ලoකාවෙ_මසාජ්_පොට්..!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ලoකාවෙ_මසාජ්_පොට්..!!

    ලoකාවෙ මසාජ් පොට්....!!​

    images



    images


    ශරීරයේ ඇතැම් අවයව මිරිකීමෙන් කරන වෙදකමට සම්භාහනය යෑයි කියනු ලැබේ. ඉංග්‍රීසී භාෂාවේ එය මසාඡ් යෑයි හඳුන්වයි. මසාඡ් හෙවත් සම්භාහනය කරන වෙදදුරාට සම්භාහකයා හෝ සම්භාහිකාව යෑයි අරුත් ගන්වති.
    'සම්භාහනය' සම්බන්ධයෙන් තේරුම්ගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. සැබැවින්ම සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ යනු කුමක්‌ද? ශරීරයේ අවයව මිරිකීමෙන් සම්භාහනය කිරීමට පවත්වාගෙන යන ස්‌ථානයක්‌ද? නැතහොත් ලිංගික ආස්‌වාදය ජනනය කිරීම පිණිස සේවා සපයන ආයතනයක්‌ද යන්න අප විග්‍රහ කර ගත යුතු වේ. මන්ද අප සමාජයේ ඇති බොහෝ සම්භාහන මධ්‍යස්‌ථාන තුළ සිදුකෙරෙන්නේ ලිංගික සන්තර්පනයන්ම පමණක්‌ බැවිනි.
    ප්‍රථමයෙන්ම අපි මෙරට සම්භාහන මධ්‍යස්‌ථානවල උප්පත්තිය ගැන අවධානය යොමු කරමු. ප්‍රථම වරට සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මෙරටට හඳුන්වාදී ඇත්තේ 1980 වර්ෂයේදීය. ඒ කොළඹ තිඹිරිගස්‌යාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්‌ථානයකිනි. ඒ අතීත කතාවකි. වර්තමානයේ රටේ දියුණුවත් සමග දැන් දැන් ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන, ස්‌පා ආයතන ජනාකීර්ණ නගරවල බහුලව දක්‌නට ලැබේ. මෙම සම්භාහන මධ්‍යස්‌ථානවල නීති විරෝධී කිසිවක්‌ සිදු නොවන ගානය. මන්ද නීති විරෝධී ක්‍රියාවලට රජය අනුමැතිය නොදෙන නිසාය. මේ සෑම සම්භාහන, ස්‌පා ආයතනයක්‌ම රජයේ ලියාපදිංචි ආයතනයන්ය. එම ආයතනවලින් ලබාදෙන සේවාවන් ගැන පුවත්පත්වල දැන්වීම් පළ කළ හැක්‌කේද එහෙයිනි.

