ලලිත් ඇතුලත්මුදලි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ලලිත් ඇතුලත්මුදලි

    403002_498777136836896_2014779556_n.jpg



    මා කෙතරම් පුවත්පත් වල ජායාරූප දැක ඇතත් මේ තරම් සිත් ඇදගත් ජායාරූපයක් මට සිහිකල නොහැක.

    ලලිත් විලියම් සමරසේකර ඇතුලත්මුදලි නම් මහා පුරුෂයාගේ දේශපාලන දිවිය හා මෙහෙවර යලි යලිත් කියැවිය යුත්තේ අද ලංකාවේ මජර දේශපාලන දකින විටය. අද ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවන ඇමැත්තෝ ලලිත් ඉදිරියේ මොන්ටිසෝරි බබාලා ය. අද ඇත්තේ ගොබ්බ රැළක් දේශපාලනය කරන යුගයකි. යුද්ධයට බියෙන් රට හැර ගිය හමුදා නිළධාරියෙක් ආරක්ෂක ලේකම් ධූරය දරන, ටියුෂන් කඩකාරයෙක් අධ්‍යාපනය හසුරුවන යුගයකි අද එළැඹ ඇත්තේ.

    ලලිත් අධ්‍යාපන ඇමැති ධූරය දරන කාලයේ A/L ප්‍රතිපල අවුල් වූයේ නැත. O/L ගණන් පේපර් එක දෙපාරක් තියන්නට සිදුවූයේ නැත. විභාගයට කලින් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ශිෂ්‍යන් දැන ගත්තේ නැත. විශ්ව විද්‍යාල ශිෂ්‍යන් උදෙසා මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දී ඔවුන්ගේ අධ්‍යාපනය අතරමග කඩාපකප්පල් නොවීමට මං සැලසුවේ ලලිත් ය.

    ලලිත් ආරක්ෂක අමාත්‍ය ධූරය දරන කාලයේ සුදු වෑන් ඇවිත් මාධ්‍යවේදීන් උස්සන් ගියේ ද නැත. ලලිත් ආරක්ෂක ආමාත්‍ය ධූරය දරමින් සිදුකල වඩමාරච්චි මෙහෙයුම ඉන්දියාව නතර නොකලානම් අද මහින්දට කිය කිය ඉන්නට යුද්ධයක් නැත. දේශප්‍රේමය මුලට දමා රටේ ජනතාව අන්ඳවන්නට ද නොහැක. ඉන්දියාවට රජීව් ගාන්ධි අහිමි වන්නේ ද නැත. ලංකාවට ප්‍රේමදාස, ගාමිණි, රංජන් විජේරත්න වැනි නායකයන් අහිමි වන්නේ ද නැත.

    එය එසේ වූවානම් තාමත් මහින්දලා, මර්වින් සිල්වලා, විමල් ලා විපක්ෂයේ මන්ත්‍රීවරු ය. තමත් තිබෙන්නේ යූඇන්පී ආණ්ඩුවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු බලය යනු සිහිනයක් ම පමණි. 77 දී යූන්පී එක දිනන විට ශ්‍රීලංකා කාරයෝ සිතුවේ ආයෙත් අපේ ආණ්ඩුවක් ගැනීම සිහිනයක් කියලා ය. එසේ සිතුවේ නිකන් නොවේ, ජේ.ආර් ගෙන් පසුව යූන්පී එකේ නායකත්වයට පත්වන්න සිටි ප්‍රේමදාස, ලලිත්, ගාමිණි වැනි දක්ෂ නායකයන් දෙස බලලා ය. කුමන හෝ අහේතුවකට එය එසේ සිදුනොවීය. ලංකාවට නැතිවූයේ එසේ මෙසේ අවස්ථාවක් නොවේ. මේ නායකයන් අද ජීවත්ව සිටියා නම් අද ලංකාව මේ තරම් විනාශයකට යන්නේ නැත.

    ලලිත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට පත් ප්‍රථම ශ්‍රී ලාංකික සිසුවා ය. A/L පාස් නැති O/L පාස් නැති ගොබ්බයන් අද පාර්ලිමේන්තුවට වී රට කරවන විට අපට ලලිත් ගේ ඔක්ස්ෆර්ඩ් මොළයෙන් වැඩක් ගන්නට නොහැකි විය. ලංකාව යනු කඳුළු සලන පාරාදීසයකි. දක්ෂයන් මතු නොවූ දක්ෂයන් ගෙන් වැඩක් නොගත් දේශයකි. ලලිත් ලංකාවේ ජනාධිපති වූවා නම් නිසැකැවම අද ආසියාවේ ආශ්චර්ය ලංකාව වනු නොඅනුමානය. සිංගප්පූරුව සුරපුරයක් කල නායක ලී ක්වාන් යූ මහතා ලංකාවට පැමිණි අවස්ථාවක ජේ.ආර් අමතා කියුවේ ලලිත් - ගාමිණි දෙපල ඔබගේ ඇමති මණ්ඩලයේ නොසිටියානම් මම ඔවුන් මගේ රටේ ඇමැතිවරු හැටියට වැඩකරන්නට ගන්නවා කියලා ය.

    ලලිත් අද ජීවත්ව සිටියා නම් ලංකාවේ සංවර්ධනය යැයි කියා සිදුකරන මේ මාධ්‍ය සංදර්ශන දෙස බලා සිනාසෙන්නේ නැත. නිසැකවම ඔහු කඳුළු සලන්නේ ය. ඔහු එපමණට මිනිසුන්ට හා ලංකාවට ආදරය කලේ ය


    උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: John F. Kennedy

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අපි එච්චර වාසනාවන්ත නැහැ.දැන් ලංකාව කාලකන්නින්ගෙන් පිරිලා.ඔයි දෙවෙනියට පුක දෙනවා කියලා තියෙන එකා වගේ එවුන් තමයි වැඩි හරියක් ඉන්නේ..
    ලලිත් ඇතුලත්මුදලි අද හිටිය නම් ඒ හා සමාන මොළ කාරයෝ අද පිටරට යන්නේ නැතුව රට වෙනුවෙන් කැප වේවි..
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    අපි එච්චර වාසනාවන්ත නැහැ.දැන් ලංකාව කාලකන්නින්ගෙන් පිරිලා.ඔයි දෙවෙනියට පුක දෙනවා කියලා තියෙන එකා වගේ එවුන් තමයි වැඩි හරියක් ඉන්නේ..
    ලලිත් ඇතුලත්මුදලි අද හිටිය නම් ඒ හා සමාන මොළ කාරයෝ අද පිටරට යන්නේ නැතුව රට වෙනුවෙන් කැප වේවි..



    sirawata

    dewiyek wage manussayek
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඒ කාලේ ඉපදිලත් නෑ පුටේ.ඒ නිසා මොකුත්ම කියන්න බෑ :dull:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සිරාවට කට ඇරල වැදගත් කියන්න පුලුවන් මිනිස්සු.

    දැන් ආන්ඩුවෙ ඉන්නෙත් අර පලවෙනි comment එක දාල තියන වගෙ උන් තමයි....
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    සිරාවට කට ඇරල වැදගත් කියන්න පුලුවන් මිනිස්සු.

    දැන් ආන්ඩුවෙ ඉන්නෙත් අර පලවෙනි comment එක දාල තියන වගෙ උන් තමයි....
    :yes::yes: