2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar5861_3.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෙවැනි අදියර
    මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ ‘සිරා පොරවල්‘ වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් ‘පෘතුගීසිකාරයා‘ ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් ‘දෛවයෝගයේදී‘ හඩ දුන්නේය. ජෝති ‘මාරම පොරක්‘ වීම ආරම්භ වන්නේ ඒ සමගය. ‘පදයක් තාලයට තලා ගැනීම‘ ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය.
    1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි.
    ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-‘සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ‘. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ.
    ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යන්න කියල යාලුවනේ.....:dull::dull::dull:
    බොහොම ස්තුත්යි අයියේ මේ වගේ වටිනා ෂෝ 1ක් කලාට.........:love::love::love:
    එල ෂෝ එකක් Sasliit අයියේ............:)
    246.gif

    සුපිරි තමා, පට්ටම පට්ට ෂෝ 1, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
    සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    අමරණිය ජෝතිට මගේ උපහාරය
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තුන්වෙනි අදියර
    කොටස් කර ජෝති තේරුම් ගැනීම. ජෝති ගැයූ ගියූ විවිධ ලෙස වර්ග වී ඇත.
    පුරුෂ යුග ගී

    1. මිනිහා හරි මිනිහා - මොහිදීන් බෙග් හා ධර්මදාස වල්පොල
    2. පෘතුගීසිකාරයා - සිඩ්නි ආටිගල
    3. අපි සන්තෝසෙන් ඉන්නේ - මිල්ටන් පෙරේරා
    4. තැටිය මැද්දෙ කළු කරාපු - එම්.ඒස් ප්‍රනාන්දු, සහ තවත්
    ස්වතන්ත්‍ර නිර්මාණ


    1. ආලේ මිහිර පෙන්නා - ෂේල්ටන් ප්‍රෙමරත්න
    2. අමර පෙම් ලතාවේ - සරත් දසනායක
    3. වාසනාව දොර ඇරලා - එම
    4. සල් සපු නා - එම
    5. සොදුරු ලොවට මල් වැහැලා - කල්රන්ස් විජේවර්ධන, සහ තවත්
    හින්දි කොපි

    විචාරකයිනට ජෝති අනුකාරකවාදී බෙළදයකු වන්නේ මේ නිසායි. මෙම වර්ගයේ ගී ඕනෑ තරම් ජෝති ගයා ඇත.


    එච්.ආර්.ජෝතිපාල යනු සිංහල-ඉංග්‍රීසි-දෙමළ යන භාෂාත්‍රය චතුර ලෙස ලියූ-කියවූ-කතා කළ මිනිසෙකි. හින්දි භාෂාවද යම් තාක් දුරකට ඔහු විසින් හැසිරවීය. ජෝති යනු ගායන ලොවේ සිටි උසින් හා මහතින් පරිපූර්ණ වූ තේජසම්පන්න ගායකයායි. ‘ජෝතිමත්ය‘ යන වර්ණනයේ පරිසමාප්ත අරුත්ගත් ජෝතිමත් ගායකයෙකි ජෝති. උපන්දාම, ජෝති ජෝතිමත් වන්නේ යැයි කොන්ඩඥ නොවන වෙනකෙකු විසින් දඹරැගිල්ල ඔසවනු ලදුව කියා ඇතිවා නියතයි. එසේම ජෝති සතු අනන්‍ය ප්‍රතිභාවක් විය. ඕනෑම නළුවෙක් වෙනුවෙන් වෙනකෙක් විසින් පසුබිම් ගී ගයන විට නළුවා හා ගායකයා එකෙකු නොවන බව ‘මාට්ටු වෙයි‘. නමුත්, ජෝති ගී ගයන කළ නළුවා හා ජෝති යනු දෙකෙකු නොව එකෙකු වන්නේ යැයි දැනෙනවා මිස වෙනකක් නොදැනේ.
    ජෝති මාරම පොරක්. මෙසේ කියන්නේ-මැරෙන විට ඉපදිලාවත් නොසිටි මා වැනි ජෝතිගේ සුළගවත් නොවැදුණු උන් නොවේ. ‘ජෝතිගෙ රෙකෝඩිං දවසට මම කළිං ගෙදර යනව‘ යැයි එකළ ගුවන් විදුලි පටිගත ශිල්පියෙකු කීවේය. ‘ඇයි ඒ.‘ ඔහු ප්‍රශ්න කළේය. ‘No Rehearsals - No Corrections - One Take Then Save‘. ජෝති යනු ‘One Take‘ ගායකයෙකි.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ත්‍රේඩ් එකෙ කට්ටියගේ හිතසුව පිණිස මම කැපෙන්නද

    කොහේ යන්නද බොල...... හිටපන්... තව ටිකක් ඉඳල යමු.....!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ....
    ඔබේ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ...

    මූඩ් අවුල් ගියාලු :( :(

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ජෝති යනු තවත් ගායකයන් ගොඩ දැමු ගායකයෙකි ,තවත් මිනිසුන් හට ජිවන උපාය සදා දුන් ගායකයෙකි ,බස් එකේ ,කොචිචියේ සැමට ගී ඉතිරි කල අයෙකි ,මැරුණු පසු නව සංගීතයෙන් මුදල් ඉපයීමට ඉඩ තැබූ කෙනෙකි,,තරු රියලිටි තරගාවල තරු ගොඩ දැමු සුපිරි තරු මවු අයෙකි ,ඔහුගේ ගී කියා අද ගායකයන් වූ ය කොතෙක් ඇද්ද
    මොහු අපුරු මනුෂ්‍ය කි ,අමරණිය ජෝතිට මගේ උපහාරය:yes::yes::cool::cool::cool::cool:
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අවසන් අදියර
    1987 ජූලි 7 වෙනිදා ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු ලෙසයි. නමුත්, කිව යුතු දෙයක් ඇත. හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල, නැමැත්තා තමාගේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිටි මිනිසෙක් නොවේ. ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. එසේම ජෝතිගේ වටිනාකම ජොත් පමණක් නොව රටේ කළා බලධාරීන් හෝ නොදැන සිටියේය. ජොතිගේ ආදාහනය දා බෙරැල්ට පිරුණු මහ සෙනග අද තවත් ඓතිහාසික වාර්තාවකි. ඉන් කියා සිටියේ, ජෝති සතු සමාජ වටිනාකම මෙන්ම ජෝතිගේ වෙළදපොල වටිනාකමයි. සමාජ ප්‍රාග්ධනය ශූන්‍ය වූ ජෝති ගායන ලොවට පා තබන්නේ, අත්වැඩ දීමටයි. පසුව කඩේ යයි. බත් අදියි. ඒ ජෝතිගේ ආරම්භයයි. නමුත් අවසාන වන විට ජෝති කඩේ යැවූ සියලු දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමට හා කඩේ යාමට සූදානම් වන තත්ත්වයකට පත් විය.
    ජෝති විසින් ලිඛිත වාර්තා ඇති චිත්‍රපට 1000කට වැඩියෙන් ගයා ඇත. ජෝති නිර්මිත කැසට් ගණන 102. ඒවාහි ගීත 1222ක් තිබී ඇත. මොහොමඩ් රාෆි ජෝති පිළිබද සිය තක්සේරුව කර ඇත්තේ මෙසේයි-‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ‘. ඇත්ත. රාෆි කියනුයේ මොන අර්ථයෙන් වුවත්, ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබිණි. ජෝති රාජ්‍ය සම්මාන නොලද්දේය. ගරු නම්බු නාම වෙනුවෙන් ආරාධනා නොලද්දේය. සංස්කෘතික උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස නොපැමිණියේය. රාජ්‍ය නායකයින් සතුටු කරනු වස් ලංකාවේ නියෝජිතයා ලෙස ගී ගැයීමට රට සවාරි නොගියේය. නමුත්, ජෝති හුදු ජනයා වෙනුවෙන්, ගී ගැයීම පමණක් කළේය.


    ජෝති නම් පොදු ජන අවශ්‍යතාව අනුව බිහිවී වර්ධනය වී පැවැත්ම තහවුරු කරගත් ගායකයෙකු මිස, ජනමාධ්‍ය විසින් බලහත්කාරයෙන් පැවැත්ම තහවුරු කරනු ලැබූ එකෙකු නොවේ. “ජෝති වෙනුවෙන් සම්මානයක් දෙන්න සංස්කෘතික ආණ්ඩුවල කවුරුත් කැමති නැති වුණාට, ජෝතිත් එක්ක බුදිගන්න වුණත් මේ රටේ ගෑණු මිනිස්සු ලෑස්තියි“ කලකට ඉහතදී ජෝති කියවා අවසන් වන මෙහොතේ මා තේරුම් ගත්ත දෙයයි. ‘මිනිස්සු ඒ තරම්ම ජෝතිට ආදරෙයි‘.


    “හිතේ දුකාක් නැතී මිනිහා - මේ ලෝකේ දැනගත් මිනිහා,
    එයා තමයි දුක නැති මිනිහා...“


    *අනුමෝදනාව - ජෝති කියැවීමට මා පෙළඹවූ නුවන් නයනජිත් කුමාර (නුවන් අයියා)ට
     
    Status
    Not open for further replies.