට ගියේ ය.

    “චුන්ද කර්මාර පුත්‍රයාණෙනි, හෙට කුසිනාරාවේදී පිරිනිවන් පානා බවට මහජනයා අතර මහා ආන්දෝලනයක් පැතිර පවත්නා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් ඔබ තුමන්ගේ උද්‍යානයට සඟ පිරිසත් සමඟ වැඩම කළා! උන්වහන්සේ පැමිණි බව දන්වීමට පැමිණියෙමි” උසීර ඔබ ගෙනාවේ අගය කළ නොහැකි පුවතක්! ඔබ දැන්ම ම , මේ කීප දෙනෙකුත් සමග මගේ නිවසට යන්න..මේ ප්‍රවෘත්තිය සැදැහැවත් මගේ බිරිඳට ද දන්වන්න. නොබෝ වේලාවකින්,, අඹ – දඹ – මිදී සිසිල් ගිලන්පසක් ඒ වැඩම කළ පන්සිය නමට ම සෑහෙන පරිදි ගෙනෙන ලෙස ඇයට මගේ වචනයෙන් කියන්න. මගේ දරුවන්ට ද මව් සමඟ ගිලන් පස රැගෙන එන ලෙස දන්වා, ඔබ වහාම පළමුව බුදු රදුන්ට පමණක් සෑහෙන තරම් මුද්‍රික හා උගුරැස්ස (වෝච) පැනක් සකස් කරගෙන එන්න. මම දැන් සැනෙකින් බුදු රදුන් වෙත යන්නෙමි’ යි චුන්ද තුමා අඹ උයනට පිටත්විය.

    දුටු විගස, භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් බදාගෙන හඬමින් වැළපෙමින් “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ හෙට දවසෙහි පිරිනිවන් පාන්නෙහි ය’ යන ආරංචිය දැනට තෙමසකට කලින් අපට දැන ගන්නට ලැබුනා! ඒ අසුභ ආරංචිය දැනගත් සෑම කෙනෙක් ම හඬන්නට වැළපෙන්නට පටන් ගත්තා! ලෝකයෙහි සෑම දෙයක් ම අනිත්‍යය’ යන ඔබ වහන්සේගේ ඉගැන්වීම අපි දන්නවා! එසේ වුනත් බුදු පියාණනි, මේ දුක අපට දරාගන්නට බැහැ. මට වඩා – බලවත් රාජකීයයෝ ද – ධනවත් අය ද මේ පාවා නුවර සිටිනවා! කොතනකටවත් නොගොස් අන්තිම දිනයේ මා වෙත පැමිණීම මට මහා සැනසිල්ලක්! ඒ ටිකයි මට ඇති එකම සහනය! නැත්නම් මා අද දුකින් රෝගාතුර වෙනවාට කිසිම සැකයක් නැහැ” මෙසේ චුන්දකුමාර දුක් අඳෝනා බස් කියන්නට විය.

    මේ අතර උසිර උයන් පාලකයා ගෙනෙන ලද මිදි යුෂ බුදු රජාණන් වහන්සේට පිලින්නවා, ඉන් අනතුරුව බිරිඳ හා දරුවන් සේවක පිරිසත් සමඟ රැගෙන ආ ගිලන්පස වලින් මහා සංඝයා ද පිදූහ. සියල්ලන්ටම, බුදුරජාණන් වහන්සේ යෝග්‍ය අනුශාසනයක් කළ සේක. නැවතත් තථාගතයන් වහන්සේට ආරාධනාවක් කරන චුන්දකර්මාර පුත්‍ර තුමා “බුදු පියාණනි, ඔබ වහන්සේට මා හෙට උදේට විශේෂ බෙහෙත් කැඳක් – යාගුවක් පිළියෙල කරවමි. හෙට දවාලට මේ දහසකට ආසන්න මහා සංඝයාටත් දානය පිළියෙල කරවමි.

    භාග්‍යවතුන් වහන්ස, දැන් ඔබ වහන්සේ ශාරීරික වශයෙන් දුර්වල බව පේනවා! දැනට මාස ගනනකට පෙර කුසේ අමාරුවකින් පෙළුන බවත් දැනගන්නට ලැබුනා! බේළුව ගමේ දී මාස නවයකට පෙර ඒ වැළඳුන අසාධ්‍ය කුසේ අමාරුවෙන් පසු ඔබ වහන්සේ ආහාරයෙන් ප්‍රවේශම් වූ බවත් මම දනිමි. හෙට පිරිනිවන් පාන දිනය බැවින්, මගේ පෙර පිනක මහිමය නිසා ලද මේ අනගි අවස්ථාවෙන් මා ප්‍රයෝජන ගතයුතුම යි’ එනිසා බුදු පියාණෙනි, හෙට දවාලට මා විසින් වෛද්‍ය උපදෙස් ඇතිව විශේෂ ඖෂධීය ආහාරයක් පිළියෙල කරමි. මට පින් පිණිස මේ ආරාධනය පිළිගනු මැනවි.

    “මේ පාවා නුවර සිට කුසිනාරා නුවරට ඇත්තේ ස්වල්ප දුරකි. (සැතපුම් හයකි) හෙට දවල් දානයෙන් පසු ටික වේලාවක් විවේක ගෙන සිසිල් ගිලන් පසක් වළඳා ඉර බසින වේලාව වනවිට කුසිනාරාවට වැඩම කළ හැකි ය. කුසිනාරා නුවර උපවර්තන උයනට වඩින බව මම අද ම දන්නවා යව මි. මටත් මගේ දූ දරුවන්ටත් චිරකල් හිත සුව පිණිස හෙට මාගේ ඖෂධීය දානය ඉවසා වදාරණු මැනවැ’ යි කඳුළු සලමින් නැවත නැවත ද ඇයද සිටියේ ය.

    බුදුරජාණන් වහන්සේ ඔහුගේ පුරාකෘත කුසල බලය ද දිව නුවණින්දැක දානය ඉවසා වදාළ සේක. බුදු පියාණන් පාවා නුවරට වැඩම කළ බව ඇසූ මහා ජනයා, වැලනොකැඩී ගලා එන්නට වූයෙන්, රාත්‍රී බොහෝ වේලා යන තුරු උන්වහන්සේ ඔවුනට අනුශාසනා කළහ. පසුදා උදෑසනින් ම දැහැටි – උනු පැන් සහ බෙහෙත් යාගුවක් පිළියෙල කරණ ලදහ. මහා සංඝයා වහන්සේට ද විවිධ ධාන්‍ය වර්ග වලින් පිසින ලද කැඳ පිළිගැන්වූහ.

    රාජපූජිත අතුල වෛද්‍යවරයාණන්ද කලින්දා කැඳවා එතුමාගේ උපදෙස් පරිදි චුන්දකර්මාර පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ප්‍රණීත වූ සූකර මද්දව ආහාරය පිළියෙල කළ ආකාරය.” අථ කෝ චුන්දකර්මාර පුත්තො තස්සා රත්තියා අච්චයේන සකෙ නිසෙනෙ පනීතං බාදනීයං භෝජනීයනං පටියාදාපෙත්වා පහුතං ච සුකර මද්දවං භගවතෝ කාලං ආරොචාපෙසී, කාලො භන්තේ නිට්ඨිතං භත්තන්ති.” මේ කියැවෙන සූකර මද්දවනය ගැන එදා පටන්මේ දක්වා විවිද මතිමතාන්තර ඇත.

    ඒ පිළිබඳව විමසා බැලීම මේ ධර්ම ලිපියේ ප්‍රමුඛ අදහස යි. මෙතෙක් දැක් වූ කරුණු අනුව, තථාගතයන් වහන්සේගේ වයස දුර්වලතාව සහ තරමක රෝගී බව යන මේ සියලු කරුණු චුන්දකර්මාර පුත්‍ර තුමා චන සිටි බව එතුමාගේ කථාවෙන් ම පැහැදිළිව පෙනෙයි. එසේ නම් මසක් ආහාරයට පූජාකරත්යැ’යි කිසිසේත් සිතීමට ඉඩක් නැත. තවද උන්වහන්සේ එදින ම රාත්‍රී පිරිනිවන් පාන බව ද ඔහු හොඳාකාර දනී. එයද අප විසින් සැලකිල්ලට ගත යුතු තවත් කරුණකි.

    අටුවාචාරීන් වහන්සේලාගේ විවිධ මත නිසා ප්‍රශ්නය අවුලක් බවට පත් වී ඇත. “සූකර මද්දවං ති නාති තරුණස්ස නාති පිණ්ණස්ස එක ජෙට්ඨක සූකරස්ස පවත්ත මංසං, තං කිර මදු ද්වේව සනි_ං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචාපෙත්වා ‘ති අත්ථො.” මෙසේ සූකර මද්දවය යනු ලාබාල නොවූ මහළු නොවූ ඌරකුගේ මස්යැ ‘යි තෝරා නැවත සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ ම තවත් අදහස් කීපයක් දක්වා ඇත.

    ”එකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති……කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති” සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් යැයිද, අටුවාවේ ම දක්වා තිබේ. ඉහත සඳහන් අදහස් ආහාරයට යැයිද, අටුවාවේ ම දක්වා තිබේ.
    ඉහත සඳහන්අදහස් මු_ඝෝෂාචාරීන් දක්වන අතර, උදාන අටුවාවේ දී ධර්මපාලචාරීන් වහන්සේ කියා සිටින්නේ විකිණීමට තැබූ මෘදු ඌරු මසක් යනුවෙනි. තවද, එහි මැ ඌරන් පාගන ලද උන කිළිල යැයිද ඌරන් මඩකළ තැන හටගත් හතු යැයිද කියති.මේ සියලු මත පසු කලෙක ඇති කරන ලද අදහස් වෙති.

    සූකර මද්දව – අජ මද්දව – ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න – ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්‍රව්‍ය සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.

    අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්‍යචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම දවල් දානය ගැන ඒ රටවල වැඩිහිටියන්ගෙනුත්, උගතුන්ගෙනුත්,වයෝවෘ_ මහතෙර වරුන්ගෙනුත් විමසා බැලීමට අපටද අවස්ථාව ලැබී ඇත.කුසිනාරා නුවර දී බ්‍රාහ්මණ ජාතික අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය.

    පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.

    ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.

    දැන් අපි අනෙක් අංශයෙන් ද මේ කාරණය ගැන සලකා බැලිය යුතු ය. බුද්ධ කාලයේ මාංශ අනුභවය ඉන්දීය සමාජය පිළිකුල් කළ දෙයකි. හින්දු ආගම හා ජෛන ආගම එදා බුදු දහම ආරම්භ වීමට කලින් දඹදිව පැවති ආගම් දෙකයි. ඒ ආගම් දෙකෙන් ම අහිංසාව ඉතා ඉහළම මට්ටමින් උගන්වති. සිසිල් දිය පවා “ඒක ප්‍රාණීය” යන විශ්වාසයෙන් පූජ්‍ය පක්ෂය උණුදිය පමණක් පරිහරණය කරති.

    බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුමත කරණ සේක. “අනුඤඤාතං ත්‍රිකෝටි පාරිසුද්ධං මච්ඡජමංසං අදිට්ඨං අසුතං අපරිසංකිතං” තමා උදෙසා මරණ ලදැයි නුදුටු තමා වෙනුවෙන් මරණ ලදැ’යි නොඇසූ, තමාවෙනුවෙන් මැරූ බවට සැකයක් නැති මාංසයක් ලදහොත් කැමති නම් වැළඳිය හැකි බව දක්වා තිබේ. වනගත භික්ෂූන් වහන්සේලාට ගිජු ලිහිණි ආදීන් මරා කා බිම හෙලන ලද ඇට කටු තම්බා වතුර බීමට අනුදත් බව විනය පිටකයෙහි සඳහන් වෙයි. එහෙත් උන්වහන්සේ නිර්මාංසාහාරය පැසසූ සේක.
    එදා දඹදිව, ක්ෂත්‍රිය – බ්‍රාහ්මණ – වෛශ්‍ය – ශුද්‍ර යැයි ප්‍රධාන කුල සතරකි. ක්ෂෙත්‍රියෝ රට රැකීම – රට පාලනය – රටේ සාමය රැකීමට බැඳුනු කුලය යි. බ්‍රාහ්මණයෝ ශබ්ද ශාස්ත්‍ර දියුණු කිරීම ඉගැන්වීම – නක්‍ෂත්‍ර -වෛද්‍ය – ගොවිතැන කළ යුත්තෝ ය. වෛශ්‍යයන්ට පැවරී තිබුනේ වෙළඳාම ප්‍රධාන වශයෙනුත් අමතරව ගොවිතැනත් ය. ශුද්‍රයෝ කුලී වැඩ කළ යුතු – සමාජයේ පහත් ම පන්තිය වූහ. මොවුනතුරෙන් වහල් සේවයට කැපව සමාජයේ තාඩන පීඩනවලට භාජනය වූවෝ ද ඔවුහු ම ය. අර උසස් කුල තුනට අයත් ඇත්තෝ සූකර මාංශ නො කෑහ. දැනුදු දඹදිව ඒ සිරිත එසේම පවතියි. බුදුරදුන් අයත් ක්ෂත්‍රිය වංසිකයින් කෙසේවත් සූකර මාංශ අනුභව නො කෙරෙති. සම්මතයක් වශයෙන් ගව මස් කෑමක් එදත් අදත් කා අතරත් නැත.

    බුදුරජාණන් වහන්සේ අනුමත කළ සේක්, ප්‍රණීත වශයෙන් පස්ගෝරසයයි. ධාන්‍ය – පළතුරු – අල බතල – එලවළු – පලා – පළතුරු මේවා ආහාරයට අනුමත කොට ඇත. පළතුරු ඉර අවරට ගියායින් පසු මිරිකා පානය කිරීමට අනුදැන වදාරා තිබේ. චුන්දකර්මාර පුත්‍ර උසස් කුලවතෙකි. එනිසාත් ඔහු පහත් සතෙකු වූ ඌරුමස් ආහාරයකට ගන්නේවත් ආහාරයට දෙන්නේවත් නැත. ඔහු බුදුරදුන් පිළිගනිමින් කළ කථාව අනුව උන්වහන්සේගේ ශාරීරික දුබලතාවයන් හා කුසේ අමාරුවක් පවති බව දැන සිටි බව පැහැදිලි ය. එනිසා මේ සූකර මද්දව නිර්මාංශය වූ රසායනික දානයකැ’යි නිගමනය කළ හැකිය. සූකර මද්දව දානය වළඳා නිමකළ බුදුරජාණන් වහන්සේ චුන්දකර්මාර තුමාට මෙසේ වදාළහ.

    යං තෙ චුන්ද සූකර මද්දවං පටියත්තං තෙන මං පරිවිස, යං පන අඤඤං ඛාදනීයං භෙභීජනීයං පටියත්තං නෙත භික්ඛු සංඝං පරිවිසාති ඒවං භන්තේති බෝ චුන්දොකම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටයත්තං තෙන නගවන්තං පරිවිසි යං පනචඤඤං ඛාදනීයනං භෝජනීයං පටියත්තං, තෙන භික්ඛු සංඝං පරිවිසි, (පරිනිබ්බාන සූත්‍රය) චුන්ද ඔබ විසින් මා වෙනුවෙන් ම පිළියෙළ කරණ ලද සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක් පිළිගන්වන්න. සූදානම් කළ’ අනික් ආහාර – පාන භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වන්න. වදාළ පරිදිම චුන්දකර්මාර පුත්‍රයා සූකර මද්දවය බුදු රදුන්ට පිළිගන්වා සෙසු බොජුනෙන් භික්ෂු පිරිස වැළඳ වූයේ ය. බුදු පියාණන් වහන්සේට එදා පිළිගන්වන ලද්දේ ඖෂධීය ආහාරයක් බටව මෙය ද කදිම නිදසුනකි.

    චුන්දගේ දානය මංශයක් වී නම් එය අනෙක් භික්ෂූන් වහන්සේලාට පිළිගන්වන්නට එපා යයි කීමේ තේරුමක් නැත. බුදු රදුන්ගේ අසනීප තත්ත්වයට පිරිමසින ලෙස සකස් කළ දානයක් බැවින් එය අන් අයට වැළඳවීම යෝග්‍ය නොවීම පුදුමයට කරුණක් ද නොවේ. බුදු පියාණන් වහන්සේගේ අන්තිම දානයට දෙවියන් විසින් දිව්‍ය ඕජස් යෙදූ බව සඳහන් වෙයි.

