BAGYA Teledrama භාග්‍යා ටෙලිනාට්‍ය

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    BAGYA Teledrama භාග්‍යා ටෙලිනාට්‍ය

    මතකද මේ ටෙලිනාට්‍ය?මේකේ රගපාන කෙල්ල තමා අර කමල් අද්දරආරච්චි අතින් මැරුණ කියන රමණි බර්තොලමියුස්.:(.මේකේ සින්දුවක් ඒ කාලේ ගොඩක් famous උනා..කැමති අය බාගෙන බලන්න..






    12052013.jpg




    th_t4iv93sip2eqxbjedzs9.gif



     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Ramani-2.jpg



    “භාග්‍යා” ඒකාංගික ටෙලි නාට්‍යයේ කපිරිඤ්ඤා නැටුමකට ඇතුළත් මෙම ගීතයට නර්තනය මුසු කළ රමණි බර්තොලමියුස්, “භාග්‍යා” ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය ද වූවාය.1985 වසරේදී ලක් රූ රැජින ලෙස කිරුළු පැළඳි රමණි බර්තොලමියුස් පසුව ලෝක රූ රැජින තරගයටද සහභාගි වූවාය.

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සැලළිහිණි ගම්මානය සහ යුගාන්තය යන චිත්‍රපටවලින් සිනමාවේ දොරටුව විවර කරගත් ඈ හිමකුමාරි (විකාශය වූවේ නැත) ඉරට හඬන මල් යන ටෙලි නාට්‍යවලින් ටෙලි නාට්‍ය රංගන ක්‍ෂේත්‍රයටද අවතීර්ණ වූවාය. ඈ රංගනයෙන් දායක වූ යුගාන්තය චිත්‍රපටයේ “චමරි”ගේ චරිතයත් භාග්‍යා ටෙලි නාට්‍යයේ චරිතයත් අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.

    ධර්මසිරි බණ්ඩාරනායකගේ “මකරාක්ෂය” වේදිකා නාට්‍යයේ “එලීසා” ගේ චරිතයෙන් වේදිකා නාට්‍ය කලාවේ අත‍පොත් තැබූ රමණි බර්තොලමියුස් ගම්පහ ප්‍රදේශයේ සිට කොළඹ රාජගිරිය ප්‍රදේශයේ කුලියට ගත් ඇනෙක්සියක තනිවම පදිංචියට පැමිණියේ සිය කලා කටයුතුවල පහසුව සඳහාය.

    මේ වන විට 21 හැවිරිදි වියේ පසු වූ රමණි බර්තොලමියුස් පිපෙන්නට වෙර දරන මල් කැකුළක් බඳු යුවතියක් වූවාය. එමෙන්ම ඈ ජනප්‍රිය නළුවකුගේ පෙම්වතියද වූවාය.

    1987 ජූනි මාසයේ 28 වැනි දිනය ගෙවී ගොස් ජූනි 29 වැනි දිනය උදාවෙද්දී රමණි බර්තොලමියුස් කොළඹ ජාතික රෝහ‍ලේ හදිසි අනතුරු අංශයට රැගෙන එනු ලැබුවේ ඇගේ පෙම්වතාමය. ඒ වන විට ඈ සිහිසුන් තත්ත්වයෙන් පසුවූවාය.

    “මම වැඩ වගයකට ගිහින් රමණිව බලන්න එයාගේ ගෙදරට ආවා. මම එන්න හුඟක් රෑ වුණා. ඒ ගැන රමණිට කේන්ති ගිහින් හිටියේ. ඒ පාර මම මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණි වාහනේ එල්ලිලා ඉන්න ඇති. එක පාරටම වැටෙන සද්දයක් ඇහිලා මම වාහනය නවත්තලා ගිහින් බලද්දී රමණි බිම වැටිලා හිටියා” යනුවෙන් ඇගේ පෙම්වතා හදිසි අනතුරු අංශයට පැවැසීය.

    ඒ මොහොතේම ඇගේ හිස සැත්කමකට භාජනය කිරීමට වෛද්‍යවරු කටයුතු කළහ. රමණිගේ දෙපතුල තෙක් විහිදී තිබුණු දිගු වරලස කපා ඇගේ පෙම්වතාගේ අතට දීමෙන් අනතුරුව ඔහු එය බදාගෙන වැළපෙන්නට වූයේ රමණිට තරමටම ඇගේ වරලසටද ඔහු දැඩි සේ ආදරය කළ නිසා විය යුතුය.

    ශල්‍යකර්මය අවසාන විය. ඇයව රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිය. කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ඈ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණාය. කලාකරුවෝ රාශියක් දැඩි සත්කාර ඒකකය අසල බලා‍පොරොත්තු සහගතව රැඳී හුන්හ. එහෙත් කිසිම වෛද්‍යවරයෙක් ඇගේ ජීවිතය පිළිබඳව බලා‍පොරොත්තු සහගත පිළිතුරක් ලබා දුන්නේ නැත.

    මේ වන විට ඇගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු සහතික කළහ. මොළය මියගිය අයකු කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවිකර තිබිමේ ඵලක් නොමැත. මන්ද මොළය මියගිය පසුව කිසිම රෝගියකු ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ නොමැති බැවිණි.

    මොළය මියගිය රෝගියකු සැලකෙන්නේ Ramani-3ඇත්ත වශයෙන්ම මියගිය කෙනකු ලෙසටය. එබැවින් මොළය මියගිය රෝගියකුව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ගලවා ඉවත් කිරීම සිදුකෙරෙනු ඇත. එහෙත් ඒ සඳහා රෝගියාගේ භාරකරු ඊට එකඟත්වය පළ කරමින් අත්සන් කළ යුතුය.

    මේ අනුව රමණි බර්තොලමියුස්ව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ගලවා ඉවත් කිරීමට තීරණය කෙරිණි. ඊට අත්සන් කළ යුතුව තිබුණේ ඇගේ පියා වන මාක් බර්තොලමියුස්ටය. ඔහු සිය අත්සන යෙදීමට පෙර දියණිය අසලට ගොස් ඇගේ දේහය දෙස ඉතාමත් හැඟීම්බරව බලා සිටියේය. අනතුරුව ඇගේ හිසේ සිට දෙපතුල තෙක් පිරිමදින්නට වූයේ කුඩාවියේදී දියණිව සිඹ පිරිමැද හැදූ වැඩූ අයුරු සිහිපත් කරමින් විය යුතුය.

    ඊට පසුව ඔහු සිය දියණියට වැඳ වැටුණේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටීමට විය යුතුය. මෙම දසුන දුටු බොහෝ දෙනකුගේ දෙනෙතින් කඳුළු රූරා වැටුණේ මෙකී මොහොත ඉතා හැඟීම්බර, සංවේදී අවස්ථාවක් වූ නිසාය.

    ජූනි 30 වැනි දිනයේ අවසාන භාගය උදා විය. නැගුණු හිරු අවරින් බැස ගියේය. ආලෝකය වෙනුවට අඳුර රජ විය. ජූනි 30 වැනි දින රාත්‍රී 10.00 පසු වී මිනිත්තු පහක් ගත වන්නට ඇත. රමණි බර්තොලමියුස්ගේ අවසන් සුසුම් ‍පොද වා තලයේ සැඟවී ගියේය.

    ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බව ප්‍රකාශ වුවද ඇත්ත වශයෙන්ම ඇයව මරණයට පත් කළාද, ඇය මියගියාද යනුවෙන් බොහෝදෙනකු තුළ කුකුසක් ඇති වී තිබිණි. රමණි බර්තොලමියුස්ගේ මෘතදේහය පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට කොළඹ මහේස්ත්‍රාත්තුමා තීරණය කළේ එබැවිණි.

    මේ අනුව ඇගේ මෘතදේහය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමු කෙරිණි.ඒ වන විට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්යබහුලත්වය නිසාම ‍පොලිස් බල ප්‍රදේශ කීපයක පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෝහාරික වෛද්‍ය අංශයට බාර දී තිබුණි.

    රමණි හදිසි අනතුරට පත් වැලිකඩ ‍පොලිස් වසම අයත් වූයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට නොව කොළඹ වෛද්‍ය පීඨයටය. මේ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘතශරීරාගාරයේ ඇගේ මළ සිරුර තැන්පත් කර තිබුණද, එහි පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු පැවැරුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයටය.

    ජූලි 01 වැනි දිනට යෙදුණු රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය විශේෂඥ පී.යූ. තෙලිසිංහට බාර විය. ඔහුගේ සහය පිණිස කටයුතු කළේ එවකට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වීමට වෛද්‍ය පීඨයේ පුහුණුව ලබමින් සිටි, සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරය.