    images


    කොළඹ සහ අවට ප්‍රදේශවල හතු පිපෙන්නාක්‌ මෙන් සම්භාහන මධ්‍යස්‌ථාන විවෘතව තිබේ. කොල්ලුපිටිය, බම්බලපිටිය ප්‍රදේශවල පමණක්‌ සම්භාහන මධ්‍යස්‌ථාන තිහකට වැඩි ප්‍රමාණයක්‌ තිබේ. විදේශිකයන්ට මෙන්ම ධනකුවේරයන්ට සේවය ලබාගැනීමට හැකි සුපිරි සම්භාහන මධ්‍යස්‌ථාන සේම, පහළම පන්තියේ අයට සේවා ලබාගැනීමට අවම පහසුකම් යටතේ ද සම්භාහන මධ්‍යස්‌ථාන ඇති වී තිබේ. ගැටලුව වී ඇත්තේ බොහෝමයක්‌ මේ තැන්වල සිදුවෙමින් තිබෙන්නේ 'ඩබල් ගේම්' එකකි. එනම් නීතිය කඩදාසියකට පමණක්‌ සීමා කර ඇතැම් සම්භාහන මධ්‍යස්‌ථාන සහ ස්‌පා ආයතන තුළ හිරිකිතයකින් තොරවම මාංස වෙළෙඳාම ජයටම කරගෙන යති. තහංචි බැමි කොතරම් තිබුණද ආයුර්වේද සම්භාහනයට මුවා වී කරගෙන යන ඇතැම් මස්‌ වෙළෙඳසල්වලට පොලිස්‌ 'බැරියර්' නැත. ඒ මස්‌ වෙළෙඳසල්වලට පොලිස්‌ ඇස නොගැටෙන්නේ මන්දැයි කියා සොයාබැලීමට මෙන්ම සම්භාහන මධ්‍යස්‌ථාන තුළ සිදු වන අකටයුතුකම් ගැන හෙළිදරව් කිරීමට අපි අදහස්‌ කළෙමු. මුලින්ම කොළඹ අවට ප්‍රදේශවල පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්‌ථාන කිහිපයකටම අපි ගියෙමු.
    ඇතැම් සම්භාහන මධ්‍යස්‌ථාන තුළට ගිය විට අපිට දැනුණේ අමුතුම ලෝකයකට පාත් වූවා සේය. ඒ අතර නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින්, සම්භාහන වෙදකම පමණක්‌ සිදුකරන ආයතන ද අපේ ගමනේදී හමු නොවුණාම නොවේ. එහෙත් අපි ගිය බොහෝමයක්‌ සම්භාහන මධ්‍යස්‌ථාන 'දවල් මිගෙල් රෑ ඩැනියෙල්' ක්‍රමවේදය 'ලෙසටම' අනුගමය කරන බව අපට පසක්‌ විය. එහෙත් අපගේ ගවේෂණයේදී අපට හෙළිදරව් වූ සියලුම තතු මෙම ලිපියේ සටහන් කිරීමට නොහැකිය. එහෙයින් අපි තෝරාගත් කරුණු කිහිපක්‌ පමණක්‌ ඔබගේ දැනගැනීම පිණිස මෙසේ පෙළගැස්‌වීමට අදහස්‌ කළෙමු.

    images


    සම්භාහන මධ්‍යස්‌ථානවල සිදුවන 'බඩල් ගේම්' ගැන සෙවීම පහසු කාර්යයක්‌ නොවේ. එහෙයින් කොළොම්පුරේ අකටයුතුකම් ගැන නිරන්තරයෙන්ම අපව දැනුවත් කරන අපේ ත්‍රිරෝද සගයාව ද මේ ගමනට අපි සම්බන්ධ කර ගත්තෙමු. ඔහු මුලින්ම සම්භාහන මධ්‍යස්‌ථානවලට ගොස්‌ කතාබහ කර පසුව අපව එම තැන්වලට රැගෙන ගියේය.
    අපි හා හා පුරා කියා බම්බලපිටිය වෙරළබඩ මාවතේ තිබෙන සම්භාහන මධ්‍යස්‌ථානයකට ගොඩ වීමු. එම සම්භාහන මධ්‍යස්‌ථානයේ පිළිගැනීමේ නිලධාරිනිය සුහදව අපව පිළිගත්තාය. ඇයගේ කතාබහ සුහදශීලී වුවද වුවන මැළවී ගොස්‌ය. නිදිමත දෑස්‌ අගින් බේරෙන ගානය. අපගේ ගමන් සගයා ඇයට අපේ අවශ්‍යතාව ඉදිරිපත් කළේය.
    "සෙක්‌ස්‌ ද? මසාඡ් ද ඕනෑ"