    ඌරු මසකට දෙවිවරු දිව්‍ය ඕජස් යොදනු ඇත යන්න කිසිසේත් පිළිගත නොහැක්කකි. අනෙක් කාරණය නම් ‘මාගේ මේ ඖෂධීය ආහාරය වැළඳීමෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවේවා’ යන පැතුමෙන් යුතුව, චුන්දකර්මාර පුත්‍ර තුමා “සූකර මද්දව“ දානය පිළියෙල කළ බවද සඳහන් වීමෙන් පෙනී යන්නේ, මෙය කිසිසේත් කවර ආකාරයක හෝ මාංශයක් නො විය හැකි බව ය. ඉපැරණි ටිබෙට් විනය පොත්වල සවිස්තරාත්මකව සඳහන් වන්නේ “සූකර මද්දවය” යනු ඖෂධීය ප්‍රණීත ආහාරයක් බව ය. ආචාර්්‍ය රොක්හිල් පඬිතුමා ඒ කියමනඅනුමත කරමින් බොහෝ කරුණු දක්වා ඇත.

    එදා අද මෙන් ගමන් – බිමන් පහසුකම් නොවීය. බොහෝ දේ ලියන ලද්දේ – කියන ලද්දේ ආරංචි මාත්‍රයෙනි. රටකින් රටකට ගිය කෙනෙක් වුවද ආපසු පැමිණීයේ ද අවුරුදු ගණනාවකට පසුව ය. යන – එන ගමන්වල දී හොර, හතුරු බිය – දේශගුණය විපරියාස – සමුද්‍ර – ගංගා තරණය කිරීමේ දී සිදු වන පළිබෝධාදිය නිසා දේශාටනයේදී රැස්කර ගත් කරුණු ද අමතක වූහ. සටහන් කර ගත් දේ ද නැති නාස්ති විය. මෙනිසා අටුවාචාරීන් වහන්සේලා දක්වන කරුණු ද පසරස්පර විරෝධී වෙති. එසේ ම දැනට අපට ඉතිරි වී තිබෙන අටුවා බු_ පරිනිර්වාණයෙන් සියවස් හතරකට පසුව ලියැවුනු ඒවා ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන දින දවල් දානය වැළඳුයේ තනියම නොවේ.

    තව පන්සිය නමකටත් වඩා මහ රහත්හු ම ඒ දානයට චුන්දකර්මාර පුත්‍රගේ නිවසට බුදු රදුන් සමග වැඩම කළහ. එසේම චුන්දකර්මාර පුත්‍ර තුමාගේ අති සම්භාවනීය ඥාති මිත්‍ර පිරිසක් ද මේ උත්කෘෂ්ට දානයට සහභාගි වී සිටි බව සැලකිය යුතු ය. ඒ ගිහි පැවිදි බොහෝ දෙනෙක් තථාගත පරිනිර්වාණයෙන් අවුරුදු පනහක් – හැටක් යනතුරු නැත්නම් ඊටත් වැඩි කලක් ජීවත් වූ බව නො රහසකි. චුන්ද එදා බුදු පියාණන්ට පිළියෙල කළේ කුමන දෙයක් ද යන්න ඒ පිරිස දැන නොසිටීමට කිසිම හේතුවක් නැත. ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ බුදු රදුන් පිරිනිවීමෙන් තුන් මසකට පසුව යි. එදා සූකර මද්දවය ගැන කථා කිරීමට තරම්වත් එය වැදගත් කමක් නොවූ ප්‍රශ්නයක් බව පෙනේ.

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සියවස් දෙක – තුනක් ඉක්ම ගිය පසු ධර්මාශෝක යුගයෙන් අනතුරුව බමුණු බලය – හිංදු බලය තදින් හිස ඔසවන ලදහ. බමුණෝ ප්‍රචාරය කරන ලද්දේ ශාක්‍ය පුත්‍ර බුදු රදුන් රටවැසියා පිළිකුල් කරනු ලබන පහත් ම සතකු වූ ඌරෙකු ගේ මස් කෑමෙන් බරපතල ලෙස රෝගාතුරව මරණයට පත්වූ බව ය. ලංකාව වැනි රටවල අයට මෙය එතරම් වැදගත් කරුණක් නො වුවද දඹදිවින් බුද්ධාගම පලවා හරින්නට හේතු වූ මූලික කරුණු තුන – හතරෙන් මේ ඌරුමස් බවට හරවා ගැමි ජනතාව අතර පරිහාසයට ලක්කරමින් ප්‍රචාරය කළ කථාව ද එකකි. මේ නිසාත් , නූගත් – දුප්පත් ජනතාව බුදු දහම අතහැර හිංදු ආගමට හැරුනේ දහස් ගණනින් නොව ලක්ෂ ගණනිනි. ඌරුමස් කතාව අදත් දඹදිව – නේපාල රටවල මහා පිළිකුලට භාජනය වූ ප්‍රවෘත්තිය කි.

