දෙය්යෝ සාක්කි ..........ලන්කාදීපෙන්
දෙය්යෝ සාක්කි ..........ලන්කාදීපෙන්
**************පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
පසුගිය දිනෙක පසවරුවේ කොළඹ කොටුව දුම්රියස්ථානයේදී මෙසේ ප්රචාරය කෙරිණි. ”පළමුවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ මරදාන, දෙමටගොඩ, කැලණිය, රාගම. රාගම සිට හලාවත දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.” දුම්රියට බොහෝ පිරිසක් ගොඩවූ අතර ස්වල්ප වේලාවකින් දුම්රිය හලාවත බලා පිටත්විය. මරදානට ළඟාවූ එය පසුව දෙමටගොඩට පැමිණ වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.
දුම්රිය කැලණියට ළංවන විට අසුන්වලින් නැගිට ගත් කිහිප දෙනෙක් බැසීමට සූදානම්වී සිටියත් දුම්රිය කැලණියේ නොනවත්වමින් ඉදිරියටම ගමන් කරන්නට විය. මෙය දුටු දුම්රියෙන් බැසීමට සිටි මඟීන් සහ දුම්රියට ගොඩවීමට බලාපොරොත්තුවෙන් වේදිකාවේ සිටි මඟීන් කෑ ගසන්නට වූහ. දුම්රිය ඈතට ගොස් නවත්වන ලද අතර මඟීන් දුම්රියෙන් බැස ගත්තේ ඉතාමත් අසීරුවෙනි. සාරියකින් සැරසුණ තරබාරු කාන්තාවක් පිරිමියකු විසින් ඔසවා අපහසුවෙන් බිම තැබුවත් දෙදෙනාම බිම ඇද වැටුණි. කාන්තාව දුම්රිය රියදුරාගේ මව මතක් කරමින් බෙරිහන් දෙන්නට වූවාය. විනාඩි කිහිපයකින් දුම්රිය පසුපසට ධාවනය වී කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වු විට මඟීහු දෙස් දෙවොල් තබමින් එයට ගොඩවූහ. මඟීන් පුදුමයට පත්වූයේ සැමදාම නවත්වන දුම්රිය එදින නොනැවත්වීම පිළිබඳවය. පොලී කාරයෙක් ඩ්රයිවර් මහත්තයා එනකන් ස්ටේෂමේ ඉඳලා තියනවා කව්දෝ පවසනු ඇසිණි. දුම්රිය නැවතත් ධාවනය වන්නට විය.*******************
බූරුපොළට ආ පොලිසියට බයේ බලූ කූඩුවකට පැනලා
බූරු පොළකට පොලිසිය කඩාවදිද්දී දුවන්නට වූ සැකකරුවකු කන්දකින් පහළට පනින අවස්ථාවේදී අසල නිවසක බලූ කූඩුවක වහලයට වැටී එය කඩා වැටී ඒ තුළ සිරවී සිටියදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
ප්රදේශයේ නමගිය බූරුපොළකි. පොලිසියට පැමිණිලි පිට පැමිණිලි ලැබෙන්නේ මෙයින් ජනතාවට කරදර බැවිනි. පොලිසිය නිතර කඩාවැදුනත් පිරිස පලා යන්නේ ඊට කලින් තොරතුරු ලැබෙන නිසාය.
මේ තත්ත්වය වළක්වන්නට ක්රියාත්මක වූ පොලිස් පිරිසක් හොර රහසේම කිසිවකුටත් නොදන්වා මේ බූරු පොළ වැටලූහ. පිරිසක් අත්අඩංගුවට පත් වෙද්දී තවත් පිරිසක් පලාගියේ පොලිස් පිරිස ප්රමාණවත් නොවූ බැවිනි. පලාගිය පිරිස අල්ලා ගැනීමට පොලිස් පිරිසෙන් කොටසක් ලූහුබඳිද්දී එක් තරුණයකු පොලිසියෙන් බේරෙන්නට කන්දකින් පහළට පැන්නේය.
ඔහු පහළින්වූ බලූ කූඩුවක වහලයද කඩාගෙන වැටී සිරවිය. මේ අනපේ්ක්ෂිත සිද්ධියෙන් කලබලයට පත් බල්ලා කූඩුව කඩාගෙන එළියට පැන බුරන්නට වූයේය. නිවෙස අයිතිකරු ශබ්දය බලන්නට ඇවිත් බල්ලා අල්ලාගත් අවස්ථවේ එහි කඩාවැදුණු පොලිස් පිරිස සැකකරු අල්ලා ප්රතිකාර ලබාදීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
නමගිය බූරු කප්පිතකු වූ ඔහුගෙන් බලූ කූඩුවෙත් බූරු පොළක් තිබුණාදයි අහද්දී දැන් මුවින් නොබැන ඉන්නේ පුරුද්ද අත්හරින්නට බැරි නිසාලූ.