කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!
මචන්ලා මේක කොහොම කියන්නද කියල මට තේරෙන්නෙ නෑ. මේක කියෙව්වම කට්ටියම මට හොඳට බනිවී. කමක් නෑ ඒත් මට ඔයාලගෙ අදහස් දැන ගන්න ඕන.
මේකයි case 1. මම මීට මාස 5කට විතර කලින් කෙල්ලෙක් එක්ක යාළු වුනා. එයා රත්නපුරේ. එයා බලන්ගොඩ බෝඩ් වෙලා ඉන්නෙ. එහෙ ඉඳන් තමයි ඉස්කෝලෙ යන්නෙ. මම ඉන්නෙ කොළඹ. අපි මසෙකට සැරයක් හම්බ වෙනවා. මාස ගානක් කිසි ප්රශ්නයක් නැතුව දෙන්නම ගොඩාක් ආදරෙන් හිටියා. දෙපැත්තෙ ගෙවල් වලිනුත් වැඩේ දන්නවා. කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා. ඌ හෙන මැරයෙක්. අවුරුදු එක හමාරක් විතර ඒ සම්බන්ධෙ තිබුණලු. කොහොමහරි ඌ මෙයාට ගහල. එක නිසා මෙය සම්බන්ධෙ නවත්තලා. එහෙම ඉන්න අතරෙ තමයි එයට මාව හම්බුණෙ. අපි දෙන්න ගොඩක් සතුටින් හිටියා. හැබැයි අරුගෙන් නිතරම එයාට calls,msgs ආවා. හැබැයි එය ඒවාට response කළේ නෑ. එයා සද්ද නැතුව හිටියා.
ඒත් 27 වෙනිදා ලොකු සිද්ධියක් වුනා. කෙල්ල මටත් හොරෙන් බෝඩිමෙන් පැනලා අරූව හම්බවෙන්න රත්නපුරේ ගිහිල්ලා. මට සිද්ධිය ආරංචි වුනේ 28. බෝඩිමේ යාලුව තමයි මට කිව්වෙ. මම පස්සෙ ඇහුවම කිව්වෙ උගෙ පොරොන්දුවක් ඉෂ්ට කරන්න ගියා කියලා. පොරොන්දුව තමයි මේක. සමන් දේවලෙ ගාව ඉන්නවලු කකුලක් නැති හිඟන්නෙක්. ඒ මිනිහට plastic කකුලක් අරන් දෙන්න රුපියල් 10000ක් අරූ ගෙනල්ල. ඒක මගේ කෙල්ලගෙ අතින් අර මිනිහට දෙන 1 තමයි පොරොන්දුව. කෙල්ල ඒ වැඩේ කරලා. ඊට පස්සෙ ඌ කෙල්ලගෙන් අහලා ඌට ආදරෙයිද කියල. එයා නෑ කියල. ඊට පස්සෙ ඌ කියලා කෙල්ලටයි මටයි රත්නපුරේ හම්බවෙන්න එපා කියලා. හම්බවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක්ව මරනවා කිව්වලු. ඊට පස්සෙ ඌ කෙල්ලට පිහියකින් අතට ඇනලා තුවාල කරලා. පස්සෙ ඌ මෙයාව රෑ තියගන්න හදලා. මෙයා බෑ කිව්වලු. ඒ පාර ඌ මෙයාව යාලුවෙක්ගෙ ගෙදර නවත්තල ගියාලු. හැබැයි රෑ ඌත් එක්ක හිටියද කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි 27 වෙනිදා එයා බෝඩිමට ගිහිල්ලා නෑ. 28 වෙනිදා උදෙන්ම අරූ ආයෙත් ආවලු කෙල්ලව බෝඩිමට බස්සන්න. කොහොමහරි ඌ බලෙන්ම මෙයාව බෝඩිම ළඟටම ගෙනල්ලා බැස්සුවලු. 27 රෑ මොකක්ද වුනේ කියලා කියන්න මම හරියටම දන්නෙ නෑ.
ඉතින් කොල්ලනේ ඕක තමයි 1. මම දැන් මොකක්ද කරන්න ඕනෙ? මට මුකුත් හිතාගන්න බෑ. අපේ එලකිරි කොල්ලන්ගෙන් උපදෙස් ඕනා. මොකද දුකට සැපට හැම දේටම ඉන්නෙ ඔයාල විතරයි.