දස මසක් කුස දරාගෙන හිඳ
අපමණ දුක් විඳ මෙලොවට බිහිකළ
මගේම ආදර පුතණුවනි...
නුඹ පෙර කල පව කිමද
අද මේ ලෙස උපත ලබන්නට..
ඉහිලුම් නොදෙන දුකක් දැනුනද
ලොව ඉදිරියේ එය සඟවාගෙන
සිනහ මුහුනින් සියල්ල දරාගෙන
මා මේ වෙර දරන්නේ
නුඹ දිවි තර කෙරුමටයි..
ලොවට නුඹ අරුමයක් වූවද
මට නුඹව මගේම ලෙයින් හැදුන
මගේම ආදර පුතණුවන්ය...
මගේ සුරතල් පුතණුවනි..
නුඹේ අඩුපාඩු නුඹ
ශක්තියක් කරගන්න..
යනෙන මාවත එයින්
කෙලෙස හෝ ජයගන්න..
මගේ නෙතු පියෙන තුරු
මම නුඹව රැක ගනිමි..
අහිංසක මගේ පුතුව
දිවි දෙවැනි කොට රකිමි..
මගේ පුතේ ඉතින් නුඹ
හිනැහෙන්න මා සමග..
එවිට ලෝකයද නුඹ සමග
හිනැහේවි නිතැතින්ම...
(අපේම රටේ ඉන්න පුංචි දරුවෙක්ගේ මේ උපත දැක්කම හිතට ගොඩක් දුකක් දැනෙන්නේ..මේ දුක ඒ පුංචි පුතාගේ මවට දැනෙන විදිහ නිසදැසකට නගන්න ගත්ත පොඩි උත්සහයක් මේ.. )
අපමණ දුක් විඳ මෙලොවට බිහිකළ
මගේම ආදර පුතණුවනි...
නුඹ පෙර කල පව කිමද
අද මේ ලෙස උපත ලබන්නට..
ඉහිලුම් නොදෙන දුකක් දැනුනද
ලොව ඉදිරියේ එය සඟවාගෙන
සිනහ මුහුනින් සියල්ල දරාගෙන
මා මේ වෙර දරන්නේ
නුඹ දිවි තර කෙරුමටයි..
ලොවට නුඹ අරුමයක් වූවද
මට නුඹව මගේම ලෙයින් හැදුන
මගේම ආදර පුතණුවන්ය...
මගේ සුරතල් පුතණුවනි..
නුඹේ අඩුපාඩු නුඹ
ශක්තියක් කරගන්න..
යනෙන මාවත එයින්
කෙලෙස හෝ ජයගන්න..
මගේ නෙතු පියෙන තුරු
මම නුඹව රැක ගනිමි..
අහිංසක මගේ පුතුව
දිවි දෙවැනි කොට රකිමි..
මගේ පුතේ ඉතින් නුඹ
හිනැහෙන්න මා සමග..
එවිට ලෝකයද නුඹ සමග
හිනැහේවි නිතැතින්ම...
(අපේම රටේ ඉන්න පුංචි දරුවෙක්ගේ මේ උපත දැක්කම හිතට ගොඩක් දුකක් දැනෙන්නේ..මේ දුක ඒ පුංචි පුතාගේ මවට දැනෙන විදිහ නිසදැසකට නගන්න ගත්ත පොඩි උත්සහයක් මේ.. )

...oyage uthsahaya sarthakai... 4+
