Hmm
මචං LED technology එක තාම හරියටම දියුණු නැහැ. ඒ නිසා කාමරයකට වගේ LED ලිඝ්ට් දාන එක පාඩුයි. මොකද කාමරයට අවශ්‍ය එලිය ගන්න සහ එම එළිය සමානව බෙදී යන විදියට arrange කරන්න LED Strips කාමරය වටේට දන්නා වෙනවා. (සාමාන්‍ය LED bulb වල එලිය spot වෙන ගතියක් තියනවා )
ඊළගට මේ strips පවර් කරන්න SMPS එකක් දාන්න ඕන.
අන්තිමට ඔක්කොම එකතු කරලා බැලුවම වැයවන විදුලි බලය 5W වලට වඩා වැඩියි. (ඔක්කොම wastage බැලුවම)
ඒ නිසා කාමර වලට, ගෙදර සාලෙට වගේ CFL දාන්න. bathroom වගේ පොඩි areas වලට LED bulb දාන්න. මේකට තියන හොදම option එක තමයි, 1W LED bulb 3k දාල හදන 3W bulb එක. මේක පිටකොයුවේ ගන්න තියනවා. wastage එක්ක බැලුවම 4W වගේ තමයි වැය වෙන්නේ. එළියත් හොඳටම ඇති bathrroms, toilets වගේ ඒවාට. (අපේ ගෙදර දාල තියෙන්නේ එහෙමයි). මේක හදනවනම්, හොඳ heat sink එකක් තියන set එක ගන්න. අඩු ගානට බාල එක ගන්න එපා. පාඩුව අවසානයේ උම්බටමයි.
CFL ගන්න කොට orange, philips, osram වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න. අනිවාර්යයෙන්ම 3 star හෝ ඊට වැඩි තරු ගානක් තියන CFL ගන්න. (තරු ගැන පෙට්ටියේ ගහල තියනවා. ගහල නැත්තම් ගන්න එපා.) මේවයේ efficiency එක වැඩිය්. 3 star වලට අඩු ඒවා ගණන් අඩුයි ඒ උනාට විදුලි වැය වීම වැඩියි.
Source:
Personal experience as an Electronics Engineer