ගී පද රචනයේ නොමියෙන මතකය කරුණාරත්න අබේසේ&#3482

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගී පද රචනයේ නොමියෙන මතකය කරුණාරත්න අබේසේ&#3482

    දිවයින නොබලන අය ගොඩාක් එලකිරියෙ ඉන්නවනෙ එ අයටයි මෙ:dull:
    මෙවාට රෙප් දෙන්න එපා:no:
    නැත්නම් කියයි රෙප් ගන්න කියලා පුලුවන්නම් මෙ ලිපිය කිය්වන්න වෙලාවක් :yes:තියෙනවානම් :yes:

    :cool:

    ගී පද රචනයේ නොමියෙන මතකය
    කරුණාරත්න අබේසේකර

    karu1.jpg
    karu2.jpg
    මේ මස 20 වෙනිදාට යෙදෙන ගුණ සමරුව වෙනුවෙනි.

    එදා සිනමා ශාලාව වෙත ප්‍රේක්‍ෂකයා ගෙන්වා ගැනීම සඳහා ගීතය" මහඟු මෙහෙයක්‌ ඉටුකළ බව ඕනෑම පැරැණි සිනමා රසිකයෙකුගෙන් හෝ රසිකාවියකගෙන් විමසීමෙන් සනාථ කරගත හැක. එහිදී සිනමා ගීත රචකයාටද ප්‍රධාන ස්‌ථානයක්‌ ලැබුනේ නරඹන්නාට ආශ්වාදයක්‌ ලබාදීම සඳහා ගැයෙනා පදමාලාවන් ඔවුනගේ හදවතට හා මනසට දැනෙන අයුරින් නිර්මාණය කරන්නට සිදුවූ බැවිනි. එම සිනමා ගී පද රචනයන් පිළිබඳ මතකය අවදි කරවන විට 1930 ජුනි මස 03 වන දින උපත ලැබ 1983 අප්‍රියෙල් මස 20 වන දින පන්හිඳ අතහැර පොත පමණක්‌ අප වෙත ඉතිරි කර වෙන්ව ගිය කරුණාරත්න අබේසේකර සූරීන් සිහිපත් කරනුයේ හද බැතියෙනි.

    "අසෝකා" චිත්‍රපටය සඳහා මුලින්ම ගීත රචනය කළද ඔහුගේ ගී උල්පත රසික මනදොල පිනවමින් ගලා යන්නේ එයට පෙර තිරගත වූ "වරද කාගෙද?" චිත්‍රපටය සමඟිනි. ඒ 1954 අප්‍රියෙල් මස 09 දිනකදී.

    එදා සිනමා ගීත රචනය ස්‌වාධීනව නිර්මාණය කිරීමට නොලැබුණේ බොහෝ ගීතයන් හින්දි හෝ ද්‍රවිඩ තනු අනුව ලිවීමට සිදුවූ නිසා බව රහසක්‌ නොවේ. නමුත් අනුකරණයට හෝ වේවා ඉඳහිට ස්‌වාධීනව නිර්මාණය කිරීමට ලැබුණු ගීතයකට හෝ වේවා ඔහු යෙදූ පදමාලාවන් රසික හදවතට කාවදින අයුරින් යෙදීමට සමත් විය. ඒවා තවමත් අප මතකයේ රැඳී ඇත්තේද එබැවිනි.

    ඔහු විසින් ලියන ලද දහසක්‌ ගීත අතරින් පෙම් ගීත, විකට ගීත වැනි ගීත අමතක කර එදා සමාජයට පමණක්‌ නොව අද සමාජයටද ගත හැකි අරුතක්‌ ඉතිරි කර තබන්නට සමත් වූ ගීත කිහිපයක්‌ විවිධ වූ මාතෘකා ඔස්‌සේ ගෙන මෙසේ සටහන් කර තබන්නේ ඔහුගේ හදවත තුළින් පැන නැඟි අදහස්‌ අදටත් වලංගු වී ඇති බැවිනි. ඔහු මියගියත් තවමත් අප හදවත් තුළ සදාතනිකවම ජීවත්වනවාය යනුවෙන් අප පවසන්නේ එබැවිනි. මතුවටත් එසේම වේවා යෑයිද පතමි.

    පසුව ඔහු විසින් ලියන ලද මෙම දේශාභිමානී ගීත කිහිපය ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් කිසිදා හදවතින් මෑකී නොයන බව සහතිකය.

    පෙරදිග මුතු ඇටයයි මේ
    ලෝකේ සිරිබර සිරි ලංකා

    ජනිතවු සැම මෙම පොළොවේ
    නිති ආඩම්බර විය යුතුවේ
    නෑ කුල භේදේ ආගම් වාදේ
    හැරදා එකමුතු වී සමගිව පේළි සැදී
    පිබිදී රකිමු අපේ ලංකා

    නැගී සිටිය හැක එක්‌සත් වී
    බෙදීගියොත් රට යයි සුන් වී
    පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
    අපගේ විකුම බලේ
    රට ජාතියෙහි බලේ

    - ඩිංගිරි මැණිකා

    1956.05.11 දින තිරගත වූ එම චිත්‍රපටය සඳහා ගැයුණු එම ගීතය වසර 50 ක්‌ ගතවුණු අද දිනටත් වලංගුය. මෙම ගීතයෙන්ද ඔහු පතන්නේ අප අතර ඇති භේද ඉවතලා සමගිය උදාවේවා කියාය.

    "දිනේවා ශ්‍රී ලංකා මාතාවෝ
    අපේ මෑණි මෙ ලෝකෙ මල් රාණී...."

    නානා මල් බලා සෙනේ පිදුම් ලබාලා
    ඔබෙ දරු සනසන්න සානුකම්පා පාලා
    ලෝකේ යුද බිය හා රෝදුක බිය
    සිඳ ශාන්ති දේවා

    සතුට දිලේවා අටුකොටු පිරේවා
    සාගත හාමත නැති නැති වේවා
    ආගම් තුඩ තෙද ජාති කුලමල
    හැර දැන් සමඟිය වේවා...."

    - සූරයා

    එම ප්‍රාර්ථනාවන් සමග ලද නිදහස පිළිබඳවද උදම්වන ඔහුගේ හද තුළ රැඳී සිතිවිලි පදමාලාවට මුසුවන්නේය.

    "නිදහස්‌ කාහල නාදය රැව්දේ
    හෙළදිව අඹර පුරා
    සිරිලක්‌ රැජිනිය වැජඹේ දියුණුවෙ
    මිණිමුතු කිරුළ දරා

    කුලගොත කඳවුරු මතභේදේ
    පා කොට රළ මත මහ මුහුදේ
    නිදි ගැට දුරලා බැඳි බැමි මුදලා
    උදාකරව් සෞභාග්‍යයේ.......

    දිනු රට දිනු දැය දිනු සමයයි
    දිනුවිට දියතෙහි ඔබෙ නමයයි
    කර රුපු භංගා ජයකොඩි නංවා
    උදාකරව් සෞභාග්‍යයේ සෞභාග්‍යයේ

    - සිඟිති සුරතල්


    නිදහස ලද පමණින් රටත් දියුණු නොවේ. එසේ නම්....

    "අද පමණක්‌ නොවේ අපට හෙටක්‌ තියෙනවා
    අරුණලු කැන් හිනැහී නවලොවක්‌ මැවෙනවා
    අඳුරින් බර ආකර තුළ මැණික්‌ දිලෙනවා
    දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා

    උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ
    උදාරතර හැඟුම් පැතුම් නැහැ ලියලන්නේ
    උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
    නවෝදයක්‌ බිහිකරලමු අප ඉතිහාසේ..."

    - ඉහත ආත්මය

    රට දැය සමය මුල්කරගත් සමාජයක ජීවත්වන අපට මෙම භක්‌ති ගීත තුළින් සිතට සහනයක්‌ නොලැබෙන්නේද? බෝධි වන්දනාවත් ඔහු මෙසේ පදමාලාවට නංවයි.

    "තපසට වැද රජගෙයි සැප හැරදා
    පෙරුමන් බලයෙන් මරසෙන් පරදා
    ජයගත් පොහෝ දින පිටදුන් මුනිදා
    පෙරදෙමු නමඳිමු මහ බෝ රජි¹

    ඉඳුනිල් මිණි පැහැපත් ඇති සොබනා
    බඳු බැඳ සිහිවන හදතින් සොබනා
    සුපිපුන සියපත් දෙනෙතින් නොමිනා
    සතියක්‌ බැතියෙන් පුද දුන් දිය නා

    බෝධි මුලේ සිප සෙවණේ
    සාර නිවන් සුව දැනේ
    මෑත සුළඟේ ගීත පැතිරේ
    වීතරාගී බුදුගුණේ

    - ගංතෙර

    දෙමාපියන් නැති අසරණ දරුවන් පිරිසක්‌ බුද්ධාභිවන්දනය කර මෙසේ සරණ පතයි

    "සුරනර පූජිත ලෝක විරාජිත
    ශාන්ති තිලෝගුරු සෑසි පියා
    බුදු සෑසි පියා

    පාරමි පූජිත මාර පරාජිත
    දස බලධාරිත හිමි අපරාජිත
    පා යුග වඳිනෙමු සාධු කියා

    සදහම නමදිමු සඟ ගන පුදනෙමු
    බැති ගඟ කිමිදෙමු ගිලී ගිලී පිහිනමු
    මේ තුන් සරණේ සරණ සොයා

    - උඩරට මැණිකේ

    1966 වසරේ හොඳම ගීත රචකයා වෙනුවෙන් සරසවි සම්මානය ලබන්නට වරම් ලබා දුන් මෙම බැති ගීයද අපට අමතක කළ නොහැක

    සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ
    පලතුල තුරුලිය ඔද තෙද මද නලේ
    සිඹ සිඹ දෙව් සැපහි මැණික්‌ ගංතලේ
    සැනසුව මැන සුව යහපත තුන්හෙලේ

    සය මුහුණකි අත්දොළසකි පෑහුනේ
    කිතු රැස්‌ මෙනි පිල් විහිදෙන වාහනේ
    බැබලෙන ලෙස සිරිලංකා තානනේ
    එක නෙතකින් බලනු මැනවි සාමිනේ

    හිස මුදුනත ලෙල දෙයි සැවුලිඳු දදේ
    දොළොසනකින් රණ අවි දැරූ කඳ රඳේ
    ඔබ පිය මැන මැන පොබ කළ එම සඳේ
    මෙම පියසෙදි දුක බිය සැක සංසිඳේ

    - මහ රෑ හමුවූ ස්‌ත්‍රිය

    දේශාභිමානයත් ආගමික භක්‌තියත් රැඳි තැන අප ජීවත්වන කාල සීමාව තුළදී දුෂ්කර අවස්‌ථාවන්ට මුහුණ දීමට සිදුවුවත් නිබඳවම අපට ශක්‌තිය ලැබේ. සන්තාපයේදී හඬා නොවැටී නැඟී සිටින්නටත් සන්තෝසයේදී නිහතමානීව එය විඳ දරා ගැනීමටත් අප ගීත රචකයා අපට උපදෙස්‌ දෙන්නේ ජීවිතය පිළිබඳව ඔහු මේ අයුරින් දකිනා බැවිනි.

    "සටනකි ජීවිතේ මේ දැන්
    දුක සැප අතරේ ලෝකයා
    ඉන් දිනන්නේ ලොවේ වීරයා

    නෑ රක්‍ෂා කිසී ඉන්නතැන් නෑ නිසී
    දුප්පතාට, ලොවේ කිසිම පිහිටක්‌ නැතී
    මේද ලෝකේ සැපේ වේදනාවෙන් නැසේ
    පසු නොබා ජීවිතේ
    පෙරට යාවී ලොවේ වීරයා

    ලෝකේ සෝකෙන්ම වැනසේ අපේ ජීවිතේ
    පෝසතා ඒ සැපෙන් දුප්පතා හාමතේ
    ඉන් ලොවේ ලෝ සරු සාමයෙහී පිරූ
    වීරියෙන් ඵලදැරූ
    දිනුවේ මේ ලොවේ ශේ්‍රෂ්ඨයා"

    - අසෝකා

    "තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ
    මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ

    දිළින්දා රජින්දා උපන් සේ නැසෙන්නේ
    ඔවුන්ගේ නමයි මේ ලොවෙහි රැඳෙන්නේ
    උසස්‌කම් පහත්කම් සොයාලා බැලීමෙන්
    වැඩක්‌ නෑ පලක්‌ නෑ ඊර්ෂ්‍යා කිරීමෙන්
    හෙට හෝ අනිද්දා සියල්ලෙන් වියෝවී
    නවාතැන් පලෙන් මේ පිටත්වන්න වේවි

    රාග ද්වේශ මෝහේ මානේ වෙලීලා බැඳිලා
    සාපයක්‌ම වාසෙ වේවී පාපේ ගැලීලා
    මළදා නිදන්නේ එකටයි තනන්නේ
    කුල මල ජාති භේදේ එදා නෑ නැගෙන්නේ
    කුමටද කා බී නිති සැරසෙන්නේ
    කොතැනද මේ කය අරගෙන යන්නේ

    - අසෝකා

    "හොඳ කල ආදා පයට මිණිමුතු පෑගේ
    නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ
    කඳු හා බෑවුම් සම බිම් අනන්ත හමුවේ
    නොබවා නොදුවා ජය මා ලැබුවා
    ජීවිතයේ මාහැඟි පාඩම මේවා..."

    - දස්‌තම

    "ඉපිද මැරේ යළි ඉපිදේ
    නොතිර සසර සාගරේ
    අතරතුරේ නොමැරි මැරේ
    දස දහස්‌ වරේ
    නිසල නැතේ සසල වෙතේ
    නොතිර සසර සාගරේ

    කුමට නැටුම් කෙළිකවට සිනා පා
    මරුට නොමැත කිසි විටෙක දි බාධා
    ඔබට නොදන්වා මරු මෙහි ආදා
    යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ

    කුණු කය නිසරුයි නැත පවතින්නේ
    කළ හොඳ පමණයි අරගෙන යන්නේ
    නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ
    අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ

    - දස්‌තම

    "ජීවිතේ ගංගාවකී දෛවේ එහි දිය පාරකී
    ඒ ගඟේහි පාවෙනා පිදුරු කැබලිය ලෝදනා
    එකට එක්‌වී ටික දුරක්‌ වී
    ආයෙ වෙන්වී යයි වහා...

    - පුරුෂරත්නය

    "සතුට සෝකේ ජයපරාදේ
    අපටමයි මේ ලෝකයේ
    එයට පිටුපා මෙලොව මිනිසා
    කිසි දිනකදී නෑ ගියේ...

    - ධීවරයෝ

    ජීවිතය යනු කුමක්‌ද කියා කොතෙකුත් පහදා දුන්නද මිනිසා අතින් වරදක්‌ සිදුවන්නට ගතවෙන්නේ නිමේශයකි. නමුත් එම වරද නිවැරද කරගන්නටද අප සතුව කාලය තිබෙන බැවින් හැකි ඉක්‌මනින් යහපත කරා යොමුවන ලෙස ඔහු අපට මෙසේ අවවාද කරයි

    "ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ
    හිරු නොනගී අවරගිරේහී
    මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ
    නැත කලුපාට කිරේහී

    සීතලවූ දිය මහ සාගරේ
    උණුවේවිද කවදා සාගරේ
    කෝකිලා කව්ඩා නොවේ
    ඒ එසේ වී නෑ ලොවේ
    නිල මැසි සේනා අසලට නේනා
    බෘංගයා මිස නෙලුමේ..."