    ඒ වන විට 21 වැනි වියේ පසු වූ රමණි බර්තොලමියුස් අඩි 5, අඟල් 8ක උසකින් යුක්ත විය. ඈ සැරසී සිටියේ රාත්‍රී නිදන ගවුමකිනි. ඇගේ හිස මුඩුකර තිබුණේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකර තිබූ නිසාය. සැත්කම් ලක්ෂණ හැර ඇගේ අත් පාවල සීරීම් තුවාල දක්නට ලැබිණි. විශේෂයෙන් දෑතේ වැලමිට ප්‍රදේශවල තුවාල දැකගත හැකි විය.

    ඇගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට මතවාද 3ක් පැන නැගී තිබුණි.
    ඉන් පළමු වැනි මතය වූයේ ඇය පෙම්වතාගේ වාහනයට නැගීමට තැත් කිරීමේදී ඔහු විසින් ඇයව තල්ලු කර දැමූ බවය.දෙවැනි මතය වූයේ පෙම්වතාගේ වාහනයට නැගීමෙන් අනතුරුව බහින්බස් වීමක් නිසා ඇය රථයෙන් පැන ඇති බවය.පෙම්වතා සමග සිදුවූ කලහකාරී ස්වරූපය නිසා ඔහු ආපසු යෑමට සැරසීමේදී ඇය රථයේ එල්ලීමෙන් මෙම අනතුර සිදුවූ බව තෙවැනි මතය විය.

    මතිමතාන්තර කොපමණ ගොඩනැගුණද ඇසින් දුටු සාක්ෂි කිසිවක් තිබුණේ නැත. මෙම මතවාද තුනෙන් දෙවැන්න හැර අනෙක් මතවාද 2ම අයත් වන්නේ අපරාධ වශයෙනි. 2 වැනි මතය වන ඇය රථයෙන් පැන්නා යන්න අයත් වන්නේ හදිසි අනතුරකටය.

    එබැවින් අධිකරණ වෛද්‍ය කටයුත්ත ඉතා සියුම්ව මනා සැලකිල්ලෙන් සිදුකළ යුතු බව ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.යූ. තෙලිසිංහ සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට අවබෝධ වූහ. මක්නිසාද මෙම මරණය සම්බන්ධයෙන් ඉතිරි වන එකම සාක්ෂිය අධිකරණ වෛද්‍ය වාර්තාව පමණක් වන නිසාය.

    මේ සියලු කාරණා පිළිබඳව සිය අවධානය යොමු කරමින් ඇගේ මෘතදේහය විච්ජේදනය කරනු ලැබුවේ අභ්‍යන්තර පරීක්ෂාවන් සඳහාය. මෙහිදී ඇගේ හිස කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

    ඇගේ හිසේ තුවාල තිබුණේ හිසේ පැත්තකිනි. එනම් හිසේ පිටුපස තුවාල තිබුණේ නැත. හිසේ තිබූ තුවාලවල තැලීම් සහ අස්ථි භග්න දක්නට ලැබිණි. හිස් කබල බිඳී තිබිණි. මොළයට දැඩි සේ හානි සිදුවී තිබුණි. එනම් මොළයේ මරණීය තුවාල දක්නට ලැබිණි.

    ඇගේ තුවාලවල ස්වාභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් සිදුවී තිබෙන බව පෙනිණි. ඇගේ හිසේ තුවාල අත් පාවල දැකිය හැකිව තිබූ තුවාල තවදුරටත් සියුම්ව විශ්‍ලේෂණය කිරීමේදී වාහනයක හැපීමෙන් පසුව වැටීමෙන් සිදු වූ තුවාලවලට එය අනුරූප විය. තුවාලවල ස්වභාවය සහ තුවාල පිහිටි ස්ථාන අනුව වාහනයෙන් තල්ලු කිරීමෙන් හෝ පැනීමෙන් සිදු වූ බවක් පෙනෙන්නේ නැත.

    මේ අනුව අවසානයේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් හිස තුවාල වී මොළයට මරණීය තුවාල සිදුවී රමණි බර්තොලමියුස්ගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරු නිගමනය කළහ.

    අධිකරණ වෛද්‍ය වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කළේය. ඇගේ පෙම්වතා වූ ජනප්‍රිය නළුවා ‍පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඒ අනුවය.
    එහෙත් ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන්ද පැහැදිලි විය.

    මෙහිදී සිදුවූවා යැයි අනුමාන කළ හැකි එකම මතය වන්නේ යම් කලහකාරී සිදුවීමකින් පසුව ජනප්‍රිය නළුවා ආපසු යෑමට සැරසීමේදී ඇය ධාවනය වූ රථයේ එල්ලීමෙන් බිමට වැටී තුවාල වූ බවය. ඔහු ලබාදී තිබූ කටඋත්තරය වූයේද එයමය. එය අධිකරණ වෛද්‍ය වාර්තාව සමග සැසඳී තිබුණි. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව රථයේ එල්ලීමේදී බිමට වැටුණා මෙන්ම වාහනයේ හැපීමෙන් බිමට වැටුණා විය හැකිය.

    එහෙත් ඇයව ඇගේ පෙම්වතා මරා දැමූ බවට විවිධ චෝදනා නැගෙන්නට විය. ඔහු අපරාධකරුවකු ලෙස හංවඩු ගැසෙන්නට විය. එසේ නම් ‍පොලිස් අත්අඩංගුවේ සිටි ඔහුට විරුද්ධව නඩු පැවැරිය යුතුය. නමුත් ඔහුට විරුද්ධව නඩු පැවැරීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබුණේ නැත. ඔහු මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට සාක්ෂි තිබුණේ නැත.

    මේ අනුව රමණි බර්තොලමියුස්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතාට නඩු පැවැරීම පිළිබඳව එවකට නීතිපතිවරයා වෙත යොමු විය. ඇත්ත වශයෙන්ම ඇගේ පෙම්වතා ඇයව මරා දැමීමේ ච්ෙතනාවක් තිබුණේ නම් ඔහුට ඇයව මග දමා පලා යා හැකිව තිබිණි. එහෙත් ඇයව රෝහලට රැගෙන ආවේ ඔහු විසිනි.

    ඊට අමතරව ඇගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේදීද තහවුරු වූයේ ඇයව වාහනයේ හැපීමෙන් බිමට වැටීමේදී තුවාල සිදුවී ඇති බවය. මෙම සියලු තොරතුරු සහ අධිකරණ වෛද්‍ය වාර්තාව අධ්‍යයනය කළ නීතිපතිවරයා ඇයව මරා දැමීමේ ච්ෙතනාවක් පෙම්වතාගේ සිතේ නොතිබුණු බව තීරණය කළේය.

    එබැවින් මෙය සාපරාධී ක්‍රියාවකින් සිදුවූ මරණයක් නොවන බවත් ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බවත් නිගමනය කළේය.
    එබැවින් ඇගේ පෙම්වතා නිදොස් පුද්ගලයෙක් බවට තීරණය විය. ‍පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු කිසිදු නඩුවකින් තොරව නිදහස් පුද්ගලයකු ලෙස යළි පැමිණියේය.

    රමණි බර්තොලමියුස් බොරැල්ල කනත්තේ හුදකලාවම සැතපුණාය.




    source
     
    • Like
    Reactions: DAMER and Anjulayr

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ela machan parana tele dramas thiyenam thawa daapan.

    Lahiru dahasak, manik nadiya gala basee, thawa oya wage hena tele drama set ekak thibba issara online balanna site ekaka. dan eh ekak wath na.. umbata hoyaganna puluwan unoth upload karapan. dan thiyena mala jaraawa dakkama wamane yanawa :baffled:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    යකෝ ඕකට හෙණ ගහන්න එපැයි මේ වගේ ලස්සන කෙල්ලෙක් මැරුවට:angry:

    Happala kiwwata machan emakai siddiya. Kamal mala panala gedharin yaddi kella car ekata naginna awith. Mu mulin ha kiyala nagiddi car eka addala. Ithin kella watila mala. Naduwa digata gihin kamal redi nathuwa hitiye
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ela machan parana tele dramas thiyenam thawa daapan.

    Lahiru dahasak, manik nadiya gala basee, thawa oya wage hena tele drama set ekak thibba issara online balanna site ekaka. dan eh ekak wath na.. umbata hoyaganna puluwan unoth upload karapan. dan thiyena mala jaraawa dakkama wamane yanawa :baffled:


    :yes:මැණික් නදිය නම් තියෙනවා.අප් කරලා ලින්ක් එක එවන්නම්.:)