නිවස_නම්_හරිම_ලස්සනයි . . . ඒත් . . .
නිවස නම් හරිම ලස්සනයි . . . ඒත් . . .
අද අඟහරුවාදා . . . මම උදෙන්ම අවදි වෙලා හොදට නාගෙන එහෙම ඔෆිස් එකට එන්න බස් එකට නැග්ගා . . . මම ඔෆිස් එකට එන්නේ ඔෆිස් ට්‍රාන්ස්පොර්ට් එකේ උනාට ගාළුපාරට බස් එකේ එන්න ඕනේ . . .
වෙනදා වගේම මම වෑන් එකේ වාඩි වෙලා අවට සිද්ධවෙන දෙවල් බල බල තමයි එන්නේ, සිංහලෙන්ම කිව්වොත් පාර දෙපැත්තෙ තියෙන ඕපාදූප බල බල තමයි එන්නේ . . .
වෙනදා වගේම ඉස්කෝලේ යන ළමයි, ඔෆිස් යන අයයි, පරේ රෙස් යන ප්‍රයිවට් බසුයි පහු කරගෙන යනවා, ඒ අස්සෙන් ලස්සනට හදපු ගෙවල් එහෙමත් තියෙනවා, වත්ත වටේටම තාප්පේ ගහලා ලස්සන ගෙට්ටුවකුත් දාලා ඒ ගෙවල් දැක්කම සමහර වෙලාවට අපි ජීවත් වෙන්නේ ගෙවල් වලද කියලත් හිතෙනවා . . . ඒ හැම ගෙයක්ම එකකට එකක් දෙවෙනි නැහැ . . . ඒ තරම් ලස්සනට ඒවා හදලා මෙන්ටෙන් කරගෙන යනවා . . . හැබැයි ඒ හැම ගෙදරකම වගේ වරදින්නේ නැති එකම දෙයක් තියෙනවා . . . ඒ තමයි ගෙට්ටුවේ හරි තප්පේ හරි එල්ලපු කුණු මල්ල . . .
ඒ ගෙවල් කොච්චර ලස්සනට තිබුනත් වැඩක් නැහැ . . . අර කතාවක් තියෙන්නේ "කිරි කලේට ගොම බිංදුවක් වැටුනා වගේ" කියලා . . අන්න ඒ වගේ ගේ ඉස්සරහා බල්ලො පොරකකා, කපුටො කෑගගහා අඳින විනිව්ද පෙනෙන මළුවල දමා ඇති මේ කසල දකින කාටත් ඇති වන්නේ අප්‍රසන්න බවකි . . . ගේ දොර කොච්චර ලස්සනට තිබුනත් වැඩක් නැහැ අනිවා ඒ දුඟද හමන කසල මළු දකින කාටත් "චික්" කියන වචනෙත් එක්කම කෙල පිඩක් බිම හෙලන එක අනිවාර්යෙන්ම සිද්ධවෙන දෙයක් . . .
හැමදාම මේ ගැන ත්‍රෙඩ් එකක් ලියන්න ඕනේ කිය කිය හිත හිත ඉන්නවා දැන් මාස ගානක ඉදන් . . . එත් එකට වෙලාවක් හම්බ උනේ නැහැ . . .
ඇත්තටම රාජකාරි වැඩක් සඳහා දැනට ටික කලකට ඉහත මට රත්මලාන අවට ගෙවල් කිහිපයකට යන්න සිද්ධ උනා . . . ඉතාම නවීනපන්නයට නිම වුන ඒ ගෙවල් වලට මා ඇතුළු වීමට ගෙට්ටුවේ විදුලි සීනුව නාද කලේ එක අතකින් නාසය වසාගෙන කිව්වොත් සමහර විට ඔබ පිලිගන්න එකක නැහැ . . . කුණු ලොරිය එනතුරු ගෙදර ගෙට්ටුවේ හෝ තාප්පයේ එල්ලා තිබෙන මේ කුණු මල්ල සමහර විට දවස් දෙක තුනකට වඩා පරණයි . . .