    මෙය තවත් රස ගන්වමින් සිවුරු පෙරවා ගත් බමුණු වේශධාරීහු බුදු රදුන් ඌරුමස් කෑමෙන් ලේ අතීසාරය වැළඳී කාගේවත් පිහිටක් නො ලැබ මග දිගට පස් විසිපලක මළ පහකරමින් කුසිණාරාවට ගොස් මළහ’ යි කියන්නට වූහ. ලියන්නට වූහ. භික්ෂූ වේශධාරී බ්‍රාහ්මණ බලය කෙතෙක් බල සම්පන්න වීද? යත් පරිනිබ්බාන සූත්‍රයට ද මෙය ඇතුළත් කිරීමට තරම් ඔවුහු සමත් වූ බව පෙනේ. මස් මාංශ වලට කෑදර භික්ෂූහු ද, තමන්ටත් මස් මාංශ කෑමට මෙය කදිම මාර්ගයක් සේ දැන – බුදු රදුන් වැළඳුයේ ඌරුමස් ම යැ’ යි ලියා තැබූහ. එසේ නැත්නම්, “තරුණ ඌරකුගේ මස්ය – මරා විකිණීමට තිබූ ඌරකුගේ මස්ය. ඌරන් මඩකළ තැන හටගත් හතුය. උණ ගොබය, ඖෂධීය ආහාරයක්ය, ඌරන් හාරණ අල සහිතව පිළියෙල කළ ආහාරයකැ’යි යනුවෙන් විවිධ මත පළ කිරීමට කිසිදු හේතුවක් නැත.”

    චුන්දගේ අතිශයින් ම සිනිඳු වූ ඖෂධීය දානය වැළඳීම නිසා අධිෂ්ඨාන බලයෙන් යටපත් කොට තිබූ රෝගය බොහෝ සෙයින් ලිහිල් ව මතුවූ බව අටුවාවන් හිමැ දැක්වේ. එදා සවස ආලාරකාලාම පුත්‍රගේ ගෝලයකු වූ පුක්කුස තුමා, බුදු රදුන් මගදී හමුවී බෙහෙවින් සතුටට පත්ව අගනා වස්ත්‍ර යුගයක් ද උන්වහන්සේට පිදූහ.

    එයින් සැරසුණු බුදුපියාණන් වහන්සේ බුදුවන දා වගේ ම අතිශයින් ම බබලන්නට වූ බවද සඳන් වෙයි. ඔය කියන තරම් අසාධ්‍ය තත්ත්වයක් ඇතිවුනි නම්, බුදු සිරුරෙහි එබඳු දීප්තියක් ඇතිවිය නොහැකි ය. එදා හැන්දෑවේ ම භභාග්‍යවතුන් වහන්සේ කුකුත්ථා නදියෙන් ජලස්නායනය කළ බව ද දැත්වෙයි. පස් විසි වතාවක් මළ පහවූ බව සැබෑවක් නම්, කවදාවත් කෙනෙකුට කෙලින් – කටින් සිටගත නො හැකි ය. ජලස්නානය කළ නො හැකි ය. ඒ ඇරත් උන්වහන්සේ අසූ වයස් කෙනෙකි. එය ද අමතක නො කළ යුතු කරුණකි.
    මේවා පසු කාලවල බුදු රදුන් කෙළෙසනු පිණිස – නිග්‍රහයට පත් කරුණු පිණිස ගෙතූ කථා ය. ඇතැම් අටුවාචාරීහු ද බමුණන්ගේ උගුලට අසුවී, අනිත්‍ය ස්වභාවය පෙන්වීමට බුදුරජාණන් වහන්සේ පාවා නුවර සිට කුසිනාරා නුවරට සෘÿයෙන් වැඩම නො කොට පා ගමනින් ම වැඩිය බව කීහ. චීවරධාරීන් වශයෙන් සිවුරු පොරවාගෙන ධර්මය අධර්මය කළ බමුණෝ ද දස දහස් ගණනින් ව්‍යාප්තව සිටියහ. ධර්මාශෝක මහරජුට දෙවන ධර්ම සංගායනාව කිරීමට සිදු වූයේ ද මේ බමුණු අරගලය නිසාය. මෙකී කරුණු එකිනෙක ගෙන සසඳා බලනවිට පැහැදිලිව ම පෙනී යන්නේ චුන්දකර්මාර පුත්‍රයාණන් විසින් තථාගතයන් වහන්සේට පුදන ලද අන්තිම බු_ පූජාමය දානය ඖෂධීය නිර්මාංශාහාරයක් බව යි. එහෙත් පෙන්වා ඇත්තේ වෙනත් පින්තූරයකි.

    සුජාතා සිටු දියණියගේ ප්‍රථම දානයත්, චුන්දකර්මාර පුත්‍රයාණන් ගේ මේ අන්තිම බු_ පූජාවත්, සමාන අනුසස් ගෙන දෙන මහානිශංසදායී දාන දෙකක් යැ’යි බුදු රජාණන් වහන්සේ ම වදාළ සේක. මෙනයින් සලකා බැලීමේ දී බුදු වන දා පිදූ සුජාතාවගේ අනඝිතම කිරිපිඬු දානයත් – මේ චුන්ද තුමන්ගේ ඖෂධීය සූකර මද්දව දානයත් ඔවුන් සසරදී පතාගෙන ආ පරිදි ම පුදන ලද බු_ පූජාවන් දෙකක් බව සැළකිය යුතුය. මේ මුල – අග දාන දෙක ම නිර්මාංශාහාර දානයෝ ම ය.

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

    කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිතයි
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    429737_581573071872403_1228950096_n.jpg



    දුශ්ශීලයන්ට දන්දීම සත්කාර කිරීම සුදුසුද?

    ඔවුනට දන් දීමෙන් පින් සිදු වේ ද?