    - ඩිංගිරි මැණිකා

    "ඔබ කොහෙද යන්නෙ මුලාවෙලා
    මහ පාරේ ඔස්‌සේ මෙසේ බලා
    මොනවා කරන්නටද යන්නේ මෙසේ
    දෛවයට පිටුපාද මිනිසා කෙසේ

    සිහියෙන්ද යන්න යන්නේ
    මොනවාද ඔබ කරන්නේ
    ඉක්‌මන් කොටයි කියන්නේ
    නැතිවාද ඒක දන්නේ

    ඇස්‌දෙක හොඳින් පෙනේ නම්
    හිරු එළිය මෙහි තිබේ නම්
    ඇයි අන්ධයකු වගේ මේ
    මඟ ගාට ගාට යන්නේ....."

    - සසරක හැටි

    "ආත්ම ගෞරවේ බඩගින්නේ වුව රැක ගන්න
    ලොව පව් පින් දෙක බෑ සල්ලිවලින් මිලදී ගන්න
    සල්ලි පලක්‌ නෑ ගති ගුණවලටයි සලකන්නේ
    අපි එද්දි ගෙනාවද යද්දි වුණත් නෑ ගෙනියන්නේ..."

    - චණ්‌ඩියා

    "නොදැන කරපු දේ ගැන ලතවෙන්නෙපා පුතේ
    මොකටද කනගාටුවෙලා දැන් පලේ නැතේ

    ඔබ කළාද මා කළාද වරද වරද වේ
    දෝස නොමැති කිසිවෙක්‌ ඉපදුනේ නෑ ලොවේ

    ඔබ කරන්න ගියදේ දැන් වරදයයි සිතේ
    ඒක දන්නෙ ඒ උදවිය මෙලොව අප නොවේ."

    - සත පනහ

    "දෙවියන්වන්නෙත් තිරිසන් වන්නෙත්
    මිනිසාමයි ලෝකේ
    කණාමැදිරි දස දහසක්‌ දෙනවද
    සඳ දෙන ආලෝකේ"

    - ඔක්‌කොම හරි

    "තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ
    කොපමණ කෙරුවත්
    කළ හොඳ පමණයි යන කල ගෙනියන්නේ...."

    - සූර චෞරයා

    "උපන් කාට වුණත් මේ චංචල ලෝකේ
    දුකයි සැපයි පමණි තනියට ළඟ ඉන්නේ
    එයින් සැපත වහා ඔබ අතහැර යන්නේ
    නමුත් දුක පැල් බැඳ සදහට නවතින්නේ

    මිතුරකු ලෙස දන්න දුක ලංකරගන්න
    එවිට අහස පොළොව දෙපලු වුණත්

    - හැකිවෙයි ඉවසන්න

    සතුට ලෙස පෙනෙන්නේ දුකට මුල පිරෙන්නේ
    ඉතිං වෙස්‌ බැඳගෙන එන සැපතට
    මොටද මුලාවන්නේ.

    - කළණ මිතුරෝ

    මෙවන් අරුත්බර පදමාලාවන් අප සවනටත් හදවතටත් ඇතුළු කළ කරුණාරත්න අබේසේකරයන් අපගෙන් වෙන්වූ අප්‍රියෙල් මාසය පුරාවට ගුවන්විදුලිය, රූපවාහිනිය මගින් පමණක්‌ නොව අවුරුදු මිතුරු සාදයකදී පවා 1964.04.10 දින තිරගත වූ "ධීවරයෝ" චිත්‍රපටයේ ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා" ගීතයත් 2550 බුද්ධ ජයන්තිය එළඹෙන මැයි මාසය පුරාවට වෙහෙර විහාරස්‌ථානවල පවත්වන උත්සවවලදීත් තොරණ දන්සැල් පවත්වනු ලබන ස්‌ථානවලදී 1963 වසරේදී තිරගතවූ "අංගුලිමාල" චිත්‍රපටයේ "ඔබෙ රා ගී මන කැළඹේදෝ' ගීතයත් නිබඳවම ගැයෙනු ඇසෙනු නොඅනුමානය. වසර 40 කටත් වැඩි කාලයක්‌ පුරාවට සමාජයේ ස්‌ථාවරවී ඇති මෙම ගීතයන් දෙක පමණක්‌ ඔහුගේ ජනප්‍රියත්වයට සහතිකයක්‌ නොවන්නේද?

