නෙතු වසාගෙන තදින් ඉන්නම්
සිහින පෙනෙනවා..
දුර ඈත සීත කඳු මුදුනින්
පාවී එනවා..
සුදු වළාකුළු වැසී තිබුනට
මම හඳුනනවා..
ඒ ඔයා කියලා මම දන්නවා
සුවඳ දැනෙනවා..
වැහි දාට අබරෙ පායන දෙදුනු පැහ ගන්නම්
සුදු අරලියාමල් පියලි සමග එකතු කරන්නම්
කිරි මුහුදෙන් රස දොතක් ගෙන එමට හෙලන්නම්
සද කැලුම් සමග කැටි කොට ඔබෙ රුපෙ අබන්නම්