    කුණුවළවල හෝ කාණුවල හෝ යම් ප්‍රාණීහු වෙත් ද, යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යැපෙත්වා යි සැළි සේදූ දිය හෝ මූඩි සේදූ දිය හෝ ඒවාට වත් කෙරේ ද, වච්ඡය, එයින් ද පින් සිදු වන බව මම කියමි. මිනිසකුට දන් දීම ගැන කියනුම කිම? තවත් කරුණක් නම්: සිල්වතාට දීම මහත්ඵලය යි ද, දුශ්ශීලයාට දීම එපමණ මහත්ඵල නො වේය යි ද කියමි.

    මෙයින් දැක්වෙන්නේ දුශ්ශීලයන්ට නො දිය යුතු ය, අලජ්ජීන්ට නො දිය යුතුය කියා අනුන් දෙන දන් වළක්වන අසත්පුරුෂයා: දෙන තැනැත්තා ගේ පින නැති කිරීම ය, ලබන තැනැත්තා ගේ ආහාරය නැති කිරීම ය, සත්පුරුෂ ගුණය නැතිකර ගැනීමෙන් ඉමහත් පවක් කර ගැනීම ය යන මේ කරුණු තුනෙන් අනුන්ටත් තමාටත් අන්තරායයක් කරන බව හා සැම දෙනාට ම දන් දිය යුතු බව ය.

    එයින් දක්වන තවත් කාරණයක් නම්, සිල්වතුන්ට දීම මහත්ඵල බවත්, දුශ්ශීලයන්ට දීම එතරම් මහත්ඵල නො වන බවත් ය. දුශ්ශීලයාට දීම මහත්ඵල නැතය යි කියනුයේ, එයින් පින් සිදුවීමක් නැති නිසා ය යි වරදවා තේරුම් නො ගත යුතු ය. එයින් දක්වන්නේ සිල්වතාට දීමෙන් ලැබෙන පිනට වඩා දුශ්ශීලයාට දීමෙන් ලැබෙන පින කුඩා බව පමණෙකි. දන්දීම මහත්ඵල වීමට දායකයා ගේ ශීලයත් උවමනා ය. දායකයා සිල්වත් නම් ප්‍රතිග්‍රාහකයා දුශ්ශීල වුවත් දානය මහත්ඵල වන බව -

    “යො සීලවා දුස්සීලෙසු දදාති දානං
    ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො
    අභිසද්දහං කම්මඵලං උළාරං
    සා දක්ඛිණා දායකතො විසුජ්ක්‍ධති”
    යනුවෙන් වදාරා තිබේ.
    “යම් සිල්වතෙක් මහත් වු කර්ම පලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දානය දායකයා ගේ ගුණය නිසා මහත්ඵල වේය” යනු එහි අදහස ය. දන් දීමට සිල්වතුන් ඕනෑ කරන්නේ දුශ්ශීල දායකයන්ට ය. දායකයා දුශ්ශීල වුවත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම් එයින් ද දානය මහත්ඵල වන බව -

    “යො දුස්සීලො සීලවන්තේසු දදාති දානං
    අධම්මේන ලද්ධං අප්පසන්චිත්තො
    අනභිසද්දහං කම්මඵලං උලාරං
    සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති”
    යනුවෙන් වදාරා තිබේ.

    “යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නො තබමින් අප්‍රසන්න සිතින් අධර්මයෙන් ලැබූ දෙයින් සීලවන්තයන්ට දේ නම්, ඒ දානය ප්‍රතිග්‍රාහකයන් ගේ ගුණය නිසා මහත්ඵල වේ ය” යනු එහි තේරුම ය.

    lakehouse.lk/alokoudapadi/

    අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
    පිවිසෙන්න www.sinhala.TheBuddhism.net
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    බොහෝම වටිනා දහම් සත්කාරයක්,සියලු දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වේ........අපි සියලු දෙනාටම ආරාධනා කරමු, වටිනා හරවත් දහම් ලිපි වගකීමකින් යුතුව මෙම ත්‍රෙඩ් එක හරහා පෝස්ට් කරන්න කියලා.......
    මිසදිටු අදහස් ඇති හිස් මිනිසුන් සමග වාදය වෙනුවට,තම වටිනා කාලය දහම් ලිපියක් කියවීම වෙනුවෙන් යොදාගන්න කියලා........
    සියලුම ලිපි අදාල මුලාශ්‍රය සමග පෝස්ට් කරන්නේ නම් මැනවි..........
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොහෝම වටිනා දහම් සත්කාරයක්,සියලු දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වේ........අපි සියලු දෙනාටම ආරාධනා කරමු, වටිනා හරවත් දහම් ලිපි වගකීමකින් යුතුව මෙම ත්‍රෙඩ් එක හරහා පෝස්ට් කරන්න කියලා.......
    මිසදිටු අදහස් ඇති හිස් මිනිසුන් සමග වාදය වෙනුවට,තම වටිනා කාලය දහම් ලිපියක් කියවීම වෙනුවෙන් යොදාගන්න කියලා........
    සියලුම ලිපි අදාල මුලාශ්‍රය සමග පෝස්ට් කරන්නේ නම් මැනවි..........
    සමහර ඒවයේ වැටිලා නැද්ද මම බලන්නම් ,කීවට ස්තුති ,අදහස ගොඩක් වටිනවා
    ඕක ගන්නේ ෆ්බ් එකේ මේ page එකන් https://www.facebook.com/pages/%E0%B6%B7%E0%B7%80-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-Bawa-Karma/541364085893036
    (එක ඔය පොස්ටේර් එකේ තියෙනව )


    තව මේකෙන් https://www.facebook.com/SasaraTharanaya
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    සමහර ඒවයේ වැටිලා නැද්ද මම බලන්නම් ,කීවට ස්තුති ,අදහස ගොඩක් වටිනවා
    ඕක ගන්නේ ෆ්බ් එකේ මේ page එකන් https://www.facebook.com/pages/%E0%B6%B7%E0%B7%80-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-Bawa-Karma/541364085893036
    (එක ඔය පොස්ටේර් එකේ තියෙනව )


    තව මේකෙන් https://www.facebook.com/SasaraTharanaya

    :yes::yes::yes:
    අනෙක් පින්වත් මිතුරනුත් මෙයට සහභාගී කරගන්න......
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    24429_153629548135466_998208339_n.jpg


    බෞද්ධ ආභාසය බෞද්ධ යථාර්ථය අප ජීවිතයට ළං කරගෙන තිබෙනවාද? අධ්‍යාපන චාරිකා, වන්දනා චාරිකා, විනෝද චාරිකා, මේ කොයි ගමන ගියත් අපේ සිරිත වී තිබුණේ බුදු දහමට මුල් තැනක් ලබා දීමයි

    බෞද්ධ පැවිදි ගිහි සැමගේ ඒකායන අරමුණ වන්නේ නිවන් දැකීම හෙවත් මේ සංසාර චක්‍රය නවත්වා දැමීමයි. ඒ සඳහා අවශ්‍ය වන සඵල බව සාර්ථක බව තමන් තුළ ඇති කර ගත යුතු වෙනවා. නැවත ඉපදීමක් වෙනුවට නිවන් මඟට යාමට අප බලාපොරොත්තු වුවත් මේ භවයේදී නිවන් මඟට යොමු වීමට නොහැකි වුවහොත් අපට මතු භවයේදී නිවන් දැකීම උදෙසා යළි භවයක් පැතීමට සිදුවෙනවා.

    නොපෙනෙන නොදකින මතු භවයට වඩා ලබා ඇති මේ භවයේ පෙනෙන දේට අවධානය යොමු කිරීමට අප කල්පනා කළ යුතු වෙනවා.

    බොහෝ විට අපගේ සිරිත වී ඇත්තේ ලැබිල තියෙන දේ ගැන සතුටු නොවීමයි. නිතරම කලකිරීමෙන් ඉන්නෙ .නොයෙක් දේ ලබාගන්න, කල්පනා කරනවා. විවිධ දේ ප්‍රාර්ථනා කරනවා.

    බුදු දහම මේ ක්‍රියාදාමය අනුමත කරන්නේ නැහැ. බුදු දහමින් කියන්නෙ අප නිරතුරුවම මේ මොහොතේ ජීවත් විය යුතු බවයි.

    මේ මොහොතේ අප ලබාගෙන තියෙන ජීවිතය ගැන සතුටුවන්න ඕන. අනාගතය ගැන නැත්නම් අතීතය ගැන සිතා ශෝක වීමෙන් පලක් නැහැ. අප සෑම විට මේ මොහොත ගැන, වර්තමානය ගැන සතුටු විය යුතුයි.

    අතීතංනානු සොචෙන්ති
    නප්ප ජප්පන්ති නාඝනං
    පච්චුප්පන්නේ න යාපෙන්තී
    තෙන වණ්ණෙපසීදතී

    අතීතය ගැන පසුතැවීමක් නැත. අනාගතය ගැන සිහින මවන්නේද නැත. වර්තමානය තුළ පමණක් ජීවත් වන්නේය.

    බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සැමවිටම ප්‍ර‍්‍රසන්නව කල් ගෙවුයේ එහෙයිනි.

    මේ මොහොත ගැන කල්පනා කරල අප සතුටුවිය යුතුයි. අපට දිවියේ සතුටක් නැහැ. ජීවිතේ විඳවීමක් පමණයි. මේ බොහෝ අයගේ තත්ත්වයයි.

    උපතින්ම රෝගී වූ එසේත් නැත්නම් ඇස, කන, ආදි ඉන්ද්‍රියයන්ගේ ආබාධ ඇති අය තම ආබාධ ගැන සිතමින් ලත වුවහොත් කුමක් වේද? ඔවුන් තමන්ට හැකි අයුරින් දිවිය සාර්ථක කර ගන්නවා.

    අපගේ සිත දහමට යොමු කර ගන්නේ වයෝවෘද්ධ වූ විටද? දහමට අප සිත් යොමු කර කටයුතු කළ යුත්තේ අපට හැකියාව තිබෙන විටයි. තමන්ට යමක් ලබා ගැනීම උදෙසා දන්දීම් සීල භාවනා කරා යොමුවනවා නම් එයින් තමාට කුසලයක් ලබා ගැනීම අසීරුය.

    අපට ලැබී තිබෙන සම්පත් හා මිනිසත් බවේ උතුම් බව අප තේරුම් ගත යුතුය.

    පාවහනක් නොමැතිව මා ලතවන කලට
    පාදෙක නොමැති මිනිසකු හමුවුනා මට

    අපට යථාර්ථය වටහා ගැනීමට නම් ලෝකයේ සැබෑ ස්වරූපයට මුහුණ දීමට නම් එය හොඳටම ප්‍රමාණවත් වනවා.

    බෞද්ධ ආභාසය බෞද්ධ යථාර්ථය අප ජීවිතයට ළං කරගෙන තිබෙනවාද? අධ්‍යාපන චාරිකා, වන්දනා චාරිකා, විනෝද චාරිකා, මේ කොයි ගමන ගියත් අපේ සිරිත වී තිබුණේ බුදු දහමට මුල් තැනක් ලබා දීමයි. එහෙත් අද මහනුවර යන අපේ බෞද්ධයන් පේරාදෙණිය මල්වත්තේ පැය ගණන් ගත කරනවා. හන්තානෙ නගිනවා. දළදා මාලිගයට යන්නෙ නෑ.

    ලෝකාන්තයට පයින් යනවා . බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලබපු සිරිපාදෙට යන්නෙ නැහැ. අපේ පිරිහීමට මේ කරුණුත් බොහෝ සෙයින් බලපා තිබෙනවා. ඇතැම් දහම් පාසලකින් පවා අද බොහෝ විට එවන් වන්දනා ගමන් නොයන තරම්.

    මිනිසත් බව ලබා ගැනීම දුෂ්කර වගේම යහපත් මිනිසකු ලෙසින් ජීවත්වීම ඊට වඩා දුෂ්කරයි.

    අද සමාජය එක්තරා රාමුවකට සීමා වෙලා වෙනස්වීමකට භාජනය වෙලා ඉන්න බැහැ. ඒ අයට සමාජයේ තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සමයේ ආලවක, චරරෝම, සුචිරෝම වැනි යක්ෂයන් හිටියා. ඛුජ්ජුත්තරා වැනි අය දිවි ගෙව්වා.අද වෙනසක් වෙලා උපදින්න බැහැ. ජීවත් වෙන්න බැහැ. යන්තං වෙනසක් වෙලා උප්පත්තිය සිදු වුණොත් ඒ දරුව පර්යේෂණවලට යොදා ගන්නවා.

    සත්තු අතර ඔය වගේ ප්‍රශ්න නැහැ. දියුණු මනසක් තියෙන මිනිසාට තමයි සේරම ගැටලු තියෙන්නෙ.

    අප රාමුවක් හදාගෙන ජීවත් වෙනවා. එයින් පිටට යන්න අප කැමතිත් නැහැ. යන්න ඉඩ දෙන්නෙත් නැහැ.

    මනස සියල්ලටම මුල් වන බව අප තේරුම් ගන්න ඕන. අපේ පැරැණි සමාජය අවිහිංසා ප්‍රතිපත්තිය බොහෝම ඉහළින් සැලකුවා. තමන්ගේ දිවි සරි කර ගන්න බිත්තර ලබා දුන් කිකිළිය මරාගෙන කෑමට ඔවුන් කිසිසේත් කටයුතු කළේ නෑ. කිකිළිය මිය ගියවිට මසට ලබාදුන්නේ නැහැ. වළදමා ඊට උඩින් විශාල ගලක් තියන්න පුරුදු වුණා. කබරයන් වැනි සතුන් එය එලියට රැගෙන යයි යන විශ්වාසයෙන්.

    මේ ආකාරයෙන් කටයුතු කළත් අද සමාජ ව්‍යුහය සැකසී ඇත්තේ අවිහිංසාව පසක තබා මුදල් මුල්තැන තබා ගත් ප්‍රතිපත්තියකින් .වෙරළ බඩ ඉපදුණු අයෙක් නම් ඇතැම් විට ඔහුට මසුන් මරණ රැකියාව උරුම වීම වැළැක්වීමට බැහැ. එමෙන්ම අද සත්ව ගොවිපොල බිහිවෙලා. ඒම ස්ථානයන්හි තත්වයන් එයමය .

    අනෙක් ආගම්වල ප්‍රතිපත්ති රැකගන්නවා. නමුත් අපේ ප්‍රතිපත්ති ආගම දහමට අනුකූලව රැකගන්නවාද?. අවම වශයෙන් ඉදිරි පරපුරට හෝ අප දියුණුවේ මාවත උදා කළ යුතු වෙනවා.

    අත්තානං උපමං කත්වා
    න හා නෙය්‍ය න ඝාතයෙ

    තමා උපමා කරගෙන සැම විටම කටයුතු කරන්න. මේ බුද්ධ දේශනාවයි. එම නිසයි සෑම විටම මේ මොහොතේ ජීවත්වීම බුදුරජාණන් වහන්සේ අගය කර ඇත්තේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගන්න මේ රටේ රණවිරුවො 40,000 ක් පමණ ජීවිත පරිත්‍යාග කළා.

    ඒ හැම කෙනෙක්ම ඒ මොහොතේ ජීවත් වුණ අය. තමන් ගැන විතරක් හිතනවානම් කවුරුත් මේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්න යනවාද?

    අපි බොහෝ දෙනා තමන්ට ලැබෙන දේ ලබාගන්න පුළුවන් දේ ගැන විතරයි සොයා බලන්න. තමන්ගෙන් විය යුතු දේ කුමක්ද කියා සොයා බලන්නට අයකු නැහැ.

    සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ වගකීම් හා යුතුකම් ගැන පැහැදිලිව දක්වා තිබෙනවා. අප ඒ සියල්ල ගැන මනා අවබෝධයක් ඇති කර ගත යුත්තේ ආගම දහම පිළිබඳ දැනුම ලබා ගැනීමට වඩා පිරිපුන් මිනිසකු ලෙස ජීවත් වීමටය.
    ශාස්ත්‍රපති
    දොඩම්පහළ
    ශ්‍රී රාහුල හිමි

    සාකච්ඡා කළේ
    තාරක වික්‍රමසේකර

    http://www.facebook.com/photo.php?f...52307446.22046.111582889006799&type=1&theater