පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම
පියුමි බොතේජු නිළියකි. සුන්දර කාන්තාවකි. ඇය හර්ෂ බුලත්සිංහල සමග විවාහ වන බවට කට කතා පැතිරිණි. එහෙත් පසුගිය දිනෙක ඇය විවාහ වුණේ වෙනත් අයකු සමගයි.
අප ඇය පිළිබඳව කතා කරන්නේ මේ කිසිවක් නිසා නොව, ඇය විවාහ වුණේ කොළඹ ගංගාරාම පන්සලේදී නිසා ය. එහෙත්, පන්සලකදී විවාහ වූ පළමු යුවල ඔවුහු නොවෙති.
නළුවකු වන අමිත්ත වීරසිංහ විවාහ වුණේ ජනාධිපති මන්දිරයේදී ය. එවකට පැවති ආරක්ෂක තත්වය නිසා ඔහු වැනි පුද්ගලයෙකුගේ විවාහ මංගල්‍යයට පැමිණීම අනතුරුදායක බැවින් 'උඹ මෙහේදි බැඳපන් කොල්ලෝ' යයි ජනාධිපතිතුමා යෝජනා කරන්නට ඇත.
රෙජිස්ට්‍රාර් සහ සාක්ෂිකරුවන් සිටිත් නම් හා වයස නිසි නම් ද, කලින් බැන්ද කසාදයක් තවමත් නීත්‍යනුකූල නැතිනම් ද යුවලකට ඕනෑ නම් අතුරක් උඩදී වුව කසා ද බැඳීමේ තහනමක් නැත.
පන්සලේදී කසාද බැඳීම පිළිබඳ අපේ කිසිදු විරෝධයක් නැත. අද කාලේ ඇතැම් පන්සල්වල සිදු වන දේ දෙස බැලූ විට යුවලක් විවාහ වීම සඳහා පන්සල තෝරා ගැනීම අහිංසක ක්‍රියාවකි. එහෙත්, මෙවැනි දේ සිදු වන වාතාවරණය සැකසෙන්නේ කුමන අන්දමින්දැයි විමසා බැලීම රසවත් ය.
කතෝලිකයන් සම්ප්‍රදායිකව ම විවාහ වන්නේ පල්ලියේදී ය. යුවලක් විවාහ කරවීම සඳහා අවශ්‍ය නීතිමය බලතල කතෝලික පූජකවරුන්ට තිබේ. එම බලතල පන්සල්වල හාමුදුරුවන්ට ද දෙන ලෙස ඇතැම් අය ඉල්ලා සිටිති. කතෝලික පූජකවරුන්ට රිය පැදවීමට බලපත්‍ර ලබා ගැනීමට ඇති අයිතිය තමන්ට ද ලැබිය යුතු බව ඇතැම් භික්ෂූහු ඉල්ලා සිටිති. මේ කිසිවකට අපේ විරුද්ධත්වයක් නැත.
මේ වෙසක් මාසයයි. බෞද්ධයෝ දැන් ක්‍රිස්තියානින් නත්තල් පත් යවන අන්දමින් ම වෙසක් පත් ද යවති. ක්‍රිස්තියානින් ගව ලෙන හදන අන්දමින් සල් උයන් ආදී සැරසිලි ද කරති. ක්‍රිස්තියානින්ගේ කැරොල් කොපි කරමින් භක්ති ගී සංදර්ශන පවත්වති. පෝ දා සිල් ගෙන පසුදා ද නිවාඩු බැවින් කා බී ඔලු බක්කන් හා චොකා බයිලා නටා ප්‍රීති වෙති.
19වන සියවස අගභාගයේදී බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම වැනි ව්‍යාපාරවල අනුග්‍රහයෙන් ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වූ සියුම් ප්‍රතිසංස්කරණය අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව දක්නට හැකි ලක්ෂණයක් වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණ ගෙඩි පිටින් ම බෞද්ධ සංස්කෘතියට එබ්බීමේ බලහත්කාරිත්වයක් එහි ඇති බවයි.
ක්‍රිස්තියානිය දෙස බලාගෙන බෞද්ධ සමාජය හැඩගැස්වීම කෙතරම් සියුම් අන්දමින් කර තිබේදැයි බැලීම සඳහා පැරණි සිංහල සාහිත්‍යයේ බෞද්ධයන් ආගම ඇදහූ අන්දම අධ්‍යයනය කිරීම හා වර්තමාන තත්වය සංසන්දනය කර බැලිය හැකි ය.
පන්සලේ කසාද බැඳීම බෞද්ධ සමාජය ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කිරීමේ උච්ච ස්ථානයකි. හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි බටහිරයන් විසින් මේ සඳහා මුල පුරා දෙනු ලැබූ අතර දැන් බෞද්ධයන්ට ඇන්දීම සඳහා මහන්සි වීමේ උවමනාවක් බටහිරට නැත. අන්න රෙද්ද කියා පෙන්නූ සැණින් එය කපාගෙන, මසාගෙන, ජනතාව ගොනාට අන්දා තමන්ට වාසි ලබා ගන්නට සමත් නායක පිරිසක් බෞද්ධයන්ට සිටිති. මොවුන්ගෙන් දැඩි ලෙස අනතුරට පත් වී ඇත්තේ සැබෑ බුද්ධ දේශනාවයි.
සම්ප්‍රදායික ආගමික සංස්ථාවෙන් තෘප්තිමත් නොවන කිතුණුවන් වෙනුවෙන් ඉවැන්ජලික සේවාවන් බිහි වද්දී ඒවා කොපි කරමින් ලංකාවේ ඇතැම් අසපු වාසී, දුඹුරු සළු අඳින, පවුඩර් ගණින්නාන්සේලා ඉවැන්ජලික බුද්ධාගමක් බිහි කරගෙන ඇත.
ආගම් අතර සංස්කෘතික හුවමාරුව කිසිවකුට වැළැක්විය නොහැකිය. ලංකාවේ ක්‍රිස්තියානිය ද බුදු දහමින් නොමඳ ආභාසයක් ලබා ඇත. අහිංසක ලෙස සිදු වන එවැනි සංස්කෘතික හුවමාරුවල කිසිදු වරදක් අපි නොදකිමු.
එහෙත් අප විරුද්ධ වන්නේ ඇතැම් බෞද්ධ නායකයන් මේ සියල්ල කරන්නේ ලංකාවේ සුළුතර ආගම් සතුරා කරගෙන, බිල්ලකු මවා පා ජනතාව බියවද්දමින් පටු පුද්ගල වාසි වෙනුවෙන් වීමටයි.
මේ වෙසක් සමයේ සැබෑ බෞද්ධයන්ට කළ හැකි කාර්යයක් වන්නේ සැබෑ බුද්ධ දේශනාව කුමක්දැයි සොයා බැලීමයි....
W3Lanka Dot Com
[/SIZE]

Code:
[SIZE=5]
http://www.w3lanka.com/2010/05/piyumi-botejus-wedding-in-temple-and.html