නිවස_නම්_හරිම_ලස්සනයි . . . ඒත් . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නිවස_නම්_හරිම_ලස්සනයි . . . ඒත් . . .

    නිවස නම් හරිම ලස්සනයි . . . ඒත් . . .

    අද අඟහරුවාදා . . . මම උදෙන්ම අවදි වෙලා හොදට නාගෙන එහෙම ඔෆිස් එකට එන්න බස් එකට නැග්ගා . . . මම ඔෆිස් එකට එන්නේ ඔෆිස් ට්‍රාන්ස්පොර්ට් එකේ උනාට ගාළුපාරට බස් එකේ එන්න ඕනේ . . .

    වෙනදා වගේම මම වෑන් එකේ වාඩි වෙලා අවට සිද්ධවෙන දෙවල් බල බල තමයි එන්නේ, සිංහලෙන්ම කිව්වොත් පාර දෙපැත්තෙ තියෙන ඕපාදූප බල බල තමයි එන්නේ . . .

    වෙනදා වගේම ඉස්කෝලේ යන ළමයි, ඔෆිස් යන අයයි, පරේ රෙස් යන ප්‍රයිවට් බසුයි පහු කරගෙන යනවා, ඒ අස්සෙන් ලස්සනට හදපු ගෙවල් එහෙමත් තියෙනවා, වත්ත වටේටම තාප්පේ ගහලා ලස්සන ගෙට්ටුවකුත් දාලා ඒ ගෙවල් දැක්කම සමහර වෙලාවට අපි ජීවත් වෙන්නේ ගෙවල් වලද කියලත් හිතෙනවා . . . ඒ හැම ගෙයක්ම එකකට එකක් දෙවෙනි නැහැ . . . ඒ තරම් ලස්සනට ඒවා හදලා මෙන්ටෙන් කරගෙන යනවා . . . හැබැයි ඒ හැම ගෙදරකම වගේ වරදින්නේ නැති එකම දෙයක් තියෙනවා . . . ඒ තමයි ගෙට්ටුවේ හරි තප්පේ හරි එල්ලපු කුණු මල්ල . . .

    01-56.jpg


    ඒ ගෙවල් කොච්චර ලස්සනට තිබුනත් වැඩක් නැහැ . . . අර කතාවක් තියෙන්නේ "කිරි කලේට ගොම බිංදුවක් වැටුනා වගේ" කියලා . . අන්න ඒ වගේ ගේ ඉස්සරහා බල්ලො පොරකකා, කපුටො කෑගගහා අඳින විනිව්ද පෙනෙන මළුවල දමා ඇති මේ කසල දකින කාටත් ඇති වන්නේ අප්‍රසන්න බවකි . . . ගේ දොර කොච්චර ලස්සනට තිබුනත් වැඩක් නැහැ අනිවා ඒ දුඟද හමන කසල මළු දකින කාටත් "චික්" කියන වචනෙත් එක්කම කෙල පිඩක් බිම හෙලන එක අනිවාර්යෙන්ම සිද්ධවෙන දෙයක් . . .

    හැමදාම මේ ගැන ත්‍රෙඩ් එකක් ලියන්න ඕනේ කිය කිය හිත හිත ඉන්නවා දැන් මාස ගානක ඉදන් . . . එත් එකට වෙලාවක් හම්බ උනේ නැහැ . . .

    ඇත්තටම රාජකාරි වැඩක් සඳහා දැනට ටික කලකට ඉහත මට රත්මලාන අවට ගෙවල් කිහිපයකට යන්න සිද්ධ උනා . . . ඉතාම නවීනපන්නයට නිම වුන ඒ ගෙවල් වලට මා ඇතුළු වීමට ගෙට්ටුවේ විදුලි සීනුව නාද කලේ එක අතකින් නාසය වසාගෙන කිව්වොත් සමහර විට ඔබ පිලිගන්න එකක නැහැ . . . කුණු ලොරිය එනතුරු ගෙදර ගෙට්ටුවේ හෝ තාප්පයේ එල්ලා තිබෙන මේ කුණු මල්ල සමහර විට දවස් දෙක තුනකට වඩා පරණයි . . .

    02-55.jpg


    මේ මිනිස්සු ජීවත් වෙන්නේ සීමිත ඉඩ කඩක, ඉතින් නිවසේ පිටුපසින් ඉවත් කරන කැලි කසල අනිවාර්යෙන්ම ගෙවත්තෙන් පිට කල යුතුමයි . . . එත් . . . නිවසින් බැහැර කරන මේ අපද්‍රව්‍ය තාප්පයේ හෝ ගෙට්ටුවේ එල්ලා තබනවාට වඩා වෙනත් විකල්පයක් මේ අයට ඇත්තෙම නැද්ද ? මෙසේ එල්ලා තබන කසල නිසා ඔබගේ නිවසේ සහ ගෙවත්තේ සිරි අසිරිය ඔබ නොදැනීම විනාශ වනවා වගේම ඔබගේ සෞඛ්‍යය තත්වයද ඔබට නොදැනීම පිරිහීමට ලක් වෙයි . . .

    කැලි කසල මෙසේ එල්ලා තබනවාට වඩා මෙ සඳහා පියනක් සහිත තරමක් විසාල ප්ලාස්ටික් බදුනක් ඔබට භාවිතයට ගන්න පුළුවන් . . . එහෙමත් නැතිනම් නිවාස කිහිපයක් සඳහා මෙම ප්ලාස්ටික් බඳුන් ක්‍රමය පවත්වාගෙන යාමට ඔබටත් සංවිධානය වෙන්න බැරි ඇයි . . .

    06-33.jpg


    නිවාස කිහිපයක් එකතු වී තම ප්‍රදේශයට අයත් කසල ප්‍රතිචක්‍රීකරන ආයතනයට ලිඛිතව ඉල්ලීමක් කලොත් මම හිතන්නේ ඔබට නිවාස එකක කිහිපයක් සඳහා විසාල කසල බදුන් ලබා ගැනීමට හැකියාවක් ඇත . . . දිරන, වීදුරු, ප්ලාස්ටික්, යකඩ අදී වශයෙන් එම බඳුන් ප්‍රතිචක්‍රීකරණයට පහසු වන ලෙස වර්ගීකරණය කර වෙන වෙනම නම් කරන්න . . . හැබැයි ඉතින් ඒ බඳුන් ලබා ගත්තට විතරක් මදි සතියකට වතාවක්වත් එම බඳුන් සොදා පිරිසිදු කිරීමට වග බලා ගත යුතුය . . . ඒ සඳහා එක් එක් සතියක් තුල එම බඳුන එම කසල බඳුනට අදාල නිවාස එකක අසල තැබිය යුතුය. ඒ සතිය අවසානයේ ඊලගට කසල බඳුන තැබිය යුතු ස්ථානය අසල නිවසේ සිටින අය එම බඳුන සෝදා තැබිමට වග බලා ගත යුතුය . . . දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ මොන පිස්සු වැඩක්ද කියලා . . . මම නම් හිතන්නේ තප්පේ හරි ගෙට්ටුවේ හරි කුණු බෑග් එල්ලලා තියෙනවාට වඩා මේ ක්‍රමය ශිෂ්ඨසම්පන්නයි . . .

    ඉතා විශාල ලෙස ධනය සහ ශ්‍රමය වැය කොට නිවස අලංකාර කරගන්න ඔබට නිවිසැනසිල්ලේ ජීවත් වීමටයි, එහෙත් ඔබගේ නිවෙස ඉදිරිපිට කසල මල්ලක් එල්ලා ඔබට ඔබගේ නිවසේ සහ ගෙඋයනේ අලංකාරවත් බව ගැන සෑහීමකට පත්විය හැකිද ? සමහර විට ඔබත් දැන දැන හෝ නොදැන මේ වරද සිදුකරනවා විය හැකිය . . . එසේ නම් හැකි ඉක්මනින් ඔබ කරනා මේ අනුවන ක්‍රියාව අත්හරින්න . . . ඔබට හැකි නම මා කලින් පැවසූ බඳුන් ක්‍රමයට මාරු වන්න . . . එය ඔබ විසින් ඔබගේ මතු පරපුරට දෙනු ලබන මහගු ආදර්ශයකි . . .

    ස්වයං නිර්මාණයකි . . .


    ghghg-3.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හොද අදහස මචන්. ඔය ප්‍රශ්නය දැන් ගොඩක් තැන වල තියනවා. නමුත් ඕක ක්‍රියාවට නංවන්න ගියාම තමා ප්‍රශ්නය එන්නේ. මොකද කුණු දාන්න ඕන තරම් කට්ටිය එයි, හැබැයි ඕක හෝදලා දාන්න නම් එකෙක්වත් හොයාගන්න බැරි වෙයි.:)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හොදයි එත් සමහර එව ප්‍රයෝගික නෑ මොකද මේක ලංකාවනේ .

    මොකද බන් ප්‍රායෝගික නැත්තේ. මෙතන තියෙන්නේ ප්‍රායෝගික නැතිකම නෙමෙයි මචන්. අපේ මිනිස්සුන්ගෙ උවමනාවක් නැතිකම . . . :dull:

    ගෙට්ටුවේ හරි තාප්පේ හරි කුණු එක එල්ලලා තියෙන එකද මචන් එතකොට ප්‍රායෝගික . . . . :oo:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    owa ban mulaka indan hedenna oni dewal...:)
    den hithapanko housing scheme ekak kiyala..oke eka eka panaye minissune inne....ekekhari innawa harak weda karana...anik hemoma honda widiyata pirisidukama gena hithala kunu ekathu kala kiyamuko...aru uta oni kamak nethi nisa ekko nikanma silimalu wala dala kunu tika eliya danawa..ithin ballo ewith edala danawa..:)

    owa minissungenma hedenna oni dewal mulaka indanma..:)
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මචන් මම උඹගෙ අදහසට සම්පූර්නයෙන්ම එකඟයි. ඒත් ලංකාවෙ ඔය වගේ ප්ලාස්ටික් ටබ් එකක දාලා කුනු දැම්මොත් ගොඩක් වෙලාවට කුඩ්ඩො ටබ් එක හොරකම් කරයි.....නැත්නම් කුනු ගෙනියන xxx පුතාලා ටබ් එකත් එක්කම ට්‍රැක්ටරේ පටවගෙන යයි.....මේක ලංකාව බන්.....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මම උඹගෙ අදහසට සම්පූර්නයෙන්ම එකඟයි. ඒත් ලංකාවෙ ඔය වගේ ප්ලාස්ටික් ටබ් එකක දාලා කුනු දැම්මොත් ගොඩක් වෙලාවට කුඩ්ඩො ටබ් එක හොරකම් කරයි.....නැත්නම් කුනු ගෙනියන xxx පුතාලා ටබ් එකත් එක්කම ට්‍රැක්ටරේ පටවගෙන යයි.....මේක ලංකාව බන්.....

    හරියටම හරි කතාව බන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳ අදහසක් ඒත් හෝදන කේස් එක නිසා ප්‍රායෝගික මදි,, ඒ වුනාට මම මගේ අදහස කියන්නම්, මචන් එකක් තිබ්බම හොඳටම ඇති, හුඟක් වෙලාවට ගෙවල් වල නොදිරන ද්‍රව්‍ය හැමදාම අයින් කරන්න වෙන්නෙ නෑ, ඒ නිසා සතියට එක දවසක් නොදිරන දේවල් අයින් කරලා අනිත් දවස් හයේම දිරන කසල අයින් කරන එක තමයි හොඳම ක්‍රමේ, එතන ඔය වගේ බාස්කට් එකක් හැම ගෙදරකම තියෙන්න ඕන, අනික බාස්කට් එකට නිකන් කුනු දාන්නෙ නෑ, කෙලින්ම ගාර්බේජ් බෑග් එකක් දාලා ඊටපස්සෙ ඒකට කුනු දානවා, එතකොට එතනදි පටවන් යන එවුන්ට ගාර්බේජ් බෑක් එක ගලවගෙන අරන් යන්න පුලුවන්, ලේස්යි, බකට් එක ගෙනියන්න දෙන්නත් ඕන නෑ,, බාස්කට්, ගාර්බේජ් බෑග් විකුනල නගර සභාවටත් ගානක් හොයන්න පුලුවන්:P:Pහෝදන කතාවකුත් නෑ,කොටින්ම කේඑෆ්සී එකේ කුනු අයින් කරන්නෙත් මෙහෙමයි:rofl:

    06-33.jpg