    අපේ පැනයට ඇයගේ පිළිතුර එවැන්නකි. දැන් දැන් ඒ හඬ අපගේ දෙසවනේ දෝංකාර දෙන්නේය. අපි වික්‌ෂිප්තව ඇය දෙස බලා සිටිමු. වචන නොමැතිව අප අසරණ වූ බව දුටු ඇයගේ සිනා මුව පළල් විය.
    "මසාඡ් එකට නම් එක්‌කෙනකුට රුපියල් 2000 යි. දෙකටම නම් රුපියල් 5500 ක්‌ ගන්නවා" හඬ නැති අපට ඇය නැවත කතා කළාය.
    මොහොතකින් ඇය අපව ඇතුළත විසිත්ත කාමරයක්‌ වෙත රැගෙන ගියාය. සුරූපී කාන්තාවන් කිහිපදෙනෙක්‌ම සුව පහසු අසුන්වලට බර දී අපට මදහස පාති. එතැන සිදුවන සම්භාහනය ගැන අපට දැනගැනීමට තවත් කිසිවක්‌ නොමැති බැවින් අපි ඔවුන්ගෙන් සමුගෙන මගට බැස්‌සෙමු. ගිනි අව්ව කපාගෙන අපගේ ත්‍රිරෝද රථය පවනක්‌ සේ ඉදිරියට ඇදේ.
    "සර්... දැක්‌කා නේද පොට්‌ එක... එතැන ඉන්නේ සේරම සිංහල කෙල්ලෝ.. මසා පොට්‌වලට කෙල්ලන්ව ගෙනත් දෙන අයවත් මම දන්නවා... ඉස්‌සරහට මම පොරක්‌ව සර්ලට සෙට්‌ කරන්නම් කෝ..." අප අතර තිබූ නිහැඬියාව බිඳින්නට මෙන් ත්‍රිරෝද රථ සගයා එසේ හඬ අවදි කළේය.
    "මසාඡ් එක විතරක්‌ම කෙරෙන තැනකට අපි ගිහින් බලමුද"
    මම ඔහුට අලුත් යෝජනාවක්‌ ඉදිරිපත් කළෙමි.
    ඔහු හිස සොලවයි... ත්‍රිරෝද රථය වෙරළබඩ මාර්ගයෙන් ගාලු පාරට පැමිණ පටු මාවතක්‌ ඔස්‌සේ ඉදිරියට ගමන් කරයි. කෙටි දුරක්‌ ඉදිරියට ඇදුණු ත්‍රිරෝද රථය පැරැණි දෙමහල් නිවසක්‌ අසල නතර විය.
    "බහින්න සර්... මෙතන තමයි තැන"

    images


    අපි ත්‍රිරෝද රථයෙන් බැස එම ගොඩනැඟිල්ල වෙතට පිය මැන්නෙමු. ගරු ගම්භීරව ඇඳ පැළඳගත් තරුණයකු අප ගමන් කරන පෙර මඟට පැමිණ සුහදව අප පිළිගත්තේය.
    "එන්න සර්... වාඩි ගන්න. දෙන්නටම 'ට්‍රීට්‌මන්ට්‌' ඕනිද සර්..."
    ඒ තරුණයා යටහත් පහත්ව එසේ විමසුවේය.
    "ඔව්..."
    ඔහුගේ පැනයට අපෙන් කෙටි පිළිතුරකි.
    "දෙන්නටම නම් රුපියල් පන්දහයි. එක්‌ අයකුට රුපියල් දෙදහස්‌ පන්සියයි. අපි බොහෝම සාධාරණ මුදලක්‌ අය කරන්නේ සර්... අනිත් එක මෙතැන නිවැරැදි ආයුර්වේද ක්‍රමවලට තමයි මසාඡ් එක කෙරෙන්නෙ. වෙන කිසිම ගනුදෙනුවක්‌ මෙතැන සිද්ධ වෙන්නෙ නැහැ"
    අපට එම සම්භාහන මධ්‍යස්‌ථාන පිළිබද විශ්වාසයක්‌ ඇති කිරීමේ අදහසින් ඔහු එසේ කීවේය.
    "අපි දෙන්නටම මසාඡ් එකක්‌ ගමු"
    මගේ මාධ්‍ය සගයා එසේ කියා රුපියල් පන්දහසක්‌ ඔහු වෙතට දිගු කළේය.
    මොහොතකින් තවත් තරුණයකු පැමිණ අපව උඩු මහලේ කාමර දෙකක්‌ වෙතට රැගෙන ගියේය. ඒ සමඟම සුදු යුනිෆෝම් එකකින් හැඩ වුණු දමිළ කාන්තාවක්‌ මා සිටි කාමරය වෙත පැමිණියාය. ඇයගේ කතාබහ තරමක්‌ වෙනස්‌ය. සම්භාහනය සම්බන්ධයෙන් කතා කරනවා හැරෙන්නට වෙන කිසිවක්‌ ඇය කතා නොකරන්නීය. සංයමකින් යුක්‌තව ඇය මගේ දෙපා උණු වතුරෙන් පිරිසිදු කර සම්භාහනය ආරම්භ කළාය. පැය එකහමාරක්‌ පුරාවට කෙරුණු සම්භාහනය තුළ කිසිදු ලෙසකින් කාමය විකිණීමේ උවමනාවක්‌ අපි නොදැක්‌කෙමු. සම්භාහනය අතරතුර දොරේ වීදුරු කවුළුවෙන් එක්‌ නිලධාරියකු විනාඩි පහළොවෙන් පහළොවට කාමරය තුළ සිදුවන දේ විපරම් කර බලනවා මම දුටිමි. කියන්නට කිසිදු වරදක්‌ නැත. නියමාකාර සම්භාහනය එතැන සිදු විය.
    මේ තවත් දිනයකි...

