සැබෑ වීරයා ..(You must see)!
සැබෑ වීරයා ..!
(මේ පුවත සමහර විට ඔයාල දන්නවත් ඇති . එත් නොදැක්ක අයට බලාගන්නත් එක්ක මම මේක දාන්න හිතුවේ,මොකද අද කාලේ වෙච්ච ලොකු කතාවක් පිටුපස සැගවිලා තියෙන සිද්දියක් !)

දිනය හරියට කියනවානම් පසුගිය හයවෙනි සෙනසුරාදාය. වේලාව උදේ 6.30 පමණ වන්නට ඇත. වෙනදා මේ වෙලාවට තරමක වාහන තදබදයකින් යුත් මින්නේරිය, හබරණ ප්රධාන මාර්ගයේ මේ කියන මොහොත තුළ එබඳු ට්රැෆික් එකක් තිබුණේ නැත. මින්නේරිය පසුකොට හබරණ දෙසට ධාවනය වන ත්රිරෝද රථයකි. ඒ තුළ අවුරුදු දෙකක් පමණ වූ සිඟිත්තෙකු තුරුළුකරගත් තරුණ මවක් ගමන් කරන්නීය. ත්රීවීලරය එලවන්නේ ඇගේ ස්වාමියාය.
ක්රමයෙන් මින්නේරිය දුම්රියපොළ හන්දිය පසුකළ ත්රිරෝද රිය ඊළඟට මින්නේරිය වැවේ සිට කවුඩුල්ල වැවට ජලය රැගෙන යන ප්රධාන ඇළේ පාලමද පසුකළේය. එතැන් සිට ත්රිරෝද රියේ වේගය වැඩිකිරීමට එහි රියෑදුරු උත්සාහ කරනු ඔවුනට පිටුපසින් ගමන් කළ යතුරු පැදිකරුවකු දුටුවේය. තවත් මීටර් දෙතුන් සීයක් දුරට ඇදී ගිය ත්රීවීලරය මාර්ගයේ ඊළඟට හමුවන මින්නේරිය - කන්තලේ ප්රධාන ඇළ මාර්ගයේ පාලම අසලින් ක්ෂණිකව අතුරුදන් වූ බව පිටුපසින් ආ යතුරු පැදිකරුවාට වැටහිණි. හේ... සැකහැර ඒ බව නැවතත් තහවුරු කර ගත්තේය.
"ඔව්....· අනිවාර්යෙන්ම ත්රීවිල් යන පාලමෙන් වැවට පෙරළෙන්න ඇති"
එම සිතිවිල්ලෙන් තම යතුරු පැදිය නතර කළ ඔහු වහා පාලම අසලට ගොස් පහල ඇති මහා ජලකඳ දෙස බැලුවේය. ගැඹුරු දියයටින් පෙණ ගොබයක් උඩට ඇදී එනු ඔහුගේ නෙත ගැටිණි. හිත හිතා ඉන්නට කාලයක් නැත. තම මුදල් පසුම්බිය, ජංගම දුරකථනය එතැනම බිම දැමූ... හෙතෙම මහා ජල කඳට පැන්නේය.
එතැන් සිට සිදුවූයේ කුමක්ද?...
හිඟුරක්ගොඩ බෝපුර පදිංචි අන්තෝනි සෙල්වරූබන්... නම් වූ අපූරු මිනිසාගේ කටහඬින් අපි මෙසේ සටහන් කරමු.
"මගේ ඉස්සරහින් ආව ත්රීවීල් එක ඉස්සරහා තිබුණ පාලම ළඟින් එක පාරටම අතුරුදන් වුණා. මට හිතා ගන්න බැරිවුණා. මම බයික් එක පාලම ළඟ නතර කරලා වැව දිහා බලනකොට වතුරේ ළමයකුගේ වතුර බෝතලයකුයි, බුලත් විටකුයි පාවෙනවා දැක්කා. ඒ එක්කම දිය බුබුළු ගොඩක් උඩට එනවාත් පෙනුනා.
හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. මම පර්ස් එකයි Phone එකයි බිමට දාලා වතුරට පැන්නා.
මම වතුර යටට පීනලා බලනකොට ත්රීවීල් එක අස්සේ පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි පුංචි ළමයෙකුයි දඟලනවා. පිරිමි කෙනා ගෑනු කෙනාව උඩට තල්ලු කරනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. මම ඉක්මනට දරුවා අතට අරගෙන උඩට ගෙනාව. ඒ වෙනකොට පාලම උඩට කට්ටිය ඇවිත් හිටියා. ඒත්... මුලදී දරුවා ගන්න කවුරුත් ආවේ නැහැ. ඒ වෙනකොට අර දරුවගේ අම්මයි, තාත්තයි දෙන්නත් මගේ කකුලේ එල්ලිලා දඟලනවා. කට්ටියත් එක්කම වතුරෙ යට යනවා. උඩ එනවා. මටත් හරි අමාරුයි. අන්තිමට මම පුළුවන් තරම් ධෛර්ය අරගෙන ඇළ අයිනේ සිමෙන්ති ගැට්ටක එල්ලුනා. එතකොට වටේ හිටපු කෙනෙක් දෙන්නෙක් ඇවිත් දරුවා උඩට ගත්තා. පස්සේ අනිත් දෙන්නවත් උඩට ගත්තා.
වතුරෙන් ගොඩට ගත්තු තුන්දෙනාට වටේ පිටේ අය ප්රථමාධාර දීලා හිඟුරක්ගොඩ ඉස්පිරිතාලෙට යෑව්වා. දෙයියන්ගේ පිහිටෙන් අර තුන්දෙනාටම ලොකු අමාරුවක් තිබුණේ නැහැ. මට ඒ වෙලාවේ ඇති වුණේ කියන්න බැරි තරම් සතුටක්.
අන්තෝනි සෙල්වා... ඔහුගේ ත්රාසජනක අත්දැකීම එක හුස්මට දිග හරිමින් සිටියි. ඒ සමඟම ඔහුගේ මුහුණ ක්ෂණයකින් අඳුරු විය. ඊට පස්සේ..
"මම වතුරෙන් ගොඩට ඇවිත් අර තුන්දෙනාම ඉස්පිරිතාලෙට යවලා.. තෙත පිටින්ම බයික් එක ළඟට ගියා. මම වතුරට පනින්න කලින් බයික් එක ළඟ බිම දාලා ගිය පර්ස් එකයි....Phone එකයි... ලයිෂන් ඉන්ෂුවරන්ස් එකයි කවුරු හරි උස්සලා. හැම තැනම බැලුවා. ඒත් හොයාගන්න තිබුණේ නැහැ. පස්සේ මම මේ ගැන මින්නේරිය පොලිසියටත් කිව්වා. ඒ අයත් මේ ගැන කණගාටු වුණා. .....

මෙතනින් එහාට අදහස් දැක්වීමට ඔබට භාරයි, ඔයාගේ බොක්කෙන්ම එන නිදහස් අදහස් මේ නුලේ හිතේ හැටියට කොටලා යන්න!
අඩුතරමින් අනිත් අයටත් බලන්න බම්ප් එකක් හරි දාලයන්න !
එහෙනම් අපි ගියා , ජය වේවා !

( උපුටාගත්තේ දිවයින පුවත් පතෙනි )
Last edited: