Drink resposibly..NO NO NO...dont drink alchol

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
සැමියාගේ බීමත්කමට කලකිරී බිරිඳ දිවි හානී කරගනී.

කම්පාවට පත් සැමියාත් ගෙල වැලලාගෙන.

සිය සැමියාගේ අධික බීමත්කම නිසා සිත් තැවුලට පත් ගුරුවරියක්‌ පෙරේදා (15 වැනිදා) සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති අතර එයින් කම්පාවට පත් සැමියාද ඊට පසු දින එනම් ඊයේ (16 වැනිදා) ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ කොත්මලේ කුඹල්ඔලුව මහා විද්‍යාලයේ ගුරුවරියක වන නයනා කුමාරි ගලගොඩ (අවු. 27) සහ ඇගේ සැමියා වන අජිත් නන්ද කුමාර (අවු. 30) යන අය බව
ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

පාසල් ගුරුවරිය මිය යන විට දෙමස්‌ ගැබිනියක්‌ව සිටි බව පොලිසිය සඳහන් කරයි.

බිරිඳගේ මෘත දේහය ඇයගේ මහ ගෙදර වන ගම්පොළ නුගවෙල නිවසට ගෙනවිත් ඇති අතර ඊට සහභාගි වූ සැමියා පසුව නිවස යාබද පිහිටි තේවත්තකට ගොස්‌ ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබඳව ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
73568080329331102102.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බිව්වට කමක් නැහැ සීමාවක් ඇතුව.. පාලනයක් ඇතුව..
    එහෙම නැති වුණාම ඉතිං ඔය වගේ දේවල් වෙනවා..
    ඔක්කොටම වඩා හොඳයි ඕවට හුරු නොවී ඉන්නෙක..
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    අනේ අප්පේ සමාජේ බිව්වට ආතල් එකට බොන එක වෙන දෙයක් මිනිසුන්ට දුක් දෙන්න බොන වෙක වෙන දෙයක්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    බිව්වට කමක් නැහැ සීමාවක් ඇතුව.. පාලනයක් ඇතුව..
    එහෙම නැති වුණාම ඉතිං ඔය වගේ දේවල් වෙනවා..
    ඔක්කොටම වඩා හොඳයි ඕවට හුරු නොවී ඉන්නෙක..

    වැදි බණ කියන්න එපා සහෝ. මේ ටිකේ උඹත් කර්පට් වෙන්න ගැහුවා නේද? :P