    images


    උදේ පාන්දරින්ම අපි අපේ ගවේෂණ චාරිකාව ආරම්භ කරමින් ත්‍රිරෝද රථයට ගොඩ වීමු. එදින අපේ ඉලක්‌කය වූයේ කොරියන් ජාතිකයන් දෙදෙනකු විසින් පවත්වාගෙන යන සුපිරි ස්‌පා ආයතනයකි. තැන කොල්ලුපිටියේය. පවනක්‌ සේ ඉදිරියට ඇදුන ත්‍රිරෝද රථය කෙටි කාලයකින් අපව ඒ සුපිරි 'ස්‌පා' ආයතනය අසලට ගෙන ගියේය. ඒ රෙස්‌ට්‌ටුරන්ට්‌ එකේ ආරක්‍ෂක නිලධාරීන්ගේ මඟ පෙන්වීම මත එම ගොඩනැඟිල්ලේ ඉහළම මහලට යැමට අපි විදුලි සෝපානය වෙතට ගොඩ වීමු. එක පිම්මේ ඉහළට ඇදුණු විදුලි සෝපානය මොහොතකින් අපව එහි ඉහළම මහලට ගෙන ගියේය. පෙර නොදුටු දසුන් මැවෙන ඒ විසල් මන්දිරය තුළදී මගේ සිත යම් චකිතයකට පත් විණි. එසැණින් සිතට ධෛර්ය ගත් අපි තවත් ඉහළ මහලකට යැමට පිය ගැට පෙළ නැග්ගෙමු. පිය ගැට පෙළ අවසානයත් සමග දොරක්‌ විවෘත විය. ඒ සමගම සිංහල කාන්තාවක්‌ සුහදව අපව පිළිගත්තාය. ඔහුව අනුගමනය කළ තායි ජාතික කාන්තාවක්‌ද දෑත් එකට එකතු කර ප්‍රියමනාප ලෙස අපට ආචාර කළාය. අපි අපේ අවශ්‍යතාව ඔවුන්ට ඉදිරිපත් කළෙමු.
    "සර්... දැන් නම් හවුස්‌ µqල්. හවස 4 ට විතර නම් බුකිං එකක්‌ ගන්න පුළුවන්"
    සිනා මුහුණින් සිංහල කාන්තාව එසේ කීවාය. අපේ දෑස්‌ ඒ කාමරය පුරා දිව යන්නේය. හරිම විසිතුරු... ඇස ගැටෙන සෑම තැනම මල් පෝච්චිය. එහෙත් අපේ දෑස්‌ සොයන කිසිවක්‌ නොපෙනේ.
    "එහෙම නම් අපි හවස 4 ට එන්නම්"
    නැවත අපි සෝපානයට ගොඩ වීමු. උදේ 10 කනිසම ද පසු වී නොතිබිණි. අපි කාර්යාලයට යන අතරතුර තවත් 'මසා පොට්‌' දෙක තුනකටම ඇතුළු වුණෙමු. ඒ සෑම තැනම සිටි සම්භාහිකාවන් සිංහල ළඳුන්ය. එක්‌ තැනක සම්භාහන ගාස්‌තුව රුපියල් එක්‌දහස්‌ පන්සීයකි. තවත් තැනක එක්‌ අයකුට රුපියල් දෙදහස්‌ පන්සීයකි. අනෙක්‌ තැන සම්භාහන ගාස්‌තුව රුපියල් දෙදහසකි. ඒ සෑම තැනම සම්භාහනයට එහා ගිය 'සම්භාහනයකට' අවසර ඇති බව ඔවුන්ගේ කතාවෙන් අපට තේරුම් ගැනීමට අපහසු නොවිණි. සම්භාහනයේ වගතුග කතා කරමින් අපි නැවත කාර්යාලය බලා ගමන් කළෙමු.
    කාලය වේගවත් විය. 'බුකිං' එක ළං විය. සුපුරුදු අපේ රහස්‌ පරීක්‍ෂක රථයට අපි ගොඩ වීමු. මඟ තොට තරමක තදබදයකි. එහෙන් මෙහෙන් රිංගා ගිය ත්‍රිරෝද රථය සවස 4.30 වන විට අපව කොල්ලුපිsටිය සුපිරි 'ස්‌පා' ආයතනය වෙත රැගෙන ගියේය. විදුලි සෝපානය ද අප මෙන්ම වේගවත් විය. ක්‍ෂණයෙන් සෝපානය ඉහළම මහලේ නතර කළේය.
