මාධ්‍යවේදී වෙස් ගෙන
ශ්‍රී ලංකාවට ලක්ෂ 50කට අධික වටිනා
මත්කුඩු ගෙනා පාකිස්තානුවා දැලේ
සැකකරුගේ ගමන් බලපත්‍රයේ පිටපතක්
ශ්‍රී ලංකාවට ලක්ෂ 50කට අධික වටිනා
මත්කුඩු ගෙනා පාකිස්තානුවා දැලේ
සැකකරුගේ ගමන් බලපත්‍රයේ පිටපතක්
ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන්ට ලබාදීම සඳහා මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු රැගෙන එන පාකිස්තානු ජාතිකයකු හෙරොයින් කිලෝවක්ද සමග ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
මොහු ජාත්‍යන්තර අපරාධ සම්බන්ධව මාධ්‍ය වාර්තාකරුවකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලාංකික සිය අනියම් බිරිඳ සමග පානදුර ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් පොළවල්වල නැවතී සිට ඇත.
කිසිවකුට සැක නොසිතෙන ආකාරයට ඉතාම සූක්ෂම ආකාරයෙන් දිගු කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ 50 කට අධික බවත් මොහු විසිවතාවක් පමණ ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ ඇති බවත් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙක් දිවයිනට පැවසීය.
සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, සුරාබදු අධිකාරී රොහන් විඡේරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ. පී. එස්. පතිරණ මහතාගේ උපදෙස් මත සුරාබදු පරීක්ෂකවරුන් වන සංජීව නිශාන්ත, වසන්ත ප්‍රේමසිරි, සමන්ත ජානක, සුරාබදු සැරයන් අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීහු මේ වැටලීමට අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ. සැකකාර පාකිස්තානු ජාතිකයා ඊයේ (28දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
divaina
කෝ අර හාමුදුරුවන්ට අපහාස කරපු අවජාතකයෝ ටික.මෙන්න තොපේ ජාතියේ උන් ලංකාවට කරන දේවල්.තොපි අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ නම් තොපේ ජාතියේ උන් කිසි වැරද්දක් කරන්නේ නැහැ වගේ.




