කවුද දන්නේ නිරෝෂා විරාජිනී ගේ
පුන් සද රෑට ඇවිදින් හේනේ සින්දුවේ තේරුම
මල් පිපුනාට ගෙඩි නැහැ තාම-නිරෝෂා දැන් හතරවෙනි විවාහයත් කරගත්තනෙ ඒත් තවම මල් විතරයි බබාලා නැහැලු...!



(bump ela thred ekak)
කවුද දන්නේ නිරෝෂා විරාජිනී ගේ
පුන් සද රෑට ඇවිදින් හේනේ සින්දුවේ තේරුම



තොත්ත බබා;11417334 said:මේකෙ කියන්නෙ එකම ගෑණුළමයව දෙන්නෙක් දැකපු විදිහක්..
එක්කෙනෙක් දකිනව ගිණි මලක් ( රාගික ) විදිහට
අනික් කෙනා ඒ ළමයවම දකින්නෙ පුර හඳක් වගේ සෞම්‍ය විදිහට
එක එකා බලන විදිහනෙ ඉතිං![]()
![]()
meka kohomada

![]()
මට හිතෙන විදිහට මේක වෙනස් දෙයක් මචං......
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ.....
ගිණි හිරු පායා සොමි සඳ බැසලා....
මගෙ ලොව එලිය වෙලා...
මේකෙ ගිණි හිරු කියන්නේ මචං මම හිතන විදිහට කෙල්ලට.
මේ ටිකේ තේරුම රෑ වෙනවට කොල්ලා කැමති නෑ....
මොකද කෙල්ලව දාල යන්න වෙන නිසා....
දෙවෙනි එකෙන් කියන්නෙ දැන් රෑ වෙලා නිසා ඇය නිදියගෙන ඉන්නේ....
කොල්ලා සොකෙන් ඉන්නෙ කෙල්ල නැති නිසා
හිරු මා දැව්වත් මා ලද උණුස්ම අමතක කරන්න බෑ....
කෙල්ලගෙන් ලැබුන ආදරය ගැන තමා කියන්නේ......
superb
![]()
Hondada nam danne na...
කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සීල මුදුනත සිටියද
මහද ගිනි ගනී
ගිම්හානය පැමිණේ එක් තැනම
නොම රැදී
පැමිණෙන දුක් පැණි රස බව
නොසිතුනිද ළදේ
සඳ නොදන්නා නමුදු සඳට
එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට
සෙවන මම වෙමි
සෙනෙහස හද තුල උතුරා
ගලනු දැනී දැනී
තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගගක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැදී
මගෙත් දෙපා සිපගනු මැන
සිහිල සිතට දී
පද රචනය: ප්‍රේම කීර්ති ද අල්විස්
සංගීතය: මර්වින් පෙරේරා
ගායනය: මර්වින් පෙරේරා
අද සමාජයේ බොහෝ පෙම්වතියන්, තමන්ගේ පෙම්වතුන් තොරා ගන්නේ ඔහුගේ වත්කම් ගැන තකීමෙන් පමණක් බව බොහෝ අවස්ථාවන් වලදී අපට පෙනෙන්නට තිබේ. නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන් අමතක කර සිටින්නේ, වත්කම් යන්න අස්ථීර දෙයක් බවයි. මෙමෙ ගීතයෙන් කියැවෙන්නේ, එසේ බොරු ආලයකින් සිත බිදී තනිව මේ සමාජයේ වෙසෙන කාන්තාවකට ස්ථීර ආලයකින් වේලි සිටි අයගේ කලින් පෙම්වතා අයට නොදැනෙන්නට අයට උදව කරන ආකාරයකි.
මෙහි මුල් පද කීපයෙන් මේ කවියා කියන්නේ, ඔහු අද කොය් තරම් සමාජයේ ඉහළින් සිටියත් ඔහුට ඔහුගේ පරණ පෙම්වතිය කාන්තාරයක තනිවී යන ගමන දැක ඔහුගේ හදවත පෑරුණු අකරයය්. ඔහුගේ පෙම්වතිට ඔහු අනුකම්පා කරන අතරම ඔහු අවවාදයක් සමගින් ඇය ඔහුට අත් කල දරුණු වේදනාව ගැන මතක කර දෙය. ඔහු පවසන්නේ ගිම්හානය මගේ ලොවට එදා නොඅවා කියා මා දමාගිය පෙම්වතියට, ගිම්හානය හැමදාම එකතැනක නොරැදී අද ඔහු ලඟට පැමිණි බවකි. ඔහු ඇගෙන් විමසන්නේ ඇය් ඔබේ නොසිතුවේ පැමිණෙන දුක් කරදර වලින් ඔහු උගත් පාඩම ගැන, ඔබ එදා සිතුවේ ඔහුගේ පරාජය මිස ඔහු ඒ පරාජයෙන් ලැබූ දේ නොවේ, ඒ පරාජය පමනය්.
දෙවන පද පේලියෙන් කියවෙන පරිදි, ඇය එදා සඳට පෙම් බැන්දද, ඒ සඳට එලිය දෙන්නේ හිරු බව අයට අමතක වී ඇති බවකි. ඒ ලෙසම ඔබට නොදැනෙන්න මා හැමදාම ඔබට සේවනේල්ලක් මෙන් ඔබ පහු පසින්ම සිටිමි. මා අද විවාහකයෙක්මි, කුල සිරිත් වලට අනුව අද මට ඔබ එදිරියට පැමිණ උදව කල නොහැක. මා හට ඒ කුල සිරිත් බිඳ දමන්නට නොහැක, එමෙන්ම මට ඔබව තනි කල නොහැක. ඔබ මට අත් කල ඒ දරුණු වේදනාව අමතක කර අද මම ඔබ වෙනුවෙන් ඔබේ පසුපසින් සිටිමි. ඔබේ සාර්ථකත්වය දැක මම නිහඩවම සිනාසෙනු හැර මට වෙන කිසිවක් කල නොහැක. නමුත් ඔබට මේ කාන්තාරයේ ගමනට මා එක හිතින්ම, ඔබට නොපෙනෙන ලෙස උදව කරමි.
සත්‍ය ප්‍රේමයක විරහව විඳින සබැ පෙම්වතකුගේ හිතේ ඇතිවන හැගීම එතමත් උත්තරීතර යය මට හැඟෙ. ඇය ඔහුට මොන තරම් හිරිහැර කරත්, ඔහුට කොතරම් ගරහුවත්, මේ පෙම්වතා ඒ සියල්ලම උපේක්ෂාවෙන් වින්ද දරාගෙන ඇය වෙනුවෙන් පෙනීසිටින බව බෝදිසත්ව ගතියක් නොවෙදය් මට සිතේ.
විශාල ගසක මල් නොපිපෙනවා නම් ඒ ගසෙන් පලක් නොමැත. අපේ මුවේ දත් තිස් දෙකක් කුමකටද අපිට සිනා සෙන්නට වත නොහැකි නම්. එදා ඔබ විශාල දේවල් පසු පස ලුහුබැඳ ගියා. මා ඒ ඔබ සෙවූ පරිදි සියලු වත්කම් වලින් පරිපුර්ණ කෙනෙක් නොවුවත්, අද මා මේ සමාජයේ හොඳ ස්ථාවරයක සිටිමි. මේ සමාජයේ මිනිසුන්ට වත්කම් තියෙන්නට පුළුවන්, නමුත් දත් තිස් දෙක පෙන්වා වත සිනා සෙන්න පුළුවන් මිනිස්සු අද සමාජයේ සොයාගැනීම පහසු නොවේ. ඔබ වෙනුවෙන් මා කල ඒ කැප කිරීම්, මා ඔබ වෙනුවෙන් ඒ කල ආලය, එදා ඔබට මදි උනා විය හැක.
ඔබට මම සද ආලය කරමි. මේ සංසාරයේ කටුක තැන් මගහරිමින්, ගගක් ලෙස ගලාගෙන මා වෙතට කෙදිනක පැමිණ, මගේ ඒ ගිනිගත්, පරුනු හදවත සුවපත් කරන මෙන් මා එල්ල සිටිනවා. ඒ සැබෑ ප්රෙමවන්තයගේ ආලයට හිමි තැන ලබා දෙනමෙන් මා එල්ල සිටිනවා.
ප්‍රේම කීර්ති ද අල්විස්, ශ්‍රී ලංකාවේ මෙතෙක් පහල වූ විශිටම පද රචකයා බව, අවිවෙදත්මක කරුණක. ඔහුගේ ගීත බොහොමයක් සැබෑ ජීවිතයේ සංසිද්දීන් හා බැඳී පවතී. ඔහුගේ ඒ ගීත මගේ සිතින් විවරණය කරන්නට මා සුදුස්සෙකු නොවේ, නමුත් මෙය කියවා කිසියම් කෙනෙක් මේ ගීතය රස විදි නම් එයය් මා බලාපොරොත්තු වන එකම සතුට.

superb
![]()
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ.....
ගිණි හිරු පායා සොමි සඳ බැසලා....
මගෙ ලොව එලිය වෙලා...
මචන් මෙතන සඳ සහ හිරු කියන්නේ කෙල්ලෝ දෙන්නෙක්.
කොල්ල සඳට උපමා කරලා තියෙන කෙල්ලට ඉස්සර සැහෙන්න try කරල. එත් ඒ කාල ඒ කෙල්ල කැමති වෙලා නැහැ ඊට පස්සේ හිරුට උපමා කරලා තියෙන කෙල්ල කොල්ලගේ පස්සෙන් ඇවිත් යාලු වෙලා තියෙනව. (සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ.....)
එත් දැන් අනිත් කෙල්ලත් එනවලු කොල්ලගේ පස්සෙන් කොල්ල දෙවැනි කෙල්ලත් එක්ක හොඳින් ඉද්දි.. (සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ)
දෙවැනි පද හතරෙ ඔබ කියන්නේ සඳට උපමා කරපු කෙල්ලට.
හිරු මා දැව්වත් මා ලඳ උණුසුම අමතක කරන්න බෑ.
dial එක ඉස්සෙල්ල බැස්සේ සඳට නිසා දෙවැනි කෙල්ලගේ අඩුවක් පේනවා ඇති එකී එයාව හිරුට උපමා කරල තියෙන්නේ.
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ.....
ගිණි හිරු පායා සොමි සඳ බැසලා....
මගෙ ලොව එලිය වෙලා...
මචන් මෙතන සඳ සහ හිරු කියන්නේ කෙල්ලෝ දෙන්නෙක්.
කොල්ල සඳට උපමා කරලා තියෙන කෙල්ලට ඉස්සර සැහෙන්න try කරල. එත් ඒ කාල ඒ කෙල්ල කැමති වෙලා නැහැ ඊට පස්සේ හිරුට උපමා කරලා තියෙන කෙල්ල කොල්ලගේ පස්සෙන් ඇවිත් යාලු වෙලා තියෙනව. (සිතේ... දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ.....)
එත් දැන් අනිත් කෙල්ලත් එනවලු කොල්ලගේ පස්සෙන් කොල්ල දෙවැනි කෙල්ලත් එක්ක හොඳින් ඉද්දි.. (සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ)
දෙවැනි පද හතරෙ ඔබ කියන්නේ සඳට උපමා කරපු කෙල්ලට.
හිරු මා දැව්වත් මා ලඳ උණුසුම අමතක කරන්න බෑ.
dial එක ඉස්සෙල්ල බැස්සේ සඳට නිසා දෙවැනි කෙල්ලගේ අඩුවක් පේනවා ඇති එකී එයාව හිරුට උපමා කරල තියෙන්නේ.
ehema baluwot ekat harine machan![]()