කලවං~විරිදු 2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගීත ගයා පාලු කපා සෝක ගින්න දුරලනවා...........
    කාලෙන් කාලෙට පෙරලෙන ගීත විරිදු පවසනවා...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    ඔයා නිසා මා අඩලා.. මගේ ඇසුත් අද රිදුනා.......
    කදුල ඉතිං සමාවෙයං ඇය මගෙ නිවසට එනවා........
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    ඔයා නිසා මගේ සිනා ටික ටික මැකිලම යනවා....
    මගෙ හීනයෙ ලග ඉන්නට ඔබ තවමත් මග එනවා.......
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    නොදැක ඉන්න බෑ කියලා රුවන් පුටා කියවනවා...
    සීත මාරුතේ වෙලිලා.. දම්සාරිව ලෙඩ වෙනවා..........
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    සිනාසෙන්න බෑ කියලා රුමේශයත් නද දෙනවා....
    එක මලකට ලව් කරලා දෙන්නම විරසක වෙනවා...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    රාග තාල කෑ ගහලා සනිධප පද ගලපනවා............
    ප්ලග් එක ගලවා දමලා අපි කවුරුද රොක් වෙනවා...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    සද පානක් සේ ඇවිදින් ගම්මනෙන් මේ නගරෙට....
    අතුල සමිතා දෙන්නා එදා හිටියා නේ හරි ජොලියට...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    තාරුකා පෙලින් එහාට උල්කාපාතත් වැටුනද....
    කොළඹ දුවන කෝච්චියේ ඉස්ටේසන් හූ සද්දෙට..
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    වෙලාගන්න ආදරයෙන් කෝලම් කරමින් හිටියට.....
    දුන්නා නේද සෙනෙහෙ කොලේ කොහෙවත් හිටි ජොනි අයියට...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    ඉවසන්නට බෑ සෝකය තව ලිප ගිනි මෙලවෙන්නේ....
    වෙනතක් බලමින් ගිය තැන මට මාවද නැති වෙන්නේ...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    හිත අස්සට හීන ගොඩක් ආයෙත් අරගෙන එන්නේ...
    සුලග වගේ අත හැරියත් වරදක් කියලා යන්නේ...........
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    ඔයින් මෙයින් දින ගෙවමින් මිනිසුන් ඔහෙ කැරකෙන්නේ..
    කුක්කු කූක් කූ කියලයි තව කුකුලන් හඩලන්නේ....
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..


    මධු මල ලෙස හරිම සිනිදු මගෙ ආදර මිහිරාවිය......
    ඔබ සිහිකර ඔබට ලියමි රෑ ජාමෙත් දැන් පසුවිය.....
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    මන්දාරම් අදුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ...
    මා සමගින් ඇවිදින්නට ඔබ හිටියා නම් නම් නම්...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    පව්රු වලලක් බැදලා.. යුධ සෙබලුන් එහි යොදලා....
    හිටියත් ථල නෑ ලබලා... චිත්‍රා ලෙස යමු පැනලා... :baffled:
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    කියවන නරඹන හැමදෙන ආදරයෙනි අමතන්නේ..
    වැරදි ඇතොත් වන්න සමා කමෙන්ටුවත් මුතු වැන්නේ... :love:
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    විරිදු පොලේ පෙට්‍රල් ටික ඉවර වෙන්න ලං වෙන්නේ....
    රෑ ජාමෙත් කිට්ටු වෙලා අපි එහෙනං සමුගන්නේ......
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..
    ඩුං.............................................. :cool::rofl:


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl::rofl:
    11.gif
    :cool:

    he he...niyamaiiii
    :D:D
    ස්තූතියි :yes:
    9.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේකා... දැන් කෝච්චියේ විරිදු කියනවද උබ.. :P
    ඩුං....................................................................... :P
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම‍යි මචන්......:cool::cool::cool:

    සමහර මිනිස්සු බස් වලට නැගලා කි‍යන මෙලෝ රහක් නැති විරිඳු වලට වැඩි‍ය නම් මේක මරේ මරු...........
    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නි‍යම‍යි මචන්......:cool::cool::cool:

    සමහර මිනිස්සු බස් වලට නැගලා කි‍යන මෙලෝ රහක් නැති විරිඳු වලට වැඩි‍ය නම් මේක මරේ මරු...........
    :yes::yes::yes:
    :rolleyes: :rofl:
    බොහොම ස්තූතියි මචං..
    පොඩි වෙනසකටත් එක්ක ලිව්වෙ ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙලාගන්න ආදරයෙන් කෝලම් කරමින් හිටියට.....
    දුන්නා නේද සෙනෙහෙ කොලේ කොහෙවත් හිටි ජොනි අයියට...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    සමිතා ලිඳේ......... තෝ නම් ඇවිදින කලාගාරයක් වගේනේ........ පට්ට මල්ලි හැමදාමත් වගේ........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරු මරු...
    11.gif
    11.gif
    :D:D

    වෙලාගන්න ආදරයෙන් කෝලම් කරමින් හිටියට.....
    දුන්නා නේද සෙනෙහෙ කොලේ කොහෙවත් හිටි ජොනි අයියට...
    ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

    සමිතා ලිඳේ......... තෝ නම් ඇවිදින කලාගාරයක් වගේනේ........ පට්ට මල්ලි හැමදාමත් වගේ........

    :rofl::rofl::rofl:

    ලිදේ වතුර නෑ ලු :rofl:

    එළිකරි...
    11.gif

    තෑන්කූ අයියෙ :yes::D:D