අපායේ ඔබේ තැන දැනගන්න

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපායේ ඔබේ තැන දැනගන්න

    මිනිස් ලොව පක්ෂින් අල්ලා මරන්නෝ

    මෙහි ගවි 03 ක් පමණ ශරිර ඇති සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට යමපල්පල්ලෝ නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිදිම සිදු කරණු ලබයි. එවා නැවත නැවතත් ලොහොදිය සැලියට දැමිමද සිදු කරයි.

    V96PIgx.jpg

    05kp0Vk.jpg


    මිනිස් ලොව අන් පුද්ගලයන් සතු දෑ රන් රිදී ආදියත්, මුදල් ආදියත්, වි සහල් ආදි භෝගත්, ගවයන් ආදි සත්ත්වයින්ද සොරකමි කර ජිවත් වු පවිකාරයෝ

    එහි යමපල්ලන් දුනු හි ආදිය ගෙන එම නිරයේ උපන් සත්ත්වයින් වටකොට, වනයේ වැද්දන් මුවන්ට විදින්නා වු ආකාරයෙන් ඔවුන්ට දුනු හිතල වලින් විද දමයි. මෙයින් ඔවුන්ගේ ශරිර සැම තැනම සිදුරැ වි තැන් තැන් වලින් පණුවන් කෑ කොල මෙන් වෙයි. සිදුරැ වි යයි

    niS4h4Z.jpg


    මිනිස් ලොව ඌරන්, එලුවන්, බැටලුවන්, ගවයන් හා වෙනත් සත්ත්වයින් මරා මස් විකුණා ජිවත් වු පුද්ගලයන්

    එහි යමපල්ලන් ගිනියමි වු යකඩ කඹ ගෙන, තුන් ගවි පමණ විශාල නිරිසත්ත්වයන්ගේ ගෙලට දමා, ඔවුන් ගිනියමි වු ලෝහ පොලවෙ පෙරලා ඔවුන්ගේ මස් කපති. මෙ කැපු මස් ගොඩ ගසති.

    csIwsJr.jpg


    මිනිස් ලොව අනුන්ට වද දුන් තැනැත්තන්ද, මිත්‍රයන්ට හිංසා කල තැනැත්තන්ද, අනුන්ගෙන් කාබී, ඔවුන්ගෙන් උපකාර ලබා, ඔවුන්ගේ නිවෙස්වලම වාසය කර, ඔවුන්ගේ ධනය පැහැරගන්නා හා වංචා කරණා මිත්‍රද්‍රෝහින්ද, අල්ලස් ගන්නන්ද මෙ ලොව අසුචි අනභව කරයි

    එහි දුමි දමමින් පැසෙන මලමුත්‍රා පිරි ඇත. අතිශය වු දුර්ඝන්ධය නිසා යොදුන් ගණනකට වුවද ලංවිමට අපහසුය. මෙහි කුසගින්නේ සිටින සත්ත්වයින්ට වෙනත් කිසිදු ආහාරයක් නැත. අධික වු කුසගින්න ඉවසිමට අපහසු වු මෙම සත්ත්වයින් දුමි දමමින් පැසෙන මෙම අසුචි ගුලිකර ආහාරයට ගනියි.

    fu91Azj.jpg


    මිනිස් ලොව මව හෝ පියා මරා ගිහිපරාජිකාපත්තියට පත් පාපියෝද, පුජා සත්කාර කිරිමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසු තැනැත්තෝද මෙම ‍නරකයේ ඉපිද කුණු ලේ සැරව පානය කරයි

    මෙහි කුණුවු ලේ සැරව පිරි විලක් ඇත. එහි දුගද ඉවසිය නොහැකි තරමිය. මෙම නරකයේ ඇති තද උශ්ණය නිසා හටගත් අධික පිපාසාව නිසා පානය කිරිමට අන් දෙයක් නොමැති වු මෙම නරකයේ උපන් සත්ත්වයෝ එම විලේ ඇති කුණු ලේ සැරව පාණය කරයි.

    tssaHLa.jpg


    මිනිස් ලොව බඩුමිල නියම කිරිමෙ තනතුර ලබා සිට අල්ලස්ගෙන වටිනා භාණ්ඩයන්ගේ මිල පහත හෙලන වංචාකාරයෝද, (හොර ටෙන්ඩර්කාරයෝ) අල්ලස් ගත්තෝද, කිරිමි මැනිමි වලදි අඩු වැඩි කොට හොරට කිරා, බොරැ චාටු වදන් වලින් ජනයා රවටා මුලා කොට මුදල්පැහැරගත් කපටි මුදලාලිලාත්,මෙම ගිනියමි වු කොකු දිවෙ අමුණන ලදුව දුක් විදියි