    එසේ නම් අද ඇසෙන හරසුන් පදමාලාවන් පිළිබඳව වාද විවාද කරමින් සිටිනවාට වඩා මෙම ගීතයන් අද පරපුරට අසන්නට සලස්‌වමින් එම පරපුර යහමගට යෑවීමට කටයුතු කිරීමට පාලකයන් උත්සාහ ගන්නවා නම් එය ඔහුට කළ හැකි මහඟුම උපහාරය වනු ඇත.

    නැලවිලි ගීයක්‌ වුවද මෙම ගීතයම පමණක්‌ සමාජය සුමඟට යොමු කිරීමට ප්‍රමාණවත් නොවේද?

    "ඔංචිල්ලා තොටිලි කොයින්දෝ
    රන්සලු පිළි වළලු කොයින්දෝ
    දොයි දොයි පුත ළපටි බිළින්දෝ
    රන්කඳ රැකදේවි සුරින්දෝ

    රුසිරෙන් සරු මල්සර පළඳා
    නුවණින් ගණපති ලෙස සැමදා
    තෙරුවන් වැඳ දෙවියන් පුදලා
    මිනිසුන් මැද මිනිසකු වීලා

    සිතමින් මවගෙ කතා
    දොයි දොයි දොයිය පුතා


    සලකනු පර පණ තම පණසේ
    හොර බොරු නොකරනු කිසි දවසේ
    ඉපදුනු රට දැය සහ සමයයි
    රැක මළ පසුවද නමට නොමැරෙයි
    හිටියොත් හොඳට හැදී
    දෙවියොත් නම වඳී

    - සූර චෞරයා

    මොටුරවේ මැල්කම් ප්‍රදිනාන්දු


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    "ඉපිද මැරේ යළි ඉපිදේ
    නොතිර සසර සාගරේ
    අතරතුරේ නොමැරි මැරේ
    දස දහස්‌ වරේ
    නිසල නැතේ සසල වෙතේ
    නොතිර සසර සාගරේ
     
    • Like
    Reactions: මැට්ටා

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    prema kirthi de alvis mahatmayage guruthuma
    maxxaaaaaaaa otus :)
    :yes: ජොතිපාල මහත්තය්ගෙ සිංදු වලිනුත් බගයකට වඩා අබෙ මහත්තයා ලියලා තියෙන්නෙ:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගින්දර..
    අර්ථවත් මිනිස්සු. අද කාලේ ගොඩක් ගොන් සින්දු ලියන එවුන්ට කිට්ටු කරන්නවත් බෑ. :love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා හැබැහින් දැකලා තියෙද සස්ලිට් අයියා..?
    000203FA.gif


    ප්‍රේමකීර්තිද අල්විස්.. මට නම අමතක වෙලා තිබුනෙ.. ලගදි program එකක් තිබිල බැලු.. පට්ට බං ඇඩෙනවා.. :dull:
    විනාඩි ගානෙන් ලියපු සින්දුත් පට්ට ජනප්‍රිය වෙලා තියනව.. සින්දුවක් ලියන්න තැනක් වෙලාවක් නෑ ලු.. සිකරට් පෙට්ටිය ඉරල හරි ලියනව ලු..
    ඒ සින්දු නම් සුපිරි තමා බං.. මම මෙහෙම කියන්නේ නෑ.. ඒත් ඒව නම් අති විශිෂ්ටයි.. ආයෙ ඒ වගේ මිනිස්සු එන එකක් නම් නෑ බං කවදාවත්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    a kaale api ipadilaa nethilu :frown::frown:
    ආහ්.. මං හිතුවෙ දැකල ඇති කියලා..:yes:
    එකදාස් නවසිය අසූ නවයෙ නේද ඒ මහත්තයව මැරුවෙ.. :(
    ලිපියක තිබුණනේ අයියෙ ප්‍රේමකීර්ති මහත්තයා ගීත එකදාස් පන්සීයකට වඩා ලියලා තියෙනවා කියලා.. :oo: