සැමියාගේ බීමත්කමට කලකිරී බිරිඳ දිවි හානී කරගනී.
කම්පාවට පත් සැමියාත් ගෙල වැලලාගෙන.
සිය සැමියාගේ අධික බීමත්කම නිසා සිත් තැවුලට පත් ගුරුවරියක් පෙරේදා (15 වැනිදා) සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති අතර එයින් කම්පාවට පත් සැමියාද ඊට පසු දින එනම් ඊයේ (16 වැනිදා) ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කොත්මලේ කුඹල්ඔලුව මහා විද්‍යාලයේ ගුරුවරියක වන නයනා කුමාරි ගලගොඩ (අවු. 27) සහ ඇගේ සැමියා වන අජිත් නන්ද කුමාර (අවු. 30) යන අය බව
ගම්පොළ පොලිසිය සඳහන් කරයි.
පාසල් ගුරුවරිය මිය යන විට දෙමස් ගැබිනියක්ව සිටි බව පොලිසිය සඳහන් කරයි.
බිරිඳගේ මෘත දේහය ඇයගේ මහ ගෙදර වන ගම්පොළ නුගවෙල නිවසට ගෙනවිත් ඇති අතර ඊට සහභාගි වූ සැමියා පසුව නිවස යාබද පිහිටි තේවත්තකට ගොස් ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.