    ස්‌කිනරයකින් සහ දිගු රෙදි කඩකින් රුව වසාගත් තරුණියක්‌ අප ඉදිරියෙනි. හැඩකාර ඇයගේ රූ සොබාව දුටුවන් මවිතයට පත් කරවන සුළුය. දැන් ඇය අපට ඉදිරියෙන් පිය ගැට පෙළ නගින්නීය. සිරුරේ හැඩරුව මෙන්ම මනස්‌කාන්ත ගමන් විලාසය නිසා දෙනෙත් ඇයගේ රුව තුළින් ඈත් නොවේ. ඇය කොරිඩෝව දිගේ ඉදිරියට ගියාය. අපි ඒ ස්‌පා ආයතනයේ මුදල් කවුන්ටරය අසල නතර වීමු.
    "සර්... උදේ බුකිං එකක්‌ ගත්තා නේද"
    කවුන්ටරයේ සිටින සිංහල කාන්තාවගෙන් අපට පැනයකි.
    "ඔව්.. එක බුකිං එකයි අපිට ඕනා. ගාන කීයද"
    මගේ සගයාගේ පිළිවදනත් සමගම ඇයට තවත් පැනයක්‌ද ඉදිරිපත් කළේය.
    "8500 ක්‌ දෙන්න..."
    සීතල කාමරය තුළ මගේ උවනේ ඩා බිඳු පිපෙන්නට විය. මා වික්‌ෂිප්ත වී බලා සිටිමි. මගේ සගයා මා දෙසට හැරී බලා නැවත ගාන වැරැදුනාවත්දැයි සිතා ගාස්‌තුව විමසුවේය.
    "8500 යි..."
    ඇයගේ පිළිතුරේ වෙනසක්‌ නැත.
    "මෙන්න සල්ලි"
    මගේ සගයා පසුම්බිය විවර කර රුපියල් 8500 ක්‌ කවුන්ටරය වෙත තැබුවේය.
    "ස්‌තූතියි සර්... නව වෙනි කාමරයට යන්න..."
    සිංහල කාන්තාවගේ උපදෙස්‌ මත මගේ සගයා මට ඉඟි කරමින් කාමරය වෙතට ගියේය. අප ඉදිරියෙන් පැමිණි සුකුමාල විදේශීය කාන්තාව ද ඔහු සමගම කාමරයට ඇතුළු වූවාය. මම කොරිඩෝව දිගේ ඉදිරියට ගොස්‌ අමුත්තන්ගේ විවේකාගාරයේ සැප අසුනකට බර දුන්නෙමි. නොදුටු දේ සොයන මගේ දැස්‌ ඒ කාමරය පුරා දිව යයි. සුරූපී විදේශීය කාන්තාවක්‌ මගේ අතට සීතල සිසිල් බීම වීදුරුවක්‌ ගෙන දුන්නාය. ඕනෑම ඉස්‌තරම් වර්ගයේ මත්පැන් වර්ගයක්‌ වුවද අපට එහිදී ඇණවුම් කර ගැනීමට හැකියාව තිබිණි. මම වටේ ඇස කරකවමි. සුරූපී විදේශීය ළඳුන් ඇස ගැටේ. ඔවුහු මා දෙසට මදහස පෑහ. ඔවුන්ගේ අනඟ රැඟුම් දෙස බලා සිටි අපට නොදැනීම කාලය ගෙවී ගොස්‌ය. පැය එකහමාරකට පසු මගේ සගයා මා අසලට පැමිණියේය.
    පැයකට වැඩි කාලයක්‌ අමුතුම ලෝකයක අතරමං වී සිටි මගේ සගයා ඒ ලෝකයේ විසිතුරු දැන් මෙසේ විස්‌තර කරයි.
    "ඒ වගේ අත්දැකීමක්‌ කවමදාකවත් අරගෙන තිබුණෙ නැහැ. මුලින්ම කාමරය ඇතුළට ගියහම මට අමුත්තක්‌ දැනුණා. ටික වේලාවක්‌ ඒ කෙල්ලත් එක්‌ක කතා කරනකොට ඒක හරි ගියා. උන්ගේ මාර සිස්‌ටම් එකක්‌ තියෙන්නෙ. මාත් එක්‌ක කතා කළේ හරියට මාව අවුරුදු ගානක ඉඳල දැන හඳුනනවා වගෙයි. කිසිමදාක ගැහැනියකගෙන් නොදැකපු ගරුත්වයක්‌ වගේම ආදරයක්‌ මට ඒකිගෙන් ලැබුණා. හැබැයි මචෝ... මසාඡ් එකක්‌ නම් ඒ කාමර ඇතුළෙ වුණේ නැහැ"
    ඒ 'ස්‌පා' ආයතනය තුළ සිදු වන 'මළ ජූලිය' ගැන දැන් ඔබට හොඳින්ම අවබෝධ වී ඇත. එහිදී ගනුදෙනුකරුවන් සම්භාහනය කිරීම කෙසේ වෙතත් විදේශීය කාන්තාවන් නම් මුදලට හොඳට සම්භාහනය වෙති. ඒ 'ස්‌පා' ආයතනයේ සම්භාහිකාවන් මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදී සිටින කාන්තාවන් තිහකට වැඩිය. ඒ සියලුම දෙනා මෙන්ම එම 'ස්‌පා' ආයතනයේ අයිතිකාරියද කොරියන් ජාතිකයෙකි. අපි ඒ 'මාර' ලොවින් නැවත සැබෑ ලෝකයට පිවිසුනෙමු.
    සැඟවුණු සම්භාහනයේ යථාර්ථය එබඳුය. එහෙත් කතාව හමාර නැත. සම්භාහන නාඩගමේ හොඳම හරිය වේදිකාගත වන්නේ දැන්ය. සමාජය හමුවේ යළිත් පොලිසිය හෙළුවෙන්ය. සම්භාහන මධ්‍යස්‌ථානවලට නීතිය කෙසේ ක්‍රියාත්මක වුවද ඒ ඒ සම්භාහන මධ්‍යස්‌ථාන අවට පොලිසිවල ලොක්‌කන්ව මොණර මිටිවලින් සන්තර්පණය නොකරන්නේ නම් පොලිස්‌ වැයික්‌කියේ සම්භාහන මධ්‍යස්‌ථානවලට බැරියර්ය.
    ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන දැන්වීම් පුවරුවට මුවා වී ඒ ස්‌ථානවල ගණිකා ජාවාරම කරගෙන ගියද අවට පොලිස්‌ ලොක්‌කන්ට මුදල් මිටිවලින් පිදේනි දෙන්නේ නම් ඔවුන්ගේ ජාවාරමට බාධා නැත. පොලිස්‌ ලොක්‌කන්ට දොළ පිදේනි නොදී නීත්‍යනුකූලව සම්භාහනය පමණක්‌ සිදු කරගෙන ගියද වැඩක්‌ නැත. පොලිස්‌ දැල නිරන්තරයෙන්ම ඒ සම්භාහන මධ්‍යස්‌ථානවලට විසි වේ. මෙම 'ඩීල්' එක සිදුවන්නේ කොළඹ අවට ප්‍රදේශවල පමණක්‌ නොව, සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන සෑම නගරයකම ඒ 'තියරිය' ලෙසටම ක්‍රියාත්මක වේ.
    අප ගිය කොල්ලුපිටියේ තායි මසා පොට්‌ එකෙන්ද මාසකයට කාකි කෝට්‌ ලොක්‌කන්ට රුපියල් ලක්‍ෂ දහයකට නොඅඩු මුදලක්‌ බෙදා දෙන බව අපගේ ත්‍රිරෝද රථ සගයා සොයාගෙන තිබිණි. 'ඩීල්' ගැහෙන්නේ එසේය. මාසයක්‌ ගානේ පිනට දෙන මුදල සුළු පටු නැත. එහෙත් ඒ ස්‌පා ආයතනයට නම් එය ලොසින්ජරයක්‌ හා සමානය. මන්ද ඒ ස්‌පා ආයතනයේ දිනක ආදායම රුපියල් ලක්‍ෂ තිහකට ආසන්න බැවිනි. පෙනේද සම්භාහනයේ රඟේ. මෙම මස්‌ වෙළෙඳාම නිසා කොරියාවට, තායිලන්තයට ඇදී යන අපේ රටේ මුදල් ප්‍රමාණය කොපමණද?
    කොල්ලුපිටිය යනු අධි ආරක්‍ෂිත කලාපයකි. එවැනි ප්‍රදේශයක මෙවැනි සුපිරි ගණයේ ගණිකා මඩමක්‌ පවත්වාගෙන යැමට නම් අනිවාර්යයෙන්ම ලොකු අතු අල්ලා ගත යුතුමය. එවැනි අධි ආරක්‍ෂිත කලාපයක්‌ තුළ සුපිරියටම ගණිකා මඩම් කරගෙන යැමට අවසර ඇත් නම් රටේ සෙසු නගරවල ඇති මසා පොට්‌ ගැන කවර කතාද? එමෙන්ම සංචාරක වීසා යටතේ ලංකාවට පැමිණෙන මේ විදේශීය කාන්තාවන්ට මෙරට රැකියා කිරීමට අවසරය ලබා දී ඇත්තේ කෙසේද? මේ හිරිකිත ජාවාරම යට අදෘශමාන බලවේගයක්‌ ඇති බව දැන් හොඳින්ම පසක්‌ වේ.
    කවුරු කෙසේ කොහොම කීවද, සම්භාහන මධ්‍යස්‌ථාන තුළ මොන දුරාචාර සිදු වුවද, සම්භාහන මධ්‍යස්‌ථාන මෙරටින් සම්පූර්ණයෙන්ම අතු ගා දැමීමට නොහැකිය. මන්ද සංචාරක කර්මාන්තයත් සමග පෙරට යැමට පිඹුරුපත් සකසන රටකට සම්භාහන මධ්‍යස්‌ථාන 'ස්‌පා' ආයතන නැතුව බැරිය. සංචාරකයන්ට සම්භාහන මධ්‍යස්‌ථාන සේම ස්‌පා අවැසිය. එමෙන්ම සම්භාහන වෙදකමද සමාජයට ද අවැසිය. විවිධ ශාරීරික අපහසුතා ඇති පුද්ගලයන් සම්භාහන ප්‍රතිකාර ගැනීමට සම්භාහන මධ්‍යස්‌ථානවලට යන එන බවද රහසක්‌ නොවේ. ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමය, බෙහෙත් ඔරු, පංචකර්ම නිල ඇල්ලීම ආදී ක්‍රමවලින් සම්භාහනය කරන මධ්‍යස්‌ථාන ඇති වී ඇත්තේ සම්භාහන වෙදකමට සමාජයේ ඇති ඉහළ ඉල්ලුම නිසාය.
    එසේ නම් සිදු විය යුත්තේ නීති රෙගුලාසිවලට යටත්ව විනිවිදභාවයකින් යුක්‌තව සම්භාහන මධ්‍යස්‌ථාන තුළ සම්භාහන වෙදකම පමණක්‌ පවත්වාගෙන යැමට අවසර දීමය. එමෙන්ම සම්භාහන මධ්‍යස්‌ථානවලින් පොලිස්‌ ලොක්‌කන්ට හොර පාරෙන් යන මුදල් ද කප්පාදු කිරීමය. එසේ නොමැතිව සම්භාහන මධ්‍යස්‌ථාන හිමිකරුවන් සමග දිගින් දිගටම පොලිස්‌ ලොක්‌කන්ට 'ඩීල්' දැමීමට ඉඩ ලබාදුනහොත් තව තවත් ගණිකා මඩම්වලින් මෙපුර පිරී යනවා නොඅනුමානය.



    අවසානයේ අපි මෙසේ අසමු. තව තවත් විදේශිකයන්ට මෙරට ගණිකා මඩම් පවත්වාගෙන යැමට අවසර දී අපේ සල්ලි කොරියාවට තායිලන්තයට පොම්ප කරනවාද? උත්තම සංස්‌කෘතියක්‌ තුළ උපන් අපේ මව්වරුන්, සොයුරියන්, දියණියන්, 'වෙදකමක' තිරයෙන් වසා වෛශ්‍යාවියන් බවට පත් කරන අයුරු බලා සිටිනවාද? අපි පෙන්වා දුන්නෙමු. ක්‍රියාත්මකවීම රජයේ යුතුකමකි.

    Sri Lanka Massage Contact Details ( Click Hare )


    උපුටා ගැනීම.......
    divaina%20logo_0.gif



    මගේ වෙනත් Thread ගැන නිකමට වගේ බලාගන්න ඕන අය ..මේකට යන්න...

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     
    • Like
    Reactions: L KNG and isuru003

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවෙ උන් කරනවානම් වරදක් නැහැනෙ පි;
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ow ban salli kana wedak.
    තොට මොන මසාජ්ද පොන්ස් පරන බත් එකට සැමන් එකක් දාලා කලා කුප්පි ලාම්පුව නිවලා නිදා ගනින් ගමෙහ් අනාතයා:rofl:
     
    ow ban salli kana wedak.

    ස්කවිට විතරයි මොලේ තියෙන්නේ ... :yes:

    තොට මොන මසාජ්ද පොන්ස් පරන බත් එකට සැමන් එකක් දාලා කලා කුප්පි ලාම්පුව නිවලා නිදා ගනින් ගමෙහ් අනාතයා:rofl:

    ආ මේ වේස ඔටුවත් ඇවිල්ල තියෙන්නේ පුක දෙන්න :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැට්ටා;14684184 said:
    ස්කවිට විතරයි මොලේ තියෙන්නේ ... :yes:



    ආ මේ වේස ඔටුවත් ඇවිල්ල තියෙන්නේ පුක දෙන්න :rolleyes:
    කාහ් අනුජ පොන්ස්:rofl:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මෙම මස්‌ වෙළෙඳාම නිසා කොරියාවට, තායිලන්තයට ඇදී යන අපේ රටේ මුදල් ප්‍රමාණය කොපමණද?​
    truestory.jpg
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    බඩු පොට් වලට ගිහින් ලෙඩ හදාගන්නවට වඩා මේක හොද නැද්ද?
    ලංකාවෙ උන් කොහොමත් ලින්ගිකව කුහකයි. ඒකයි මේ ඔක්කෝටම මුල