    එහි යමපල්ලන් තල කොටන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු බිලි කොකු ගෙන ඒවා සත්ත්වයින්ගේ දිවෙ අමුණා ගිණියමි වු යපොලවෙහි පෙරලා උල් වලින් අනියි. මෙම නිරිසතුන් කෙල පෙරමින් දගලයි.

    ySThCCt.jpg

    QiPoam8.jpg


    ආහාරපාන වස්ත්‍රාභරණ සපයා දි තමන් පෝෂණය කරන්නාවු ස්වාමිපුරැශයන් හැර වෙනත් පුරැෂයන් සතුටුකරන්නාවු හා ඔවුන් හා කමිරතියේ යෙදෙන ස්ත්‍රින් මෙම නරකයේ ඉපිද මෙසේ ඇඹරෙයි

    මෙහි, ස්ත්‍රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර

    අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි.

    budda_51.jpg


    මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්‍යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි

    මෙහි එක් පසක මහා ගිනි අගුරැ වලක් ඇත. යමපල්ලන් මෙහි උපන් සත්ත්වයින් විවිධ ආයුධ ගෙන අගුරැ වල තෙක් පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා මෙම අගරැ වලට දමනු ලබයි.

    Jpk9YqE.jpg


    පරලොවක් නැත, පින්පවි වල විපාකයක් නැත, යනාදි වශයෙන් තමාද මිත්‍යාදෘශ්ඨිය ගෙන අනුන්වද එම දෘශ්ඨිගැන්වු පාපියෝ

    මෙහි එක් පසක මහා ගිනි අගුරැ වලක් ඇත. යමපල්ලන් මෙහි උපන් සත්ත්වයින් විවිධ ආයුධ ගෙන අගුරැ වල තෙක් පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා මෙම අගරැ වලට දමනු ලබයි.








    තොරතුරු හා ඡායාරූප budurashmiya.net අඩවියෙන් උපුටාගන්නා ලදි
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    “කලෙකිනි බුදු කෙනෙකුන් උප දින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුරු ලන්නේ
    සුදනෙනි , කිම වීරිය නොක රන්නේ ?”
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ප්‍රශ්නයක් තියනව. අපායේ යමපල්ලන් වෙලා උපදින්නේ කවුද? පින් කරපු අයද? පව් කරපු අයද? එයාලට කර්ම නැද්ද?
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ප්‍රශ්නයක් තියනව. අපායේ යමපල්ලන් වෙලා උපදින්නේ කවුද? පින් කරපු අයද? පව් කරපු අයද? එයාලට කර්ම නැද්ද?

    මගේ පෞද්ගලික මතය නම් අපාය කියන්නෙ සංකල්පයක්
    මිනිස්සුන්ට වඩාත් පැහැදිලි වෙන්නයි එහෙම කරලා තියෙන්නෙ.

    නරකක් කලොත් නරකක් වෙනවා කියන එක ලෝක සත්‍යය.
    ඒ නරක මිහිපිට වෙන්න පුලුවන්. සතෙක් වෙන්න පුලුවන්.
    මිහිපිට අපායක දුක් විඳින මිනිස්සු කොයි තරම් ඉන්නවද?
    අප්‍රිකානු රටවල් වල සෝමාලියාව වගේ රටවල් වල මිහිපිට අපායවල් තියෙනවනෙ.
    ඒ විතරක් ද ඉන්දියාවේ අර පාරවල් ගානේ මලපහ කරන්නෙ.
    ඒකත් එක්තරා මිහිපිට අපායක් වෙන්න ඇති.

    හරියට සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වෙනකොට මාර දූවරු නර්ථනය කලා
    කියලා කියනවා වගේ. තණ්හාව, රතිය, රාගය කාන්තාවන් තිදෙනෙකුගේ
    නර්ථනයක් ලෙසින් දක්වලා තියෙනවා වගේ.
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ප්‍රශ්නයක් තියනව. අපායේ යමපල්ලන් වෙලා උපදින්නේ කවුද? පින් කරපු අයද? පව් කරපු අයද? එයාලට කර්ම නැද්ද?

    danna ekek kiyapanko bun
     

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    ප්‍රශ්නයක් තියනව. අපායේ යමපල්ලන් වෙලා උපදින්නේ කවුද? පින් කරපු අයද? පව් කරපු අයද? එයාලට කර්ම නැද්ද?
    මචන් මම අහල තියෙන විදියට නම් යමපල්ලන් කියන්නේ නිරී සතුන්ගේ කර්මානුරුපව පහළවෙන කොට්ටාශයක්. අපි වගේ සංසාර චක්‍රයක ගමන් කරන අය නොවේ. නමුත් යම රජ්ජුරුරුවෝ නම් පින් කල අයෙක් කියල මම අහල තියෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න.
    තෙරුවන් සරණයි