මොකද්ද දැන් මේ වෙලා තියෙන්නෙ?
මොකද්ද දැන් මේ එළකිරියට වෙලා තියෙන්නෙ? ඇයි මෙහෙම වෙන්නෙ? මම 2007 ඉදන් එළකිරි එකේ ඉන්නව. ඒ මගෙ account දෙකක් තියන නිසා. අන්න ඒ නිසයි සමහර වෙලාවට මම +6 රෙප්. තවත් සමහර වෙලාවට +4 රෙප් දෙන්නෙ.
මම ඒ ආව කාලේ. ඒ කිවුවෙ 2007 එළකිරිය එච්චරටම හරවත් දෙයක් තිබුනෙ නෑ. ඒත් 2008 න් පස්සෙ වගේ එළකිරිය බලන් ඉද්දි ඉහලට ආව. හරවත්, රසවත් දේවල් වගේම ඉගෙනගන්න වටින බොහෝමයක් දේවල් මේකෙ තියෙන්න පටන්ගත්ත.
අන්න ඒ කාලෙ තමා මම අලුත් විදිහකට එළකිරියට ඇවිත් එළකිරියෙ ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම පිටුවක් පෙරලුවෙ. මෑතක් වෙනකන්ම මම ගොඩක් ආසාවෙන් එළකිරියට ඇවිත් මගෙන් උදවු ඉල්ලපු 90% කට වැඩි කට්ටියකට මම උදවු කලා. බැරිවුන වෙලාවලුත් තිබුන.
ඒත් මම කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මට පුලුවන් උපරිමෙන් මගෙ සහයෝගය අනිත් අයට ලබා දුන්න. සමහර දවස් වල මම මගෙ වැඩත් පාඩු කරගෙන උදවු ඉල්ලපු අයට උදවු කලා. මම නම් වශයෙන් කියන්නෙ නෑ. ඒ ඒ අය දන්නව ඇති ඒ ගැන.
ඒත් දැන් එළකිරි එකේ තියෙන්නෙ වෙනම තත්වයක්. කොටින්ම කිවුවොත් එළකිරි එකට එන්න එපා වෙන තත්වයක් දැන් එළකිරි එකේ හැදිල තියනව. අන්න ඒ නිසයි මම දැන් එළකිරි එන්නෙ නැත්තෙ. දැන් තියන threads බැලුවොත් කීයෙන් කීයක්ද හරයක් ඇති ඒව තියෙන්නෙ? 10ක් බැලුවොත් ඒකෙන් 7ක් 8ක් ම ආගම් වලට බැනගන්න ඒව, ආගම් වලින් වෙන හරි වැරැද්ද පෙන්නන එක කිසිම වැරැද්දක් නෑ. ඒව මේ වගේ තැනක සාකච්ජා කරන්න ඕන තමා. ඒත් මේකෙ වෙන්නෙ ඒකද?
මොකෙක්හරි ගහක් ගැහුවත්, ඒකට වෙනම thread එකක් ඇරල තව කාටහරි බනිනව. තව එකෙක් රෙද්දක් වැනුවත්, ඒකටත් thread එකක් ඇරල ඌ අරෙහෙම කෙරුව, මෙහෙම කෙරුව කියනව. නෙට් එකේ මොකක්හරි රෙදි නැති ගැනියෙක් හරි, උඩයන ගවුමක් හරි දැක්කොත් ඒ ෆොටෝ එක දාන්නත් thread එකක් අරිනව.
අනික මෙලෝ වැදගම්මකට නැති threads වලට, රන් රිදී වදන් හදල title දාල post කරනව. එහෙම උනාම වෙන්නෙ ඒ වගේ වැදගැම්මකට නැති ඒව බලල බලල, එපා වුනාම ඇත්තටම වැදගත් thread එකක් දැම්මත් ඒක නොබලන ගානට හිත වැටෙනව.
මේ දේවල් ගැන එළකිරි එකේ Adminල, Moderatorsල නොබලන්නෙ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක්. එක්කො ඒ අයට මේ ගැන උනන්දුවක් නෑ. එහෙමත් නැත්නම් ඒ අය මේව දැකල, නොදැක්ක වගේ ඉන්නව. එහෙමත් නැත්නම් ඒ අයට පාලනය කරන්න බැරි තරමට මේ දේවල් සිද්ද වෙනව.
මොන හේතුව උනත් මේ දේවල් වලට විසදුමක් නොකලොත් ලංකාවෙ අංක එකට ආව එළකිරිය ආපහු පස්සට යන්න බැරි නෑ. වැදගත් නමක් තියාගෙන ඉස්සරහට ආව එළකිරිය, මේ වගේ දේවල් වලින් කුනු ගොඩක් වෙන්න දෙන්න එපා කියලයි වගකිය යුත්තන්ට කියන්න තියෙන්නෙ.
!!!!!එළකිරියට ජය!!!!!