ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දියාවේ ක්‍රිකට් ගහන්න යන එකේ වරද කුමක්ද? චැම්පියන්ස් ට්‍රෝෆි නිසා ප්‍රැක්ටිස් කරන්න ඕනේ වීම සාධාරණ හේතුවක්. ඒ ඇරෙන්න, ඉන්දියාවත් එක්ක තරහ නිසා උන්ට යන්න එපා කියන එකේ පදනම මොකද්ද?
1. ඉන්දියාවට එරෙහි සම්බාධකයකට යන්න ලංකා රජය ගත්තු තීරණයක් තියේද? නැහැනේ.
2. අනිත් හැම එකාම ඉන්දියාවට යන්නේ. ගුටි කකා යන්නේ. කොටින්ම වන්දනා වලට ඉන්දියාවට යන එකවත් නවත්තලා නැති වෙලාවේ මේ සෙට් එක විතරක් නොයා ඉන්නේ මොකද?
3. මුන් ටික නොගියා කියලා IPL එකට රිදෙනවද? මේ ටික නැතුව IPL එක කරන්න බැරිද? අඩු ගානේ ක්‍රවුඩ් අඩු වීමක් වත් වේවිද? මම නම් හිතන්නේ නැහැ.
4. එක මරුටියක සේල් බැස්සද මහා ලොකු ජාති ප්‍රේමේ නිසා? ඉන්දියාව ලංකාවේ වෙලදපොල හූරගෙන කන එක දශමයක් අඩු වෙලා නැහැ නේද?