මේ මිනිස්සු ජීවත් වෙන්නේ සීමිත ඉඩ කඩක, ඉතින් නිවසේ පිටුපසින් ඉවත් කරන කැලි කසල අනිවාර්යෙන්ම ගෙවත්තෙන් පිට කල යුතුමයි . . . එත් . . . නිවසින් බැහැර කරන මේ අපද්‍රව්‍ය තාප්පයේ හෝ ගෙට්ටුවේ එල්ලා තබනවාට වඩා වෙනත් විකල්පයක් මේ අයට ඇත්තෙම නැද්ද ? මෙසේ එල්ලා තබන කසල නිසා ඔබගේ නිවසේ සහ ගෙවත්තේ සිරි අසිරිය ඔබ නොදැනීම විනාශ වනවා වගේම ඔබගේ සෞඛ්‍යය තත්වයද ඔබට නොදැනීම පිරිහීමට ලක් වෙයි . . .
කැලි කසල මෙසේ එල්ලා තබනවාට වඩා මෙ සඳහා පියනක් සහිත තරමක් විසාල ප්ලාස්ටික් බදුනක් ඔබට භාවිතයට ගන්න පුළුවන් . . . එහෙමත් නැතිනම් නිවාස කිහිපයක් සඳහා මෙම ප්ලාස්ටික් බඳුන් ක්‍රමය පවත්වාගෙන යාමට ඔබටත් සංවිධානය වෙන්න බැරි ඇයි . . .
නිවාස කිහිපයක් එකතු වී තම ප්‍රදේශයට අයත් කසල ප්‍රතිචක්‍රීකරන ආයතනයට ලිඛිතව ඉල්ලීමක් කලොත් මම හිතන්නේ ඔබට නිවාස එකක කිහිපයක් සඳහා විසාල කසල බදුන් ලබා ගැනීමට හැකියාවක් ඇත . . . දිරන, වීදුරු, ප්ලාස්ටික්, යකඩ අදී වශයෙන් එම බඳුන් ප්‍රතිචක්‍රීකරණයට පහසු වන ලෙස වර්ගීකරණය කර වෙන වෙනම නම් කරන්න . . . හැබැයි ඉතින් ඒ බඳුන් ලබා ගත්තට විතරක් මදි සතියකට වතාවක්වත් එම බඳුන් සොදා පිරිසිදු කිරීමට වග බලා ගත යුතුය . . . ඒ සඳහා එක් එක් සතියක් තුල එම බඳුන එම කසල බඳුනට අදාල නිවාස එකක අසල තැබිය යුතුය. ඒ සතිය අවසානයේ ඊලගට කසල බඳුන තැබිය යුතු ස්ථානය අසල නිවසේ සිටින අය එම බඳුන සෝදා තැබිමට වග බලා ගත යුතුය . . . දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ මොන පිස්සු වැඩක්ද කියලා . . . මම නම් හිතන්නේ තප්පේ හරි ගෙට්ටුවේ හරි කුණු බෑග් එල්ලලා තියෙනවාට වඩා මේ ක්‍රමය ශිෂ්ඨසම්පන්නයි . . .
ඉතා විශාල ලෙස ධනය සහ ශ්‍රමය වැය කොට නිවස අලංකාර කරගන්න ඔබට නිවිසැනසිල්ලේ ජීවත් වීමටයි, එහෙත් ඔබගේ නිවෙස ඉදිරිපිට කසල මල්ලක් එල්ලා ඔබට ඔබගේ නිවසේ සහ ගෙඋයනේ අලංකාරවත් බව ගැන සෑහීමකට පත්විය හැකිද ? සමහර විට ඔබත් දැන දැන හෝ නොදැන මේ වරද සිදුකරනවා විය හැකිය . . . එසේ නම් හැකි ඉක්මනින් ඔබ කරනා මේ අනුවන ක්‍රියාව අත්හරින්න . . . ඔබට හැකි නම මා කලින් පැවසූ බඳුන් ක්‍රමයට මාරු වන්න . . . එය ඔබ විසින් ඔබගේ මතු පරපුරට දෙනු ලබන මහගු ආදර්ශයකි . . .
ස්වයං නිර්මාණයකි . . .