පහුගිය දවස් වල උණුසුම් වෙච්ච උතුරු කොරියානු ප්‍රශ්ණය සමඟ මේ දිනවල බොහෝ වෙලාවට කතා කරනු ලබන මාතෘකාවක් තමයි මිසයිල නැතිනම් න්‍යෂ්ඨික මිසයිල..
මාත් හොයලා බැලුවා හැබැයි කොරියාව ගැන නෙමෙයි මිසයිල ගැන..
මේ තියෙන්නේ මිසයිල ගැන අපි දන්න නොදන්න තොරතුරු ටිකක් කෙටියෙන්..
කියවලා බලන්න ඔබත් ඒ ගැන දන්නවද කියලා..
වර්තමාන මිසයිලයේ ඇරඹුම අදහස ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්..
ඒ Tipu Sulathan නම් වු ඉන්දියාවේ මයිසුර් හී රජු විසින්..
ඒ 1792 දී බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කල තුන්වන
Anglo – Mysore යුද්ධයේදීයි. එහිදි ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව උණ බට හා වෙඩි බෙහෙත් එකතු කරගෙන නිපදවා තිබු මේවා දහස්ගනනින් භාවිතා කල බව සඳහන් වේ.. ඒ මිසයිලේ හරියට අපි යවන අහස්කූරක් වගේ..
එම සටන පැවතුනායි සඳහන්වන ඉන්දියාවේ සිරිරංගපතන බලකොටුව වර්තමානයේ මිසයිල පිළිබඳ කෞතුකාගාරයක් බවටද පත් කොට ඇත.
වර්තමාන මිසයිලයේ ඇරඹුම සිදුවන්නේ ජර්මනියේ V1 හා V2 මිසයිල සමඟයි. ඒ මිසයිල නිපදවු මුල්ම රටයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව අනෙක් රටවල් සියල්ලද මිසයිල නිපදවන්නට විය. ඇමරිකාව 1960 අප්‍රේල් 22 මිසයිලයක් අත්හදා බැලු අතර එය Atlas D නම් විය. ඉන් පසුව Atlas E හා Atlas F නමින් තවත් මිසයිල අත්හදා බලන ලදි.
වර්තමානය වෙද්දී ප්‍රධාන මිසයිල වර්ග දෙකක් තුලින් විවිධ වෙනස්කම් සහිතව එනම් වර්ගය, නිකුත් කරන ආකාරය,දුර ප්‍රමාණය අනුව වෙනස්වන මිසයිල වර්ග කිහිපයක් ඇත.
ප්‍රධානම මිසයිල වර්ග දෙකක් ඇත.. ඒ
බැලැස්ටික් මිසයිල (Ballistic missiles)
හා කෲෂ් මිසයිල (Cruise Missile) යි.
එලෙසම භාවිතා කරන ක්‍රමය අනුවත් එය වෙන්කොට ඇත. එනම් කිසිදු යුධ කටයුත්තක් නොමැතිව එල්ල කරන මිසයිල
(Strategic Missile) හා යුද්ධයකදී අණදීමක් සහිතව එල්ලකරනු ලබන මිසයිල ( Tactical Missile) ලෙසයි.
මුලින්ම බැලැස්ටික් මිසයිල (Ballistic missiles)
මෙයින් කිසිදු යුධ කටයුත්තක් නොමැතිව එල්ල කරන මිසයිල (Strategic Missile) ලෙස බොහෝ දුරට බැලැස්ටික් මිසයිල (Ballistic missiles) ලෙස හදුන්වන අතර දිගු දුර විදිය හැකි එහි තුඩෙහි න්‍යෂ්ඨික බලය තැම්පත් කර පොලව මතු පිට හෝ පොලව යට සිට එසේත් නැතිනම් දිගු වාහනයක හෝ, සබ්මැරීන තුලින් විදිය හැකි ලෙස සෑදු ඉතා විශාල ප්‍රමාණයේ මිසයිල මෙලෙස හදුන්වයි.
දුර අනුව මෙම මිසයිල කාණ්ඩ කිහිපයකට බෙදා ඇති අතරම ඒවාට විශේෂිත වු කෙටි නමින්ද බොහෝ විට හදුවන්වයි.
කෲෂ් මිසයිල (Cruise Missile)
යුධ කටයුතු අතර දී යොදා ගන්න අණදීමක් සහිතව එල්ලකරනු ලබන මෙවැනි මිසයිල ( Tactical Missile) ලෙස බොහෝම විට හදුන්වයි.
ගුවන් යානා , නෞකා මතුපිට, වාහනයක සවිකර විදිය හැකි ප්‍රමාණයෙන් කුඩා වු අධිබල පුපුරණ ද්‍රව්‍ය සහිතව ඇති මිසයිල මේ නමින් හදුන්වන අතර ප්‍රහාර එල්ල කරන ආකාරය අනුව යම් වෙනස්කම් ඇත. මෙහි වර්ග 3ක් දැක්වේ.
ඒ තුනට අමතරව පහර දෙන ක්‍රමය අනුව වෙනස් කම් වලින් යුතු වන එනම් වර්ගය, නිකුත් කරන ආකාරය,දුර ප්‍රමාණය අනුව වෙනස්වන මිසයිල වර්ග කිහිපයක් ඇත.
මිසයිල වර්ග හා වෙනස් කම් එලෙස වුවත් එම මිසයිල පද්ධතින් ක්‍රියාත්මක කිරීමට අණ දෙන ආකාරයෙන්ද වෙනස්වන අවස්ථා කිහිපයක් ඇත.
පහත රූප සටහන් මගින් ඒවා දක්වා ඇත.
ඉහත සදහන් මිසයිල ගුවන් ගත කිරීමට බලය ලබා දීමට භාවිතා කරනු ලබන මුලද්‍රව්‍ය අනුවත් මිසයිල වල යම් වෙනස් කම් ඇත.
මිසයිල (Strategic Missile) හා ( Tactical Missile) ලෙස හැදින්වීම එලෙස සිදුවුවත් සමහර අවස්ථාවලදී මෙහි යොදා ගැනීම වෙනස්වීමද සිදුවේ..මක්නිසාද මිසයල වර්ග දෙකම යුද්ධයකින් තොරවද, න්‍යෂ්ඨික ඇතුලත් කොට භාවිතා කල හැකි නිසායි.
වර්තමානය වන විට රටවල් කිහිපයක් සතුව එක්සත් ජාතින්ගේ Nuclear Nonproliferation Treaty (NPT) නීති රීති වලට එකඟව හා නොමැතිව න්‍යෂ්ඨීක මිසයිල පවතින බව පැවසෙන අතර ඒවා පහත පරිදි වේ.
පසුගිය අවුරුදු කිහිපය ඇතුලතදී රුසියානු සමාගමක් විසින් නිපදවන ලද Club-K නැමැති කෘෂ් මිසයිල පද්ධතියක් වේ. ඉතා අධිබලැති එහි විශේෂත්වය හා භයානකත්වය වනුයේ වන අතරම ඒවා හතරක් කන්ටේනරයක් තුල පැටවිය හැකි වීමයි.
එනම් ලොව ඕනෑම තැනකට පහසුවෙන් ගෙන යා හැකි බවයි. රුසියාව 2010 වර්ෂයේ දී ආයුධ වෙලදාමෙන් ඩො.බිලියන 7.8 උපයා ඇත.
එලෙසම මිසයිලයෙන් ආරක්ෂා වීම සඳහා නිපද වන ලද anti-ballistic missile (ABM) වර්ගයේ මිසයිලද වේ.
එනම් පැමිණෙන මිසයිලය වෙත යවමින් එය පුපුරවා දමන ආකාරයේ මිසයිලයයි. එලෙසම ඒවා නිරීක්ෂණය සඳහා ආරක්ෂක රේඩාර් පද්ධතිද සවිකර ඇත.
1945 දී එනම් දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට දමන ලද "Little Boy" නම් වු න්‍යෂ්ඨික බෝම්බය ආසන්න වශයෙන් කිලෝටොන් 15 ක්ද,
නාගසාකි නගරයට හෙලු
"Fat Man" නම් වු න්‍යෂ්ඨික බෝම්බය ආසන්න වශයෙන් කිලෝටොන් 21 බර වු බව පැවසේ.
එයින් අවුරුදු 50 වැඩි කාලයක් ගෙවී යද්දී වර්තමායේ න්‍යෂ්ඨික අවි වල ශක්තිය හිරෝෂිමා බෝම්බය මෙන් 6 සිට 100 ගුණය දක්වා වැඩී වී ඇත.
වෙනදා වගේම දැනුම සදහා සියලු තොරතුරු හා ජයාරූප සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගත් අතර කියවලා බලලා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා...!
[FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
[FONT="] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]
Last edited:


North Korean missile test



